Showing posts with label වින්ඩෝස්. Show all posts
Showing posts with label වින්ඩෝස්. Show all posts

Securely Erase your Data (ආරක්ෂිතව ඔබේ දත්ත ගබඩා මාධ්‍ය වලින් ඉවත් කරමූ)

අපි භාවිතා කරන පෙන් ඩ්‍රයිව්ස්, චිප්ස්, හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් වගේ ගබඩා මාධ්‍ය වල අපි තැන්තපන් කරන දත්ත  ඉවත් කලද නැවත ඒවා සම්පුර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් ලබාගත හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.. නොදන්නවා නම් ඒ සම්බන්ධව විස්තරාත්මක ලිපියක් පසුව පලකිරීමට බලාපොරොත්තු වෙමි. 

බොහොමයක් දෙනා යාළුවන්ගේ කැමරා, ලැප්ටොප් පරිගණක, මෙමරි චිප්ස් වගේ දේවල් වලට තමන්ගේ අතිශය පුද්ගලික දත්ත තාවකාලිකව හෝ ඇතුලත් කරනවා අපි ඕන තරම් දැකලා තියනවා, ඒත් ඔබ මොහොතකටවත් සිතුවාද මෙම දත්ත නැවත වෙනත් කෙනෙකුට අවශ්‍යනම් ලබා ගත හැකි බව.... එය එසේමය තාක්ෂණය සම්බන්ධව දැනුමක් තියෙන ඔනෑම කෙනෙකුට මෙම දත්ත නැවත ලබාගත හැකිය.. මේ හේතුව නිසා ඔබ ආරක්ෂාකර තබාගත් ඒ අදාල ගොනු තවකෙකු අතට පත්වීම වැලැක්විය නොහැකියි... නමුත් සී ක්ලීනර් කියන මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට පුළුවන් කාටවත් ලබා ගැනීමට නොහැකි පරිදි අපි ඩිලිට් කල ෆයිල්ස් ෆෝල්ඩර්ස් විනාශ කරලා දාන්න... 

භාවිතා කිරීමේදී තමන්ට අවශ්‍ය ඔප්ෂන්ස් අදාල ලෙස සකස් කිරීමට මතක තබාගන්න..එහෙම නොවුනොත් වටිනා කියන ඔබේ දත්ත ස්ථිර වශයෙන්ම ඉවත්වෙලා යාවි...





Remove Empty Directories (හිස් ෆෝල්ඩර්ස් ඉවත් කරමු)

පරිගණක භාවිතා කරන බොහොමයක් දෙනා අතර තියෙන ප්‍රශ්ණයක් තමයි හිස් ෆෝල්ඩර්ස් යම් යම් හේතු මත අපි අතින් හෝ වෙන යම් ක්‍රමයකින් නිර්මාණය වී හාර්ඩ් ඩිස්ක් එකේ අපි බලාපොරොත්තු වෙන කලමණාකාරීත්වය නොමැති වීම...


මේ නිසා මොනවාහරි ෆෝල්ඩර් එකක් හොයන්න ගියාම සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා අදාල ෆෝල්ඩර් එක සොයා ගැනීමට... මෙවැනි නොයෙකුත් හේතු වලට ප්‍රතිකර්මයක් විදියට එම්ටි ෆෝල්ඩර් රිමූවර් සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න පුළුවන්... මෙමගින් අපි ලබා දෙන ඕනෑම ඩ්‍රයිව් එකක එම්ටි ෆෝල්ඩර්ස් සර්ච් කරලා අපේම අවශ්‍යතාවය මත පරිගණකයෙන් ඉවත් කරලා දාන්නත් හැකියාව තියනවා..

පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..

Gather Information about hardware and software configuration of your computer - ඔබේ පරිගණකය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා ගනිමු...

පරිගණක සමග වැඩ කරන අපිට ඉතාම වැදගත් මෘදුකාංගයක් තමයි වින්ඔඩිට්, මෙමගින් පරිගණකයේ සියළුම හාර්ඩ්වෙයා, සොෆ්ට්වෙයා සහ සකස්කිරීම් සම්බන්ධව විස්තරයක් ලබා ගන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි මේ ලබාගත් විස්තරය කිසිම කරදරයකින් තොරව පෝර්ටබල් ඩොක්ස් විදිහට එක්ස්පෝර්ට් කිරීමේ හැකියාව, එහෙම නැත්නම් ඊ-මේල් කිරීමේ පහසුකම, තමන්ගේ ආයතනයේ හෝ පරිගණක විද්‍යාගාරයේ පරිගණක ගණනය කිරීම් වලදී මෙම මෘදුකාංගය ඉතා කාර්යක්ෂම ලෙස ඒ කාර්යය ඉටු කර ගැනීමට භාවිතා කල හැක... නොමිලයේම ලබාදෙන සොෆ්ට්වෙයාර් එකක් නිසා කැමති කෙනෙක්ට ඩවුන්ලොඩ් කරගෙන නිදහසේ භාවිතා කරන්න පුළුවන්... 

