වින්ඩොස් 7 භාවිතා කරන අපි බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නේ කීබෝඩයට වැඩිය මවුස් එක භාවිතා කරලා වැඩ කරන්න, නමුත් අපි නොදන්නවා වුනාට මවුස් භාවිතා නොකොට කීබෝර්ඩ් එක පමණක් භාවිතා කරමින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගණනාවක් වින්ඩෝස් තුල අන්තර්ගත වෙනවා, මේ කෙටිමන් යතුරු භාවිතා කිරීම තුලින් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ බොහොමයක් දේ සරලව සහ වේගවත්ව කරන්න පුළුවන්, ඉතින් ආධුනික සහ ප්‍රවීණ සියළු දෙනාටම ප්‍රෙයෝජනයට ගත හැකි පරිදී ඒ සම්බන්ධව සටහනක් තබන්නම්.
වින්ඩොස් තුල අන්තර්ගත හෙල්ප් ඇන්ඩ් සපොර්ට් (බොහෝ දෙනෙක් භාවිතා නොකරන) භාවිතා කරලා අපිට පුළුවන් කෙටිමන් යතුරු සම්බන්ධව ඉතා වැදගත් තොරතුරු රැසක් ලබාගන්න. ඉතින් මම මොකටද මේ ලිපියේ වටිනාකම පෙන්වන්න බොරුවට කෙටිමන් යතුරු මේ ලිපියේ සටහන් කරන්නේ, ඒ නිසා අදාල යතුරු සොයාගන්න ආකාරයම සටහන් කරන්නම්.
Installing Operating System in Virtual Box (වර්චුවල් බොක්ස් මත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරමු)
පසුගිය ලිපියෙන් වර්චුවල් බොක්ස් පරිගණකය තුල ස්ථාපනය කරන්නේ කෙසේද යන්න සම්බන්ධව සලකා බැලුවා, අද එහි දෙවැනි කොටසින් මෙහෙයුම් පද්ධතියක් වර්චුවල් බොක්ස් භාවිතා කරමින් ස්ථාපනය කරගන්නා අකාරය ගැන සලකා බලමු.
01. මුලින්ම වර්චුවල් බොක්ස් මෘදුකාංගය විවෘත කරන්න.
01. මුලින්ම වර්චුවල් බොක්ස් මෘදුකාංගය විවෘත කරන්න.
02. Click New Button
Use Virtual Box for OS Experiments(කැමති ඔපරේටින් සිස්ටම් එකක් කැමති වෙලාවට භාවිතා කරන්න "වර්චුවල් බොක්ස්")
පරිගණකත් එක්ක වැඩ කරන අපි හැමෝම දන්නවා ගොඩාක් වෙලාවට විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා, ඊටත් වඩා ඒවා පුරුදු පුහුණුවෙන්න නම් අපි ළග අදාල මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් තියෙන්න ඕන, ඉතින් මේ වගේ ගැටළු වලට විසඳුමක් විදිහට අපිට පුළුවන් වර්චුවල් බොක්ස් මෘදුකාංගය භාවිතා කරලා අදාල මෙහෙයුම් පද්ධතිය වර්චුවල් විදිහට පවතින මෙහෙයුම් පද්ධතිය තුලම ඉන්ස්ටෝල් කරන්න, මේක ගොඩාක් කාලය වැය වෙන්නේ නැති ඒ වගේම පහසු ක්‍රමයක්, මම දන්න විදිහට අද බොහෝ දෙනෙක් මේ මෘදුකාංගය භාවිතා කරනවා, ඒත් පරිගණක කේෂේත්‍රයට අළුතින් එකතුවන අයගේ ප්‍රෙයෝජනය සඳහා සහ නොදන්න අයගේ ප්‍රෙයෝජනය උදෙසා මේ ගැන ලිපියක් දාන්න ඕන කියලා හිතුනා, ඔන්න හිතුවා වගේම ලිව්වා , මොනවා හරි ගැටළුවක් ඇති වුනොත් කොමෙන්ට් එකකින්ම දාන්න.
