විවාහ ජීවිත පීළිබද විවිධ පුද්ගලයන්ගේ මත(උපුටාගන්නා ලදී)

එදා සහ අද ශ්‍රී ලංකාවේ ‍ඵෙතිහාසික සිද්ධස්ථාන

ශ්‍රී ලංකාවට අයත් ඵෙතිහාසික සිද්දස්ථානයන්ගේ එදා සහ අද තත්ත්වය පෙන්වන මෙම ඡායාරූප එකතුව මට ලැබුනේ මගේ මිතුරෙකුගෙන් ලැබුණු ඊ මේලයක් මාර්ගයෙන්..ඇත්තටම මේ ඡායාරූප එකතුව ගොඩාක් වටිනවා.. අපේ මතු පරම්පරාවටත් අපේ ඵෙතිහිසික උරුමයන් රැකගෙන සංරක්ෂණය කර භාරදිය යුතු බව මේවා බලන ඕනම අයෙකු සිතට ගත යුතුය

ගිටාර් ටියුනින් පරිගණකය සමගින්


මෙන්න අමාරු රාජකාරියක් කරන්න පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්, මේක මම නම් හොයාගත්ත දෙයක් නෙමෙයි අන්තර්ජාලයෙන්ම බාගත්ත මෘදුකාංගයක්, අපේ සංගීතය ඉගෙන ගන්න අයට නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මම නම් මේක අත්හදා බැලුවා 99% ම සාර්ථතකව වැඩේ කරගත්තා,
මේච්චර කියන්නේ මගේ ගිටාර් එක ටියුන් කරගන්න මේක මට ලොකු උදව්වක් වුනු නිසයි. අපෙත් සංගීතයෙන් වැඩකිඩ දාන කට්ටිය පොඩ්ඩක් මේකත් අත්හදා බලලා කියන්නකෝ...(කොමන්ට් එකක් දාන්න හරියටම වැඩකලාද කියලා)
 මෙන්න මෙතනින් භාගන්න...


PitchPerfect Musical Instrument Tuner


වින්ඩොස් විස්ටා , සවන්, එක්ස් පී ප්‍රින්ටර් ‍ෂේයාරින් ගැටළු

ළගකදී මුහුණදෙන්න වුනු ගැටලුවකට ගත්ත පියවර කිහිපයක් අනිත් අයටත් එක්ක දැනගන්න සටහන් කලොත් හොදයි කියලා මට හිතුනා... මේන්න මේකයි ගැටළුව

වින්ඩොස් එක්ස් පී සහිත පරිගණකයකට ප්‍රින්ටරයක් සම්බන්ධ කරලා තියනවා, මේ ප්‍රින්ටර් එක ෂේයාර් කරලා තියෙන්නේ අනික් මැෂින් එක්ක පාවිච්චි කරන්න, නමුත් වින්ඩොස් විස්ටා හා ‍සෙවන් භාවිතා කරන පරිගණක දෙකකට අර එක්ස්පී මැෂින් එ‍කට සම්බන්ධ කරලා තියෙන ප්‍රින්ටර් එක හාවිතා කිරීමට නොහැකි වෙන ලෙස  නොයෙකුත් එරර් මැසේජස් ලැබෙනවා (Cannot Connect to the Printer xxx, Spooler Service not Running etc,)

වින්ඩොස් එක්ස්පී සර්විස් පැක් ත්‍රී

වින්ඩොස් සර්විස් පැක් 3 සංස්කරණය භාවිතයේදී මට ආපු එක ගැටළුවක් තමයි ෆයිල් ෂේයාර් කිරිමට ඇතිවන නොයෙකුත් බාදාවන්,  උදාහරණයක් ලෙස සර්විස් පැක් 3 ඉන්ස්ටොල් කරපු මැෂින් එකක් මයිනෙට්වර්ක් ප්ලේසස් වල නෙපෙන්වීම.
 මම මේක ලියන්නේ ඒ සම්බන්ධව විසදුම් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් විදිහට හරි ඒකට පිළිතුරක් ලබා ගැනීමේ හා මෙම ගැටළුවටම මුහුන දෙන තවත් අයෙක් ඉන්නවා නම් ඒ සම්බන්දව අවබෝධයක් ලබාදිමේ අරමුණින් .  මේන්න මේ ලින්ක් එකෙන් මට ගැටළු කිහිපයක් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබුනා.

