ජීවිතයට ජීවිතයක්(සැප විදින්න පවු කිරීම)

‍දවස් ගානකින් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා. ඒත් ඊයේ උදේ පාන්දරම දකින්න ලැබුනු දේකින් මගේ හිත තරමක් කලකිරුනා, ඒ නිසාම තීරණය කලා මේ පෝස්ට් එක අදම දානවා කියලා. හේතුව වුනේ නොපෙනෙන බලයකට බියෙන් තමන්ගෙ‍් ජීවිත සැපවත් කරන්න අමු අමුවේ අහිංසක සතෙක්ව මරා දමා තිබුනා. මේච්චර දියුණු ලෝකයෙත්, දියුණුම ජීවියා වෙලත් මේ වගේ අන්ධ විශ්වාශ ගැන අවබෝධයක් නැතිව මෙවැනි දෑ කිරීම කොයිතරම් පාපයක්ද? අහිංසක සතෙකුගේ ජීවිතය තමන් වෙනුවෙන් බිල්ලට දීම කොයිතරම් දුරට සාධාරණීකරනය කල හැකිදැයි මට තවමත් තේරුම් ගැනීමට අසීරුය, මේ මිහි මත ජීවත් වෙන සියළුම ජීවින්ට ජීවත් වීම පිළිබඳව සමාන අයිතිවාසිකම් ඇත. ඉදින් දියුණුම ජීවියා කොයිතරම් දුරට මෝඩයෙකු තත්ත්වයට පත්වී ඇත්දැයි මට සිතා ගත නොහැක. තමන්ගේ බේරුමට තවත් පාපයක් සිදුකිරීම මේ විශ්වය තුල කොතරම් දුරකට සාර්ථක වේද යන්න පිළිබදව නිවැරදි වශයෙන් කිව හැකිද(කර්ම චක්‍රය තුල)? මා දන්නා තරමින් ප්‍රාණගාතය මහා පවකි, එසේ නම් මෙවැනි දෑ කිරීමේන් තමන්ට සෙතක් ශාන්තියක් උදාවේයැයි සිතන්නේ කෙසේද?  දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව පසුවට ලිපියක් ලිවීමට මගේ බලාපොරොත්තුවක් තියනවා ඒ නිසා මේ ලිපියට අදාල පින්තූර ටික මෙතනින්ම එල්ලලා දාලා ඔයාලටම තීරණයක් ගන්න ඉඩ ‍දෙන්නම්....


පරිගණකයේ ආරක්ෂාවට මේ මෘදුකාංගයත් වැදගත්

පරිගණක භාවිතා කරන අපි කාගේත් බලාපොරොත්තුව පරිගණකයේ තිබෙන දත්ත ආරක්ෂා කර ගැනීමයි. නමුත් බොහොමයක් අවස්ථා වල අපි හිතන්නේවත් නැති විදිහට මේ දත්ත විනාශ වෙලා යනවා මෙන්න මේ වගේ වෙලාවට තමයි රැට පේන තරු දවල්ට පේන්නේ. ඉතින් මේ වගේ වෙලාවට අපි නොයෙකුත් ක්‍රමයොදාගෙන මේ දත්ත නැවත ලබාගන්නවා( නමුත් 100% නෙමෙයි), මම මේ දෙන මෘදුකාංගයත් මේ වගේ නැති වුන දත්ත ලබා ගැනිමටත් අපේ දෘඩ තැටියේ ක්ලෝනයක් ලබා ගැනීමටත් කිසිම ගැටලුවකින් තොරව භාවිතා කරන්න පුළුවන්...මම භාවිතා කරපු සමහර මෘදුකාංග හරහා ක්ලෝනයක් ලබා ගත්තද බොහෝ වේලාවට බලාපොරොත්තු රහිත ගැටළු වලට මුහුණ දෙන්න සිදු වුනා .. නමුත් මෙම මෘදුකාංග එකතුවේ ඇති මෘදුකාංග මගින් එය බොහෝ සාර්ථකව සිදුකර ගැනීමට මට හැකියාව ලැබුනා‍. ඔබත් ඔබේ අවශ්‍යතාවයට අනුව භාවිතා කරලා බලන්න.. මම හිතනව ඔයාලගේ ප්‍රථිපලත් කමෙන්ට් එකක් විදිහට දැක ගන්න ලැබේවි කියලා... මේන්න මේතන තියනවා ටොරෙන්ට් එක ඔයාලම භාගෙන බලන්නකෝ...


