නුඹ නැති ලොවෙහි!


ංංංංංංංංංංංංං
එදා මා දුන් පොරොන්දුව
ඔබට මතකද? 
ඔබට නොපෙනුනද අද
මා එය ඉටුකර ඇත්තෙමි!
සිරුර වියැකී ගියද,
නුඹ නමට උපන් මසිත
තවමත් නුඹ ළගය
තවත් ආත්මයක් වෙතොත්
එක්ව ඉපදෙන්නට 
පතාගෙන සැතපෙමි
සදාකාලික නින්දෙහි
සීතල නුඹ ළය 
උණුසුම් කරනුවස්....
(කවදාවත් මාව තනි කරන්න එපා! )


අර්ථ රහිතයි...හෝ....!

සුවහසක් මහජනතාව වෙනුවෙන්
ඔවුනොවුන් නි‍යෝජනය කරමින්
අසමාන ලොකයේ එකඳු හෝ සමාන කමක් දක්වන
වචනයට ‍ගෝචර නොවු

මුදල නැමැති හුවමාරු ප්‍රේරකයට හසු නොවී
විරුද්ධපාර්ෂවය සමඟ එකිනෙක
ගැටීමකින් තොරව ගමන් කරන
නිර්වාණය නොහොත් අනන්තය
කරා යන උන්මාදය වලකන
රසය දන්නවුන් කිසි දින අත් නොහරින
නී රස ලෙස අර්ථවත් කරමින් අනුභව කරන
පංචවීධ ලක්ෂණයන්ගෙන්
එක්ව කැටි වු,
ශිෂ්ඨ සම්පන්න වු මිනිස් වර්ගයාම පමනක්ම නොව
අශිෂ්ඨ වුවන්ද විදින
අපිරිමිත ධෛරයෙන් රැකගෙන
අනාගතය නම් වු
මායාවට අපි රැගෙන යන
එකම සැනසීම ලෙස සොයන
ආදරය නුඹයි ..නිදිඇස
විවර නොකරන....

ප්‍රේමයක සැඟවුනැයි!

වචනයෙන් අති උතුම් ආදරය, 
පරිසමාප්තියෙන් කියතොත් කීමට දෙයක් නොමැති,
රාගයේ දේවේන්දයා අරක් ගත් ආදරය, 
රාත්‍රිය පුරාවට නිදි වර්ජිතව ගත කලද,
අර්ථවත් කිරීමට නොහැකි ආදරය, 
මුදලට නියම නොවන සිත් පිත් ඇති මිනිසුන්ගේම නිර්මාණයක් ලෙස අදහන, 
විටෙක  කන් කෙඳිරියෙන් ගමන් යන,
තවත් විටෙක ආවේගයෙන් සැරිසරන, 
සුන්දරත්වය නම් වු මායාවක මූලබීජය ලෙස තවත් වැපිරීමට ඇත්තේ,
අඟ මුල නොදත් ආදරයම පමණකි.....

උන් අපිට කරනවද? අපි උන්ට කරනවද?

(දේශයට උපන් දේශප්‍රේමීන්)

එහෙනම් අම්මේ! තාත්තේ! අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ නේද? අපි දන්නව ඉතින් එදා ඉදන් තමුන්නාන්සේලා දුන්නේ අපිට කියන එක, මේ පාරත් ආයේ දෙකක් නැහැ..... අපි ගිහින් එන්නම්, ආයුබෝවන් කිව්වා! ජය වේවා! අපේ 0බ0ල0න්0න0  මැතිතුමාට ජය වේවා!

මේ හෙට අනින්දා එන මහ මැතිවරණය ගැන මුකුත් බ්ලොග් එකේ කුරුටු ගෑවේ  නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් වගේ දැනෙයිනේ නේද? ඒක නිසා මම දන්න විදහට දේශයේ පාළුව මකන ම්නිස්සු ගැන. ටිකක් කතාකරන්න හිතුවා

