හැමදාමත් උඹ
වේදනාව වැඩි කමට උඹ කරපු වැඩ........
හිතේ තියෙන දේ කියාගන්න උඹ අඬපු හැටි........
අඩන්න බැරිව උඹ සිනාසුන හැටි........
බලන්න බැරිව උඹ ඉවත බලපු හැටි........
තනිව ඉන්න බැරිව උඹ තනිව වුන්නු හැටි........
කියන්න ඕනේ නැහැ අපි එකට වුන්නු හැටි........
ආදරය හා කාලය අතර!
සිතුවිලි තුළම සිරවී
හදවත තුලම නැවතුන
තවත් එක් පුංචි වේදනාවක්
තවමත් රිදුම් දෙයි
කාලයේ සරදමින්
ගලාගිය ජීවිතේ
අතරමං නොවුනමුත්
සිත මං මුලාවිය
ආදරය නම් විදින
වරක් දෙවරක් නොවරදින
පැතුම් පොදික් අතරමඟ
අත හැරුණි මට..හුවා ගනු බැරි ලෙසට
හදවත තුලම නැවතුන
තවත් එක් පුංචි වේදනාවක්
තවමත් රිදුම් දෙයි
කාලයේ සරදමින්
ගලාගිය ජීවිතේ
අතරමං නොවුනමුත්
සිත මං මුලාවිය
ආදරය නම් විදින
වරක් දෙවරක් නොවරදින
පැතුම් පොදික් අතරමඟ
අත හැරුණි මට..හුවා ගනු බැරි ලෙසට
ඇපල් 2ජී ජේල් බ්රේක්.....Apple 2G 3.1.3 jailbreak (2)
01.redsn0w win 0.9.4.zip ලින්ක් එක භාවිතා කරලා ඔයාලටත් මේ සොෆ්ට්වෙයා එක බාගන්න පුළුවන්...ඊළගට කරන්න ඕන මේ බාගත්ත ෆෝලඩර් එක එක්ට්‍රෑක් කරලා exe එක රන් කරන එක.....
Browse button එක ක්ලික් කරලා අපි පළමුවෙන්ම බාගත්ත 3.1.2 OS එක සිලෙක්ට් කරගන්න, නිවැරදිව ඕ එස් එක අදුනගත්තනම් මේ ආකාරයේ මේසේජ් එකක් ලැබේවි..(අනිවාර්යෙන්ම 3.1.2 OS Original පමණක් යොදාගන්න මොකද කියනවනම් මේ මෘදුකාංගයට අදුනගන්න පුළුවන් 3.1.2 OS එක පමණක් නිසා)
Next button එක ක්ලික් කරන්න.. එවිට ඔයාලට පහත ආකාරයේ process එකක් දැක ගන්නට ලැබේවි
අනතුරුව ලැබෙන Dialog box එකේ “Install Cydia”, “Unlock” යන විධානයක් ඇක්ටිව් කරන්න
නැවතත් Next button එක ක්ලික් කර ඔබේ iPhone එක ස්විච් ඕෆ් කර සම්බන්ධ කරන්න,
දැන් Next button එක ක්ලික් කර ලබා දෙන විධාන අනුව ක්‍රීයා කරන්න, මේහිදී සිදුවනුයේ iPhone එක Device Firmware Update (DFU) මොඩ් එකට පත් කිරීමයි, ඔබ නිවැරදීව කටයුතු කලා නම් ඉදිරි පියවරවල් ඉබේම ක්‍රියාත්මක වනු ඇත....(ඇත්තටම මෙහිදි අපි කලින් ලිපියෙහිදි සදහන් කර පියවර අනුගමනය කල යුතුය) ... එම කටයුතු නිමාවීමත් සමගම iPhone එක රිස්ටාර්ට් වේ... මේතනදී ඔබට ලැබෙන්නේ jailbroken iPhone එකකි... (නිවැරදිව Phone එක DFU තත්වයට පත්කර ගැනීමට අසීරු වුවහොත් කිහිප වතාවක් උත්සහ කරන්න, ඔබ සාර්ථක වු විගස ඉහත වැඩසටහන ධාවනය වීමට පටන් ගනීවී)
(මම මෙතනදී සදහන් කලේ iPhone 2G firmware version 3.1.3 සහිත දුරකතනයක් jailbreak කරන ආකාරය සම්බන්ධවය, යම් ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් විදිහට දාන්න මම උදව් කරන්නම් )
ඇපල් 3ජී සම්බන්ධ ලිපියක් සමග හමුවෙමු...
