අපොස සා.පෙළ - ගැලීම් සටහන් (දෙවැනි කොටස)
02. ගැටළු විසදීම සඳහා ගැලීම් සටහන් භාවිතා කිරීම
පරිගණක ක්‍රම ලේඛණයේදී අදාල ක්‍රියාවලිය පිළිවෙලින් පෙන්නුම් කිරීම සඳහා ගැලීම් සටහන් භාවිතා කරනු ලබයි, අදාල ක්‍රම ලේඛණ ශිල්පියාට ක්‍රමලේඛණය පහසු වෙන පරිදි වැඩ සටහනේ සම්පූර්ණ ක්‍රියාවලිය රූපමය ආකාරයෙන් දැක්වීම මෙහිදී සිදු කෙරේ...
උදා:- දෙන ලද සංඛ්‍යා දෙකක එකතුව ප්‍රකාශ කිරීම සඳහා ගැලීම් සටහනක් අදින්න
දෙන ලද සංඛ්‍යා දෙක Num01, Num02 ලෙසද, එකතුව Total ලෙසද ගෙන පහත ආකාරයට ගැලීම් සටහන නිර්මාණය කල හැකිය.
පරිගණක ක්‍රම ලේඛණයේදී අදාල ක්‍රියාවලිය පිළිවෙලින් පෙන්නුම් කිරීම සඳහා ගැලීම් සටහන් භාවිතා කරනු ලබයි, අදාල ක්‍රම ලේඛණ ශිල්පියාට ක්‍රමලේඛණය පහසු වෙන පරිදි වැඩ සටහනේ සම්පූර්ණ ක්‍රියාවලිය රූපමය ආකාරයෙන් දැක්වීම මෙහිදී සිදු කෙරේ...
උදා:- දෙන ලද සංඛ්‍යා දෙකක එකතුව ප්‍රකාශ කිරීම සඳහා ගැලීම් සටහනක් අදින්න
දෙන ලද සංඛ්‍යා දෙක Num01, Num02 ලෙසද, එකතුව Total ලෙසද ගෙන පහත ආකාරයට ගැලීම් සටහන නිර්මාණය කල හැකිය.
මෙවැනි රූපමට ආකාරයේ ගැලීම් සටහන් වලට අමතරව ලිඛිත ආකාරයක්ද ගැටළු විසදීම සඳහා පරිගණක ක්‍රමලේඛන වලදී භාවිතා වේ. මෙය ව්‍යාජ කේත ලෙස හදුන්වයි. (pseudo code)
ඉහත ගැටළුවම අපි ව්‍යාජ කේත භාවිතයෙන් විසදා බලමු...(මේ සදහා සාමාන්‍ය ආකාරයට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනු ලබයි)
Start
Input Num01, Num02
Total = Num01+ Num02
Display Total
End
මේ ආකාරයට හැකි තරම් සරල ගැටළු විසදීම සඳහා ගැලීම් සටහන් හා ව්‍යාජකේත භාවිතා කිරීමට උත්සහ කරන්න...(ගැටළු කිහිපයක් පහත සඳහන් කර ඇත)
01. දෙන ලද සංඛ්‍යා 4ක සාමාන්‍ය අගය සෙවීම
02. පළමු අගයෙන් දෙවන අගය අඩු කර පිළිතුර ලබා ගැනීම
03. උපන් දිනය ලබා දුන් විට වර්තමාන වයස ප්‍රකාශ කිරීම
අපොස සා.පෙළ - ගැලීම් සටහන් (පළවෙනි කොටස)
විභාගයට තව දින කිහිපයක් තිබුණද සියළුම පාඩම් සම්බන්ධව විශ්වාසයක් ළමුන් ගෙන් නොපෙනේ, එබැවින් හැකි තරම් දුරට සරලව ආදාල පාඩම් කොටස් ආවරණය කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ....
01. ගැලීම් සටහන් ඇදීම සඳහා භාවිතා කරන මූලික සංකේත හා ඒවායේ කාර්යයන්...
අපොස සාමාන්‍ය පෙළ- පරිගණක වෛරස
01. පරිගණක වෛරසයක් යනු කුමක්ද?
02. පරිගණක වෛරස ප්‍රචාරණය වන ක්‍රමවේද මොනවාද?
03. වෛරස අසාධනය වූ පරිගණකයක් හඳුනාගත හැකි ආකාර මොනවාද?
04. ප්‍රධාන වශයෙන් වෛරස බෙදා වෙන්කල හැකි කොටස් මොනවාද?
05. ලෝකයේ හදුනාගත් වෛරස අතර ප්‍රසිද්ධ නම් කිහිපයක් සඳහන් කරන්න
06. වෛරස ආසාධනය වීම අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
07. සෑම වෛරසයකටම පොදු වූ ක්රියාකාරීත්වයන් මොනවාද?
08. හානිදායක වෛරස නිෂ්පාදනය කරන රටවල් අතර ප්‍රධාන ස්ථානයක් ගන්නේ..
09. වෛරස නිර්මාණ කරුවන් මෙවැනි වෛරස හා එවැනි විනාශකාරී මෘදුකාංග නිර්මාණය කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
10. ප්‍රතිවෛරස මෘදුකාංගයක් යනු කුමක්ද?
11. ඔබ දන්නා ප්‍රසිද්ධ ප්‍රතිවෛරස වැඩසටහන් කිහිපයක් සඳහන් කරන්න.
