Show hidden files and forlders (වෛරස නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ෆයිල්ස් ෆෝල්ඩර්ස් සැගවිලා නම් දිගටම කියවන්න)

 ගොඩාක් දෙනෙක්ගේ පෙන් ඩ්‍රයිව් වල අන්තර්ගතය හිටි හැටියෙම නොපෙනී යනවා නමුත් ඒ් සදහා අදාල ඩ්‍රයිව් ඒකේ භාවිතා වූ ධාරිතාවය පෙන්වනවා, අන්න ඒ් වගේ අවස්ථාවක පුළුයන් මේ කමාන්ඩ් ෆයිල් ඒක භාවිතා කරලා නැවතත් ඒ් හැංගිලා තියෙන ෆයිල්ස් ඒලියට ගන්න, 

කරන්න කියලා විශේෂ දෙයක් නැහැ පෙන් එකට මේ ෆයිල් ඒක කොපි කරලා ඩබල් ක්ලික් කරන්න . කමාන්ඩ් එක රන් වෙලා ඉවර වුනාම ෆයිල්ස් ටික ඇවිත් තියේවි.

--ඩොස්(CMD) ගැන දන්න අයට ---

Type CMD in your Search bar --> Enter --> Type the letter of Pen Drive Ex :(H,G)

Type the Command as (without Quotations)  "attrib /s /d -s -h" ---> Enter ---> wait to Execute the command

නොදන්න අයට මේ ෆයිල් ඒක ඩවුන්ලෝඩ් කරගන්න..

Download the File

Grab the mysql table creation script from table

When we need to get the code for already created table we use this command in 
sql command window

SHOW CREATE TABLE tablename
To view full query There is this Hyperlink named +Options left above, There select Full Texts

Disable Windows Boot Manager 7/8.1/10


ඔබේ පරි පරිගණකයේ ඔන් වීමේදී windows boot manager display වෙනව නම් පහත සඳහන් ආකාරයට එය ආරක්ෂාකාරීව ඉවත් කරගත හැක . පළමුවෙන්ම command promt administrator ලෙස open කර පහත් සඳහන් විධානය type කර enter කරන්න

bcdedit /set {bootmgr} displaybootmenu no

දැන් පරිගණකය restart කරන්න.

අපොස සාමාන්‍ය පෙළ - පරිගණක දෘඩාංග (OL IT- Computer Hardware)

අපොස සා.පෙළ - ගැලීම් සටහන් (දෙවැනි කොටස)

02. ගැටළු විසදීම සඳහා ගැලීම් සටහන් භාවිතා කිරීම

පරිගණක ක්‍රම ලේඛණයේදී අදාල ක්‍රියාවලිය පිළිවෙලින් පෙන්නුම් කිරීම සඳහා ගැලීම් සටහන් භාවිතා කරනු ලබයි, අදාල ක්‍රම ලේඛණ ශිල්පියාට ක්‍රමලේඛණය පහසු වෙන පරිදි වැඩ සටහනේ සම්පූර්ණ ක්‍රියාවලිය රූපමය ආකාරයෙන් දැක්වීම මෙහිදී සිදු කෙරේ...

උදා:- දෙන ලද සංඛ්‍යා දෙකක එකතුව ප්‍රකාශ කිරීම සඳහා ගැලීම් සටහනක් අදින්න

දෙන ලද සංඛ්‍යා දෙක Num01, Num02 ලෙසද, එකතුව Total ලෙසද ගෙන පහත ආකාරයට ගැලීම් සටහන නිර්මාණය කල හැකිය.

මෙවැනි රූපමට ආකාරයේ ගැලීම් සටහන් වලට අමතරව ලිඛිත ආකාරයක්ද ගැටළු විසදීම සඳහා පරිගණක ක්‍රමලේඛන වලදී භාවිතා වේ. මෙය ව්‍යාජ කේත ලෙස හදුන්වයි. (pseudo code)

ඉහත ගැටළුවම අපි ව්‍යාජ කේත භාවිතයෙන් විසදා බලමු...(මේ සදහා සාමාන්‍ය ආකාරයට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනු ලබයි)

Start
  Input Num01, Num02
  Total = Num01+ Num02
     Display Total
End

මේ ආකාරයට හැකි තරම් සරල ගැටළු විසදීම සඳහා ගැලීම් සටහන් හා ව්‍යාජකේත භාවිතා කිරීමට උත්සහ කරන්න...(ගැටළු කිහිපයක් පහත සඳහන් කර ඇත)

01. දෙන ලද සංඛ්‍යා 4ක සාමාන්‍ය අගය සෙවීම
02. පළමු අගයෙන් දෙවන අගය අඩු කර පිළිතුර ලබා ගැනීම
03. උපන් දිනය ලබා දුන් විට වර්තමාන වයස ප්‍රකාශ කිරීම







අපොස සා.පෙළ - ගැලීම් සටහන් (පළවෙනි කොටස)

විභාගයට තව දින කිහිපයක් තිබුණද සියළුම පාඩම් සම්බන්ධව විශ්වාසයක් ළමුන් ගෙන් නොපෙනේ, එබැවින් හැකි තරම් දුරට සරලව ආදාල පාඩම් කොටස් ආවරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ....