ඇපල් 2ජී ජේල් බ්රේක්.....Apple 2G 3.1.3 jailbreak
ඇපල් ගැන අපි හැමෝම දන්නවා! ඒත් මේ කතා කරන්න යන්නේ ඇපල් Phones ගැන, ඔය Phones ලංකාවට ගෙනාවට අපේ ඉන්න ඔපරේටර්ස්ලාගේ සිම්ස් එහේම ඕකේ දාලා කෝල්ස් ගන්න බැහැ, අනිත් එක තමයි හිතන තරම් ලේසියෙන් මේ ඇපල් Phones අප්ඩේට් කරන්නත් බැහැ, එක එක ප්‍රශ්න, ඉතින් මටත් මේ ළගදී මේ ප්‍රශ්නෙටම මුහුණ දෙන්න සිද්ද වුනා.... නමුත් වාසනාවකට මම නම් වැඩේ සාර්ථකව ගොඩ දාගත්තා. ඉතින් මට හිතුනා තවකෙනෙක්ටත් ප්‍රයෝජනයක් වෙන විදිහට මේ පියවර වල් ටිකත් මගේ බ්ලොග් එකේම එල්ලන්න. (ඇපල් 2ජී )
01.ඉස්සරවෙලාම මෙන්න මේ ලිස්ට් එකේ තියෙන Software ටික ඩවුන් කරගන්න ඕන...
Download itunes latest version
Apple iPhone OS 3.1.3 for 2G
Apple iPhone OS 3.1.2 for 2G
Redsn0w-0.9.4 for Windows
02. itunes ඩවුන්ලෝඩ් කරගෙන මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න
03. Apple iPhone OS 3.1.3 for 2G එක Phone එකට ඉන්ස්ටෝල් කරන්න පහත ක්‍රමට අනුගමනය කරන්න..
1) ඇපල් Phone එක යු එස් බී හරහා පරිගණකයට සම්බන්ධ කරන්න
2) පුළුවන්නම් අන්තර්ජාලය හරහාම Phone එක අප්ඩේට් කරන්න (3.1.3 වලට)
3) එහෙම නැත්තම් අපි ඩවුන්ලෝඩ් කරගෙන තියෙන Apple iPhone OS 3.1.3 for 2G එකෙන් restore කරගන්න.... ඒ සදහා
Phone එක සාමාන්‍ය පරිදි පවර් ඔෆ් කරන්න (Press and Hold the power button then Slide the power off)
දැන් අපි මේ Phone එක Device Firmware Update (DFU) මෝඩ් එකට ගන්න ඕන, මේ සදහා මුල්න්ම හෝම් බට්න් එක සහ පවර්/ස්ලීප් බට්න් එක වර තත්පර 10ක් ප්‍රෙස් කරගෙන ඉන්න පසුව පවර්/ස්ලීප් බට්න් පමණක් අතහරින්න (මේ අවස්ථාවේ හෝම් බට්න් එක අතහරින්න එපා) දැන් ඔබට itunes හරහා පරිගණක තිරයේ පහත ආකාරයේ මැසේජ් බෝක්ස් එකක් දිස්වේවි එවිට හෝම් බටනයෙන්ද ඔබට නිදහස් විය හැක.....(message telling you that it has detected an iPhone in recovery mode)
More info - වැඩි දුර විස්තර ඩී එෆ් යු මෝඩ් එක සම්බන්ධව
මේ මේසේජ් එක ඔකේ කරන්න. ඊට පස්සේ shift key එක ප්රේස් කරගෙන Restore බට්න් එක ක්ලික් කරන්න එවිට අපිට අවස්ථාව ලැබෙනවා අපි කැමැති ෆර්ම්වේයා එකක් සිලෙක්ට් කරන්න, කලින් ඩවුන්ලෝඩ් කරගත්ත 3.1.3 කියන ෆයිල් එක සිලෙක්ට් කර ඕපන් කරන්න එවිට Restore ප්‍රෝසේස් එක පටන් ගනීවි, මේ සියල්ලය සිදුවී නැවතත් ෆෝන් එක ඔන්වෙනතුරු කිසිදු විධානයක් ලබා නොදෙන්න...