use Your Android 4.1 (Jelly beans) Phone as WiFi Hotspot ( Android 4.1 (Jelly beans) මොබයිල් ඩිවයිස් එක වයිෆයි හොට්ස්පොට් එකක් විදියට භාවිතා කරමු)
Android 4.1 (Jelly beans) මොබයිල් එක භාවිතා කරලා ලැප් එකෙන් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවනම් මේ ක්‍රමට තමයි හොඳම විදිය, වැඩි විස්තර ලියන්න ඕන නැහැනේ මේ දවස් වල වැඩිපුර කතාකරන මාතෘකාවක් නිසා කෙලින්ම වැඩේට බහිමු...
01. පළමුවෙන්ම මොඩයිල් ඩිවයිස් එකේ Settings -> More -> Mobile networks.වලට ගිහින් Data enabled චෙක් කරන්න,access point name සහ Network Operators සඳහා අදාල නම් ලබාදෙන්න.
02. පසුව Settings -> More -> Tethering & Portable hotspot. වලට ගිහින් Setup Wi-Fi Hotspot සිලෙක්ට් කරලා SSID සහ Password එක ලබා දෙන්න, අවම වශයෙන් characters 8ක්වත් තිබිය යුතුය.දැන් සේව් කරන්න .
03. දැන් Portable Wi-Fi hotspot Enable කරන්න.
01. පළමුවෙන්ම මොඩයිල් ඩිවයිස් එකේ Settings -> More -> Mobile networks.වලට ගිහින් Data enabled චෙක් කරන්න,access point name සහ Network Operators සඳහා අදාල නම් ලබාදෙන්න.
02. පසුව Settings -> More -> Tethering & Portable hotspot. වලට ගිහින් Setup Wi-Fi Hotspot සිලෙක්ට් කරලා SSID සහ Password එක ලබා දෙන්න, අවම වශයෙන් characters 8ක්වත් තිබිය යුතුය.දැන් සේව් කරන්න .
03. දැන් Portable Wi-Fi hotspot Enable කරන්න.
04. දැන් ලැප්එකේ හෝ අදාල පීසී එකේ වයිෆයි එන් කරලා සර්ච් කරන්න. එවිට ඔබ විසින් මොඩයිල් ඩිවයිස් එක අධාරයෙන් සකස් කල වයිෆයි කනෙක්ෂන් නේම් එක පෙන්වාවි, දැන් අදාල පාස්වර්ඩ් භාවිතා කරලා කනෙක්ට්වෙන්න,
web browser එකක් ඕපන් කරලා ට්‍රයි එකක් දීලා බලන්න, හරිගියේ නැත්තම් විතරක් ඊළග ක්‍රමය අනුගමනය කරන්න. (Next post will be added soon)
Use your Android Phone as a MODEM (ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක මොඩමයක් විදියට පාවිච්චි කරමු)
ඇන්ඩ්රොයිඩ් මොබයිල් භාවිතා කරන අයට (බොහෝ දෙනෙකුට) තියෙන ගැටළුවක් තමයි, ෆෝන් එක මොඩමයක් විදිහට භාවිතා කරලා , පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන අකාරය, ඉතින් විසදුමක් විදිහට පොඩි සොෆ්ට්වෙයාර් එකක් සම්බන්ධන්ද කරගෙන අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්, කරන්න ඕන පිළිවෙල මම කරපු විදියටම ලිව්වා ...
