වෛරස් වලට වැට!.(2)

පරිගනකයේ හිටිගමන් "Folder Options" කියන මෙනු එක නැති වුනොත් එහෙම ආයෙම ඒක තිබුනු ආකාරයට සකස්කර ගන්නේ කොහොමද කියන එක ගැනයි මම අද කතා කරන්නේ...

 ඇත්තටම මේක සිද්දවෙන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියනවා ඉන් බොහෝවිට වැදගත් වෙන් අපි කවුරුත් දන්නා හදුනන වෛරස වලින් සිදුවෙන බලපෑම... වෛරස් නිර්මාපකයන් ‍බොහෝ විට උත්සහ කරන්නේ ඔවුන්ගේ වැඩසටහන හැකිතරම් රහසිගතව පවත්වාගෙන යාමටය, එම නිසා ඔවුන් "Folder Options" මෙනු එක අයින් කරලා දානවා,ප්‍රතිවෛරස වැඩසටහනකින් වෛරසය ඉවත් කලත් එම පරගණක තුල වෛරස වැඩසටහනේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ වගේ අපිට වුවමනා මෙනුස් ගොනු ආදිය නොපෙනී යාමට පුලුවන්,
 මේ විදියට  "Folder Options" නැතිවෙලා ගියොත් අපිට හරි පාඩුවනේ වෙන්නේ? මොකද අපි හංගලා තියාගෙන ඉන්න ගොනු අපිට බලා ගන්න බැරි වෙනවානේ ඉතිං ඒකට පිළියමක් විදියට පුංචි අයිඩියා එකක් තමයි මම මේ ලියන්නේ.....

start --> Run-->type "gpedit.msc" -->enter

ඔය ක්‍රමයට කමාන්ඩ් කලාම ඔයාලට "Group policy" සකස් කරන වින්ඩෝ එකට යන්න පුලුවන්, ඊට පස්සේ පහත සදහන් කරන විදියට අපට අවශ්‍ය policy එක expand කර ගන්න....

then under "user Configuration" expand the following location ---> Administrative template-->Windows component -->Windows Explorer --> Right Click on  "Removes The Folder Options menu Item from the Tools Menu" and select "Disable" --Apply -->Ok

මේ විදිහට කලොත් ඔයාලගේ වෛරසය පරිගනකයෙන් ඉවත් වෙලානම් (එහෙම කිව්වේ දැනට මේ හා සම්බන්ධ වෛරස වැඩසටහන තවමත් ක්‍රියාකාරී තත්වයේ නොමැතිනම්) ඔයාලට පුලුවන් නැවතත් "Folder Options" මෙනු එක බලාගන්න.... බොහොම කෙටියෙන් ලියන්නයි උත්සහ කලේ නමුත් ටිකක් වැඩියි වගේ නේද? නමුත් ඉතිං මේක කරන්න යනකොට ඔයාලට මුහුණදෙන්න වෙන ඕනම ගැටලුවකට උදව් කරන්න මම සූදානම්.....බලන්නකෝ මේක සාර්තක ක්‍රමයක්ද කියලා....

හැමෝටම අදුරගන්න පහසුවෙන්න පින්තූරයකුත් එකතු කලා මේ පොස්ට් එකට....

6 comments:

Anonymous said...

වෛරසය තවමත් ක්‍රියාත්මක නම්,එය අයින් කල හැකි ක්‍රමයක් කියන්න.(මගේ පරිඝණකයේ මෙය සිදුවී ඇත)

Ashan said...

‍මේක කරන්න පුලුවන් ක්‍රම කිහිපයක්ම තියනවා,පරිගණකයේ සිස්ටම්ස් ගොනු සම්බන්ධයෙන් දැනුමක් තියෙනවනම් වෙනත් ප්‍රතිවයිරස් වැඩසටහනක් නොමැතිව (බොහෝ දුරට) මෙය කල හැකිය, නමුත් පහසුම ක්‍රමය නම් වියදමින් තොරව සොයාගන්න පුලුවන් ප්‍රතිවයිරස වැඩසටහනක් භාවිතා කර එයින් වෛරසය ඉවත් කිරීමෙන් පසුව එම වෛරසයේ අතුරු ප්‍රතිපල ලෙස සිදුවෙන මෙම තත්වය මග හරවා ගැනීමයි.....

මීට අමතරව ‍පරිගනකය "safe Mode" ක්‍රමයට පණගන්වා අපගේ ඩ්‍රයිව්ස් වල ඇති වෛරස ඉවත් කිරීමයි....මේ සදහා මගේ මීළග බ්ලොග් සටහන වෙන් වන බව කරුණාවෙන් සලකන්න...

Anonymous said...

ස්තුතියි, ප්‍රති වෛරස වැඩසටහන් දෙකටම වෛරසය සොයාගන්න බැරි වුනා. අතුරු ප්‍රතිපල මගහරවා ගන්න පුළුවන් ඒ වගේම වෛරසයේ නමත් හොයාගන්න පුළුවන් උනා. ඉදිරි ලිපියකින් මේ සඳහා අදහස් ලබාදෙන්න.

Ashan said...

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරි ලිපියකියකින් කතා කිරීමට බලාපොරෝතු වෙමි. ඔබ සදහන් කල ආකාරයට වෛරසයේ අතුරු ප්‍රතිපල වලින් මිදීමට හැකිවීම සම්බන්ධව සතුටුයි....ස්තුතියි!

Anonymous said...

මේ ගැන වැඩිදුර සොයා බැලිය යුතු නිසා තමයි මෙය ඔබට ඉදිරිපත් කලේ.ඔබේ අදහස් ක්‍රියාත්මක කර බැලීමට හොද අවස්ථාවක් වේවි.ඉක්මන් ප්‍රතිචාරයට තුති

Ashan said...

ඔබගේ ප්‍රතිචාර වලට බෙහෙවින්ම ස්තුතියි! ඔබගේ දැඩි උනන්දුව නිසාම මම තීරණය කලා මීලග ලිපියට පෙර මේ සම්බන්ධව ඔබට ලබාදිය හැකි උපදෙස් හා යෝජනා මොනවාද යන්න තීරණය කිරීමට.. කරුණාකර ඔබගේ ඊ මේල් ලිපිනයක් ලබාදිය හකිනම් පහසුය...ස්තුතිය! (ashanraveen@gmail.com)