01. ගැලීම් සටහන් ඇදීම සඳහා භාවිතා කරන මූලික සංකේත හා ඒවායේ කාර්යයන්...


අපොස සාමාන්‍ය පෙළ- පරිගණක වෛරස




Image result for computer Virus
01. පරිගණක වෛරසයක් යනු කුමක්ද?
02. පරිගණක වෛරස ප්‍රචාරණය වන ක්‍රමවේද මොනවාද?
03. වෛරස අසාධනය වූ පරිගණකයක් හඳුනාගත හැකි ආකාර මොනවාද?
04. ප්‍රධාන වශයෙන් වෛරස බෙදා වෙන්කල හැකි කොටස් මොනවාද?
05. ලෝකයේ හදුනාගත් වෛරස අතර ප්‍රසිද්ධ නම් කිහිපයක් සඳහන් කරන්න
06. වෛරස ආසාධනය වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
07. සෑම වෛරසයකටම පොදු වූ  ක්‍රියාකාරීත්වයන් මොනවාද?
08. හානිදායක වෛරස නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ..
09. වෛරස නිර්මාණ කරුවන් මෙවැනි වෛරස හා එවැනි විනාශකාරී මෘදුකාංග නිර්මාණය කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
10. ප්‍රතිවෛරස මෘදුකාංගයක් යනු කුමක්ද?
11. ඔබ දන්නා ප්‍රසිද්ධ ප්‍රතිවෛරස වැඩසටහන් කිහිපයක් සඳහන් කරන්න.
12. ලොව ප්‍රථම පරිගණක වෛරසය ලෙස හඳුන්වන්නේ කුමක්ද?
13. Trend Micro යනු කුමක්ද?
14. application software සමඟ ව්‍යාප්ත වන වෛරස හඳුන්වනු ලබන්නේ
15. පරිගණකය ක්‍රියාවිරහිත අවස්ථාවකදී පරිගණක වෛරයක් එයට ඇතුළු විය හැකිද?
16. ඉතා භයානක පරිගණක වෛරස ලෙස නම්කල හැක්කේ..
17. ප්‍රතිවෛරස මෘඳුකාංගයකින් නියමිත ආරක්ෂාව ලබා ගැනීමට නම් අප එය භාවිතා කලයුත්තේ කෙසේද?
18. crimeware යනු කුමක්ද?
19. ප්‍රති වෛරස මෘදුකාංග වලට අමතරව පරිගණකයේ ආරක්ෂාව සඳහා යොදන මෘදුකාංග මොනවාද?
20. ප්‍රතිවෛරස යාවත්කාලීන කිරීම ලෙස හඳන්වන්නේ
21.යාවත්කාලීන නෙකරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගයක් මඟින් බොහෝ විට සිදු වනුයේ..
22. නොමිලයේ ලබාදෙන ප්‍රතිවෛරස මෘදුකාංග 3ක සඳහන් කරන්න.

සැ.යු- පිළිතුරු ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.

අපොස සාමාන්‍ය පෙළ -අන්තර්ජාලය

ප්‍රශ්ණ සියල්ලටම පිළිතුරු සපයන්න

  1. "http" ලෙස හඳුන්වන්නේ

  2. Hyperspace Techniques and Technology Progress
     Hyperspace Terms and Technology Protocol
     HTML Transfer Technology Process
     Hyper Text Transfer Protocol

  3. "www" ලෙස හඳුන්වනුයේ

  4.  World Wide Wait
    World Wide War
     World Wide Web
     World Wide Wares

  5. www.google.com යනු

  6. අන්තර්ජාලයේ ප්‍රධාන සේවාවකි
    වේබ් ලිපිනයන් ලබාදෙන ආයතනයකි
    සෙවුම් යන්ත්‍රයකි
    බ්ලොග් අඩවියකි

  7. වෙබ් බ්‍රව්සරයක් නොවන්නේ

  8. ගූගල් ක්‍රෝම්
    සෆාරී
    ආර්පානෙට්
    ෆයර් ෆොක්ස්

  9. පරිගණක ජාලයක් තුල වේගය මනින ඒකකය

  10. Kb
    Ghz
    Mbp
    Bps

  11. සමාජ ජාල වෙබ් අඩවියක් නොවන්නේ.