01. ඉස්සරවෙලාම ෆෝන් එකෙන් Android Market ප්ලේස් එකට ගිහින් PDANet සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න,
02. සෙටින්ග්ස් වලට ගිහින් USB debugging mode enable කරන්න, (Settings -> Developer options -> USB debugging) (Found new hardware Wizard ආවොත් ඒක ඉන්ස්ටෝල් කරන්න,)
01. ඉස්සරවෙලාම ෆෝන් එකෙන් Android Market ප්ලේස් එකට ගිහින් PDANet සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න,
02. සෙටින්ග්ස් වලට ගිහින් USB debugging mode enable කරන්න, (Settings -> Developer options -> USB debugging) (Found new hardware Wizard ආවොත් ඒක ඉන්ස්ටෝල් කරන්න,)
Multi Monitor Dual Screen Software (එකම පරිගණකයට තිර කිහිපයක්)
පරිගණකය සමග වැඩි කිරීමේදී සමහරවිට එකම මොනිටරය ප්‍රමාණවත් නොවන අවස්තා ඕනතරම් තියනවා, ඉතින් මේකට දෙන්න පුළුවන් හොඳම විසදුම තමයි එකම පරිගණකයට මොනිටර්ස් කිහිපයක් අවම වශයෙන් 2ක් සම්බන්ධ කල හැකි ග්‍රැෆික් ඇඩැප්ටර්ස් භාවිතා කිරීම, නමුත් පරිගණක 2ක් හෝ කිහිපයක් ඇති ස්ථානයක නම්, ඔබේ ප්‍රධාන පරිගණකය හා වෙනත් පරිගණකයක් දෙවැනි පරිගණකය ලෙස භාවිතා කරමින් වෙනමම දෘඩාංග භාවිතයෙන් වැලකී අපේ අවශ්‍යතාව ඉටු කරගත හැක.
මේ සඳහා විවිධ වූ පරිගණක ආශ්‍රිත මෘදුකාංග භාවිතා කරනමුත් ඉන් ඉතා වැදගත් යැයි හැගෙන එක් මෘදුකාංයක් මෙහිදී සටහන් කරමු...
මේ සඳහා විවිධ වූ පරිගණක ආශ්‍රිත මෘදුකාංග භාවිතා කරනමුත් ඉන් ඉතා වැදගත් යැයි හැගෙන එක් මෘදුකාංයක් මෙහිදී සටහන් කරමු...
![]() |
MaxiVista ලෙස නම් කර ඇති මෙම මෘදුකාංගය භාවිතයෙන් අපිට අවශ්‍ය අවස්තාවන්හිදි, අපගේ දෙවන පරිගකය (ලැප්ටොප් පරිගණයක් වුවද කම් නැත) තවත් තිරයක් ලෙස යොදාගනිහමින් අවශ්‍යතාවය ඉෂ්ඨ කරගත හැක. මේය ක්‍රියාකරන ආකාරය හා මෙහි තාක්ෂණික තොරතුරු ඉදිරි ලිපි මඟින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු..
තව කෙනෙකුට ඔබේ හැඟීම් අවබෝධ කරලීමට තරම් ඔබ දක්ෂයෙක්ද?
මූණු පොත සමහරෙක්ට නම් මහ කරදරයක් ඒත් තවකෙක්ට නවාතැන් පොලක්, ඔය දෙකටම නැති අයද ඕනෑ තරම් ඇත, ඉතින් මමද ඔය අතර හිරවී ඇති තවකෙක්මි, නමුදු කාලයකාදමාගැනීමට ෆේස් බුක් රිංගන්නේද නැත, ඔන්න ඔය වගේ යන එන වෙලාවට දකින වැදගත් යැයි හැගෙන සියළු දේ එකතු කර තබා ගැනීමට සහජ හැකියාවක් මා සතුය එබැවින් අදද මාගේ සිත් ගත් විශේෂිත කෙටි චිත්‍ර පටියක් (චීත්ත පටියක් නොවන බව සලකන්න) වෝල් එකේ එල්ලා තිබෙනු මම දිටිමි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ මම අමු අමුවේම එය මාගේ දත්ත ගබඩාව තුලට බා ගත්තෙමි, දැන් කරන්නේ ඒක වෝල් එකේ දාපු එකාගේ ඔක්කටම පිං දෙන ගමන් මගේ බ්ලොගයට ඉදලා හිටලා හරි එන එකෙක්ට බලන්න මේක මගේ බ්ලොගයේ එල්ලලා දාන්න, ඔන්න එහෙනම් ඔයාලම බලලා හොඳ නරක කියන්නකෝ... (ඔව් කතාව සම්පුර්ණයෙන්ම සිංහලෙන් යන්නේ ඒ නිසා ශීර්ෂපාඨ අවශ්‍ය වෙන එකක් නැහැ)
කතා කිරීමේ හැකියාව මෙන්ම එකිනෙකා අතර අන්තර්සම්බන්ධතා ඇතිකරලීමට හැකි පරිදි ඔබ කතාකරන විලාශය සහ යොදාගන්නා උපක්‍රම වැඩිදියුණු කරගැනීම තුල ඔබ සමාජයේ අනිකුන් අභිබවා ඉදිරියට යන බවක් ඔබවට දැනේවී....
