පරිගණක ගැටළු (NTLDR Compressed)

හදිස්සියේම මේ පොස්ට් එක දාන්නේ මේක අමතක වුනොත් අපරාධයක් වෙන නිසයි. මට පහුගිය දවසක තමයි මේ ගැටළුව ආවේ. මගේ මැෂින් එකේ පවර්සප්ලයි එකේ ‍ගැටළුවක් නිසා නිතරම රි-ස්ටාර්ට් වෙන්න ගත්තා ඊට පස්සේ ඔන්වෙන්නේ නැතිව NTLDR Compressed කියලා මැසේජ් එක එන්න ගත්තා. දන්න ශිල්ප දාලා බැලුවා හරිගියේ නැහැ පස්සේ අයිඩියා එකක් ගත්තා නෙට් එකෙන්, වැඩේ ගොඩ ඉතින් මට හිතුනා හැමෝටම බලාගන්නත් එක්ක මේක පෝස්ට් කරන්න එහෙනම් මෙන්න විසදුම...(මෙහිදී මම කෙටියෙන් විසදුම පමණක් පෙන්වා දී ඇත)


  1. වින්ඩෝස් සී.ඩී එකෙන් පරිගණකය පණ ගන්වා එහි රිකවරි කොන්සෝල් එකට ලොග් වෙන්න 
  2. පසුව සී ප්‍රොම්ට් එකට පැමිණ පහත ආකාරයෙන් විධාන ලබාදෙන්න.

        attrib -c ntldr


මේ ආකාරයෙන් විධාන ලබාදීමෙන් මෙම ගැටළුව මග හරවා ගත හැක... මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු මිළග ලිපියෙන් බලාපොරොත්තු වන්න....

ගොඩාක් දවසකින් ආයෙමත් බ්ලොගයට

කාලෙකින් බ්ලොග් එක දිහා බලන්නවත් බැරිවුනා ඒ තරමටම වැඩ තිබුනා,  ඒත් ඉතින් එහෙම කියලා කොහොමද නිකන් හිටියොත් බ්ලොග් එකේ මකුළු දැල් කඩන්න කොස්සකුත් අරගෙන තමයි එන්න වෙන්නේ. පොසොන් එකත් අත ලගම එනවනේ නේද? මොනවා හරි අළුත් දෙයක් කරන්නයි හිතාගෙන ඉන්නේ බලමුකෝ නේද ආ...... මට අමතක වුනානේ මේපාර වෙසක් එකට අපි ලොකුවැඩක් කරා, මම ඒකේ පින්තුර කිහිපයක් බ්ලොග් එකේ අලවන්න තමයි හිටියේ ඒත් ඒක මඟ හැරුනා, කමක් නැහැ මේ පෝස්ට් එක දාලම ඒකත් පොස්ට් කරන්නම්......දැනට මේ මදෑ....

ගසක අසිරිය...

මාළිගාවිල ගිය ගමනෙදීම මට හමුවුනු තවත් වැදගත්ම දෙයක් වුනේ රුක් කලා ප්‍රදර්ශණයක්, ඇත්තටම මේක ප්‍රදර්ශණයක්ම නෙවෙයි, නමුත් පිළිම බලන්න මාළිගාවිලට එන අයට දැකගන්න පුළුවන් වෙන විදිහට සිරිපාල මහතා  විසින් පවත්වාගෙන යන රුක්කලා ප්‍රදර්ශණාගාරයක්.., ඇත්තටම ගසක තියෙන ස්වාභාවික හැඩයන් උපයෝගී කරගෙන කරල තියෙන මේ නිර්මාන දැක්කම ගොඩාක් ආස හිතුනා එකක් අරන් එන්න, ඒත් සිරිපාල මහතා ඒවා මුදලට දෙන්න කැමති නැහැ, හේතුව ඔහු මේ වෙනුවෙන් මහත් කැප කිරීමක් කර තිබීමයි... ඒත් පින්තූර ගන්නවට විරුද්දත්වයක් නැති නිසා මමත් පුළුවන් විදිහට ගත්තා හොඳයි කියලා හිතෙන රුක් කලා වල පින්තූර ටිකක්, ඔයාලා හැමදෙනාටම බලාගන්නත් එක්ක මම ඒ ටික පොස්ට් කරන්නම්, බලන්නකෝ කොහොමද කියලා...