මේ ආකාරයට Phone එකට 3.1.3 ඕ එස් එක ඇතුල් කිරීමෙන් පසුව අපිට පුළුවන් ජේල් බ්‍රරේක් ස්ටෙප් එකට ගමන් කරන්න. ඊළග ෙකාටසට......
01.ඉස්සරවෙලාම මෙන්න මේ ලිස්ට් එකේ තියෙන Software ටික ඩවුන් කරගන්න ඕන...
Download itunes latest version
Apple iPhone OS 3.1.3 for 2G
Apple iPhone OS 3.1.2 for 2G
Redsn0w-0.9.4 for Windows
02. itunes ඩවුන්ලෝඩ් කරගෙන මැෂින් එකට ඉන්ස්ටෝල් කරගන්න
03. Apple iPhone OS 3.1.3 for 2G එක Phone එකට ඉන්ස්ටෝල් කරන්න පහත ක්‍රමට අනුගමනය කරන්න..
1) ඇපල් Phone එක යු එස් බී හරහා පරිගණකයට සම්බන්ධ කරන්න
2) පුළුවන්නම් අන්තර්ජාලය හරහාම Phone එක අප්ඩේට් කරන්න (3.1.3 වලට)
3) එහෙම නැත්තම් අපි ඩවුන්ලෝඩ් කරගෙන තියෙන Apple iPhone OS 3.1.3 for 2G එකෙන් restore කරගන්න.... ඒ සදහා
Phone එක සාමාන්‍ය පරිදි පවර් ඔෆ් කරන්න (Press and Hold the power button then Slide the power off)
දැන් අපි මේ Phone එක Device Firmware Update (DFU) මෝඩ් එකට ගන්න ඕන, මේ සදහා මුල්න්ම හෝම් බට්න් එක සහ පවර්/ස්ලීප් බට්න් එක වර තත්පර 10ක් ප්‍රෙස් කරගෙන ඉන්න පසුව පවර්/ස්ලීප් බට්න් පමණක් අතහරින්න (මේ අවස්ථාවේ හෝම් බට්න් එක අතහරින්න එපා) දැන් ඔබට itunes හරහා පරිගණක තිරයේ පහත ආකාරයේ මැසේජ් බෝක්ස් එකක් දිස්වේවි එවිට හෝම් බටනයෙන්ද ඔබට නිදහස් විය හැක.....(message telling you that it has detected an iPhone in recovery mode)
More info - වැඩි දුර විස්තර ඩී එෆ් යු මෝඩ් එක සම්බන්ධව
මේ මේසේජ් එක ඔකේ කරන්න. ඊට පස්සේ shift key එක ප්රේස් කරගෙන Restore බට්න් එක ක්ලික් කරන්න එවිට අපිට අවස්ථාව ලැබෙනවා අපි කැමැති ෆර්ම්වේයා එකක් සිලෙක්ට් කරන්න, කලින් ඩවුන්ලෝඩ් කරගත්ත 3.1.3 කියන ෆයිල් එක සිලෙක්ට් කර ඕපන් කරන්න එවිට Restore ප්‍රෝසේස් එක පටන් ගනීවි, මේ සියල්ලය සිදුවී නැවතත් ෆෝන් එක ඔන්වෙනතුරු කිසිදු විධානයක් ලබා නොදෙන්න...