පහත ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න..

How to Get Serial Numbers for RAM, Motherboard, HDD, CD Rom, පරිගණකයේ ප්‍රධාන කොටස් වල සීරියල් නම්බර් බලාගන්න පහසු මගක්

පරිගණකයේ මූලික කොටස් වල සීරියල් නම්බර්ස් ඉක්මනින් බලාගන්න පුළුවන් පහත සඳහන් කමාන්ඩ්ස් භාවිතා කරලා, සීරීයල් නම්බර් වල තියෙන වැදගත් කම මොනවද කියලා පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා, ඩොස් වලට ගිහින් පහත සඳහන් විධානයන් භාවිතා කරලා බලන්න ඒ ඒ ඩිවයිස් එකට අදාල නම්බර්ස් ලැබෙනවද කියලා එහෙම ලැබෙනවානම් ඉතින් වැඩේ සාර්ථකයි.....



serial number of RAM chips
wmic memorychip get serialnumber

serial number for hard disks
wmic diskdrive get serialnumber

serial number for mother boards
wmic baseboard get serialnumber


Serial number for cdRom Drive
wmic cdrom where drive='d:' get SerialNumber
*Replace ‘d:’ with the drive letter of Your Cd Rom or Drive

Scratch 1.4 (පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයට)


Scratch 1.4 යනු පරිගණක ආශ්‍රිත ඇනිමේෂන්, ගේම්ස් සහ කාර්ටූන් නිර්මාණය සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංගයකි, නොමිලයේ ලබාදෙන මෙමගින් කුඩා ළමුන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් කල හැකිය.

වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කර ඇති මේම මෘදුකාංගය හරහා ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම, පරිගණක භාෂා වල මූලික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක්  ලබා ගත හැකිය. නොමිලයේ මෙම වෙබ් අඩවියේ නිර්මාණය කරගන්නා ගිණුමක් ආධාරයෙන් අනිකුත් පුද්ගලයන්ගේ නිරෟමාණ අත්හදා බැලීමටද හැකියාව ලැබේවි.

Toshiba Satellite L640 BIOS Setup Issue( BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එකට විසඳුමක්)

වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරලා  තිබුන ලැප් එකේ හිටි හැටියෙම බූට් වෙන්නේ නැතිව ගියා. ඒ මදිවට ලොකුම ගැටළුව ආවේ BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එක. දන්න කියන හැම කී එකක්ම ප්‍රෙස් කලා ඒත් වැඩක් වුනේ නැහැ.. අන්තිමට ගූගල් කරල කරලා යන්තම් පිළියමක් හොයාගත්තා ... හැබැයි හරිම සරලයි ..  ලැප් එක් පවර් ඕෆ් කරලා ඔන් කරන්න කලින් එෆ් 2 කී එක ප්‍රෙස් කරගෙන ඉන්න... ඒක තමයි සිම්පල් ක්‍රමය අවශ්‍යතාවයක් ඇති වුනොත් උත්සහ කරලා බලන්න...

Hold down the F2 key and then power-on the computer

වින්ඩෝස් වර්චුවල් පී සී - Windows Virtual PC

අළුතින්ම නිකුත් වන වින්ඩොස් සංස්කරණත් එක්ක හරි හරියට ඉදිරියට නොයන සමහර මෘදුකාංග සහිත පරිගණක සඳහා විසදුමක් විදියට මයික්‍රොසොෆ්ට් සමාගම මගින් හඳුන්වාදුන් වැදගත් මෘදුකාංගයක් තමයි  Windows Virtual PC මෙමගින් වින්ඩොස් 7 ස්ථාපිත පරිගණකය තුල වින්ඩොස් එක්ස් පී වගේ සංස්කරණ ස්ථාපිත කරගන්න පුළුවන්.