මාළිගාවිල සුන්දරත්වය (2)

 පින්තුර ටික එකටම දැම්මොත් වැඩේ අවුල් වෙන නිසා අනික් පිළිමයට අදාල පින්තුර ටික මේ පොස්ට් එකෙන් දාන්නම් (එහෙම හොදයිනේ නේද) පොඩි අවුලකට තිබුනේ අපි යනකොට ගොඩාක් හවස් වෙලා, ඉතින් ගන්න පින්තුර වලට අවශ්‍ය ආලෝකය මදි ඒත් ඉතින් එහෙම කියලා කොහොමද මම දන්න විදිහට මොබයිල් එක පාවිච්චි කරලා ගත්තා පින්තුර ටිකක්, එත් අදුරනම් වැඩියි කමක් නැහැ ඔයාලට දවසක ඇවිත්ම බලාගන්න පුළුවන් වෙයිනේ..... ඇත්තටම මාළිගාවිල පිළිම මම දාපු පින්තුර වගේද කියලා...

හිටි පිළිමය ඇත් ස්ථානයට යන ගමන්

හිටි පිළිමය හා ඒ අවට ඇති මළුව

මාළිගාවිල සුන්දරත්වය

මෑතකදී රාජකාරී කටයුත්තකට මාළිගාවිල පැත්තට යන්න චාන්ස් එකක් ලැබුනා, මීට කලින් මම එහේ ගිහින් තිබුනේ නැති නිසා එක පයින් මමත් කැමති වුනා ගමනට, මීට කලින් මාළිගාවිල පිළිම ගැන අහලා දැකලා තිබුනට හැබැහින් දකින්න අවස්ථාවක් ලැබුනේ නැහැ, ඉතින් රාජකාරිය ඉවරවුන ගමන්ම හැ‍රෙව්වා පිළිම බලන්න ඇත්තටම හරිම ලස්සනයි, ගොඩාක් බලන්න දේවල් නැතත් මම හිතන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම කලා කෘති විදිහට මේවා අපි කවුරුත් නැරඹිය යුතුයි. ක්‍රි.ව 7වන සියවසට අයත් යැයි සඳහන් මෙම පිළිම වල පින්තුර ටිකක් ගන්න මට පාවිච්චි කරන්න උනේ මගේ ජංගම දුරකතනය..(ඒ නිසා පින්තුර පැහැදිලි මදි) ඉතින් මම හිතුවා මේ ටිකත් බ්ලොග් එ‍කේ එල්ලන්න එතකොට කාට කාටත් බලාගන්න පුළුවන්නේ...

බෝසත් පිළිමය
බෝසත් ප්‍රථිමාව ඇති ස්ථානය (ඇතුල්වීම)

ඉතින් අවසරයි සමුගන්න...!

අතීතයට ආයෙම නොයන්න
මතකයන් කිසිදින මතක් නොවෙන්න
සඳහටම වෙන්වෙන්නම් 
ඔබ හැමදාම සතුටින් නම්

නිහඩ හැම මොහොතකම
දෙසවන වැකුනු නුඹේ සුසුම් හඩ
හැමදාම මට ඇසේවී
නුඹ මා ළඟ විලසින්

හුරතලයට හිනාවුනු
විහිළුවට තරහ වුනු
කඳුළු බිදු මුව තෙමු
වියැකිලා නොවුන සේ

පන්හිඳින් සටන්කල
ප්‍රේමයක කුරුටු බලි
සැරිසරයි පිටු අතර
මියැඇඳුනු මතකවස්

කෙසේ එක් කරන්නද
සුසුම් වැල් නුඹ නමට
දිනුම පැරදුම අතර
සිරවෙලා නොවැද ම‍ම

ඉතින් මට අවසරයි සමුගන්න
කිසිදිනක නොයෙනුවස්
නුඹ නමින් අවදි වු
ප්‍රාණයක නිමාවට

2010 අවුරුදු සුභපැතුම..



2010
උදා වු සිංහල දමිළ අලුත් අවුරුද්ද
සියළුම ලක්වාසීන්ටත්
අපේ බ්ලොග් කරන හා කියවන
හැම දෙනාටමත්
සාමය සතුට සපිරි
පැතුම් ඉටුවෙන
සුබ අලුත් අවුරුද්දක් වේවා!


අළුත් අවුරුදු උදාව හා අවුරුදු චාරිත්‍ර

සුභ අළුත් අවුරුද්දක් වේවා!
අළුත් අවුරුදු උදාව....
ව්‍යවහාර වර්ෂ 2010 අප්‍රේල් මස 14 වැනි බදාදා පුර්ව භාග 06.58 ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි!

