ඇපල් 3ජී phone එක දවස් කිහිපයකින් පාවිච්චි කලේ නැහැ. හැබැයි හරියට චාර්ජ් කරන්නත් බැරි වුනා, වෙන දෙයක් නිසා නෙමෙයි චාර්ජින් කේබල් එක අවුල් වෙලා. දවස් 3කට විතර පස්සේ වෙන කේබල් එකක් අරගෙන වෝල් චාර්ජර් එකට කනෙක්ට් කරා (මේ වෙනකොට ෆෝන් එකේ බැටරිනම් 0% වගේ තිබුනේ) බ්ලැක් ස්ක්‍රීන් එකේ පැයක් විතර තිබුනා කිසිම දෙයක් වුනේ නැති ගානට, පැයක් දෙකක් චාර්ජ් වුනාට පස්සේ ෆෝන් එක ඔන් කරන්න බැලුවා හැබැයි වැඩේ සාර්තක වුනේ නැහැ, ඔන් කරන හැම වෙලාවෙම කොලපාට ස්ක්‍රීන් එකක් ලැබෙනවා එතනින් එහාට කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ නැවතත් චාජර් එකට කනෙක්ට් කරලා පැය 3ක් 4ක් තිබ්බා ඒත් කිසිම දෙයක් වුනේ නැහැ. අර විදිහටම කොලපාට ස්ක්‍රීන් එකට ඇවිත් නතර වෙන්න ගත්තා...
මම මුලින් හිතුවේ බැටරි වල ධාරිතාවය මදිකම නිසා මේ වගේ දෙයක් වෙනවා ඇති කියලා ඒත් ෆෝන් එක වෝල් චාජර් එකට කනෙට් කරලත් මේ දේ සිද්ධ වුන නිසා ෆෝන් එක රීස්ටාර්ට් කලා කිහිප වතාවක්ම. ඒත් නතර වුනේ කොලපාට තිරයට ඇවිත්
(ස්ලීප්(Sleep) බට්න් එක සහ හෝම් (home) බට්න් එක එකවර තත්පර කිහිපයක් (10-15) press කරලා ෆෝන් එක ඕෆ් off වුනාම නැවතත් ඔන් කරන්න)
අන්තිටම ෆෝන් එක කනෙක්ට් කරගත්තා පරිගණකයට , විනාඩි කිහිපයකට පසුව නැවතත් ෆෝන් එක ඔන් කලා කිසිම වෙනසක් නැතුව කොලපාට තිරය ලැබුනා.. තවත් විනාඩි කිහිපයකින් නැවත වතාවක් උත්සහ කරා (Restart) ඒ වෙලාවෙනම් නොර්මල් විදියට ඇපල් ලෝගෝ එකත් එකක් ෆෝන් එක ඔන් වූනා.. ඔන්න ඔය විදිහට තමයි GREEN SCREEN එකෙන් ෆෝන් එක ගොඩ ගන්න පුළුවන් වුනේ.. බලන්න සමහර විට ඔයාලටත් ප්‍රෙයෝජනවත් වෙයි මේ ලිපිය...
WiFi hot spot with Your Laptop (Laptop එකෙන් වයිෆයි hot spot එකක්)
ලැප්ටොප් පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙක් දන්නවා, වයිෆයි කනෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද කියන එක, අද මම කතා කරන්න හිතුවේ, ලැප්ටොප් එකේ වයිෆයි කනෙක්ෂන් එකක් තිබිලත් ගෙදර වයර්ලස් රවුටර් හෝ ඇක්සස් පොයින්ට් එකක් නැතුව මොබයිල් ෆොන්ස් වගේ කෙබල් සම්බන්ධතාය හරහා ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාගත නොහැකි උපකරණ වලට ඉන්ටර්නෙට් සම්බන්ධතාවය ලබාදිය හැකි ආකාරයට ඔබගේ ලැප්ටොප් එක සෙටින්ග්ස් සකස් කරගන්නා ආකාරයයි. මේ ක්‍රමයට අනුව සකස් කරගත් වයිෆයි නෙට්වර්ක් එක හරහා තවත් පරිගණකයකට වුවද අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදිය හැක.ඇත්ත වශයෙන්ම මෙය ක්‍රියාත්මක වෙන්නේ වයිෆයි ඇක්සස් පොයින්ට් එකක් විදිහටයි!...(මෙම ක්‍රමය ඉතා පහසුවෙන් වින්ඩෝස් 7 පරිගණක මඟින් සකස් කල හැකිය)
හොදයි අපි බලමු මේ සදහා අපි අනුගමණය කල යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා
01. පලමුවෙන්ම අපි ඇක්සස් පොයින්ට් එකක් ලෙස සකස් කරන ලැප් එකට අමතරව, වෙන යම් වයිෆයි සම්බන්ධතාවය ලබාගත හැකි උපකරණයක් සොයාගත යුතුය (Mobile Phone with WiFi connection, or Laptop or desktop with WiFi enabled)
02. වින්ඩෝස් 7 භාවිතා කරලා පරිගණකය පණගන්වන්න. ඊට පසුව පහත රූප සටහන් අනුව අදාල සෙටින්ග්ස් සකස් කරගන්න...
