නොමිලේම විශ්ව විද්‍යාල මට්ටමේ දැනුම් සම්භාරයක් ලබා ගැනිීමට " world Best Courses for free" (දැනුම පිපාසාවෙන් පෙලෙන අපි වගේ අයට)
වර්තමානයේ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාගන්න නොයෙකුත් ක්‍රමවේදයන් අපි භාවිතා කරනවා, ඒ අතරින් කෝර්ස්ඒරා (coursera.org) කියන්නේ ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 24ක් පමණ එකට සම්බන්ධ වෙලා නොමිලයේ අවශ්‍ය කෙනෙකුට හැදෑරිය හැකි පරිදි අන්තර්ජාතික මට්ටමේ පාඨමාලාවන් රැසක් ලබා දෙන වෙබ් අඩවියක්,
මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න කිසිම ගාස්තුවක් අය කරන්නෙත් නැහැ, ලියාපදිංචි වීමෙන් පස්සේ අපිට අවශ්‍ය පාඨමාලාව සර්ච් කරලා හොයා ගන්න පුළුවන්, විඩි විස්තර අදාල සයිට් එකට ගිහින් බලා ගන්න පුළුවන්නේ......ඔය පහතින් තියෙන්නේ එයාලගේ Mission එක.. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ...
Our Mission
Coursera is an education platform that partners with top universities and organizations worldwide, to offer courses online for anyone to take, for free.
We envision a future where everyone has access to a world-class education. We aim to empower people with education that will improve their lives, the lives of their families, and the communities they live in.
පී සී එකට ස්මාර්ට් ෆෝන් එකක් නැතිවම වයිබර් ඉන්ස්ටෝල් කරගමු..(installing Viber without Smart Phone)
01. ඉස්සර වෙලාම කරන්න ඕන Blue-stack කියලා හඳුන්වන ඇප් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරගන්න එක, ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ වර්චුවල් ස්මාර්ට් ෆෝන් එකක් නිර්මානය කරන්න,
03. Blue-stack නිවැරදිව ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාලට පුළුවන් වයිබර් ඇප් එක සර්ච් කරලා හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න
04. වයිබර් ඉන්ස්ටෝල් කරගෙන යද්දී ඉන්ස්ටොලේශන් එක මොබයිල් නම්බර් එක ටයිප් කරන්න අවස්ථාවක් ලැබෙනවා, මෙතනදී කරන්න ඕනේ අපේ සාමාන්‍ය මොබයිල් ෆෝන් එකේ නම්බර් එක ටයිප් කරලා වැඩේ ඉවර කරන එකයි
05. දැන් වයිබර් වේබ් එකට ගිහින් ඔයාලගේ පී සී එකට ගැලපෙන වයිබර් සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල කරගෙන යන්න, මොබයිල් ෆෝන් නම්බර් එක අහද්දී අර අපි කලින් බ්ලුස්ටැක් එකේ වයිබර් ඉන්ස්ටෝල් කරපු නම්බර් එකම දෙන්න
06.වෙරිෆිකේෂන් කෝඩ් එකක් හෝ කෝල් එකක් ඔයාලට ලැබේවි ඒ අදාල කෝඩ් එක භාවිතා කරලා පී සී එකට ඉන්ස්ටෝල් කරපු වයිබර් එක ඇක්ටිව් කරගන්න.
07. දැන් ඔයාලට පුළුවන් ස්මාර්ට් ෆෝන් එකත් නැතත් පී සී එක හරහා වයිබර් තියෙන අයට නොමිලේම කතා කරන්න....
08. මොනවා හරි ගැටළුවක් තිබුනොත් පහලින් ලියන්න.....
පරිගණක ඉතිහාසයේ වැදගත් පුද්ගලයින්
පරිගණකයෙහි අභිවෘද්ධිය උදෙසා කැප වූ පුද්ගලයෝ....
(1 වන කොටස)
Charles Babbage Ada Lovelace Tim Berners-Lee
Herman Hollerith Howard H. Aiken Blaise Pascal
Gottfried Wilhelm John Mauchly John Mauchly
අපොස සාමාන්‍ය පෙළ (පරිගණකයේ පරිණාමය)
පරිගණකයේ පරිණාමය
අපොස සාමාන්‍ය පෙළ (පරිගණකයේ ඉතිහාසය)
තොරතුරු තාක්ෂණය අපොස සා පෙළ
අපොස සාමාන්‍ය පෙළ සඳහා මෙවර පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් කෙරෙන සත්කාරයකි.Automated PXE Server Solution Accelerator (දුරස්ථව -LAN- මෙහෙයුම් පද්ධති ස්ථාපනය කිරීම)
නොයෙකුත් වැඩ රාජකාරී බහුල වීම නිසා සෑහෙන කාලයක් බ්ලොග් එක පැත්තෙවත් එන්න වෙලාවක් වුනේ නැහැ.. ඒත් ඉතින් 2014 ට කියලා මුකුත් පොස්ට් එකක් නොදැම්මොත් ඒකත් ලොකු අඩුපාඩුවක්නේ ඒ නිසා මම නිතරම වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න භාවිතා කරන පොඩි සර්වර් සොෆ්ට්වේයා එකක් හදුන්වා දෙන්න හිතුවා. මේක ගොඩ දෙනෙක් භාවිතා කරනවා ඇති දැනටමත්, ඒ අතර නොදන්න අයට දැනගන්න මම මේ පොස්ට් එක දාන්නම්....
ඇත්තටම මේ සොෆ්ට්වේයා එක පී එක්ස් ඊ සර්වර් එකක්, මේකෙන් පුළුවන් තවත් පරිගණකයන් නෙට්වර්ක් එක හරහා බූට් කරන්න. වින්ඩොස් ඉන්ස්ටෝල් කරන්න, ඩී එච් සී පී සර්වර් එකක් විදියට භාවිතා කරන්නත් ...තවත් භාවිතයන් සම්බන්ධව ඔයාලටම හොයාගන්න මම මේ වෙබ් අඩවියේ ලිපිනය පහලින් සඳහන් කරන්නම්.
මේ සොෆ්ට්වෙයා එක් භාවිතා කරන්න හරිම පහසුයි... විශේෂයෙන් කරන්න කියලා කිසිම දෙයක් නැහැ, කරන්න තියෙන්නේ මූලික සැකසුම් කිහිපයක් සකස් කිරීම විතරයි..වින්ඩෝස් සර්වර් වල වගේ මහන්සි වෙන්න ඕන නැහැ.. කැමති ඔපරේටින් සිස්ටම් එකක් ඒ ඒ අදාල ෆෝල්ඩර්ස් වලට කොපි කරලා Share කරන්න විතරයි ඕන වෙන්නේ... මේ සයිට් එකේම අදාල විස්තර එකතු කරලා තියෙනවා උත්සහ කරලා බලන්න.....
Subscribe to:
Posts (Atom)