කොමියුනිකේෂන් සම්බන්ධව වැදගත් විස්තරයක් ඊළග පෝස්ටුවට එක් කරන්නට හිතාගෙන සිටිමි....
නිදි නැති රෑ යාමේ.....
එච්. ආර් . ජෝතිපාල මහතාගේ ගීතයක් වන ....නිදි නැති රෑ යාමේ - ගීතයේ පදමාලාව අන්තර්ජාලයෙන් ලබාගැනීමේ උත්සහය ව්‍යර්ත වීම හේතුවෙන්, එම පද මාලාව මවිසින්ම අන්තර්ජාලයට එක් කරන්නට සිතුවෙමි....
------------------------------------------------------------------------------------------------------------
නිදි නැති රෑ යාමේ,
සීතේ සීතේ සීතේ........
සුමියුරු වේ මාගේ,
ගීතේ ගීතේ ගීතේ........
සවන් සැනසේවා, රාව පැතිරේවා.
සැවොම තුටු වේවා....., වාසනා වේවා......
ගී පොත මා සතු වේවි, ලොව ගී රජ දහනක් වේවි..
-----------------------
මී විත පිරි ඉතිරේවී, ඔබ ඒ මිහිරෙන් නැල වේවී,
සිතට කොඳුරා ඔබට කියනා,
රහසේ ගීය තමා................................................
නිදි නැති රෑ යාමේ....
පාළුව ඈතට පාවී, හද සෝ ගිනි දැල් පැතිරේවි.
-----------------------
මේ ලෙස කාලය යාවී, අද රෑ රස වී එලිවේවි,
අදට තිබෙනා හෙටට ලැබෙනා
සතුට ගීය තමා................................................
නිදි නැති රෑ යාමේ....
WiFi hot spot with Your Laptop to serve internet for Android WiFi Device too (Laptop එකෙන් වයිෆයි hot spot එකක්-ඇන්ඩ්රොයිඩ් ඩිවයිසස් සඳහා) -දෙවන කොටස
මීට කලින් ලියන ලද ලිපියෙහි සංස්කරණයක් ලෙස මේහෙම ලියන්න හේතු වුනේ, පහු ගිය ලිපියේ අපි සකස් කල ad hoc නෙට්වර්ක් එක මාර්ගයෙන් ඇන්රොයිඩ් සහිත උපාංග වලට අන්තර්ජාල පහසුකම් ලබාගත නොහැකි වුනා. නමුත් මට ඒ බව සඳහන් කිරීමට නොහැකි වූයේ...මා සතුව ඇන්රොයිඩ් උපකරණයක් නොමැති වීමය. ...:අන්තර්ජාලයේ හර්ෂගේ සටහන: මගින් කරනු ලැබූ දැනුම් දීමක් නිසාම මා මේ සම්බන්ධව නැවත වරක් පරීක්ෂා කරනු ලැබුවා....ඔහු විසින් ඊට අදාල සටහන ඔහුගේ බ්ලොගයේද සටහන් කර ඇති අතර සියළු දෙනාගේ ප්‍රයෝජනය උදෙසා උපුටා ගැනීමකින් තොරව දක්වමි....