Start --> Control Panel --> Network and Sharing Center
03. Setup new Connection --> Select Setup a Wireless ad hoc
04. Type a Network name (Ex- Home_wan)---> Select Security Type (WPA, or WPA2)---> Type a Security key ---> Save this network
05. Now you can find your new network connection on your network list
06.Enable your LAN card Internet Connection sharing
07. now you can take your next device and search for WiFi hots pot, when you search you will find the connection what we already configure, then press connect and type your security key whatever you have entered when you creating your wireless sharing point.
මෙය ඉතාමත් සරල සහ ඉක්මන් ක්‍රමයකි. අවසානයේදී ලැප්ටොප් එක ආදාරයෙන් පුංචි වයර්ලස් හොට්ස්පොට් එකක් ඔබටත් ලැබෙනු ඇත, නිවසේදී අන් අය සමග තම අන්තර්ජාල සම්බන්ධතාවය බෙදා හදාගන්න කැමති අයට මේක කදිම විසදුමකි.... ගැටළු ඇතොත් කොමෙන්ටුවකම අමුණන්න...
JailBreak Apple 4 GSM with IOS 6.01/6.0 / 6.1 (ඇපල් 4 ජේල් බ්රේක්)
අළුත්ම ඇපල් ඕ එස් එක අයි ඕ එස් 6.1 දැන් කරදරයක් නැතිය ජේල් බ්රේක් කරන්න පුළුවන්, කරන ක්‍රමය නම් ඇත්තටම හරිම සරලයි.... මේ පෝස්ට් එක පබ්ලිෂ් කරන්න ටික දවසක් ගියාට මම හිතනවා හැමෝටම වැදගත් වෙයි කියලා....
මුලින්ම කරන්න ඕනේ අපේ ඩිවයිස් එකට අළුත්ම IOS 6.1 ඉන්ස්ටෝල් කරන එක.. මේක මම හිතන්නේ අයි ෆෝන් යූස් කරන ඕනිම කෙනෙක් දන්නවා.. දන්නේ නැති අයට කරන්න තියෙන්නේ අයි ටියුන්ස් ඉනස්ටෝල් කරලා අදාල ඩිවයිස් එක කනෙක්ට් කරලා ෆෝන් එක හෝ ඒ අදාල ඩිවයිස් එක් අප්ඩේට් කරන එක
දැන් ඔයාලා ලග තියෙන්නේ ජේල් බ්රේක් නොකරපු අයි ඩිවයස් එකක්...
ඊළගට කරන්න ඕනේ මේ ඩිවයිස් එක අන්ලොක් එහෙම නැත්නම් ජේල් බ්රේක් කරන එක ඊට කලින් කරන්න ඕනේ මේන්න මේ පහතින් තියෙන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න එක (ඩවුන්ලෝඩ් එක සම්පුර්ණයෙන්ම ෆ්‍රී)

දැන් මේ සොෆ්ට්වෙයා එක අදාල ඕ එස් එකට අනුව ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටෝල් කරලා (ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරන්න දෙයක් නැහැ නිකම්ම රන් කරන්න පුළුවන් ඒත් මතක තියාගන්න ඇඩ්මින් විදියට මේ ෆයිල් එක එන් කන්න)
දැන් අදාල අයි ඩිවයිස් එක කනෙක්ට් කරලා (ඔන් එකේදීම) බලන්න අදාල සොෆ්ට්වෙයා එකෙන් ඩිවයිස් එක අදුරගන්නවද කියලා.. ඒ ඔක්කොම හරිනම් ජේල්බ්රේක් කියන බට්න් එක ප්‍රේස් කරන්න.. අදාල වැඩකොටස සොෆ්වෙයාර් එකෙන් කරලා දෙනකම් මැදින පනින්න හදන්න එපා..!
මේ කාලය අතරතුර දෙවතාවක් වගේ ඩිවයිස් එක රිස්ටාර්ට් වෙයි.. අවසානයේදී ඔයාලට ලැබෙන්නේ ජේල්බ්රේක් කරපු මොබයිල් ඩිවයිස් එකක්... ට්‍රයි කරලා බලන්න ගැටළු තිබුනොත් කොමෙනටුවකට දාන්න.