මේ ආකාරයට Phone එකට 3.1.3 ඕ එස් එක ඇතුල් කිරීමෙන් පසුව අපිට පුළුවන් ජේල් බ්‍රරේක් ස්ටෙප් එකට ගමන් කරන්න. ඊළග ෙකාටසට......
Ghost (HDD Ghost) ක්ලෝන් හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව්
කාලෙකට පස්සේ අළුත් software හම්බවුනා, ඒ නිසා මම හිතුවා මේකත් බ්ලොගේට රිංගවන්න....
මේන්න මම ඩවුන්ලෝඩ් කරන්න ගත්ත ලින්ක් එක , Download Clonezilla
මේ සොෆ්ට් එක මම භාවිතා කලේ බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදලා ඒකෙන් හාර්ඩ් ඩිස්ක් එකක ක්ලෝන් එකක් ගන්න,හැබැයි ඉතින් වැඩිය නටන්නේ නැතුව වැඩේ කරගත්තා, කරන ක්‍රමයකනම් ඊසි ඒ නිසා ලියන්න අවශ්‍ය නැහැ නේ(විස්තර ටිකත් ඔය සයිට් එකේම තියනවා) .... ඔයාලත් ට්‍රයි කරලා බලන්න හොදයිද කියලා....මෙන්න ලින්ක් එක, මොනවහරි කේස් එකක් ආවොත් කමෙන්ට් එකකින්ම දාන්නකෝ......
![]() |
| http://clonezilla.org/ |
මේක අයි.එස්.ඕ. එකක් ඒ නිසා මේකෙන් බුටබල් එක ක්රියේට් කරගන්න මේ සොෆ්ට් එකත් ඕන වේවි..
සදාකාලික ජීවිත!
ජීවිතං අනියතං
මරණං නියතං
එතකං ජීවිතං
ජොලියෙන් ගතකරං
මරණං නියතං
එතකං ජීවිතං
ජොලියෙන් ගතකරං
මේ කතාව හුගාක් ඉස්සර කවුරු හරි කිව්ව කතාවක්, ඒත් ඇත්තක් නැත්තේම නැහැ, ජීවත් වෙන්න ඕන ක්‍රමය කේසේ වෙතත් ජීවිතේ අනිත්‍යයි කියන එක අඩුවක් නැතිව කියලා තියනව නොවැ, අපි හැම කෙනාගේම ජීවිතත් මේන්න මේ කියන අනිත්‍යයට යටයි, කවුරු හරි හිතනවනම් මේ ජීවිත අපේමයි අපිට ඕන කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා, ඒක සම්පුර්ණයෙන්ම වැරදියි, මේ එකත් එකටම අපේ තාවකාලික නවාතැනක් විතරයි, මේ ශරීරය අපිට තාවකාලිකව ලැබුණු දෙයක්, ඒ කියන්නේ අපි කරපු කුශල කර්ම වල බලයෙන් අපිට ලැබුණු තෑග්ගක් මේක, මේ ශරීරය භාවිතා කරල හරි හමං දෙයක් කරගත්තේ නැත්තම් ඊලගට අපිට ලැබෙන ශරීර කුඩුව මොනවගේ වෙයිද කියලා අපිට හිතාගන්නවත් බැරිවෙයි, අද සමාජය දිහා බැලුවම ගොඩාක් දෙනා මේ අනිත්‍ය දන්නවා ඒත් පිළිගන්න කැමැත්තක් දක්වන්නේ අතලොස්සක් පමණයි.. ඔය අපි කියමනටත් කියන්නේ දැන දැන වැරදි කරනවා කියලා, ඉතිං ඔන්න ඔය වාගේ තමයි වර්ථමානයේ ජීවත් වෙන මිනිස්සු, කිසිම අරමුණක් නැහැ තමන්ගේ ජීවිතයේ අවසානය මොකක්ද කියන එක ගැන, සල්ලි වලින් අනික් ආත්මයත් එක්කම සැපවත් කරන්න පුළුවන් කියන හැගීම ගොඩ දෙනෙක්ගේ හිත් වලා බැඳිලා ඉවරයි, සමහරෙක් හිතන්නේ, අද ජීවත් වෙන්න එපැයි හෙට ගැන හිතන්න, තවත් කෙනෙක් මැරෙන්න කලින් පුළුවන් ටික ඔක්කොම කලා ඉවර කරනවා! . මේන්න මේ වගේ නොයෙකුත් කතා නිතරම අහන්න දකින්න ලැබෙනවා,
සල්ලි වෙනුවෙන් කැපවෙනු!
