වාසනාව අවාසනාව අතර දෝලනය වන මිනිස් ජීවිත සැපවත් කරගනු පිණිස මිනිසුන් විසින්ම විවිධාකාර නිර්ණායක පනවා ගනු ලබයි, මේවා අතර ශිෂ්ඨසම්පන්නවූද එසේ නොවුවූද ක්‍රමවේදයන් භාවිතා වේ, මේ ක්‍රමවේද අතර බහුලව භාවිතා වෙන දෙයක් හැටියට මිථ්‍යා විශ්වාස ගැන අපිට කතා කරන්න පුළුවන්, විවිධ ආකාරයේ දෘශ්ඨීන් ගෙන් තමන්ගේ අසරණකම්, ආශාවන්, හා අනෙකුත් ඕනෑ එපාකම් සාක්ෂාත් කර ගැනීමට මොවුන් නොගන්නා වෙහෙසක් නොමැති තරම්ය... තමන් බුදු වූ බවට පවා කියමින් කෑ කෝ ගසන මිනිසුන් සිටින සමාජයක, එවැනි මිනිසුන්ට බුදූහුට මේන් සලකන සමාජයක මෙවැනි දේ සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවෙනු ඇත...... තමන්ගේම ආධ්‍යාත්මය පාවා දෙමින් තමන්ගේම දෙඇස් අන්ධ කරගන්නා මිනිසුන් කොතෙකුත් අපි අතරම සිටිනවා නොවැද?.....
මේවැනි විවිධ වූ අර්තකතනයන්ගේන් එල්බෙන්නට උත්සහා කරන්නේ වර්ථමාන ජන සමාජය තුල ඉතා ශීඝ්‍රයන් ඉහල යන දෙවියන්ගෙන් වැඩ ගැනීම හෙවත් දේව ආරූඪ ගැනය, මහා ඉහලින් ප්‍රකාශ ඉදිරිපත් කරන මන්ද මානසික මිනිසුන්ගේ කූට උපක්‍රමවලට හසුව පීඩාවිදින දසදහස් ගණන් මිනිසුන්ගේන් එකෙක් හෝ මෙවැනි ලිපියකින් තමන්ගේ අන්ධ විශ්වාසවලින් මීදී පියවි ලෝකයට එනවානම් එයයි අපේ එකම අරමුණ......
හන්දියක් හංදියක් ගානේ පාරක් පාරක් ගානේ ඉදිවෙමින් පවතින දේවාල, සාස්තර කියන ස්ථාන, ගුරුකම් කරන ස්ථාන, පේන බලන තැන්, එකි නොකි මෙකි සියළුම ආකාරයේ ස්ථාන අද වෙනකොට සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් අරගෙන තියනවා, තමන්ගේ ළමයා විභාගෙට යන්නෙත් දේවාලෙන් කියන වෙලාවට, ඊට කලින් දේව පූජා අනං මනං ගොඩාක් කරනව. අන්තිමේදී කොල්ල/කෙල්ල එලකිරි වගේ විභාගේ සමත් වෙනවා, ඉතින් ආයෙම එනවා දේවාලෙට ඇවිත් අර කලින් භාර වුනු අඩුම කුඩුම ඔක්කොම ගෙනැල්ල පුජා කරනවා, පූජා කිරීම නම් හොඳයි ඒත් තමන්ගේ දරුවගේ ආත්ම විශ්වාසය නැති කල එකනම් හොද නැහැ, මොකද දෙයියෝ නිසා තමන් විභාගය සමත් වුනා කියලා දරුවා හිතුවොත් ඒක හැමදාමත් ඒ ළමයාට නරකට හිටීවි...
මේ අද සාමාජය තුල සිදු වෙන එකම එක පුංචිම පුංචි උදාහරණයක් විතරයි, ඇත්තම කතාකලොත් ළමයා පාඩම් කරලා එහෙම නැත්නම් තමන් ඉගෙන ගත්තු දේවල් හොඳින් හිතේ ධාරණය කරගෙන ඉදලා විභාගය ලිව්වොත් විභාගය හොඳට පාස්වෙයි, එහෙම නොවී කොයි දෙය්යෝ ගාවට ගියත් විභාගය සමත් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා කවුරුත් විශ්වාස කරනවද?