සැලකිය යුතුයි... අයි ඩිවසිස් අප්ඩේට් කිරීමේදී බේස්බෑන්ඩ් අප්ඩේට් කිරීමෙන් වලකින්න......(අවසානයට අල්ට්‍රාස්නොව් රන් කරන්න ඕනේ කියලා දන්නවා නේද?)
DLL & OCX Manager
සුභ අළුත් අවුරුද්දක් වේවා!......
2013 වර්ෂයට ලියන පලවෙනි පෝස්ට් එක, වැඩත් එක්ක පෝස්ට් එකක් ලියන එකත් ලේසි නැහැ, මොනව වුනත් අද මම ලියන්නේ තවත් පුංචි සෝෆ්ට් එකක් ගැන හැබැයි මේක පුංචි ප්‍රෝගෑම් එකක් වුනත් ගොඩාක් දෙවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ සොෆ්ට් එක නිර්මාණය කරලා තියෙන්නේ, DLL & OCX වගේ කන්ට්‍රෝලර් රේජිස්ටර් කරන්න සහ ඒවා ඉවත් කරන්න. ප්‍රෝගෑමින් එක්ක වැඩ කරන අයට වගේම නොයෙකුත් අවශ්‍යතාවයන් සදහා මේ සොෆ්ට් එක භාවිතා කරන්න පුළුවන්,

Enable/Disable Windows 7 Secure Logon Press CTRL + ALT + DELETE
As I heard there are lot of people who don't have a clear idea of changing windows 7 log on screen, So, Here is the way that can be used to change LOG ON Screen in five Seconds.
There are number of ways we can proceed - (First Option)
01. First open start menu and type "netplwiz" in Search box (or use Ctrl+R and type "netplwiz") and press Enter
02. Click Advanced tab (see the picture)
03. To Enable Secure log on Check the option Selected ( Require users to press Ctrl+Alt+Delete )
04. To Disable Secure Log on Unchecked the option selected ( Require users to press Ctrl+Alt+Delete)
if this will not help, just follow the second option
Using Local Security Policy - ( Second Option )
04.In the right pane, right click on "Interactive Logon: Do not required CTRL+ALT+DEL" and click on Properties
There are number of ways we can proceed - (First Option)
01. First open start menu and type "netplwiz" in Search box (or use Ctrl+R and type "netplwiz") and press Enter
03. To Enable Secure log on Check the option Selected ( Require users to press Ctrl+Alt+Delete )
04. To Disable Secure Log on Unchecked the option selected ( Require users to press Ctrl+Alt+Delete)
if this will not help, just follow the second option
Using Local Security Policy - ( Second Option )
01. Open the "Local Security Policy" editor (Type "secpol.msc" and enter) or Strat -> Control Panel -> Administrative Tools -> Local Security Policy
02. when you open Local Security Policies window you can change them as you need
03. In the Left pane Expand "Local Policies" and Click "Security Options"
දෙයියන්ගෙන් වැඩ ගන්න මිනිස්සු!
වාසනාව අවාසනාව අතර දෝලනය වන මිනිස් ජීවිත සැපවත් කරගනු පිණිස මිනිසුන් විසින්ම විවිධාකාර නිර්ණායක පනවා ගනු ලබයි, මේවා අතර ශිෂ්ඨසම්පන්නවූද එසේ නොවුවූද ක්‍රමවේදයන් භාවිතා වේ, මේ ක්‍රමවේද අතර බහුලව භාවිතා වෙන දෙයක් හැටියට මිථ්‍යා විශ්වාස ගැන අපිට කතා කරන්න පුළුවන්, විවිධ ආකාරයේ දෘශ්ඨීන් ගෙන් තමන්ගේ අසරණකම්, ආශාවන්, හා අනෙකුත් ඕනෑ එපාකම් සාක්ෂාත් කර ගැනීමට මොවුන් නොගන්නා වෙහෙසක් නොමැති තරම්ය... තමන් බුදු වූ බවට පවා කියමින් කෑ කෝ ගසන මිනිසුන් සිටින සමාජයක, එවැනි මිනිසුන්ට බුදූහුට මේන් සලකන සමාජයක මෙවැනි දේ සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවෙනු ඇත...... තමන්ගේම ආධ්‍යාත්මය පාවා දෙමින් තමන්ගේම දෙඇස් අන්ධ කරගන්නා මිනිසුන් කොතෙකුත් අපි අතරම සිටිනවා නොවැද?.....