මිනිසත් කමට හැමදාමත් හේනේට ඉන්න සල්ලි. හැමදාමත් කරන්නේ මිනිසුන්ගේ මිනිසත් ගති නැති කරගන්න උදව් වෙන එකනේ. ඒත් ඇත්ත කතාව නම් සල්ලි නැතුව කරන්න පුළුවන් ඉටිගෙඩියකුත් නැහැ කියන එක, ඒක නිසා මිනිස්සු විදියට ඉපදිලා මිනිසත් කමින් කාටවත් අතනොපා ජීවත් වෙන්න ඔය කියන දෙයියන්ගේ මල්ලිත් ඕන වෙනවා, මේච්චර මේ වැල් වටාරම් දොඩවලා අවසානෙට දොඩන්න හදන්නේ අද හවස මගේ ඇහේ හැප්පුන පුන්චි දුක හිතෙන කතාවක්. මේකට කතාවක් කිව්වම හිතන්න එපා නවකතාවක් කියලා ඒත් මේක පුංචි කෙටි කතාවකට උනත් බීජයක් කරගන්න දක්ෂයෙකුට පුළුවන්,
සිද්ධිය සැකෙවින් මේසේමය, මම හවස ටියුෂන් එක ඉවර කරලා ගෙදර එන්න පිටත් වුනා ඒ එන අතරමගදි තේකක් බොන්න ළග කඩයකට සෙට් වුනා. නිකම්ම තේකක් බොන එකේ කොලිටියකුත් නැති හින්දා කඩේ මුදලාලිට කියලා තෝසේ 2 ක් 3ක් එහෙමත් ගෙන්න ගත්තා.(මුදලාලි කිව්වට මේ හාදයා මටත් වයසින් බාල නියම කොල්ලෙක්) කොල්ලා තොසේ ටිකත් මට දීලා කඩේට ඕන කරන බඩුවගයක් ගේන්න ටවුන් ගියා, කඩේට පාත් වුනු වෙලාවේ ඉදලම මගේ ඇහේ දැවටුනු එක චරිතයක් තිබුනා, ඒ පුංචි කෙලිපැටික්කියක්, හරීම ඈලි මෑලි ගතියෙන් කඩේ පුරාම එහේ මෙහේ ඇවිදිනවා, (වයස අවුරුදු 3-4ක්) මේ පුංචි කෙල්ල මගේ දිහා ඔරවලා බැලුවා, ඒත් මම විහිළුවට වගේ මොකද කියලා ඇහුවා, ම් හ් , නො ආන්ස්වර්, මම ආයෙත් කතා කලා, කෙල්ල මාව ගනන් ගන්නැතුවම ගියා,
ජීවිතයට ජීවිතයක්(සැප විදින්න පවු කිරීම)
දවස් ගානකින් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා. ඒත් ඊයේ උදේ පාන්දරම දකින්න ලැබුනු දේකින් මගේ හිත තරමක් කලකිරුනා, ඒ නිසාම තීරණය කලා මේ පෝස්ට් එක අදම දානවා කියලා. හේතුව වුනේ නොපෙනෙන බලයකට බියෙන් තමන්ගේ ජීවිත සැපවත් කරන්න අමු අමුවේ අහිංසක සතෙක්ව මරා දමා තිබුනා. මේච්චර දියුණු ලෝකයෙත්, දියුණුම ජීවියා වෙලත් මේ වගේ අන්ධ විශ්වාශ ගැන අවබෝධයක් නැතිව මෙවැනි දෑ කිරීම කොයිතරම් පාපයක්ද? අහිංසක සතෙකුගේ ජීවිතය තමන් වෙනුවෙන් බිල්ලට දීම කොයිතරම් දුරට සාධාරණීකරනය කල හැකිදැයි මට තවමත් තේරුම් ගැනීමට අසීරුය, මේ මිහි මත ජීවත් වෙන සියළුම ජීවින්ට