නැතිවුන පාර්ටිෂන් නැවත ගන්න,

අපේ අතින් වැරදිලා හරි අපිට වැදගත් ෆයිල්ස් තියෙන පාර්ටිෂන් එකක් මැකුනොත් එහෙම ‍මොනතරම් දුකද නේද? ඒ වගේ වෙලාවට මේ මෘදුකාංගය භාවිතා කරලා බලන්න ඔයාලගේ නැතිවුනු ෆයිල්ස් එහෙමත් නැත්නම් අයින් වෙලාම ගිය පාර්ටිෂන් නැවත ගන්න පුළුවන්ද කියලා , මම නම් මේ මෘදුකාංගය භාවිතා කරලා ‍ගොඩාක් පාර්ටිෂන් එහෙමත් රිකවර් කරගත්තා, මේ මෘදුකාංගය මගින් අපි කලින් ෆෝර්මැට් කරලා ඉවත් කරනු ලැබු පාර්ටිෂන් ටෙබල් එක වුනත් නැවත ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්...ට්‍රයි කරලම බලන්න! මේන්න හැමොටම ගන්න පුළුවන් තැනකට දැම්මා....



දේව කණ්නලව්ව නොහොත් දෙයියන්ගේම පිහිට.

උදේ පාන්දර මොකාටද මේ එන්න හදන්නේ කියලා බැලුවද? මොකාටවත් නෙමෙයි ,අර මම කලින් ලිපියෙන් කිව්වා වගේ ජීවිතේ සහ ග්‍රහයෝ අතර තියෙන සම්බන්ධය වගේ ගොඩාක් ලොකු සම්බන්ධකමක් මේ වන විට බොහෝ දෙනෙක් දෙවිවරුත් එක්ක පවත්වනවා, මම මෙහෙම කියන්නේ දැනට මාස කිහිපයකට පමණ පෙර මටත් මේ වගේ දේකට මුහුණ දෙන්න සිදු වුන නිසා..ඒ කිව්වේ ඉතින් මේ දෙයියෝ ඇවිත් මාත් එක්ක කතා කලා කියන එක නෙවෙයි හොඳඳ?,දෙයියන්ගෙන් වැඩ ගන්න අරුම පුදුම මිනිස්සු මටත් අනන්තවත් මුණ ගැහිලා තියනවා. ඇත්තටම මට අදටත් ප්‍රශ්ණයක් ඇයි මේ දෙවිවරු මේච්චර මිනිස්සුත් එක්ක ගැවසෙන්නේ කියන එක,


ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නැහැ කියලා කතාවකුත් තියනවනේ නේද? මේ වගේ අපිට නොපෙනෙන හිතාගන්නවත් බැරි තරම් දෙවල් මත්තේ ඇයි මේ මිනිස්සු නැහැන්නේ! අපිට ඔළුවක් කියලා එකක් තියනවනේ අපේ ජීවිත අපිට ඕන විදිහට නැතුව ඇයි මේ එක එක බලවෙග වලට පාලනය කරන්න ඉඩ දෙන්නේ, අපිට සංස්කෘතියක් ආගමක් දහමක් තියනවනේ ඉතිං මොකටද මේ අහසේ ජිවත් වෙනවා කියන මිනිස්සුත් එක්ක මේච්චර විශාල ගනුදෙනු.....!

මේ ජීවිතය අපේමද ? (18+)




බ්ලොග් එකේ නම  :ජීවිතය අතින් ගෙන : කියලා දැම්මට ජීවිතය සම්බන්ධව කිසිම ලිපියක් පල කරන්න තවම බැරි වුනා, ඒකයි හිතුවේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන කතාකරන්න ඕනේ කියලා. මේක මේ මට වෙච්චි දෙයක් එහෙම නෙවෙයි හොදද? 

ඇත්තටම අපි පුංචි අවධියේදි ඔය අහසේ දකින එක එක පාට පාට තරු වලට කොච්චරනම් ආදරේ කලාද?