මේවැනි විවිධ වූ අර්තකතනයන්ගේන් එල්බෙන්නට උත්සහා කරන්නේ වර්ථමාන ජන සමාජය තුල ඉතා ශීඝ්‍රයන් ඉහල යන දෙවියන්ගෙන් වැඩ ගැනීම හෙවත් දේව ආරූඪ ගැනය, මහා ඉහලින් ප්‍රකාශ ඉදිරිපත් කරන මන්ද මානසික මිනිසුන්ගේ කූට උපක්‍රමවලට හසුව පීඩාවිදින දසදහස් ගණන් මිනිසුන්ගේන් එකෙක් හෝ මෙවැනි ලිපියකින් තමන්ගේ අන්ධ විශ්වාසවලින් මීදී පියවි ලෝකයට එනවානම් එයයි අපේ එකම අරමුණ......
හන්දියක් හංදියක් ගානේ පාරක් පාරක් ගානේ ඉදිවෙමින් පවතින දේවාල, සාස්තර කියන ස්ථාන, ගුරුකම් කරන ස්ථාන, පේන බලන තැන්, එකි නොකි මෙකි සියළුම ආකාරයේ ස්ථාන අද වෙනකොට සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් අරගෙන තියනවා, තමන්ගේ ළමයා විභාගෙට යන්නෙත් දේවාලෙන් කියන වෙලාවට, ඊට කලින් දේව පූජා අනං මනං ගොඩාක් කරනව. අන්තිමේදී කොල්ල/කෙල්ල එලකිරි වගේ විභාගේ සමත් වෙනවා, ඉතින් ආයෙම එනවා දේවාලෙට ඇවිත් අර කලින් භාර වුනු අඩුම කුඩුම ඔක්කොම ගෙනැල්ල පුජා කරනවා, පූජා කිරීම නම් හොඳයි ඒත් තමන්ගේ දරුවගේ ආත්ම විශ්වාසය නැති කල එකනම් හොද නැහැ, මොකද දෙයියෝ නිසා තමන් විභාගය සමත් වුනා කියලා දරුවා හිතුවොත් ඒක හැමදාමත් ඒ ළමයාට නරකට හිටීවි...
මේ අද සාමාජය තුල සිදු වෙන එකම එක පුංචිම පුංචි උදාහරණයක් විතරයි, ඇත්තම කතාකලොත් ළමයා පාඩම් කරලා එහෙම නැත්නම් තමන් ඉගෙන ගත්තු දේවල් හොඳින් හිතේ ධාරණය කරගෙන ඉදලා විභාගය ලිව්වොත් විභාගය හොඳට පාස්වෙයි, එහෙම නොවී කොයි දෙය්යෝ ගාවට ගියත් විභාගය සමත් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා කවුරුත් විශ්වාස කරනවද?
ඇත්තෙන්ම ළමයාව විභාගෙට යවන එකට නෙමෙයි දේවාලෙට යන්න තිබුනේ ළමයා අම්මගේ බඩට එන්න කලින්, මෙන්න මේ වෙලාවට අහවල් වර්ගයේ ළමයෙක් මගේ බඩට එන්න කියලා පූජාවක් තියන්න, එහෙම නැත්නම් අහවල් වෙලාවට අහවල් වේදනාව නැතිව මට ළමයා ලැබෙන්න ඕන කියලා, පූජාවක් තියන්න,
මනුසත් බව කියන එක හරිහැටි නොදැන කොහොමද තමන්ගේ ළමයි ඒ දේවල් වලින් මුදවා ගන්නේ....
අදකාලේ තියෙන දේවාල වල හැටියට පාර්ට්ටයිම් වැඩ කලත් දෙවියන්ට මේ වැඩ ටික ඉවර කරන්න ලැබෙන්නේ නැහැ, අනිත් එක් ඉදල හිටලවත් විවේකයක් ගන්න විදියක් නැහැ ඒ තරමට වැඩනේ, සමහර විට දෙවියන්ටම හිතෙනවා ඇති අපරාදේ දෙවි කෙනෙක් වුනේ නිකම් මිනිහෙක් වෙලා ඉපදුනා නම් හොදයි කියලා, ඇයි ඉතින් ජනාධිපතිට වගෙනේ වැඩ, අර දේවාලේ පැය 5යි අනිත් එකේ පැය 4යි මේ විදියට ටයිම් ටේබල් හදාගෙන වැඩ කරන්න ඕනනේ........අනිත් හොදම කාරනේ තමයි එකම දෙයියෝ දේවාල 20ක 30ක එකම වෙලාවට වැඩ කිරීම, කෙනෙක් කියාවි ඔව් දෙවියෝ නිසා එයාලට එහෙම කරන්න පුළුවන් කියලා.......හරි එහෙනම් ඒ දේවාල 2කේම ඉන්න කපුවෝ දන්නේ නැහැ ඇත්තටම දැන් දෙයියෝ වැඩ කරන්නේ කොයි දේවාලෙද කියලා, දේව භාෂාවෙන් කතා කරන විවිධ වූ කපු මහත්තුරුන් හැමදාමත් කෑ ගහන්නේ එකම වචන ටික කියමින්ය, ඒත් ඒවායේ තේරුම් එකින් එකට වෙනස්ය...දිව්‍ය විමාන වල වැඩ සිටියත් මුදල් අඟහිඟ කම්ද එමටය එහෙයින් නොයෙකුත් ආකාරයට මිළගණන් වෙනස් කරයි, වැට් බද්දට හසුවූ දෙවියන්ද මේ සමයෙහි සිටිනවා විය හැකිය.....