http://support.microsoft.com/kb/307874

බලන්න ඔයාලටත් මේ ගැටලුවටම මුහුනදෙන්න වෙලා තියනවද කයලා?...

බුටබල් පෙන්ඩ්‍රයිව් එකක් විනාඩි කිහිපයකින්

මේ කතාකරන්නේත් මට අවශ්‍ය වුනු වෙලාවක ගොඩාක් උදව් වුනු මෘදුකාංගයක් ගැන මේකත් බොහොම පහසුවේන කරන්න පුළුවන් සිප්පල් ප්ලෑන් එකක්... අපි කවුරුත් දන්නවනේ අර පුංචි ලැප්ටොප් වල එහෙම සිඩී තැටි භාවිතා කරන්න ඔප්ෂන් එකක් නැහැ... ඉතින් ඒ වගේ වෙලාවක මේ උත්සහය කරලා බලන්න, මේ ලැප්ටොප් නෙමේයි ඕනම යු එස් බී වලින් බූට් කරන්න පුළුවන් මැෂින් එහෙකදී කරන්න පුළුවන් බොහොම පහසු වැඩක්...

මුලින්ම අපිට අවශ්‍ය වෙනවා 4 හෝ ඊට වැඩිය ධාරිතාවයකින් යුක්ත පෙන්  ඩ්‍රයිව් එකක්, ඊළගට  අපිට මේන්න මේ ‍මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා....WinToFlash tool මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට වින්ඩොස්  7, Vista, හෝ XP සදහා බුටබල් යු එස් බී පෙන් එකක් හදා ගන්න පුළුවන්.. 


මෘදුකාංගය ඩවුන්ලොඩ් කරලා ඒක රන් කරන්න දැන් ඉතින් කරන්න ඕන දේ මම විස්තර කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ නේද උත්සහ කරලා බලන්න සෑහෙන ප්‍රයොජනවත් වෙයි කියලා හිතනවා.




නෙට්වර්ක් කනෙක්ෂන් ඩිසේබල් වෙලාද?

බලන්න ඔයාලටත් මේ වගේ ප්‍රශ්ණයක් ඇවිත් තියෙනවද කියලා? මේක මගේ යාළුවෙකුගේ මැෂින් එකක තමයි වෙලා තිබුනේ, හිටි ගමන් නෙට්වර්ක් කනෙක්ෂන්(ඩයල්අප්) ඩිසේබල් වෙලා, නැවත අළුතින් එකක් ක්‍රියේට් කරන්න තියෙන ඔප්ෂන් එහෙමත් ඩිසේබල් වෙලා, ඉතින් මම ටිකක් හොයලා බැලුවා මොකක්ද මේ කෙස් එක කියලා, මෙන්න ස්ටෙප්ස් ටික ඔයාලත් වුවමනා වුනොත් කරලා බලන්නකෝ...(මම සැක කරන විදිහට මොකක් හෝ වෛරසයක් නිසා  සිද්ධ වෙන්න ඇති)

කරන්න තියෙන්නේ බොහෝම සුළු දෙයයි.. පළමුවෙන්ම වින්ඩොස් සර්විසස් ටික ඕපන් කරගන්න ඕන...

Start > Control panel > Administrative tools > services

දැන් බලන්න මේ පහත තියෙන සර්විස් ටික ක්‍රියාත්මකයිද කියලා, එහෙම නැත්තම් ඒවා නැවත ක්‍රියාත්මක කරන්න...එතකොට ලෙඩේ හරි.....

