අනුන්ගේ කවිය
සිහින ලොබ බැඳ
අරක් ගත් සිත
බලා අවසන
තුටු නොවෙන්නෙමු
පාන හසරැලි
කිමද දෙනුවන
අඟට කදුලැලි
එක්කරන්නේ
නුඹ එපා යැයි
වඳන් පැවසුව
නුඹ මගේ යැයි
සිතම පිළිගෙන
වේදනාවන්
පුරා අවසන
දිනුම පැරදුම
අතර සැගවුන
කාලයෙන් හැම
වැසී ගෙන ගිය
ආදරය යැයි
හඩ නගන්නේ
සලා ඔබේ මුව
මුදා හසැරැලි
නැවත එනු මැන
සිත් අගින්
No comments:
Post a Comment