විවධ දෙවියන්ගේ නම් ගම් යොදාගෙන කොහෙවත් යන පේරේත ආත්ම එකතු කරගෙන කූට මිනිසුන් කරගෙන යන මේ දේවාල සෙල්ලම කොතරම් දුරට සාර්ථක වෙයිද? එක මිනිහෙකුට අතීතයේදී හෝ මෑතකදී සිද්ධ වුනු දෙයක් යන්තමින් හරි ගැටගහලා කිව්වොත් කපු මහත්තයා ගොඩ, ඉතින් එදා ඉදලා අර මනුස්සයා මාස්පතා සතිපතා අන්තිමට දිනපතා අර දේවාලෙට බඩ ගානවා, කියන කියන හැම දේම කරනවා, ඇත්තටම හරි හමන් දෙයියෙක් නම් මොකද මේ මිනිස්සු මේච්චර රස්තියාදු කරවන්නේ, ඒ මිනිස්සුන්ගේ අන්තිම තුට්ටු දෙකත් හූරගෙන කන්නේ... මේවා මේ දෙවියන්ගේ වැඩ නොවෙයි,... මේවා අපේ මිනිස්සුම ඇතිකර ගත්තු ස්වයං රැකියා විශේෂයක් නැත්නම් මේහෙම දේවල් මේ ලංකාවේ සිද්ධ වෙන්න විදියක් නැහැනේ....
(ඉතිරිය බලාපොරොත්තුවන්න.......)
අහෝ! නුඹ නම් අපූරුය!
උඹ නැතිදාක මාද මේ ලොව නොමැත
ජීවිතය තරම් මම උඹට ආදරය කරමි
ළැඟුම් ගන්න අහස් මාළිග නොතිබුනාට
හැමදාමත් උඹ මා තුලම රැදුනා
හීනෙන් වත් නොපෙනී ඉන්න බැගෑපත් වුනද
නින්දට කලියෙන්ම උඹ මා අසල
දුප්පත් කම ප්‍රතික්ෂේප කල
නුඹ නැති ඉසව්වක ජීවයද අවිනිශ්චිතලු
නුඹ නොදැනුන, නොහැගුනු එකඳු දවසක්
අහෝ! කෙසේ නම් නගම්ද මතකයට?
"කුසගින්න" නුඹ නම් අපූරුමය ජීවිතයට
කියාදෙන අරුත කිසිදින අතහැර නොයන ...........
A/L වලින් පස්සේ මොනවද කරන්නේ....?
පාසල් ජීවිතය ගැන නොයෙකුත් අත්දැකීම් අපි හැමෝටම තියනවා, මේකත් ඒ වගේ දෙයක්, පුංචි කාලේ නම් පාසැල ගැන කිසිම ආදරයක් ගෞරවයක් හිතේ නොතිබ්බත්, යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට එද්දී බොහෝ දෙනෙක් පාසලට නොයෙක් ලෙස ආදරය කරන්න සහ ගෞරවයෙන් සලකන්න පටන් ගන්නවා, මේ කාලයේදී පාසල තමා තමන්ගේ පාසල කියන හැඟීම ළමයින්ට එන්නේ, ඉතින් ගුරුවරු කිව්වත් නැතත් පාසලට විය යුතු යුතුකම් බොහොමයක් පාසැල් සිසුන් අතිනුත් සිද්ධ වෙනවා, ඒ වගේම පාසල් අවසාන කාලයේ ඒ කියන්නේ අපේ අ.පො.ස උ/පෙළ කාලෙදී ළමයින්ගේ තියෙන්නේ පුදුම එකමුත් කමක් අඩුම තරමේ වැරැද්දකදීවත් අනිකාව පාවා දෙන තැනට වැඩ කටයුතු කරන්නේ නැහැ, එහෙම කරත් කරන්නේ මෙලෝ වැඩකට නැති එකෙක්.... මේ වගේ බොහොම එකමුතුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන කාලයේ ළමයින්ගේ හිත් වල නොයෙකුත් විදියේ ගැටළු පැන නගිනවා, තරුණ වියට ළගා වීමත් සමඟම හිත්වලට නැගෙන මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න බොහෝ දෙනෙක් තම තමන්ගේ හුඟක් හිතවත් ගුරුවරුන් වෙත නිරායාසයෙන්ම යොමු වෙනවා....
