Pages

වෙසක් සමරන්න වෙසක් කූඩුවක් හදමු!

මේක හරීම සරල වෙසක් කූඩුවක් දන්න නොදන්න හැමෝටම බලාගන්නත් එක්ක මේක හදන විදිහ ගැන විස්තරයක් ලියන්නම්..(හදන කූඩුවට නමක් ඔයාලම තීරණය කරන්න)

මුලින්ම මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය සදහන් කල යුතුයි
01. බට පතුරු  - 12 (දිග අඩි 2ක් පමණ, සෙන්ටිමීටර 1ක් පමණ පළල)
02. බකට් කම්බි හෝ ටුවයින් නූල්
03. පාප්ප (හෝ හොද ගම් වර්ගයක්)
04. කතුරක්
05. සව් කඩදාසි (කැමති වර්ණ වලින්)
06. අගල් 4ක් පමණ උස අගල් භාගයක් පමණ පළල බට පතුරු හෝ වෙනත් ලී කැබැලි -6

හරි එහෙමනම් අපි වැඩේ පටන් ගමු, ඉස්සරවෙලාම කරන්න ඕන අපි ගත්ත බට පතුරු වලින් ත්‍රිකෝණාකාර හැඩ තල හදාගන්න එක (ත්‍රිකෝණ 4)  මේ සදහා ලී කැබලි එක මත එක ත්‍රිකෝණාකරව තබා ටුවයින් නූල් වලින් ගැට ගසා ගත යුතුය (රූපය බලන්න)

ඉන්පසුව අප සකස් කරගත් ත්‍රීකෝණාකාර හැඩ තල 2ක බැගින් එක මත එක තරුවක හැඩයක් ලැබෙන ආකාරයට තබා ගැටගසා ගන්න මේහිදී ගැට යෙදිය යුතු ස්ථාන පින්තූරයේ සටහන් කර ඇත.



මේසේ සකස් කරගත් තරු 2කද එක මත එක සමානුපාතිකව තබා මුළු 6ය පමණක් හොදින් ගැට ගැසිය යුතුය, (රූපය බලන්න)


අපේ වැඩේ අමාරුම හරිය ඉවරයි දැන් කරන්න ඕන මේ හදපු තරුවට 3ඩී පෙනුමක් ලබාදෙන එක මේ සදහා කරන්න ඕන  අපි කලින් ලංකරගත්තු අගල් 4 ලී කෑලි ටික පින්තූරයේ දක්වලා තියෙන ආකාරයට හිර කරන එක, ගොඩාක් ශක්තිමත් බට පතුරු භාවිතා කලොත් මේක ටිකක් අසීරු වෙන්න පුළුවන්,ඒනිසා ඉතා ප්‍රෙවේශමෙන් මේ කොටස ඉවර කරන්න (රූපය බලන්න)

(පැත්තෙන් පෙනෙන ආකාරය)

දැන්නම් අපේ වෙසක් කූඩුවේ මූලික අදියර සියල්ලම අවසානයි, දැන් අපි කරන්න ඕන කැමැති පාට කොල යොදා ගෙන මේ කූඩුව අලංකාර කරගන්න එක, මේ සදහා විවිධ වූ ක්‍රම භාවිතා කරනවා. ඔයාලත් මේ ක්‍රම වලින් කැමැති ක්‍රමයකට කොල අලවලා මේ කූඩුව අලංකාර කරගන්න, අවසානයේ කූඩුවේ මැදට වෙන්න බල්බ් එකක් හෝ ඉටි පන්දමක් දල්වන්න, මේ සදහා පහත පින්තූර උපයෝගී කරගන්න..
(සැ.යු. - මේ කූඩුවටම තව කොටසු එකතු කිරීම මගින් විවිධ වූ කූඩු නිර්මාණය කල හැක)



එහෙනම් සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යක් වේවා!