ඇත්තෙන්ම ළමයාව විභාගෙට යවන එකට නෙමෙයි දේවාලෙට යන්න තිබුනේ ළමයා අම්මගේ බඩට එන්න කලින්, මෙන්න මේ වෙලාවට අහවල් වර්ගයේ ළමයෙක් මගේ බඩට එන්න කියලා පූජාවක් තියන්න, එහෙම නැත්නම් අහවල් වෙලාවට අහවල් වේදනාව නැතිව මට ළමයා ලැබෙන්න ඕන කියලා, පූජාවක් තියන්න,
මනුසත් බව කියන එක හරිහැටි නොදැන කොහොමද තමන්ගේ ළමයි ඒ දේවල් වලින් මුදවා ගන්නේ....
අදකාලේ තියෙන දේවාල වල හැටියට පාර්ට්ටයිම් වැඩ කලත් දෙවියන්ට මේ වැඩ ටික ඉවර කරන්න ලැබෙන්නේ නැහැ, අනිත් එක් ඉදල හිටලවත් විවේකයක් ගන්න විදියක් නැහැ ඒ තරමට වැඩනේ, සමහර විට දෙවියන්ටම හිතෙනවා ඇති අපරාදේ දෙවි කෙනෙක් වුනේ නිකම් මිනිහෙක් වෙලා ඉපදුනා නම් හොදයි කියලා, ඇයි ඉතින් ජනාධිපතිට වගෙනේ වැඩ, අර දේවාලේ පැය 5යි අනිත් එකේ පැය 4යි මේ විදියට ටයිම් ටේබල් හදාගෙන වැඩ කරන්න ඕනනේ........අනිත් හොදම කාරනේ තමයි එකම දෙයියෝ දේවාල 20ක 30ක එකම වෙලාවට වැඩ කිරීම, කෙනෙක් කියාවි ඔව් දෙවියෝ නිසා එයාලට එහෙම කරන්න පුළුවන් කියලා.......හරි එහෙනම් ඒ දේවාල 2කේම ඉන්න කපුවෝ දන්නේ නැහැ ඇත්තටම දැන් දෙයියෝ වැඩ කරන්නේ කොයි දේවාලෙද කියලා, දේව භාෂාවෙන් කතා කරන විවිධ වූ කපු මහත්තුරුන් හැමදාමත් කෑ ගහන්නේ එකම වචන ටික කියමින්ය, ඒත් ඒවායේ තේරුම් එකින් එකට වෙනස්ය...දිව්‍ය විමාන වල වැඩ සිටියත් මුදල් අඟහිඟ කම්ද එමටය එහෙයින් නොයෙකුත් ආකාරයට මිළගණන් වෙනස් කරයි, වැට් බද්දට හසුවූ දෙවියන්ද මේ සමයෙහි සිටිනවා විය හැකිය.....
විවධ දෙවියන්ගේ නම් ගම් යොදාගෙන කොහෙවත් යන පේරේත ආත්ම එකතු කරගෙන කූට මිනිසුන් කරගෙන යන මේ දේවාල සෙල්ලම කොතරම් දුරට සාර්ථක වෙයිද? එක මිනිහෙකුට අතීතයේදී හෝ මෑතකදී සිද්ධ වුනු දෙයක් යන්තමින් හරි ගැටගහලා කිව්වොත් කපු මහත්තයා ගොඩ, ඉතින් එදා ඉදලා අර මනුස්සයා මාස්පතා සතිපතා අන්තිමට දිනපතා අර දේවාලෙට බඩ ගානවා, කියන කියන හැම දේම කරනවා, ඇත්තටම හරි හමන් දෙයියෙක් නම් මොකද මේ මිනිස්සු මේච්චර රස්තියාදු කරවන්නේ, ඒ මිනිස්සුන්ගේ අන්තිම තුට්ටු දෙකත් හූරගෙන කන්නේ... මේවා මේ දෙවියන්ගේ වැඩ නොවෙයි,... මේවා අපේ මිනිස්සුම ඇතිකර ගත්තු ස්වයං රැකියා විශේෂයක් නැත්නම් මේහෙම දේවල් මේ ලංකාවේ සිද්ධ වෙන්න විදියක් නැහැනේ....
(ඉතිරිය බලාපොරොත්තුවන්න.......)