මෙන්න මෙතනදී ගුරුවරු බොහෝ දෙනෙක් ඒ ළමයිගේ ප්‍රශ්ණ සම්බන්ධව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ, බොහෝ දෙනෙකුගේ පිළිතුර වෙන්නේ, “ම්... දැන් විභාගෙට දවස් කීයද? ඔය මනස්ගාත අතහැරලා දාලා පාඩම් කරන්න.....“ ගොඩක් වෙලාවට ගුරුවරුන් හිතන්නේ මේ වයසේ ළමයින්ට ඇති වන ප්‍රශ්ණ බොහොමයක් කිසිම වැදගැම්මකට නැති ප්‍රශ්න විදිහටයි, මේ හේතුව නිසාම ළමයින් වෙන ආකාර වලින් මේ ගැටළු නිරාකරණය කරගන්න යොමු වෙනවා, සමහර විට මේවාගේ ප්‍රතිඵල බොහෝම දරුණු ඒවා වීමටද පුළුවන්, එසේ වූ අවස්ථාද එමටය... ළමයෙක් විදිහට ඔවුන්ට ඇතිවන ගැටළු සම්බන්ධව කතා කිරීමට පාසල තුල වුවද යම්තාක් දුරට හෝ ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුය, එසේ නොමැති වුවහොත් දරුවාගේ අධ්‍යාපනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට එම කාරණය ඉවහල් වීටම පුළුවන,
අනික් කාරණය වන්නේ, උසස් පෙළ අවසාන කිරීමෙන් පසුව ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණය, සමහරෙක් නැවත වරක් විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවා විය හැකිය, කොහොමින් කොහොම හරි කැම්පස් මිස් වුනයි කියමුකෝ . ඊට පස්සේ අපේ ළමයින්ට මොකද වෙන්නේ, පාසැල තුලින් ඒ ළමයින්ට යන්න පුළුවන් උපරිම දුර උසස් පෙළ විතරද? දරුවෙකු බිහි කල අම්මට මැරෙනකල්ම දරුවව අයිති නම්, දරුවෙකු යහමගට ගන්න සමාජයට යොමුකරන්න වෙර දැරුව පාසලට ඒ දරුවගේ අයිතියක් නැතිද? මම හිතන්නේ පාසැල තමයි ළමයාව සමාජගත කරන්නේ ඉතින් එතනදී ඒ ළමයාට ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ආදරය කරුණාව නිවැරදිව ලැබුනේ නැත්තම් ඒ ළමයා නොමඟ යන්න තියන අවස්ථාව වැඩියි. ඒ වගේම පාසැල් කාලයෙන් පස්සේ, සමාජය තුල තම අධ්‍යාපන කටයුතු කරගෙන යා යුතු ආකාරය හා ඔවුන් රැකියා සදහා යොමුවිය යුතු ආකාරය සම්බන්ධව පාසල තුලින් යම් කිසි දුරකට හෝ අත්වැලක් ලැබෙනවානම් එය ළමයින්ගේ ජීවිතය ජයගන්න මහත් රුකුලක් වෙයි කියලා මම හිතනවා,
අද සමාජයේ ගොඩාක් ළමයින් ඉන්නවා උසස් පෙළ හොදින් සමත් ඒත් රැකියා නැති, තවත් සමහරු සාමාන්‍ය පෙළ සමත් ඒත් ඊට එහා අධ්‍යාපනයක් ලබලා නැති, ඉතින් මේ වගේ පිරිසක් සමාජය තුල බිහිවන්නට හේතුව කුමක් විය හැකිද? නිවැරදි මඟපෙන්වීමක් තිබුනනම් මේ ළමයිනුත් අද හොඳ රැකියාවක හෝ තමන්ගේම ව්‍යාපාරයක උරුම කරුවන් නොවන්නේද? මෙවැනි ගැටළු රාශියකට පිළිතුරක් සෙවීම ලේසි පහසු කාරණයක් නොවේ, ඉදින් එක් අදහසක් ලෙස පාසල තුලින්ම ළමයාට ලබා දිය හැකි එක් අරමුණක් තිබේ, එනම් උසස්පෙළ කඩඉමෙන් පසුව ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම නිවැරදි ලෙස පාසල තුලින්ම ලබාදීම, මේ සදහා අදාල ගුරුවරුන්ද දැනුවත් කිරීම බොහෝ සෙයින්වැදගත්වේ, ඊට හේතුව වනුයේ අවසන් කඩඉමෙන් පසු ගුරුවරු ළමයින් ඉදිරියේ මවන එකම සිහිනය වන්නේ විශ්වවීද්‍යාලය පමණක්ම වීම, එකම සිහිනය අහිමි කරගත් ළමයින් තමුන් ජීවිතයද පරාජය වුවා සේ මානසිකව පීඩාවට පත්වේ, මේ මානසික පීඩාව අවම කර ජීවිතය ඉදිරියට ගෙන යා හැකි අනෙකුත් මාර්ග පිළිබඳවද ළමුන් දැනුවත් කර තැබීම කාලෝචිත නොවන්නේද........?