  12. Facebook
    GooglePlus
    LinkedIn
    Yahoo

  13. World Wide Web (www) හි නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ.

  14. Tim Berners-Lee
    Mark Zuckerberg
    Robert Cailliau
    Eduardo Saverin

  15. පළමුවෙන්ම අන්තර්ජාලය භාවිතයට ගැනුනේ..

  16. මූල්‍යමය කටයුතු සඳහා
    යුධමය කටයුතු සඳහා
    පාසැල්වල කටයුතු සඳහා
    නිවෙස්වල කටයුතු සඳහා

  17. URL ලෙස හඳුන්වන්නේ

  18. Universal Resource Locator
    World wide web
    User Resource Listing
    ඉහත කිසිවක් නොවේ

  19. ISPලෙස හඳුන්වන්නේ

  20. අන්තර්ජාල ගනු දෙනු කරුවන්
    වේබ් අඩවි සේවා සපයන්නන්
    අන්තර්ජාල සේවා සපයන්නන්
    සමාජ ජාල සේවා සපයන්නන්

අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (2වන කොටස)


පරිගණකය සම්බන්ධ වන නොයෙකුත් උපාංග
  1. A අක්ෂරයෙන් හැදින්වෙන තොටු /කෙවෙනිය කුමක් ද?

  2. USB
    VGA
    PS/2
    ඉහත කිසිවක් නොවේ

  3. ඉහත රූපයේ A කෙවෙනිය හරහා පරිගණකයට මූලික වශයෙන් සම්බන්ධ වන උපකරණය කුමක් ද?

  4. මූසිකය
    යතුරු පුවරුව
    පරිගණක තිරය
    ස්පීකරය

  5. B අක්ෂරයෙන් හඳුන්වා දී ඇති කෙවෙනිය බහුලව භාවිතා වනු යේ

  6. මවුසය
    යතුරු පුවරුව
    මුද්‍රණ යන්ත්‍රය
    මොනිටරය

  7. D යනු පරිගණකයකට අත්‍යවශ්‍ය කවුළුවක් වන අතර එමගින් පරිගණකයට සම්බන්ධ වන්නේ

  8. මොනිටරය
    ප්‍රින්ටරය
    කැමරාව
    ජොයිස්ටික්

  9. ඉහත රූපයේ I ලෙස නම් කර ඇත්තේ

  10. USB Ports
    PS/2 Ports
    VGA Ports
    RS 232 Ports

  11. I හරහා පරිගණකය ට සම්බන්ධ උපකරණ ලෙස

  12. මොනිටරය / ප්‍රොජෙක්ටරය
    ප්‍රින්ටරය / වෙබ් කැමරාව
    මවුසය / ස්පීකරය
    මොනිටරය / යතුරු පුවරුව

  13. පරිගණක ජාලගත කිරීම් කටයුතු සඳහා බහුලව යොදා ගන්නා කවුළුව ලෙස හැදින්විය හැක

  14. A
    G
    H
    K

  15. පරිගණක තිරය සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නා කවුළුව වේ

  16. E
    F
    G
    H

  17. වෙනත් උපකරණයක් හරහා ලැබෙන විද්‍යුත් ශ්‍රව්‍ය සංඥාවක් පරිගණක ගත කිරීම සඳහා භාවිතා කරන්නේ

  18. F
    G
    H
    C

  19. J යනු පරිගණකයේ ............................ කවුළුව ලෙස හඳුන්වයි

  20. IEEE 1394
    USB
    VGA
    Ethernet

  21. පරිගණකය හා මෝඩමයක් සවි කිරීමේ දී භාවිතයට ගන්නා මූලික කවුළු දෙකකි

  22. D and B
    C and K
    D and H
    I and C

  23. PS/2 Ports ලෙස ....................................... නම් කල හැකිය

  24. K , D
    A, B
    G, H
    A,C,G

  25. අපගේ කටහඬ පරිගණක ගත කිරීම සඳහා ........................ භාවිතා කල හැකිය

  26. H
    F
    G
    K

  27. K කවුළුවේ ඇති පින් සංඛ්‍යාව ............................... කි

  28. 16
    4
    8
    9

  29. මේම රූපයෙන් පරිගණකයේ ............................. නිරූපනය වේ

  30. පරිගණකයේ ඉදිරිපස
    මවුපුවරුවේ පිටු පස
    තිරයේ පිටු පස
    ඉහත කිසිවක් නොවේ

සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න...

