දවසක් දෙකක් ඉගැන්වීම කරන අතර තුර මෙතුමාට තේරුණා පංතියේ එක ළමයෙක් හැමදාමත් වගේ නිදි කිරා වැටෙනවා, මේක හොඳින් අවබෝධ කරගත්තු අපේ කථානායක ඊළඟ දවසේ හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන කිසිම දඬුවමක් නොදී ඊළග දවසේ බලාගමු කියලා තමන්ටම කියාගෙන පංතියෙන් එලියට බැස්සා.
ඊළඟ දවසෙත් උගන්වන ගමන් අර නිදාගන්න ළමයා ගැන හොද අවධානයෙන් හිටියා. මෙයාට තේරුණා ළමයා ලොකු උත්සහයක් ගන්නව වගේ ඇස් දෙක පියවෙන්න නොදී ඉන්න. ඒත් කිහිප සැරයක්ම මේ ළමයා අසාර්ථක වෙනවා, මේක වෙලාව කරගත් අපේ ගුරුතුමා අසූහාරදාහක තරහක් මවාගෙන ළමයා ලඟට යනවා. මේ යන අතරතුරත් ඔහුට මතක් වෙන්නේ මේ ළමයා ගත්තු උත්සහය ගැන ඒ නිසාම දඬුවම් කරන්න අත උස්සලත් අහිංසකාගේ මූණ දැකලා දුක හිතිලා, ළඟ ඉන්න යාළුවාව පැත්තකට අඩ ගහල ඇහුවලු මේ ළමයාගේ වඟතුග ගැන. ඔන්න ඔය වෙලාවේ තමයි අපේ ගුරුතුමාට පෙරවිපරම කොයිතරම් වැදගත්ද කියලා හිතුනේ, ඇත්තම කතාව නම් මේ ළමයා දුප්පත්කමේ පතුලේම ජීවත්වෙන ළමයෙක්. එක රොටියකින් අක්කයි නංගියි දෙන්නා බෙදාගෙන කාලා පාසැලැට ඇවිත් අනික් ළමයින් කෑම කන වෙලාවට වතුර ටිකක් බීලා හරි හරියට වැඩ කරන ළමයෙක්., ඒත් අන්තිම කාලච්ජේද වල මේ ළමයාට නින්ද ගිහින් තියෙන්නේ හිතාමතාම නොවේ හාමතේ ඉදලා,
පස්සේ ළමයත් එක්ක කතාබහ කරලා අදාල පිළියම් යොදලා තියනවා. ඒත් මේ වෙලාවේ අපේ ගුරුතුමා හැසිරුණු විදිහ ගැන නම් මම ගොඩාක් සතුටු වෙනවා. දඬුවමක් කිරීමට මත්තෙන් යම්තාක් දුරට හෝ ගැටළුව ගැන සොයා බැලීම ඉතාම වැදගත්, මෙවැනි මානසික තත්ත්වයක් නොමැතිව ආවේගශීලී ලෙස ළමුන්ට දඬුවම් කරන සමහරක් ගුරු මහත්ම මහත්මීන්ට මෙය හොද ආදර්ශයක් ලෙස මම දකිනවා.
No comments:
Post a Comment