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය!
මේක මේ අපේ පළාතේ පාසැලක හැබෑවටම සිද්ධ වුනු කතාවක් ඇත්තම නම් ගම් භාවිතා නොකර කෙටියෙන්ම කතාව කියන්නම්, මේක බාලිකා විදුහලක වුනු සිද්ධියක්
දිනක් උදය රැස්වීම අතරතුර ශිෂ්‍යාවකගේ කතාවක් යෙදී තිබිණ. නමුත් නියමිත ශිෂ්‍යාව එදින පාසැල් නොපැමිණිම හේතුවෙන්, එතැනට පැමිණි ගුරුවරිය.
හ්ම්! අද ඒ ළමයා ඇවිත් නැති නිසා වෙනත් ළමයෙක්ට අවස්ථාව දෙනවා, ඉක්මණට වේදිකාවට නැඟලා මොනව හරි වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්ට ඕනෑ....තමුසෙලා කොහොමත් කතාවට දස්සයිනේ නේද?
ඒත් කිසිම පෙර සූදානමක් රහිත ළමයි නිහඩ විය,
හා එහෙනම් හංසි එන්න ඉස්සරහට, ආයේ ඕකට අමුතුවෙන්න ලෑස්ති වෙන්න දෙයක් තියෙනවයැ, අනික ඔය පන්තියේ ඕන තරම් කෑගහන්නේ, තමුසෙලට මෙතන තමයි කතා කරන්න බැරි නේද?
පාසැලේ 11 වසරේ ඉගුනුම ලැබු හංසි, හිටි හැටියේ ගුරුවරියගෙන් ලැබුණු ආරධනාව ප්‍රතික්ෂේප කිරීමේ අරමුණක් නොවීය. නමුත් මේ ආරාධනය සම්බන්ධව ගුරුවරියගේ ........... මතක් වු බවක්ද පෙනින, කෙසේ හෝ වේදිකාව මතට පැම්ණි ඇය, සියළුම නිළ තල වලින් අසවර අරගෙන තම ඉන්ස්ටන් කතාව පටන් ගත්තාය,
ඇත්තටම මම අද කිසිම සූදානමක් නැතිවයි මේ කතාව කියන්නේ, ඒ නිසා යම් යම් මඟ හැරීම් අඩු පාඩු තියෙන්ට පුළුවන් ඒ ගැන සමාවෙන්න, මම අද කතාකරන්නේ , අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන පාඪය මුල් කරගෙනය, ඇත්තටම කියනවනම් අවවාදය යනු හුදෙක් එක් වචනයක් පමණකි, නමුත් ක්‍රියාව හෙවත් ආදර්ශමත් වීම සර්ව සම්පුර්ණ මඟ පෙන්වීමකි,
මේ කතාව අපිට අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාමත් කියනවා, ඇත්තටම අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕන මෙවැනි දෑ අපේ ජීවිත වලට එකතු කිරීම සම්බන්ධව
(කතාවට සාවධානව ඇහුම්කන් දුන් ගුරු මහත්ම මහත්මීන් හිස ඉදිරියට වනමින් පුංචි ආඩම්බරකාර හිනාවක් මවා ගත්හ) ,
උදාහරණයක් ලෙස, ම්....... ඔව් මම අපේ පාසැලේන්ම පටන් ගන්නම්.....අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාම අපිට කියනවා ලන්ච් ෂීට් වල කෑම ඔතාගෙන එන්න එපා කියලා, ඇත්තටම ඒ කතාව හරි එහෙම වුනොත් අපේ පරිසරය දූෂණය වෙනවා, මම හිතන්නේ දැන් අපේ ළමයි කවුරුවත් ලන්ච්ෂීට් වල කෑම ගෙන්නේ නැහැ,
(ගුරු මහත්ම මහත්මීන්ද හිස වනා ඒ අදහස අනුමත කලාය, අනික් ළමන්ටද නිශ්ශබ්ධ වෙන ලෙස සංඥාද ලැබිණ, මේ අතර එක් ගුරුවරියක් මේ ළමයා හැබෑම දක්ෂයි නේද? යැයි අසල සිටි අනික් ගුරුවරියට පැවසීම, ඇයද ඒ කතාවට හිස සැලීමෙන්ම එකඟ විය)
ඒත් අපේ පාසැලේ කාමර අවට තවමත් සත්තු ඇදලා ගෙනත් දාන ලන්ච්ෂිට් තියෙනවා, ඩස්බින් වල ලන්ච්ෂිට් තියෙනවා, අපි හැමෝම ලන්ච්ෂිට් ගේන්නේ නැත්තම් මේවා කොහොමද පාසැල ඇතුලට දැන් එන්නේ,
(සියළුම දෙනා නිශ්ශබ්දය!)
