පරිගණකයේ ආරක්ෂාවට මේ මෘදුකාංගයත් වැදගත්

පරිගණක භාවිතා කරන අපි කාගේත් බලාපොරොත්තුව පරිගණකයේ තිබෙන දත්ත ආරක්ෂා කර ගැනීමයි. නමුත් බොහොමයක් අවස්ථා වල අපි හිතන්නේවත් නැති විදිහට මේ දත්ත විනාශ වෙලා යනවා මෙන්න මේ වගේ වෙලාවට තමයි රැට පේන තරු දවල්ට පේන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි නොයෙකුත් ක්‍රමයොදාගෙන මේ දත්ත නැවත ලබාගන්නවා( නමුත් 100% නෙමෙයි), මම මේ දෙන මෘදුකාංගයත් මේ වගේ නැති වුන දත්ත ලබා ගැනිමටත් අපේ දෘඩ තැටියේ ක්ලෝනයක් ලබා ගැනීමටත් කිසිම ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන්...මම භාවිතා කරපු සමහර මෘදුකාංග හරහා ක්ලෝනයක් ලබා ගත්තද බොහෝ වේලාවට බලාපොරොත්තු රහිත ගැටළු වලට මුහුණ දෙන්න සිදු වුනා .. නමුත් මෙම මෘදුකාංග එකතුවේ ඇති මෘදුකාංග මගින් එය බොහෝ සාර්ථකව සිදුකර ගැනීමට මට හැකියාව ලැබුනා‍. ඔබත් ඔබේ අවශ්‍යතාවයට අනුව භාවිතා කරලා බලන්න.. මම හිතනව ඔයාලගේ ප්‍රථිපලත් කමෙන්ට් එකක් විදිහට දැක ගන්න ලැබේවි කියලා... මේන්න මේතන තියනවා ටොරෙන්ට් එක ඔයාලම භාගෙන බලන්නකෝ...


ටොරෙන්ට් වලින් භාගන්න

(අමතක වුනානේ කියන්න මේක බූටබල් සී.ඩී එකක් හොදද?)

සුභ නව වසරක් වේවා! 2011

තවත් එක  අළුත් අවුරුද්දක්... ජීවිතයේ අලුත් බලාපොරොත්තු පොදි බැද ගත්ත, සාමය සතුට සපිරුණු නිරෝගීමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා කියලා අපේ හැමෝටම මම         ප්‍රාර්ථනා කරනවා!