මුලින්ම Start ---> All Programs ---> Accessories --> cmd මත රයිට් ක්ලික් කර Run as Administrator ලෙස ලබාදෙන්න.
පහත සඳහන් කමාන්ඩ් එක ඩොස් වල ටයිප් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. (press your Enter button after type this command)
netsh wlan set hostednetwork mode=allow ssid=NAME(any name) key=PASSWORD(your password)
NAME = වයිෆයි නෙට්වර්ක් එකට ඔබට ලබා දීමට හැගෙන නාමට
PASSWORD = තමන් කැමති පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. අඩුම තරමින් කැරැක්ටර්ස් 8 ක්වත් තිබිය යුතුය)
විනාඩියක් ඇතුලත වගේ මේ කමාන්ඩ් එක සම්පුර්ණ වෙලා පහලින් තියෙන තොරතුරු ටික ලැබේවි
මුලින්ම Start ---> All Programs ---> Accessories --> cmd මත රයිට් ක්ලික් කර Run as Administrator ලෙස ලබාදෙන්න.
netsh wlan set hostednetwork mode=allow ssid=NAME(any name) key=PASSWORD(your password)
NAME = වයිෆයි නෙට්වර්ක් එකට ඔබට ලබා දීමට හැගෙන නාමට
PASSWORD = තමන් කැමති පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. අඩුම තරමින් කැරැක්ටර්ස් 8 ක්වත් තිබිය යුතුය)
විනාඩියක් ඇතුලත වගේ මේ කමාන්ඩ් එක සම්පුර්ණ වෙලා පහලින් තියෙන තොරතුරු ටික ලැබේවි
නැවත වතාවක් netsh wlan start hostednetwork ටයිප් කර එන්ටර් කරන්න. මේ අවස්ථාවේදී වයිෆයි කනෙක්ෂන් එක හරහා බ්‍රෝට්කාස්ට් කිරීම ආරම්භ කරයි. ඇන්ඩ්රොයිඩ් ඩිවයිසස් මඟින් දැන් මෙම වයර්ලස් කනෙක්ෂන් එක පෙන්නුම් කරයි. අවසාන වශයෙන් දැන් මේ සදහා අන්තර්ජාලය ලබාගන්නා (ලැප්ටොප් පරිගණකය) කනෙක්ෂන් එක ෂේයාර් කල යුතුය
මේ සඳහා නෙට්වර්ක් කනෙක්ෂන්ස් ඔපන් කර. අදාල Local Area Network Connection එක ඩබල් ක්ලික් කරන්න.
එහි Properties වලට පිවිසෙන්න
එහි Sharing tab හි Allow other network users to connect through this computer's Internet Connection යන්න සිලෙක්ට් කරන්න.
Home networking connection ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් අපි නිර්මාණය කල වයර්ලස් කනෙක්ෂන් එක සිලෙක් කරන්න (බොහෝ විට මෙය Wireless Network Connection 2 ලෙස ලැබේ)
අවසාන වශයෙන් OK button click කර අනෙකුත සියළුම ඩයලොග් බොක්ස් වසාදමන්න. දැන් ඔබට පුළුවන් ඕනෑම ඇන්ඩ්රොයිඩ් මොබයිල් ඩිවයිස් එකක් මේ වයර්ලස් නෙට්වර්ක් එක හරහා භාවිතා කරන්න..
ඩෙස්ක්ටොප් අයිකන් හැම එකක්ම මීඩියා ප්ලේයර් හරහා ඔපන් වෙනවාද?(How to solve the short cut link)
වින්ඩොස් 7 ඕ එස් එකත් එක්ක වැඩ කරන ගමන් හිටි හැටියෙම කිහිප සැරයක් මගේ පී සී එකේ සියළුම දේවල් ඕපන් වෙන්න පටන් ගත්තා මීඩියා ප්ලේයර් එකෙන්.. ඒක විසඳා ගන්න භාවිතා කල solution එක තමයි මේ පහලින් තියෙන්නේ..