දුරින් සිට ඔබ දෙස බලන්නම් ! (Computer Remote Admin)

අපි කවුරුත් කැමතියිනේ අපේ පරිගණකය හො අපේ යාළුවෙකුගේ පරිගණකයකට දුරස්ථව ඇතුලු වෙලා ඒක පාලනය කරන්න නේද? එහෙමත් නැත්නම් තව කෙනෙකුගේ පරිගණකයේ ඇතිවෙන ගැටළුවක් නිරාකරණය කරගන්න අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න? මේක වැඩිය හිතන්න දෙයක් නැහැ ඒ සදහාම සැකසු විවිධ මෘදුකාංග ගොඩාක් අද අපිට අන්තර්ජාලය හරහා ලබාගන්න පුළුවන් නමුත් ලංකාවේ අද පවතින මේ හයිස්පිඩ් අන්තර්ජාල පහසුකම් එක්ක මේවා භාවිතා කිරීම 100 ට සියයක්ම සාර්ථක නැහැ..මමත් ඉතින් ඔය ගොඩාක් වැඩසටහන් භාවිතා කරා සමහර වැඩසටහන් හොදයි..නමුත් 100ට සියයක්ම නෙමෙයි, මම භාවිතා කරන වැඩ සටහන් අතුරෙන් එකක් තමයි "Logmein" නමින් එන පරිගණක දුරස්ථ කළමණාකරන වැඩසටහන  මා මෙහිදි අදහස් කරන්නේ දුරස්තව පරිගණකයක් හෝ කිහිපයක් පාලනය කිරීම සදහා ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මෘදුකාංගයක් පිළිබදවයි, මේ වැඩසටහන අපේ අවශ්‍යතාවය අනුව භාවිතාව වෙනස් වෙන්න පුළුවන්...  ගොඩාක් අය දැනටමත් මේ ගැන දන්නවා ඇති නමුත් නොදන්න අයට දැනගන්නත් එක්ක මම මේ පොස්ට් එක දාන්නම් මොනව හරි ප්‍රශ්ණයක් තියනවා නම් ‍කමන්ට් එකක් දාන්නකෝ.....



WGA Notification කොහොමද ඉවත් කරන්නේ?


අපි ඉතිං කොහොමත් භාවිතා කරන්නේ ඔර්ජිනල් වින්ඩෝස් එක්ස්පී  කියන එක රහසක් නෙමෙයිනේ නේද? මේ ලිපිය ගොඩාක් වැදගත් වෙන්නේ වින්ඩොස් ඔර්ජිනල් එක්ස්පී භාවිතා නොකරන අයට ඒ අතරිනුත් නිතරම අන්තර්ජාලය හා සම්බන්ද වෙලා වැඩ කරන අයට මේක ගොඩාක් වැදගත් වෙයි...වැඩි වැල්වටාරම් ඕන නැහැ කෙලින්ම යමු වැඩේ ඉවර කරලා දාන්න...

01. Windows Genuine Advantage කියලා මැසේජ් එකක් පරිගණකය ඔන් කරන වෙලාවට දිස් වෙනවානම් ඒ කියන්නේ පරිගණකයේ ලොගින් ස්ක්‍රීන් එකේ ඔයාලට මද වෙලාවක් රැදිලා ඉන්න වෙනවා... අපිට හදිස්සි වුනාට ඒ මැසේජ් එක ඉවත් වෙන්නේ තත්පර කිහිපයක ප්‍රමාදයකින් පසුවයි, මේ වගේ වෙලාවට ඉතිං බිල්ගේට්ස්ව එහෙම ගොඩාක් මතක් කරන්න වෙනවා,

02. මුලින්ම කරන්න තියෙන්නේ පරිගණකය Restart කරලා Safe Mode භාවිතා කරලා පරිගණකයට ඇතුල්වෙන්න (Safe Mode එකෙන් පරිගණකයට ඇතුලු වීමට Restart කරලා F8 key එක ඔබන්න, දිස් වෙන ඔප්ෂන් වලින් Safe Mode එක සිලෙක්ට් කරන්න)

03. Safe Mode එකෙන් පරිගණකය ඔන් වුනාට පස්සේ Start > Run > Reg edit  > Expand-  HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows Genuine Advantage > Right Click and Delete This Key From The Registry (වෙනතු ගැටළුවක් ඇති නොවෙන්න රෙජිස්ට්‍රියේ බැකප් එකක් අරන් තියා ගත්තොත් ගොඩාක් හොදයි)

04. ඊළගට වින්ඩොස් ඩිරෙක්ටරියේ තියෙන ‍WGA එකට අදාල ෆයිල්ස් ‍සියල්ල ඉවත් කල යුතුයි මේ සදහා
වින්ඩොස් ඩිරෙක්ටරිය ඕපන් කරලා wga* යටතේ සර්ච් කරලා අදාල සියළුම ෆයිල්ස් ඉවත් කල යුතුයි...