Windows Virtual PC 

මේ සඳහා පරිගණකය සතු අවම සම්පත් ප්‍රමාණය පහත පරිදි වෙනවා..
Supported Operating System
Windows 7
    • Processor: Intel®, AMD®, VIA® processors capable of hardware-assisted virtualization, with the setting turned on in the BIOS.
    • Memory: 2GB of memory recommended.
    • Hard disk requirement: 20MB hard disk space for installing Windows Virtual PC.

    ඔය කියන පහසුකම් සහිත පරිගණකයක කිසිම අපහසුතාවයකින් තොරව මේ මෘදුකාංගය ධාවනය කරන්න පුළුවන්... මේ කරන්න ඕන විදිය මම සරලව දක්වන්නම්, ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් පහත් ලින්ක් එකට ගිහින් මයික්‍රොසෝෆ්ට් සයිට් එකෙන්ම බලාගන්න පුළුවන්....

    01. මේ ලින්ක් එක ක්ලික් කරලා Windows Virtual PC බාගත කරගන්න...(තමන්ගේ වින්ඩොස් සංස්කරණයට ගලපෙන මෘදුකාන්ය ලබාගන්න) සැ.යු - ඩවුන්ලෝඩ් කිරීමේදී Windows Genuine Advantage පරීක්ෂා කිරීමටද ඉඩදීමට සිදුවේ. නමුත් අවශ්‍යනම් වෙනත් අඩවියක් හරහා ගැටළුවක් නොමැතිව මේ මෘදුකාංගය ලබා ගත හැක
    02.ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ අදාල ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න ...
    03. අදාල මෘදුකාංගය ස්ථාපිත කිරීමෙන් පසුව පරිගණකය රිස්ටාර්ට් කරන්න. 
    04. ස්ටාර්ට් මෙනුව හරහා Windows Virtual PC ලෝඩ් කරගත හැකිය...
    පහත ලින්ක්ස්  හරහා මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගත හැකිය 
Install and use Windows XP Mode in Windows 7
Windows

Windows XP Mode 

 එක්ස් පී සඳහා

වින්ඩොස් 7 බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදා ගන්න පහසුම විදියක්....

පරිගණකයකට වින්ඩොස් 7 ඉන්ස්ටෝල් කිරීමේදී ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මෙම ක්‍රමය සීඩී/ඩීවීඩී දාවක නොමැති පරිගණකයන් සඳහා මහත් රුකුලක් වනු ඇත... මේ සඳහා අවශ්‍ය මූලික සොෆ්ට්වෙයා එක මයික්‍රොසොෆ්ට් සමාගමේම වෙබ් අඩවියෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...


Windows 7 USB/DVD download tool

අදාල සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉවර අදාල උපදෙස් අනුව පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.. මෙමගින් බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හෝ ඩීවීඩී එකක් ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැක, (අදාල ලින්ක් එක මඟින් සියළු තාක්ෂණික විස්තර ලබා දී ඇත)


Problem Steps Recorder (පරිගණකෙය් ගැටළු පැහැදිලිව වාර්ථා කරන්න)

පරිගණකයත් ඒක්ක වැඩ කරෙගන යනෙකාට තමයි ෙවිවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ, මේවායින් බොහෝමයක් ඒවා අපිට අන්තර්ජාලයේ උදව් උපකාර අරගෙන විසඳාගන්න පුළුවන්, ඒත් ඒ අතර ඇතිවන සමහර ගැටළු විස්තර කිරීම පවා ඉතාම අසීරුයි, අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් වින්ඩොස් සමඟ ලැබෙන Problem Steps Recorder කියන ටූල් එක භාවිතා කරලා අදාල ගැටළුව සහ ඊට අදාල ස්ක්‍රීන්ෂොට්ස් ඔක්කොමත් එක්ක අපේ දන්න කියන යාළුවෙක්ට හරි ෆෝරම් එකකට හරි පබ්ලිෂ් කරන්න. 
එහෙම පැහැදිලිව ගැටළුවක් ඉදිරිපත් කරන්න පුළුවන් කම තියාගෙනත් අපේ සමහර පුද්ගලයින් ස්ටෙප් එකින් එක සදහන් කරනවා වෙන වෙනම ඒත් ඒක ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා මීට පස්සේවත් ගැටළුවක් ඉදිරිපත් කරන කොට ඒක ඇතිවෙන අවස්ථාව දක්වා පියවර ටික මේ ටූල් එක භාවිතා කරලා රෙකෝඩ් කරගන්න, මෙහි අවුට්පුට් එක ලැබෙන්නේ zip ෆෝර්මැට් එකෙන්, මේක මේ විදියටම අදාල කෙනාට ඊ මේල් කරන්නත් පුළුවන්, මේ ෆයිල්ස් ඕපන් වෙනනෙත් වෙබ් බ්‍රව්සර් එකක් හරහා නිසා වෙනත් මෘදුකාංගයක සහය අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩේ කරන්න ඕන කොහොමද කියන එක බිල් අය්යලාගේ සයිට් එකේ තියනවා, මම අදාල කරුණු ඒ සයිට් එකෙන්ම අරං දාන්නම්, ට්‍රයි කරලා බලන්න.