නොමිලේම විශ්ව විද්‍යාල මට්ටමේ දැනුම් සම්භාරයක් ලබා ගැනිීමට " world Best Courses for free" (දැනුම පිපාසාවෙන් පෙලෙන අපි වගේ අයට)

 වර්තමානයේ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාගන්න නොයෙකුත් ක්‍රමවේදයන් අපි භාවිතා කරනවා, ඒ අතරින් කෝර්ස්ඒරා (coursera.org) කියන්නේ ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 24ක් පමණ එකට සම්බන්ධ වෙලා නොමිලයේ අවශ්‍ය කෙනෙකුට හැදෑරිය හැකි පරිදි අන්තර්ජාතික මට්ටමේ පාඨමාලාවන් රැසක් ලබා දෙන වෙබ් අඩවියක්,
 මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න කිසිම ගාස්තුවක් අය කරන්නෙත් නැහැ, ලියාපදිංචි වීමෙන් පස්සේ අපිට අවශ්‍ය පාඨමාලාව සර්ච් කරලා හොයා ගන්න පුළුවන්, විඩි විස්තර අදාල සයිට් එකට ගිහින් බලා ගන්න පුළුවන්නේ......ඔය පහතින් තියෙන්නේ එයාලගේ Mission එක.. එහෙනම්  ට්‍රයි කරලම බලන්නකෝ...

Our Mission

Coursera is an education platform that partners with top universities and organizations worldwide, to offer courses online for anyone to take, for free.

We envision a future where everyone has access to a world-class education. We aim to empower people with education that will improve their lives, the lives of their families, and the communities they live in.

පී සී එකට ස්මාර්ට් ෆෝන් එකක් නැතිවම වයිබර් ඉන්ස්ටෝල් කරගමු..(installing Viber without Smart Phone)

අද වෙනකොට බොහොම ජනප්‍රිය instant messaging / VOIP /  මෘදුකාංගයක් තමයි වයිබර් කියන්නේ, බොහොම දෙනෙක් අඩු වියදම් සන්නිවේදන මාධ්‍ය ගැන ගොඩාක් උනන්දු වෙන නිසා මේකට හැමෝම කැමතියි, අද ශ්‍රී ලංකාවේත් බහුතරයක් වයිබර් භාවිතයට හුරුවෙලා තියෙනවා, ඒත් මේ අතර සිම්බියන් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් වයිබර් ඉන්ස්ටෝල් කරගන්න බැරුව ලතැවෙනවා, ඒත් මේ කියන්න යන්නේ ෆෝන් එකට වයිබර් ඉන්ස්ටෝල් කරන හැටි නම් නෙවෙයි, වයිබර් ඉන්ස්ටෝල් නොකර සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් භාවිතා කරලා ඔයාලගේ ලැප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි වයිබර් ඉන්ටෝල් කරන විදිහ ගැනයි,


01. ඉස්සර වෙලාම කරන්න ඕන Blue-stack කියලා හඳුන්වන ඇප් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරගන්න එක, ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ වර්චුවල් ස්මාර්ට් ෆෝන් එකක් නිර්මානය කරන්න,

02. මේක නිවැරදිව ඉන්ස්ටොල් කරලා ඉවර වුනාම අපිට Gmail account එකක් අවශ්‍ය වෙනවා ගූගල් ප්ලේ හරහා වයිබර් ඉන්ස්ටෝල් කරන්න, ඒ නිසා ගූගල් සයිට් එකට ගිහින් ගූගල් ලිපිනයක් නැති අය එකක් හදාගෙන එන්න..... :)
03. Blue-stack නිවැරදිව ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාලට පුළුවන් වයිබර් ඇප් එක සර්ච් කරලා හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න

04. වයිබර් ඉන්ස්ටෝල් කරගෙන යද්දී ඉන්ස්ටොලේශන් එක මොබයිල් නම්බර් එක ටයිප් කරන්න අවස්ථාවක් ලැබෙනවා, මෙතනදී කරන්න ඕනේ අපේ සාමාන්‍ය මොබයිල් ෆෝන් එකේ නම්බර් එක ටයිප් කරලා වැඩේ ඉවර කරන එකයි




05.  දැන් වයිබර් වේබ් එකට ගිහින් ඔයාලගේ පී සී එකට ගැලපෙන වයිබර් සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල කරගෙන යන්න, මොබයිල් ෆෝන් නම්බර් එක අහද්දී අර අපි කලින් බ්ලුස්ටැක් එකේ වයිබර් ඉන්ස්ටෝල් කරපු නම්බර් එකම දෙන්න

06.වෙරිෆිකේෂන් කෝඩ් එකක් හෝ කෝල් එකක් ඔයාලට ලැබේවි ඒ අදාල කෝඩ් එක භාවිතා කරලා පී සී එකට ඉන්ස්ටෝල් කරපු වයිබර් එක ඇක්ටිව් කරගන්න. 