අංක විද්‍යාව (1)

අපේ පාසැල් කාලේදී අමාරුවෙන් විසඳන්න වුනු ගණිත ගැටළුවක් සම්බන්ධයෙන් තමයි මේ පොස්ට් එක ලියන්නේ, ටිකක් විතර අමාරු ගැටළුවක් ඒත්ඉතින් වැඩ කාරයන්ට නම් ගේමක් නැහැ..
මෙන්න මේකයි සිද්ධිය.. ඔය පහලින් තියෙන්නේ කොටු විසිපහක්, ඒ වගේම ඒ කොටු ටික පුරවන්න එකේ ඉදන් විසි පහ දක්වා අංක ලබා දෙනවා (1-25) හැබැයි කොන්දේසි කිහිපයක් යටතේ තමයි මේක කරන්න ඕන

01. එකම ඉලක්කම දෙපාරක් භාවිතා කරන්න බැහැ
02. (1-25) අතර සංඛ්‍යා විතරයි භාවිතා කරන්න පුළුවන්
03. කොයි අතට එකතු කරත් සංඛ්‍යාවල එකතුව 65 ක් විය යුතුයි..(ඊතල සහ අංකවලින් පෙන්නලා  තියෙන්නේ තේරුම්ගන්න පහසු වෙන්න)


අද ලොවට සරිලන හදුන්වාදීම් - ගූගල් ඩ්‍රයිව්!

ගුගල් සමාගමේ තවත් එක් වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස ගුගල් ඩ්‍රයිව් හදුන්වන්න පුළුවන්, පසු ගිය දිනක අන්තර්ජාලය හරහා ලැබුණු නිව්ස් එකකට අනුව මාද මේ සදහා රික්වෙස්ට් එකක් දැම්මා, දවස් දෙකක් ඇතුලත ඔබේ ගිණුමට ගුගල් ඩ්‍රයිව් සම්බන්ධ කලා යැයි ඊ මේල් එකකින්ම දාලා තිබුණා. ඉතින් මමත් ලොග් වෙලා බැලුවා කොහොමද මේ ගුගල් ඩ්‍රයිව් වැඩ කාරයෙක්ද කියලා, ඇත්තටම නරක නැහැ අපි කලින් භාවිතා කල ගුගල් ඩොක්ස් සංස්කරණයේම වැඩි දියුණු කල අවස්ථාවක් විදියටයි මම නම් මේක දකින්නේ, අපේ ඊ මේල් ගිනුම හරහාම මේ සදහා සම්බන්ධ විය හැක, විශේෂ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත.. ගුගල් ඩ්‍රයිව් සමග වැඩ කරන්න බලාගෙන ඉන්න අය පහත ලින්ක් එක ක්ලික් කරලා සම්බන්ධ වෙන්න..
https://drive.google.com/start?authuser=0#home

මෙහිදී අපිට නොමිලයේම ගිගා බයිට් 5 ක ධාරිතාවයක් ලැබෙනවා මීට වැඩිය ධාරිතාවයක් අවශ්‍ය නම් ඒ සදහා මාසිකව මුදලක් ගෙවා අපිට ඒ ඉඩ වෙන් කරවා ගැනීමට පුළුවන. ඒත් එක්කම අපේ ජී මේල් ගිණුමේ ධාරිතාවද වැඩි වන බව සදහන් වෙනවා. වැඩි විස්තර මේන්න මේ ලින්ක් එකෙන් බලාගන්න https://www.google.com/settings/storage/?hl=en

ගූගල් ඩ්‍රයිව් තුලදී අපිට අවශ්‍ය ආකාරයට ෆයිල්ස් ෆොල්ඩර්ස් මැනේජ් කරගන්න පුළුවන් වීම තවත් එක් වාසියක්.. සඳහන් වෙන ආකාරයට මේකත් ඔය ක්ලව්ඩ් ස්ටෝරේජ් යටතටලු වැටෙන්නේ ක්ලව්ඩ් ගැන වැඩිපුර තොරතුරු විකිපීඩියාවේ තියෙනවා හොයලා බලන්න...

මේ විතරක්ම නෙමෙයි ගූගල් ඩ්‍රයිව් වලට විවිධ අකාරයේ ෆයිල් වර්ග 30ක් පමණ හදුනාගෙන වැඩ කිරීමේ හැකියාව තියනවා.. මේ නිසා ඒ ඒ වැඩසටහන් පරිගණයේ ස්ථාපිත කර තිබීම අනිවාර්ය නොවේ. තවත් විවිධ වු විශේෂාංග රාශියක් ගූගල් ඩ්‍රයිව් තුල අන්තර්ගත වෙනවා...වැඩි විස්තර දැන ගැනීම සදහා මේ ලින්ක් එක භාවිතා කරන්න (ගූගල් ඩ්‍රයිව්)