Telephony
Remote Access Connection Manager
Remote Access Auto Connection Manager



මේ සර්විස් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව සදහන් කලොත් පහත පරිදි දක්වන්න පුළුවන්...


Right click on the service  Properties (or dbl click)  > Select the startup type (Automatic) > Start > ok




මම කරපු පියවර ටික පමණයි මා මෙතනදි සදහන් කලේ.. මේ සම්බන්ධව වැඩිදුර ‍තොරතුරු පසුව සදහන් කරන්නම්...

මාද අන්ධ විය !



කවිකමින් බැහැ මට ලියන්නට
නුඹ මගේ ජීවිතය හන්දා
තාලයක් නැහැ සමකරන්නට
නුඹේ තාලය මගේම හින්දා
හීනයක් නැහැ මට මවන්නට
සෑම හීනෙම නුඹෙම හින්දා
සැබෑවක් නැහැ තව කියන්නට 
නුඹයි මගේ ජීවිතය දන්නා............

හොල්මන් අවතාර ඇත්තද?





හැමදාමත් අළුත් දෙයක් ගැනම හොයන එකේ , මම හිතුවා අද හොල්මන් අවතාර ගැන ටිකක් කතා කරන්න. ඇත්තටම මම නම් තවම නියම අත්දැකිමකට ඒ කියන්නනේ හොල්මන් එහෙමත් නැත්නම් අවතාර සම්බන්ධව ලබලා නැහැ. නමුත් ඒ හා බැඳුනු කතාන්දර,සත්‍යය සිද්ධි, අද්දැකීම් ලබපු අය, එවැනි දේ සිදුවෙනවාය කියන ස්ථාන හා අනෙකුත් බොහෝ ඒ හා බැඳුණු සංසිද්ධීන් සම්බන්දව හොයලා බලලා තියනවා, එහෙම අය මුණ ගැහිලා කතා කරලා තියනවා. 


ඉතින් මෙවැනි භාහිර ලෝකයෙන් පිට එහෙමත් නැත්තම් සාමාන්‍ය මිනිස් ජීවිතයට නුහුරු දේවල් අපි කාටත් අහන්න ලැබිලා ඇති. නමුත් ඒ සම්බන්ධව කටයුතු කරන හො වැඩි දුර හොයා බලන කෙනෙකුන් තවමත් මට හමු වී නැත. හමු වී ඇති අයවලුන් කරන්නේ අවතාරද විකුණාගෙන කෑමකි, ඔවුන් එවැනි දෑ මත යැපීමට පුරුදු වී සිටින පිරිසකි, නමුත් මා මෙහිදී සොයාබැලීමට උත්සහ කරන්නේ සත්‍යවශයෙන්ම මෙවැනි අද්භූත සිද්ධීන් පිටුපස කුමන ආකාරයේ හෝ අරුමපුදුම සිද්ධින් හෝ හේතුකාරණා තියෙනවාද යන්නයි, අපි මේ කතාකරන මාතෘකාවම නැවත බැලුවහොත් අපිට තේරුම් ගැනීමට අපහසු කාරණා කිහිපයක්ම තියනවා

01. මෙවැනි දේ සෑම අයෙකුටම නෙපෙනීම
02. මෙවැනි දේ සම්බන්ධව කතා කිරීම ත්‍රාසය ගෙන දෙන්නක් වීම
03. බොහෝ දෙනෙක් මේ බොරු යැයි ප්‍රශ්ණය මඟහැරීම
04. ලොකයේ සෑම රටකම පාහේ මෙවැනී අත්දැකීම් සම්බන්ධව මතිමතාන්තර පැවතීම
05. පුරාණ කාලයේ පටන් අද දක්වාම නොනැසී පැවතිම
06. පියවි ඇසට නොපෙනීම හා හිටි හැටීයේ දර්ශණය වීම
07. බියගැන්වීමද බියවීමද?
08. මළ ගිය ප්‍රාණයන් ලෙස අර්ථදැක්වීම
09. රාත්‍රියත් සමඟ එසේත් නැතිනම් අදුර සමඟ පවත්නා සම්බන්ධය
10. දියුණු රටවල පවා මේ හා බැදුනු මති මතාන්තර
11. නවීන විද්‍යාවෙන් මේ පිළිබදව සොයා බැලීමට ඇති අපහසුතා
12. සොහොන් හා පාළු නිවාස තුල වැඩිපුර මෙවැනි දෑ ඇතැයි ප්‍රචලිත වීම