07.  දැන් ඔයාලට පුළුවන් ස්මාර්ට් ෆෝන් එකත් නැතත් පී සී එක හරහා වයිබර් තියෙන අයට නොමිලේම කතා කරන්න....

08. මොනවා හරි ගැටළුවක් තිබුනොත් පහලින් ලියන්න.....
 

අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (1වන කොටස)

පරිගණක දෘඩාංග

පරිගණක ආශ්‍රිත උපකරණ



  1. පරිගණකයේ මොළය ලෙස සලකනු ලබන්නේ?

  2. දෘඩ තැටිය
    මව් පුවරුව
    මධ්‍ය සැකසුම් ඒකකය
    පද්ධති ඒකකය

  3. පරිගණකයක් සතු විශේෂ හැකියාවක් වන්නේ

  4. අඛණ්ඩව ක්‍රියාකිරීමේ හැකියාව
    නිරවද්‍යතාවය
    කාර්යක්ෂමතාවය
    ඉහත සඳහන් සියල්ලම

  5. පරිගණකයට දත්ත හා උපදෙස් ඇතුළත් කිරීම සඳහා බාවිතා කරන උපකරණ

  6. ආදාන උපකරණ ලෙස හඳුන්වයි
    ප්‍රතිදාන උපකරණ ලෙස හඳුන්වයි
    ආචයන උපකරණ ලෙස හඳුන්වයි
    ඉහත කිසිවක් නොවේ

  7. පරිගණකයේ ප්‍රධාන කොටස් ලෙස සලකනු ලබන්නේ

  8. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මධ්‍ය සැකසුම් ඒකකය, ආචයන උපාංග
    ප්‍රතිදාන උපාංග, ගණිතමය හා තාර්කික ඒකකය, මතකය, ආචයන උපාංග
    ආචයන උපාංග, පාලන උපාංග, ද්විතීක මතකය, ප්‍රතිදාන උපාංග
    ප්‍රධාන මතකය, පාලන උපාංග, ආදාන උපාංග, සැකසුම් උපංග

  9. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් මොනවාද?

  10. පාලන ඒකකය, ඩිස්ක් ධාවකය, දෘඩ තැටිය
    පාලන ඒකකය, අංක ගණිතමය හා තාර්කික ඒකකය, මතක රෙජිස්ටරය
    අංක හා ගණිතමය ඒකකයි, තාවකාලික මතකය, රෙජිස්තරය
    මතක රෙජිස්තර, පාලන ඒකකය, ආචයන ඒකකය

  11. පරිගණකයේ වේගය මනිනු ලබන ඒකකය

  12. Mbps
    Hz
    Byte
    Bits

  13. මධ්‍ය සැකසුම් ඒකක නිෂ්පාදනය කිරීමේ ප්‍රධාන ආයතනයකි

  14. Intel
    Foxpro
    IBM
    Microsoft

  15. පරි්ගණකයේ මතකය මනිනු ලබන ඒකකය

  16. Hz
    Byte
    Mhz
    Gbps

  17. ආචයන උපාංගයක් නොවන්නේ

  18. දෘඩ තැටිය
    සංඛ්‍යාංක බහුවිධ තැටිය
    පෙන් ඩ්‍රයිව්ස්
    සීඩී ධාවකය

  19. සංඛයාංක බහුවිධ තැටියක සාමාන්‍ය ධාරිතාවය කොපණද?

  20. 1400MB
    700MB
    1.44MB
    1.47MB

සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න...

පරිගණක ඉතිහාසයේ වැදගත් පුද්ගලයින්

පරිගණකයෙහි අභිවෘද්ධිය උදෙසා කැප වූ පුද්ගලයෝ....

(1 වන කොටස)


                   
Charles Babbage                         Ada Lovelace                     Tim Berners-Lee

                   
Herman Hollerith                   Howard H. Aiken                    Blaise Pascal

                

   Gottfried Wilhelm               John Mauchly                   John Mauchly