ටොරෙන්ට් වලින් භාගන්න

(අමතක වුනානේ කියන්න මේක බූටබල් සී.ඩී එකක් හොදද?)

සුභ නව වසරක් වේවා! 2011

තවත් එක  අළුත් අවුරුද්දක්... ජීවිතයේ අලුත් බලාපොරොත්තු පොදි බැද ගත්ත, සාමය සතුට සපිරුණු නිරෝගීමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක්ම වේවා කියලා අපේ හැමෝටම මම         ප්‍රාර්ථනා කරනවා!

නුඹ ඇවිදින් ගිහින් වගේ...


පහන් කරන්නට නොහැකි රාත්‍රිය
නුඹ ඇවිදින් සක්මන් කරනා.....
වසා ගන්න බැහැ දෙනෙත් පියන් යුග
නුඹ ඇවිදින් සිහිනෙක  වුන්නා...

මවාගන්න බැහැ මගේ සිහින ලොව...
නුඹ ඇවිදින් තනියට වුන්නා....
හිතාගන්න බැහැ හිතට මගේ අද...
නුඹ කවුදෝ ම සිත තුල රැදෙනා......

සසර නොතේරෙන කමට මගේ ඔහේ
නුඹ ළඟ දැවටී පෙම් කෙරුවා....
අනියත දිවියක අරුත පසක් කර.
නුඹ මා හැර යා යුතු බව කීවා....

සිහිනය හිස්විය රැයද පහන්විය
නුඹ ඇවිදින් ආපසු ගොස් තිබුණා....
වසාගන්න බැරි දෙනෙත් පියන් අඟ
සීතල කඳුලක් ඉතිරිවුනා...........

පුළුවන්නම් විසදන්න....(මාර සිම්පල් හොදේ)

මේකයි සීන් එක ඔය පල්ලෙහායින් තියෙන පින්තුරේ තමයි සිද්ධිය තියෙන්නේ බැලු බැල්මට පේනවා‍නේ මේක ටිකක් ඔය ගණිතය හා සම්බන්ධ වැඩක් කියලා..ඉතින් කට්ටිය ඔය පොඩි කොල කෑල්ලක්,පෑනක් එහෙම අරගෙන සෙට් වෙන්නකෝ, මම දෙන්නම් ගැටළුව...(මේක මගේ ගැටළුවක් නෙමෙයි අපේ නංගී කෙනෙක් මගෙන් ඇහුව ගැටළුවක්)


ඔය ඒ, බී, සී, කියලා නම් කරලා තියෙන්නේ දේවාල තුනක්ලු (දන්නවනේ ඉතින් දේවාල ගැන) ඔය එක්ස් කියන ප්ලේස් එකේ ඉන්න  මෑන් ළඟ යම් කිසි මුදලක් තියනවලු මිනිහා :ඒ: කියන දේවාලෙට යනකොට අතේ තියෙන ගානිත්(මුදලින්) රු.10 කට තට්ටු වෙනවා, හැබැයි දේවාලෙට ගියපු ගමන් අර අතේ තියෙන ඉතිරි ගාන ඩබල් වෙනවලු, හැබැයි ආයෙම එලියට එනකොට අතේ තියෙන අර ඩබල් වෙච්චි ගානෙන් තවත් රු.10කට තට්ටු වෙනවලු, ඊට පස්සේ  :බී: කියන දේවාලෙට යනකොට තව රු.10 ක් යනවලු....ඔය විදියට බී කියන දේවාලෙන් එලියට එනකොටත්  රු.10ක් අඩු වෙනවලු. ආයෙම :සී: කියන දේවාලෙට යන්න රු.10කුත් එලියට එන්න රු.10කුත් වියදම් වෙනවා, හැබැයි තියෙන එකම චාන්ස් එක හැම දේවාලෙකදිම අතේ තියෙන ගාන ඩබල් වෙන එක තමයි.... දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෑන් ඔය දේවාල තුනටම ගිහින් එළියටත් එනවා හැබැයි අතේ රුපියලක්වත් ඉතුරුවෙනනෙත් නැතුව ඉතින් මං අහන්නේ මිනිහා දේවාල වලට යන්න කලින් අතේ රුපියල් කීයක් තිබුණද ? 
හරිම ලේහෙසියෙන් හදන්න පුළුවන්, ඔයාලත් හදලා උත්තරේ කමෙන්ට් එකකටම දාන්නකෝ.....