මේවැනි විසදුම් සොයා ගැනීමට අපහසු ගැටළු රාශියක් ඇති නමුත් මෙහි යම්කිසි සත්‍යතාවයක් නැතැයි බැහැර කල නොහැකිවීම.නිසා තවමත් මේ ගැටළුව අප අතරම පවත්නා බව සැබෑවකි. මෙවැනි අත්දැකීම් වලට මුහුණ දුන් බොහොමයක් දෙනා පවසන ආකාරයට ඔවුන්ට ර්‍දර්ශණය වී තිබෙන්නේ මළ ගිය ආත්මයන් එසේත් නොමැතිනම් නොපෙනෙන නමුත් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට හැකි යම් කිසි ජීවි හෝ අජීවි සත්ත්ව කොඨ්ටාශයක් ය. මියගිය අයවළුන්ගේ සොහොන් මත හා ඔවුන්ගේ අයිතියට තිබු ඉඩම් දේපල ආදියෙහි නොපෙනෙන අයිතිකරුවකු ලෙස සැරිසැරිමද මේ අතර ප්‍රචලිතම කතාන්දරයන්ය. මේවැනි හා තවත් නොයෙකුත් සිද්ධි දාමයන් පුරාවට දිවෙන මේ අවතාරයන් දවසක එලියට ගත යුතුමය නමුත් මෙය සම්පුර්නයෙන්ම බැහැර කිරීමට හෝ සම්පුර්ණයෙන්ම පිළි ගැනීමට සමස්තයක් ලෙස කවුරුත් ඉදිරිපත් නොවන්නේ මේ සම්බන්ධව ඇති අනියත බිය හෝ මේය විශ්වාස කිරීමට තරම් සාධක කිසිවෙකුත් සතුව නොපවතිනා නිසාද? 


ආදරණිය නුඹට!


දුක නිවන්න කියලා කොච්චර  අඩන්නද? කවුරුවත් නොහදුනන නුඹව පමණක්ම හදුනන, ඒත් නුඹවත් ළග නැති පාළු ඉසව්වක තනිකම හැර වෙන කෙනෙක් මා හා සීටීවිද, අපි ආදරය කලාද එසේත් නොමැති නම් අපි අපිට ආදරය කරන්නේද? නොවිසිදුනු ගැටළු අතර ගැටළුවක් වීමට මා අකැමැත්තෙමි. වැටීම නම් පොදු ක්‍රියාවලියට හසු වී ගලා යන මගේ ජීවිතයේ එල්ලෙන්නට තුත්තිරි ගසක්වත් අසල නැත, එක සැඩ පහරේම ගලායන ජීවිතයේ නවාතැන යැයි මා නුඹට කියන්නේ කේසේද? එසේ සපත කිරීමට මා ළග කිසිවක් අද නැත, නුඹේ නමින් ගොඩනැගූ ආදරයනම් මන්දිරය තුල අද ඇත්තේ ප්‍රේමය නම් විචිකිචිඡාව පමණකි, දෙනොදාහක් දෙනා අතරෙහි තුරුල් වී දොඩමළු වු අපිට අද කිසිවෙකුත් නොමැති වු පාළු මන්දිරයක වුවද ළං විමට නොහැකී වී ඇත. හේතුව අහේතුකව හටගත් වෙන්වයාම නම් පොදු වු කර්තව්‍ය නිසාමය,