පුණ්‍යකාලය......
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.43 සිට 14 වන බදාදා අපරභාග 01.22 දක්වා පුණ්‍ය කාලය(නොනගතය) බැවින් 14 වන බදාදා පූ.භා. 00.34 ට පෙර කා බී සියලු වැඩ අත්හැර පුණ්‍ය කටයුතුවල යෙදීමද මැනවි.

ආහාර පිසීම.....
අප්‍රේල් මස 14 වැනි බදාදා පුර්වභාග 07.01ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනිමොලවා  කිරිබතක්ද උඳුමිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අනුභවය.....
අප්‍රේල් මස 14 වැනි බදාදා පුර්වභාග 09.07 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම....
අප්‍රෙල් මස 15 වැනි බ්‍රහස්පතින්දා පුර්වභාග 10.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දීශාව බලා හිසට බෝපත්ද, පයට කොහොඹපත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානට කිරීම මැනවි.

රැකීරක්ෂා සදහා පිටත්ව යෑම....
අප්‍රේල් මස 19 වැනි සඳුදා පුර්වභාග 06.42 ට සදුපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උඳු මිශ්‍ර ආහාරයක් හා කිරිබත් අනුභව කොට රැකීරක්ෂා සඳහා පිටත් වීම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා....
අප්‍රේල් මස 16 වැනි සිකුරාදා පුර්වභාග 06.08 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී එළකිරි මිශ්‍ර කිරිබතක් අනුභව කොට රැකීරක්ෂා සඳහා පිටත්වීම මැනවි.

හිසතෙල් සඳහා තෙල් වර්ග....
සාදාගත් නානුද, තෙල්ද,(තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල් යන පස් තෙල්ද) ගා ස්නානය කිරීම මැනවි.

නානු සෑදීමට ගන්නා ඔසු වර්ග....
කළාඳුරු අල, කුම්කුමප්පු, සුඳුහඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් ඳඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊ තණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳ ගන්න. ඉන් පසුව දිවුල්පත් කොටා ඒවායේ යුෂද දෙහි ඇඹුල්ද ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍රකොට සිරිසිදු රෙදිකඩකින් පෙරා ගන්න....

(2010 ලිතකින් උපුටා දක්වන ලදී)

විවෘතව කරන සංවෘත බ්ලොග් කරනය!

    ලෝකයේ හැමදේටම සීමා මායිම් තියනවා නමුත් අපේ නිදහස අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බැරිනම් ඒකෙන් වැඩක් නැහැ, මම මෙහෙම කිව්වේ අපිට ඕන ඕන දේ කරනවා කියන එක නෙවෙයි, නමුත් රටේ නීතියට, අද වෙනකොට මැරී මැරී තියන සංස්කෘතියට යටත්ව  අපේ ජීවිත වලට අදාලව විවෘතව කතා කිරීමේ අයිතිය අපි හැමෝටම තියනවා(සැකයි). 

    මේහෙම තියන අයිතිය යටපත් කරන්න නොයෙකුත් දෙනා විවිධ ආකාරයේ අකටයුතුකම් කරනවා, මේ වගේ දේවල් සාමාන්‍යයෙන් සිද්ද වෙන්නේ මේ භාහිර ලෝකේ විනරයි නමුත් අද වන විට ඒක මේ සයිබර් අවකාශය පුරාත් දැඩිලෙස පැතිරිලා තියනවා,

මඟ බලාගෙනම හිටියා,


මාසගානක් තිස්සේ මගබලාගෙන ඉදලා අද උඹ මට පේන නොපෙනෙන දුරකට ඇවිල්ලා ඒත්..අපි මොනතරම් පවුකරලා ඇතිද? මේ තරම් ලං වෙලත් අපිට අපි දැකගන්න තරම් වාසනාවක් නැහැ. ලග එන සිංහල අළුත් අවුරුද්දට උඹ දෙමව්පියෝ , සහෝදරයෝ බලලා යන්න ඇවිත් ඒත් උඹට මතක නැහැ දවස ගානේ උඹ එන පෙරමඟ බලාගෙන හීල්ලුවේ කවුද කියලා, ජීවිතේ තියෙනකම් උඹ එනකම් බලාගෙන ඉන්න මට පුළුවන් ඒ මම උඹවෙනුවෙන් උඹේ ආදරේ වෙනුවෙන් හදපු මාළිගාවේ තවමත් තනිවම නිසා, දවසක උඹ මටත් නොකියම වෙන මාළිගාවකට යාවී ඒත් උඹේ අවාසානාවට උඹට පෙම්කරපු මම හැමදාමත් උඹ එනකම් මඟ බලාගෙන ඉදීවී...