පී සී එකට ස්මාර්ට් ෆෝන් එකක් නැතිවම වයිබර් ඉන්ස්ටෝල් කරගමු..(installing Viber without Smart Phone)

අද වෙනකොට බොහොම ජනප්‍රිය instant messaging / VOIP /  මෘදුකාංගයක් තමයි වයිබර් කියන්නේ, බොහොම දෙනෙක් අඩු වියදම් සන්නිවේදන මාධ්‍ය ගැන ගොඩාක් උනන්දු වෙන නිසා මේකට හැමෝම කැමතියි, අද ශ්‍රී ලංකාවේත් බහුතරයක් වයිබර් භාවිතයට හුරුවෙලා තියෙනවා, ඒත් මේ අතර සිම්බියන් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් වයිබර් ඉන්ස්ටෝල් කරගන්න බැරුව ලතැවෙනවා, ඒත් මේ කියන්න යන්නේ ෆෝන් එකට වයිබර් ඉන්ස්ටෝල් කරන හැටි නම් නෙවෙයි, වයිබර් ඉන්ස්ටෝල් නොකර සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් භාවිතා කරලා ඔයාලගේ ලැප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි වයිබර් ඉන්ටෝල් කරන විදිහ ගැනයි,


01. ඉස්සර වෙලාම කරන්න ඕන Blue-stack කියලා හඳුන්වන ඇප් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරගන්න එක, ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ වර්චුවල් ස්මාර්ට් ෆෝන් එකක් නිර්මානය කරන්න,

02. මේක නිවැරදිව ඉන්ස්ටොල් කරලා ඉවර වුනාම අපිට Gmail account එකක් අවශ්‍ය වෙනවා ගූගල් ප්ලේ හරහා වයිබර් ඉන්ස්ටෝල් කරන්න, ඒ නිසා ගූගල් සයිට් එකට ගිහින් ගූගල් ලිපිනයක් නැති අය එකක් හදාගෙන එන්න..... :)
03. Blue-stack නිවැරදිව ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාලට පුළුවන් වයිබර් ඇප් එක සර්ච් කරලා හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න

04. වයිබර් ඉන්ස්ටෝල් කරගෙන යද්දී ඉන්ස්ටොලේශන් එක මොබයිල් නම්බර් එක ටයිප් කරන්න අවස්ථාවක් ලැබෙනවා, මෙතනදී කරන්න ඕනේ අපේ සාමාන්‍ය මොබයිල් ෆෝන් එකේ නම්බර් එක ටයිප් කරලා වැඩේ ඉවර කරන එකයි




05.  දැන් වයිබර් වේබ් එකට ගිහින් ඔයාලගේ පී සී එකට ගැලපෙන වයිබර් සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල කරගෙන යන්න, මොබයිල් ෆෝන් නම්බර් එක අහද්දී අර අපි කලින් බ්ලුස්ටැක් එකේ වයිබර් ඉන්ස්ටෝල් කරපු නම්බර් එකම දෙන්න

06.වෙරිෆිකේෂන් කෝඩ් එකක් හෝ කෝල් එකක් ඔයාලට ලැබේවි ඒ අදාල කෝඩ් එක භාවිතා කරලා පී සී එකට ඉන්ස්ටෝල් කරපු වයිබර් එක ඇක්ටිව් කරගන්න. 

07.  දැන් ඔයාලට පුළුවන් ස්මාර්ට් ෆෝන් එකත් නැතත් පී සී එක හරහා වයිබර් තියෙන අයට නොමිලේම කතා කරන්න....

08. මොනවා හරි ගැටළුවක් තිබුනොත් පහලින් ලියන්න.....
 

8 comments:

Hirashan said...

Ai Viber vitharak anroid app godk pc aken use kranna pluwan

Unknown said...

වයිබර් බ්ලුස්ටැක් එකේ ඉන්ස්ටෝල් වෙන්නෙ නැහැනෙ.... error app එකක් කියල msg එකක් එනවා... හේතුව ...?

Unknown said...

වයිබර් install වෙන්නෙ නැහැ... app eka not valid කියල එනවා... download වෙනවා විතරයි.... හේතුව?

Dilruk said...

Viber හොයාගෙන install press කරලා accept press කරහාම Error retrieving information from server එනවා ඇයි ඒ

Dilruk said...

Viber හොයාගෙන install press කරලා accept press කරහාම Error retrieving information from server එනවා ඇයි ඒ

Dilruk said...

Viber හොයාගෙන install press කරලා accept press කරහාම Error retrieving information from server එනවා ඇයි ඒ

hasith dilruk said...

Viber හොයාගෙන install press කරලා accept press කරහාම Error retrieving information from server එනවා ඇයි ඒ

Unknown said...

bluestack ඉන්ස්ටෝල් වෙන්නෙ නැහැනෙ. තව මොනවද තියෙන සොෆ්ට්වෙයාස් ඒ වගේ?