විවාහ ජීවිත පීළිබද විවිධ පුද්ගලයන්ගේ මත(උපුටාගන්නා ලදී)

එදා සහ අද ශ්‍රී ලංකාවේ ‍ඵෙතිහාසික සිද්ධස්ථාන

ශ්‍රී ලංකාවට අයත් ඵෙතිහාසික සිද්දස්ථානයන්ගේ එදා සහ අද තත්ත්වය පෙන්වන මෙම ඡායාරූප එකතුව මට ලැබුනේ මගේ මිතුරෙකුගෙන් ලැබුණු ඊ මේලයක් මාර්ගයෙන්..ඇත්තටම මේ ඡායාරූප එකතුව ගොඩාක් වටිනවා.. අපේ මතු පරම්පරාවටත් අපේ ඵෙතිහිසික උරුමයන් රැකගෙන සංරක්ෂණය කර භාරදිය යුතු බව මේවා බලන ඕනම අයෙකු සිතට ගත යුතුය

ගිටාර් ටියුනින් පරිගණකය සමගින්


මෙන්න අමාරු රාජකාරියක් කරන්න පහසුවෙන් හොයාගන්න පුළුවන් දෙයක්, මේක මම නම් හොයාගත්ත දෙයක් නෙමෙයි අන්තර්ජාලයෙන්ම බාගත්ත මෘදුකාංගයක්, අපේ සංගීතය ඉගෙන ගන්න අයට නම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. මම නම් මේක අත්හදා බැලුවා 99% ම සාර්ථතකව වැඩේ කරගත්තා,
මේච්චර කියන්නේ මගේ ගිටාර් එක ටියුන් කරගන්න මේක මට ලොකු උදව්වක් වුනු නිසයි. අපෙත් සංගීතයෙන් වැඩකිඩ දාන කට්ටිය පොඩ්ඩක් මේකත් අත්හදා බලලා කියන්නකෝ...(කොමන්ට් එකක් දාන්න හරියටම වැඩකලාද කියලා)
 මෙන්න මෙතනින් භාගන්න...


PitchPerfect Musical Instrument Tuner


වින්ඩොස් විස්ටා , සවන්, එක්ස් පී ප්‍රින්ටර් ‍ෂේයාරින් ගැටළු

ළගකදී මුහුණදෙන්න වුනු ගැටලුවකට ගත්ත පියවර කිහිපයක් අනිත් අයටත් එක්ක දැනගන්න සටහන් කලොත් හොදයි කියලා මට හිතුනා... මේන්න මේකයි ගැටළුව

වින්ඩොස් එක්ස් පී සහිත පරිගණකයකට ප්‍රින්ටරයක් සම්බන්ධ කරලා තියනවා, මේ ප්‍රින්ටර් එක ෂේයාර් කරලා තියෙන්නේ අනික් මැෂින් එක්ක පාවිච්චි කරන්න, නමුත් වින්ඩොස් විස්ටා හා ‍සෙවන් භාවිතා කරන පරිගණක දෙකකට අර එක්ස්පී මැෂින් එ‍කට සම්බන්ධ කරලා තියෙන ප්‍රින්ටර් එක හාවිතා කිරීමට නොහැකි වෙන ලෙස  නොයෙකුත් එරර් මැසේජස් ලැබෙනවා (Cannot Connect to the Printer xxx, Spooler Service not Running etc,)

වින්ඩොස් එක්ස්පී සර්විස් පැක් ත්‍රී

වින්ඩොස් සර්විස් පැක් 3 සංස්කරණය භාවිතයේදී මට ආපු එක ගැටළුවක් තමයි ෆයිල් ෂේයාර් කිරිමට ඇතිවන නොයෙකුත් බාදාවන්,  උදාහරණයක් ලෙස සර්විස් පැක් 3 ඉන්ස්ටොල් කරපු මැෂින් එකක් මයිනෙට්වර්ක් ප්ලේසස් වල නෙපෙන්වීම.
 මම මේක ලියන්නේ ඒ සම්බන්ධව විසදුම් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවානම් කමෙන්ට් එකක් විදිහට හරි ඒකට පිළිතුරක් ලබා ගැනීමේ හා මෙම ගැටළුවටම මුහුන දෙන තවත් අයෙක් ඉන්නවා නම් ඒ සම්බන්දව අවබෝධයක් ලබාදිමේ අරමුණින් .  මේන්න මේ ලින්ක් එකෙන් මට ගැටළු කිහිපයක් නිරාකරණය කරගැනීමට හැකියාව ලැබුනා.

http://support.microsoft.com/kb/307874

බලන්න ඔයාලටත් මේ ගැටලුවටම මුහුනදෙන්න වෙලා තියනවද කයලා?...