දවස් ගානකින් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා. ඒත් ඊයේ උදේ පාන්දරම දකින්න ලැබුනු දේකින් මගේ හිත තරමක් කලකිරුනා, ඒ නිසාම තීරණය කලා මේ පෝස්ට් එක අදම දානවා කියලා. හේතුව වුනේ නොපෙනෙන බලයකට බියෙන් තමන්ගේ ජීවිත සැපවත් කරන්න අමු අමුවේ අහිංසක සතෙක්ව මරා දමා තිබුනා. මේච්චර දියුණු ලෝකයෙත්, දියුණුම ජීවියා වෙලත් මේ වගේ අන්ධ විශ්වාශ ගැන අවබෝධයක් නැතිව මෙවැනි දෑ කිරීම කොයිතරම් පාපයක්ද? අහිංසක සතෙකුගේ ජීවිතය තමන් වෙනුවෙන් බිල්ලට දීම කොයිතරම් දුරට සාධාරණීකරනය කල හැකිදැයි මට තවමත් තේරුම් ගැනීමට අසීරුය, මේ මිහි මත ජීවත් වෙන සියළුම ජීවින්ට ජීවත් වීම පිළිබඳව සමාන අයිතිවාසිකම් ඇත. ඉදින් දියුණුම ජීවියා කොයිතරම් දුරට මෝඩයෙකු තත්ත්වයට පත්වී ඇත්දැයි මට සිතා ගත නොහැක. තමන්ගේ බේරුමට තවත් පාපයක් සිදුකිරීම මේ විශ්වය තුල කොතරම් දුරකට සාර්ථක වේද යන්න පිළිබදව නිවැරදි වශයෙන් කිව හැකිද(කර්ම චක්‍රය තුල)? මා දන්නා තරමින් ප්‍රාණගාතය මහා පවකි, එසේ නම් මෙවැනි දෑ කිරීමේන් තමන්ට සෙතක් ශාන්තියක් උදාවේයැයි සිතන්නේ කෙසේද? දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව පසුවට ලිපියක් ලිවීමට මගේ බලාපොරොත්තුවක් තියනවා ඒ නිසා මේ ලිපියට අදාල පින්තූර ටික මෙතනින්ම එල්ලලා දාලා ඔයාලටම තීරණයක් ගන්න ඉඩ දෙන්නම්....
පින්තුර තරමක් වීශාල කරලා බලන්න, ඔයාලට තේරුම් ගන්න පහසු වේයි මොකක්ද මම කියන්න උත්සහ කලේ කියන එක,,,,,,,
3 comments:
මේ සහෝදරයා ඔයා මේ එක පවක් ගැන කියලා දුක්වෙන්න හදන්නේ... අමතකද?
අර කාලිඅම්මාන් හින්දු කෝවිලේ පහුගිය කාලේ එලුවෝ ප්‍රසිද්ධියේ කුකුල්ලු දහස් ගානක් මරලා දැමිමා...
මේවගේ දේකට දුක්වෙන අය කුකුල් මස් රසකර කර කනකොට නම් දුක් වෙන්නෙ නෑ එකයි අපිට තියෙන දුක
වැඩේ අප්සෙට් තමයි මචන්,.. මොනා කරන්නද,,, මිනිස්සුන්ගේ සිතුවිලි වෙනස් කරන්න අපිට අමරියි මචන්..
ජය..
Post a Comment