05. 04 වැනි පියවර ක්‍රියාත්මක කිරීමේදි යම් යම් ගැටළු මතු වුවහොත් ටාක්ස් මැනේජර් භාවිතා කරලා Wga ෆයිල් එක සිලෙක්ට් කරලා එන්ඩ්ටාස්ක් දෙන්න මේ විදියට කරන ගමන් අර අපි කලින් සර්ච් කරලා හොයා ගත්තු ෆයිල්ස් සියල්ලම පරිගණකයෙන් ඉවත් කර දමන්න

06. සියළුම දේ අවසන් කිරීමෙන් පසුව පරිගණකය නැවත පණ ගන්වන්න. නිවරදිව ඉහත පියවර අනුගමනය කලා නම් දැන් අර කරදරකාරී මැසේජස් නොමැතිව පරිගණකය ඔන් විය යුතුය....

විශේෂ :-මෙම ක්‍රමය නිවැරදිව අනුගමනය කිරීමේන් මාද සාර්ථක ප්‍රතිථල අත් කර ගතිමි. නමුත් මෙය තමන්ගේම වගකීමෙන් භාවිතා කරන්න...

රිසයිකල් බින් එක නැති උනොත්?


අපි හැමොම ඉතිං මේ කියන්න හදන්නේ මොකක්ද කියලා දන්නවානේ නේද? අද මම කියන්න හදන්නේ රිසයිකල් බින් අයිතමය ‍ඩෙස්ක්ටොප් එකේ පේන්න නැති වුනොත් අපි කොහොමද ආයෙම මේක තිබුන විදියට සකස් කරගන්නේ කියන දේ පිළිබදව..හදිස්සියෙන් හරි කාට හරි උදව්වෙයි කියලා හිතෙන නිසා මම මේක කෙටියෙන් ලියන්නම් ...

01.රිසයිකල්බින් එක ඩෙස්ක්ටොප් එකේ පේන හරියක නැත්නම් මුලින්ම කරන්න ඕනේ

  • Right Click on the Desktop > Select Properties > Select Desktop Tab > Customize  > Click restore > Ok > Restart Computer


02. මේ ක්‍රමය හරිගියේ නැත්තම් අපි යමු දෙවන පියවරට....

  • Start > Run > Type "regedit" > Enter > මේ විදියට කලාම වින්ඩොස් රෙජිස්ට්‍රිය ඕපන් වෙනවා ඒකේන් පහත තියෙන කී එක එක්ස්පැන්ඩ් කරගන්න ඕන..
  • HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Desktop\NameSpace
  • Right click on the "NameSpace" >Select Edit > New > Key > and Copy & Paste following code
  • "{645FF040-5081-101B-9F08-00AA002F954E}" මේ කි එක කොපි කරලා අළුතෙන් අපි හදපු කී එකට පේස්ට් කරනන්න ඊට පස්සේ වින්‍ඩෝ එක වහලා දාලා පරිගණකය නැවත පණගන්වන්න, 
03. මේකත් හරි නොගියොත් ඉතිං අන්තිම පියවර විදියට මම මේ කියන ටිකත් කරලා බලන්නකෝ......


  • Start > Run > Type "gpedit.msc" > select User configuration > select Administrative Templates > Select Desktop > Select & Double Click on "Remove Recycle bin icon from Desktop" from left task pane > Select "Disable" > Apply > Ok
  • මේ ටික හරියටම කරලා සියළුම වින්ඩොව්ස් වහලා දාලා බලන්න රිසයිකල් බින් එක නැවත පෙර පරිදිම තිරය මත දිස් වෙනවද කියලා......මොනවා හරි ගැටළුවක් තියනවනම් අහන්න මම උදව් කරන්නම්...
  • ගොඩාක් දුරට මේ තත්ත්වය වෛරස නිසා ඇති වීමට පුළුවන් එවන් අවස්ථාවලා ප්‍රති වෛරස වැඩ සටහනක් භාවිතා කර වෛරසය ඉවත් වු පසු රිසයිකල් බින් එක නොමැතිනම් මෙම ක්‍රම අත්හදා බැලිය හැක......