To record and save steps on your computer

  1. Open Problem Steps Recorder by clicking the Start button Picture of the Start button, and then typing psr. In the list of results, click psr.
  2. Click Start Record. On your computer, go through the steps on your computer to reproduce the problem. You can pause the recording at any time, and then resume it later.
  3. Click Stop Record.
  4. In the Save As dialog box, type a name for the file, and then click Save (the file is saved with the .zip file name extension).
    To view the record of the steps you recorded, open the .zip file you just saved, and then double-click the file. The document will open in your browser.

To send the problem steps in e‑mail

  • After recording and saving a .zip file, click the help down arrow Picture of help down arrow, and then click Send to E‑mail recipient. This will open an e‑mail message in your default e‑mail program with the last recorded file attached to it.

    Note

    • You won't be able to click the Send to e‑mail recipient option until you've recorded and saved a file.

To annotate problem steps

  1. Open Problem Steps Recorder by clicking the Start button Picture of the Start button, and then typing psr. In the list of results, click psr.
  2. Click Start Record.
  3. When you want to add a comment, click Add Comment.
  4. Use your mouse to highlight the part of the screen that you want to comment on, type your text in the Highlight Problem and Comment box, and then click OK.
  5. Click Stop Record.
  6. In the Save As dialog box, type a name for the file, and then click Save.
    To view the record of the steps you recorded, open the .zip file you just saved, and then double-click the file. The document will open in your browser.

To adjust settings

When you adjust settings for Problem Steps Recorder, they're only saved for your current session. After you close and reopen Problem Steps Recorder, it will return to the regular settings.
  1. Open Problem Steps Recorder by clicking the Start button Picture of the Start button, and then typing psr. In the list of results, click psr.
  2. Click the help down arrow Picture of help down arrow, and then click Settings.
  3. You can change the following settings for Problem Steps Recorder:
    • Output Location. If you don't want to be prompted to save a file after recording, click the Browse button to set a default output file name.
    • Enable screen capture. If you don't want to capture the screen shots along with the click information, select No. This might be a consideration if you are taking screen shots of a program that contains personal information, such as bank statements, and you are sharing the screen shots with someone else.
    • Number of recent screen captures to store. While the default is 25 screens, you can increase or decrease the number of screen shots. Problem Steps Recorder only records the default number of screen shots. For example, if you took 30 screen shots during a recording but only had 25 screen shots as the default, you would be missing the first five screen shots. In this case, you would want to increase the number of default screen shots.

Windows Snipping Tools (වින්ඩෝස් ස්ක්‍රීන් කැප්චර් ටූල් )

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 භාවිතා කරන බොහෝ දෙනා නිතරම භාවිතා නොකරන ටුල් එකක් වන Snipping Tool ඇත්ත වශයෙන් පරිගණක ආශ්‍රිත බොහෝ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කල හැකිය. උදාහරණයක් ලෙස පරිගණකයේ දිස්වන නොදන්නා මැසේජ් එක්ක තවත් කෙනෙක්ට මේල් කිරීමට, යම් යම් නිර්මාණයන්හිදී ඒ අදාල තිරය ඒ ලෙසම ප්‍රසන්ටේශන් එකට ලබාගැනීම වැනි නොයෙකුත් අවශ්‍යයතා සඳහා වෙනත් මෘදුකාංග භාවිතයකින් තොරව මෙය උපයෝගී කරගත හැකිය. භාවිතාකිරීමද ඉතා පහසුවෙන් කල හැක.
Picture of the snipping tool
භාවිතා කිරීම සම්බන්ධව මයික්‍රොසොෆ්ට් සමාගමෙන්ම නිකුත් කල ලිපිය මේ සමගම පල කරන්නම් මොකද වඩාත් පැහැදිලි ලෙස එහි කරුණු අන්තර්ගත කර තිබෙනවා..
අදාල වැඩ සටහන ක්‍රියාත්මක කරගැනීමට
01. Start  ---> in Search box type "Snipping Tool" ---> Enter