ජීවත් වීම පිළිබඳව සමාන අයිතිවාසිකම් ඇත. ඉදින් දියුණුම ජීවියා කොයිතරම් දුරට මෝඩයෙකු තත්ත්වයට පත්වී ඇත්දැයි මට සිතා ගත නොහැක. තමන්ගේ බේරුමට තවත් පාපයක් සිදුකිරීම මේ විශ්වය තුල කොතරම් දුරකට සාර්ථක වේද යන්න පිළිබදව නිවැරදි වශයෙන් කිව හැකිද(කර්ම චක්‍රය තුල)? මා දන්නා තරමින් ප්‍රාණගාතය මහා පවකි, එසේ නම් මෙවැනි දෑ කිරීමේන් තමන්ට සෙතක් ශාන්තියක් උදාවේයැයි සිතන්නේ කෙසේද? දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව පසුවට ලිපියක් ලිවීමට මගේ බලාපොරොත්තුවක් තියනවා ඒ නිසා මේ ලිපියට අදාල පින්තූර ටික මෙතනින්ම එල්ලලා දාලා ඔයාලටම තීරණයක් ගන්න ඉඩ දෙන්නම්....
පරිගණකයේ ආරක්ෂාවට මේ මෘදුකාංගයත් වැදගත්
පරිගණක භාවිතා කරන අපි කාගේත් බලාපොරොත්තුව පරිගණකයේ තිබෙන දත්ත ආරක්ෂා කර ගැනීමයි. නමුත් බොහොමයක් අවස්ථා වල අපි හිතන්නේවත් නැති විදිහට මේ දත්ත විනාශ වෙලා යනවා මෙන්න මේ වගේ වෙලාවට තමයි රැට පේන තරු දවල්ට පේන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි නොයෙකුත් ක්‍රමයොදාගෙන මේ දත්ත නැවත ලබාගන්නවා( නමුත් 100% නෙමෙයි), මම මේ දෙන මෘදුකාංගයත් මේ වගේ නැති වුන දත්ත ලබා ගැනිමටත් අපේ දෘඩ තැටියේ ක්ලෝනයක් ලබා ගැනීමටත් කිසිම ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන්...මම භාවිතා කරපු සමහර මෘදුකාංග හරහා ක්ලෝනයක් ලබා ගත්තද බොහෝ වේලාවට බලාපොරොත්තු රහිත ගැටළු වලට මුහුණ දෙන්න සිදු වුනා .. නමුත් මෙම මෘදුකාංග එකතුවේ ඇති මෘදුකාංග මගින් එය බොහෝ සාර්ථකව සිදුකර ගැනීමට මට හැකියාව ලැබුනා. ඔබත් ඔබේ අවශ්‍යතාවයට අනුව භාවිතා කරලා බලන්න.. මම හිතනව ඔයාලගේ ප්‍රථිපලත් කමෙන්ට් එකක් විදිහට දැක ගන්න ලැබේවි කියලා... මේන්න මේතන තියනවා ටොරෙන්ට් එක ඔයාලම භාගෙන බලන්නකෝ...
සුභ නව වසරක් වේවා! 2011
තවත් එක අළුත් අවුරුද්දක්... ජීවිතයේ අලුත් බලාපොරොත්තු පොදි බැද ගත්ත, සාමය සතුට සපිරුණු නිරෝගීමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා කියලා අපේ හැමෝටම මම ප්‍රාර්ථනා කරනවා!
Subscribe to:
Posts (Atom)