ඇත්තටම මට කියන්න කණගාටුයි අපිට නිවැරදි මඟ පෙන්වන අපේම සර්ලා ටීචර්ස්ලා, එයාලගේ දූ දරුවෝ තවමත් කෑම ගෙන්නේ ලන්ච්ෂිට් වල,බොරුවක් නම් අද ඉන්ටර්වල් එකට ඔයාලටම බලාගන්න පුළුවන්,
(තරමක් කලබලයට පත් ගුරු මහත්ම මහත්මීන් ඇඹෙරෙමින් කල්පනා කරමින් කරකියා ගතනොහී සිටියහ)
අනිත් කාරණය තමයි, අපිට උදේට පෝළිම් ගැහිලා පන්සිල් කියන්න කියන අපේ ගුරුවරු කවදාවත් පන්සිල් කියනවා මම දැකලා නැහැ,
අපි පන්සිල් කියද්දී අපි හැමදාමත් දකින්නේ, එයාලා එකතුවෙලා කතාකර කර ඉන්න හැටි, මම මෙහෙම කියන්නේ හිතේ තියෙන තරහක් නිසා නෙමේ, අපේ ගුරුවරු අපිට උගන්වන අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන කතාව අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියන එක ඔයාලා හැමෝටම මතක් කරලා දෙන්න,
කතාව සාර්ථකව අවසන් කරපු අපේ ශිෂ්‍යාව අත්පොළසන් හඩ මැද වේදිකාවෙන් බැස ආවේය,
කතාවට සාවදානව ඇහුම්කන් දුන් ගුරුවරියන්ගේ මුහුණු තරහෙන් පුපුරු ගසන්නට විය, නමුත් ඒ අතර වුන් නිහතමානි ගුරුවරියක් ඉදිරියට පැමිණ තමන්ගේ වැරදි පෙන්වා දුන් එම ශිෂ්‍යාවට ස්තුති කර රැස්වීම අවසන් කලේය,
එදා පාසැලේ සමහර ගුරුවරියන් පන්ති වල ඉගැන්වීම් කටයුතු වලින් පවා වැලකී සිටි අතර, ඇතෙමෙක් ඇයව පාසැලෙන් ඉවත් කල යුතු බව පැවසීය, නමුත් වැරැද්ද තමන් පිට තියාගෙන අනුන්ගෙන් පළි ගැනීම ගුරුවරයෙකුට නොවටිනා දෙයක් බව එතැන වුන් තවත් එක් ගුරුවරයෙක් පැවසීය, කේසේ හෝ ළමුන්ටනම් මෙය මහත් සතුටට කාරණයක් විය, තමන්ගේ අදහස් ප්‍රකාශ කරගැනීමට නොහැකිව ළතැවෙන වුන්ට, මේ ශිෂ්‍යාවගේ කතාව ආදර්ශයක් සේම අවවාදයක්ද විය..................
සැ.යු :- මෙම කතාව සත්‍ය වශයෙන්ම අම්පාර ප්‍රෙදේශයේ පාසැලක් තුල සිදුවු කතාවකී.

අවිනීත ගුරු........ විනීත සාරිය!
ෆර්ම් කරලා කළු කරපු කොට කොණ්ඩය
මාලේ පේන්න කියලා
බොක්කුව ෆෝකස් කරපු හැට්ටය,
කොඳුනාරටියේ ඇට ගණන් කරන්ට හැකි
ලෙස පිට පටිද කපා ඇත,
රජ කල තන පටය සිහිගන්වන
උදාහරණය,
අහවල් එකට ඩිංගක් උස්සලා ඇදපු සාරිය,
නාභිය පේන ගානට හීන් කරලා දැම්ම සාරිපොට,
පස්ස ඉස්සෙන්න එක්ක දාපු හීල් එක,
ලොක්කට ටෙක්ස්ට් කරන්න අතේම රැඳුනු
මොබයිලය,
අනේ අද දූ දරුවෝ කොතරම් වාසනාවන්තද
ලබන්නට මෙවන් ............................. ?
හැබෑටම මොඩ් වුනු...........

Subscribe to:
Posts (Atom)

.jpg)
.jpg)
.jpg)
.jpg)