අනුන්ගේ කවිය


සිහින ලොබ බැඳ
අරක් ගත් සිත
බලා අවසන
තුටු නොවෙන්නෙමු
පාන හසරැලි
කිමද දෙනුවන
අඟට කදුලැලි
එක්කරන්නේ

නුඹ එපා යැයි
වඳන් පැවසුව
නුඹ මගේ යැයි
සිතම පිළිගෙන
වේදනාවන්
පුරා අවසන
දිනුම පැරදුම
අතර සැගවුන

කාලයෙන් හැම
වැසී ගෙන ගිය
ආදරය යැයි
හඩ නගන්නේ
සලා ඔබේ මුව
මුදා හසැරැලි
නැවත එනු මැන
සිත් අගින්

විසදන්න පුළුවන්නම්!

මේකයි සීන් එක ඔය පල්ලෙහායින් තියෙන පින්තුරේ තමයි සිද්ධිය තියෙන්නේ බැලු බැල්මට පේනවා‍නේ මේක ටිකක් ඔය ගණිතය හා සම්බන්ධ වැඩක් කියලා..ඉතින් කට්ටිය ඔය පොඩි කොල කෑල්ලක්,පෑනක් එහෙම අරගෙන සෙට් වෙන්නකෝ, මම දෙන්නම් ගැටළුව...(මේක මගේ ගැටළුවක් නෙමෙයි අපේ නංගී කෙනෙක් මගෙන් ඇහුව ගැටළුවක්)


ඔය ඒ, බී, සී, කියලා නම් කරලා තියෙන්නේ දේවාල තුනක්ලු (දන්නවනේ ඉතින් දේවාල ගැන) ඔය එක්ස් කියන ප්ලේස් එකේ ඉන්න  මෑන් ළඟ යම් කිසි මුදලක් තියනවලු මිනිහා :ඒ: කියන දේවාලෙට යනකොට අතේ තියෙන ගානිත්(මුදලින්) රු.10 කට තට්ටු වෙනවා, හැබැයි දේවාලෙට ගියපු ගමන් අර අතේ තියෙන ඉතිරි ගාන ඩබල් වෙනවලු, හැබැයි ආයෙම එලියට එනකොට අතේ තියෙන අර ඩබල් වෙච්චි ගානෙන් තවත් රු.10කට තට්ටු වෙනවලු, ඊට පස්සේ  :බී: කියන දේවාලෙට යනකොට තව රු.10 ක් යනවලු....ඔය විදියට බී කියන දේවාලෙන් එලියට එනකොටත්  රු.10ක් අඩු වෙනවලු. ආයෙම :සී: කියන දේවාලෙට යන්න රු.10කුත් එලියට එන්න රු.10කුත් වියදම් වෙනවා, හැබැයි තියෙන එකම චාන්ස් එක හැම දේවාලෙකදිම අතේ තියෙන ගාන ඩබල් වෙන එක තමයි.... දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෑන් ඔය දේවාල තුනටම ගිහින් එළියටත් එනවා හැබැයි අතේ රුපියලක්වත් ඉතුරුවෙනනෙත් නැතුව ඉතින් මං අහන්නේ මිනිහා දේවාල වලට යන්න කලින් අතේ රුපියල් කීයක් තිබුණද ? 
හරිම ලේහෙසියෙන් හදන්න පුළුවන්, ඔයාලත් හදලා උත්තරේ කමෙන්ට් එකකටම දාන්නකෝ.....

පරිගණකයෙන් අභ්‍යවකාශයට!

මේ පෝස්ට් එක ලියන්නේ තාරකා විද්‍යාවට ඇළුම්කරන අපේ යාලුවෝ වෙනුවෙන්. ඇත්තටම අපි හරි කැමතියි ඈත අහසේ තියෙන තරු රටා ග්‍රහලෝක ගැන තොරතුරු හොයන්න... අන්න ඒ වගේ අවස්ථාවල භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි stellarium කියලා කියන්නේ.. වැඩිපුර තොරතුරු මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලම බලාගන්න...

මෙවැනිම තවත් සොෆ්ට්වෙයාර්ස් අපිට හොයාගන්න පුළුවන්... මේ පහතින් සඳහන් කරන්නේ එවැනිම තවත් මෘදුකාංග කිහිපයක ලිපිනයන්.. මේවාත් පාවිච්චි කරලා බලන්න අළුත් දෙයක් ලැබුනොත් අපිටත් කියන්න...

Winstars


Star Calc


Open Universe


Shatters