12. ලොව ප්‍රථම පරිගණක වෛරසය ලෙස හඳුන්වන්නේ කුමක්ද?
13. Trend Micro යනු කුමක්ද?
14. application software සමඟ ව්‍යාප්ත වන වෛරස හඳුන්වනු ලබන්නේ
15. පරිගණකය ක්‍රියාවිරහිත අවස්ථාවකදී පරිගණක වෛරයක් එයට ඇතුළු විය හැකිද?
16. ඉතා භයානක පරිගණක වෛරස ලෙස නම්කල හැක්කේ..
17. ප්‍රතිවෛරස මෘඳුකාංගයකින් නියමිත ආරක්ෂාව ලබා ගැනීමට නම් අප එය භාවිතා කලයුත්තේ කෙසේද?
18. crimeware යනු කුමක්ද?
19. ප්‍රති වෛරස මෘදුකාංග වලට අමතරව පරිගණකයේ ආරක්ෂාව සඳහා යොදන මෘදුකාංග මොනවාද?
20. ප්‍රතිවෛරස යාවත්කාලීන කිරීම ලෙස හඳන්වන්නේ
21.යාවත්කාලීන නෙකරන ලද ප්‍රතිවෛරස මෘදුකාංගයක් මඟින් බොහෝ විට සිදු වනුයේ..
22. නොමිලයේ ලබාදෙන ප්‍රතිවෛරස මෘදුකාංග 3ක සඳහන් කරන්න.
සැ.යු- පිළිතුරු ඉදිරි ලිපියෙන් බලාපොරොත්තු වන්න.
නොමිලේම විශ්ව විද්‍යාල මට්ටමේ දැනුම් සම්භාරයක් ලබා ගැනිීමට " world Best Courses for free" (දැනුම පිපාසාවෙන් පෙලෙන අපි වගේ අයට)
වර්තමානයේ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාගන්න නොයෙකුත් ක්‍රමවේදයන් අපි භාවිතා කරනවා, ඒ අතරින් කෝර්ස්ඒරා (coursera.org) කියන්නේ ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 24ක් පමණ එකට සම්බන්ධ වෙලා නොමිලයේ අවශ්‍ය කෙනෙකුට හැදෑරිය හැකි පරිදි අන්තර්ජාතික මට්ටමේ පාඨමාලාවන් රැසක් ලබා දෙන වෙබ් අඩවියක්,
මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න කිසිම ගාස්තුවක් අය කරන්නෙත් නැහැ, ලියාපදිංචි වීමෙන් පස්සේ අපිට අවශ්‍ය පාඨමාලාව සර්ච් කරලා හොයා ගන්න පුළුවන්, විඩි විස්තර අදාල සයිට් එකට ගිහින් බලා ගන්න පුළුවන්නේ......ඔය පහතින් තියෙන්නේ එයාලගේ Mission එක.. එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ...
Our Mission
Coursera is an education platform that partners with top universities and organizations worldwide, to offer courses online for anyone to take, for free.
We envision a future where everyone has access to a world-class education. We aim to empower people with education that will improve their lives, the lives of their families, and the communities they live in.
පී සී එකට ස්මාර්ට් ෆෝන් එකක් නැතිවම වයිබර් ඉන්ස්ටෝල් කරගමු..(installing Viber without Smart Phone)
01. ඉස්සර වෙලාම කරන්න ඕන Blue-stack කියලා හඳුන්වන ඇප් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරගන්න එක, ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ වර්චුවල් ස්මාර්ට් ෆෝන් එකක් නිර්මානය කරන්න,
03. Blue-stack නිවැරදිව ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාලට පුළුවන් වයිබර් ඇප් එක සර්ච් කරලා හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න
04. වයිබර් ඉන්ස්ටෝල් කරගෙන යද්දී ඉන්ස්ටොලේශන් එක මොබයිල් නම්බර් එක ටයිප් කරන්න අවස්ථාවක් ලැබෙනවා, මෙතනදී කරන්න ඕනේ අපේ සාමාන්‍ය මොබයිල් ෆෝන් එකේ නම්බර් එක ටයිප් කරලා වැඩේ ඉවර කරන එකයි
05. දැන් වයිබර් වේබ් එකට ගිහින් ඔයාලගේ පී සී එකට ගැලපෙන වයිබර් සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල කරගෙන යන්න, මොබයිල් ෆෝන් නම්බර් එක අහද්දී අර අපි කලින් බ්ලුස්ටැක් එකේ වයිබර් ඉන්ස්ටෝල් කරපු නම්බර් එකම දෙන්න
06.වෙරිෆිකේෂන් කෝඩ් එකක් හෝ කෝල් එකක් ඔයාලට ලැබේවි ඒ අදාල කෝඩ් එක භාවිතා කරලා පී සී එකට ඉන්ස්ටෝල් කරපු වයිබර් එක ඇක්ටිව් කරගන්න.
07. දැන් ඔයාලට පුළුවන් ස්මාර්ට් ෆෝන් එකත් නැතත් පී සී එක හරහා වයිබර් තියෙන අයට නොමිලේම කතා කරන්න....
08. මොනවා හරි ගැටළුවක් තිබුනොත් පහලින් ලියන්න.....
Subscribe to:
Posts (Atom)