01. මේ පහලින් තියෙන රෙග් ෆයිල් කෝඩින් එක කොපි කරලා නෝට්පෑඩ් එකට පේස්ට් කන්න. ඊට පස්සේ කැමැති නමක් එක්ක .reg එක්ස්ටෙන්ෂන් එකෙන් සේව් කරලා රෙජිස්ට්‍රියට ඉම්පෝර්ට් කරන්න (නැත්නම් රන් කරන්න) අවසානයට පරිගනකය රිස්ටාර්ට් කරන්න... (සැ.යු .- මෙය තවත් එක් විසඳුමක් පමණි)
01. මේ පහලින් තියෙන රෙග් ෆයිල් කෝඩින් එක කොපි කරලා නෝට්පෑඩ් එකට පේස්ට් කන්න. ඊට පස්සේ කැමැති නමක් එක්ක .reg එක්ස්ටෙන්ෂන් එකෙන් සේව් කරලා රෙජිස්ට්‍රියට ඉම්පෝර්ට් කරන්න (නැත්නම් රන් කරන්න) අවසානයට පරිගනකය රිස්ටාර්ට් කරන්න... (සැ.යු .- මෙය තවත් එක් විසඳුමක් පමණි)
Windows Registry Editor Version 5.00
;LNK file association fix for Windows Vista.
;Updated on April 24, 2007
[HKEY_CLASSES_ROOT\.lnk]
@="lnkfile"
[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx]
[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{000214EE-0000-0000-C000-000000000046}]
@="{00021401-0000-0000-C000-000000000046}"
[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{000214F9-0000-0000-C000-000000000046}]
@="{00021401-0000-0000-C000-000000000046}"
[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{00021500-0000-0000-C000-000000000046}]
@="{00021401-0000-0000-C000-000000000046}"
[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{BB2E617C-0920-11d1-9A0B-00C04FC2D6C1}]
@="{00021401-0000-0000-C000-000000000046}"
[HKEY_CLASSES_ROOT\.lnk\ShellNew]
"Handler"="{ceefea1b-3e29-4ef1-b34c-fec79c4f70af}"
"IconPath"=hex(2):25,00,53,00,79,00,73,00,74,00,65,00,6d,00,52,00,6f,00,6f,00,\
74,00,25,00,5c,00,73,00,79,00,73,00,74,00,65,00,6d,00,33,00,32,00,5c,00,73,\
00,68,00,65,00,6c,00,6c,00,33,00,32,00,2e,00,64,00,6c,00,6c,00,2c,00,2d,00,\
31,00,36,00,37,00,36,00,39,00,00,00
"ItemName"="@shell32.dll,-30397"
"MenuText"="@shell32.dll,-30318"
"NullFile"=""
"Command"=-
[HKEY_CLASSES_ROOT\.lnk\ShellNew\Config]
"DontRename"=""
[HKEY_CLASSES_ROOT\lnkfile]
@="Shortcut"
"EditFlags"=dword:00000001
"FriendlyTypeName"="@shell32.dll,-4153"
"NeverShowExt"=""
"IsShortcut"=""
[HKEY_CLASSES_ROOT\lnkfile\CLSID]
@="{00021401-0000-0000-C000-000000000046}"
[HKEY_CLASSES_ROOT\lnkfile\shellex]
[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers]
[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\OpenContainingFolderMenu]
@="{37ea3a21-7493-4208-a011-7f9ea79ce9f5}"
[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\{00021401-0000-0000-C000-000000000046}]
@=""
[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\DropHandler]
@="{00021401-0000-0000-C000-000000000046}"
[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\IconHandler]
@="{00021401-0000-0000-C000-000000000046}"
[-HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\FileExts\.lnk\UserChoice]
Subscribe to:
Posts (Atom)









