අනුන්ගේ කවිය


සිහින ලොබ බැඳ
අරක් ගත් සිත
බලා අවසන
තුටු නොවෙන්නෙමු
පාන හසරැලි
කිමද දෙනුවන
අඟට කදුලැලි
එක්කරන්නේ

නුඹ එපා යැයි
වඳන් පැවසුව
නුඹ මගේ යැයි
සිතම පිළිගෙන
වේදනාවන්
පුරා අවසන
දිනුම පැරදුම
අතර සැගවුන

කාලයෙන් හැම
වැසී ගෙන ගිය
ආදරය යැයි
හඩ නගන්නේ
සලා ඔබේ මුව
මුදා හසැරැලි
නැවත එනු මැන
සිත් අගින්

විසදන්න පුළුවන්නම්!

මේකයි සීන් එක ඔය පල්ලෙහායින් තියෙන පින්තුරේ තමයි සිද්ධිය තියෙන්නේ බැලු බැල්මට පේනවා‍නේ මේක ටිකක් ඔය ගණිතය හා සම්බන්ධ වැඩක් කියලා..ඉතින් කට්ටිය ඔය පොඩි කොල කෑල්ලක්,පෑනක් එහෙම අරගෙන සෙට් වෙන්නකෝ, මම දෙන්නම් ගැටළුව...(මේක මගේ ගැටළුවක් නෙමෙයි අපේ නංගී කෙනෙක් මගෙන් ඇහුව ගැටළුවක්)


ඔය ඒ, බී, සී, කියලා නම් කරලා තියෙන්නේ දේවාල තුනක්ලු (දන්නවනේ ඉතින් දේවාල ගැන) ඔය එක්ස් කියන ප්ලේස් එකේ ඉන්න  මෑන් ළඟ යම් කිසි මුදලක් තියනවලු මිනිහා :ඒ: කියන දේවාලෙට යනකොට අතේ තියෙන ගානිත්(මුදලින්) රු.10 කට තට්ටු වෙනවා, හැබැයි දේවාලෙට ගියපු ගමන් අර අතේ තියෙන ඉතිරි ගාන ඩබල් වෙනවලු, හැබැයි ආයෙම එලියට එනකොට අතේ තියෙන අර ඩබල් වෙච්චි ගානෙන් තවත් රු.10කට තට්ටු වෙනවලු, ඊට පස්සේ  :බී: කියන දේවාලෙට යනකොට තව රු.10 ක් යනවලු....ඔය විදියට බී කියන දේවාලෙන් එලියට එනකොටත්  රු.10ක් අඩු වෙනවලු. ආයෙම :සී: කියන දේවාලෙට යන්න රු.10කුත් එලියට එන්න රු.10කුත් වියදම් වෙනවා, හැබැයි තියෙන එකම චාන්ස් එක හැම දේවාලෙකදිම අතේ තියෙන ගාන ඩබල් වෙන එක තමයි.... දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෑන් ඔය දේවාල තුනටම ගිහින් එළියටත් එනවා හැබැයි අතේ රුපියලක්වත් ඉතුරුවෙනනෙත් නැතුව ඉතින් මං අහන්නේ මිනිහා දේවාල වලට යන්න කලින් අතේ රුපියල් කීයක් තිබුණද ? 
හරිම ලේහෙසියෙන් හදන්න පුළුවන්, ඔයාලත් හදලා උත්තරේ කමෙන්ට් එකකටම දාන්නකෝ.....

පරිගණකයෙන් අභ්‍යවකාශයට!

මේ පෝස්ට් එක ලියන්නේ තාරකා විද්‍යාවට ඇළුම්කරන අපේ යාලුවෝ වෙනුවෙන්. ඇත්තටම අපි හරි කැමතියි ඈත අහසේ තියෙන තරු රටා ග්‍රහලෝක ගැන තොරතුරු හොයන්න... අන්න ඒ වගේ අවස්ථාවල භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි stellarium කියලා කියන්නේ.. වැඩිපුර තොරතුරු මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලම බලාගන්න...

මෙවැනිම තවත් සොෆ්ට්වෙයාර්ස් අපිට හොයාගන්න පුළුවන්... මේ පහතින් සඳහන් කරන්නේ එවැනිම තවත් මෘදුකාංග කිහිපයක ලිපිනයන්.. මේවාත් පාවිච්චි කරලා බලන්න අළුත් දෙයක් ලැබුනොත් අපිටත් කියන්න...

Winstars


Star Calc


Open Universe


Shatters 

පන්හිඳෙන් ඉල්ලාගෙන ලියමි.....1


පපුවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන හඩ අහල පහල උන්ට ඇසෙයිදෝ  බියෙන් දෑත් බැඳගත්තෙමි, පාරක් තොටක් නැති වනයක අතරමං වු බවක් මට දැනෙන්නට විය, කෙසේ හෝ මේ දෙය අදම... ඔව්... මේ දැන්ම ඇයට කියන්නට සිත තුල දැඩි ආශාවක් හා උනන්දුවක් විය. නමුත් සියළුදේ පරයා නැගෙන  බිය කෙසේවත් පැරදවිය නොහැකි විය. ජීවිතයේ පලමුවරට පරාජය භාරගන්නට සැරසෙන සෙයක්  දැනෙන්නට විය, කෙමෙන් කෙමෙන් ගෙවී යන කාලය වෙනදට නැති හදිස්සියකින් දිව යන්නාසේය... ඈතින් පියාඹාගෙන යන සියොත් රංචුවක් මා සිටින බව දැන දැනම මාගෙන් බොහෝ ඈත්වී පියාසර කරන බව වුන්ට නොතේරුණද මට වැටහුනි.... පාරදිගේ ගමන් ගන්නවුන් වෙනදට වැඩිය බොහොමත්ම උවමනාවෙන් මා දෙස බලන ආකාරයක්  මගේ සිත තව තවත් අපහසුතාවයට පත්කලේය... කෝ මේ මගේ ලග හිටපු එකා. ඒකත් මගෙන් ඈත්වෙලා රාජකාරියේ නිරතවෙන ගමන්ය... කරකියා ගන්නට දෙයක් නොමැති කල මගේ ඇස් මටත් හොරෙන් ප්‍රතික්‍රියා දක්වන බව මට හැඟුනි, කේසේ වත් ඒ ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රථිපල අන් අයට නොපෙනෙන්න මම වගබලා ගතිමි, ගතවූයේ තවත් නිමේෂයකි....ට්‍රීං...ට්‍රීං .....ට්‍රීං ......... ඉන්ටර්වල් ඉවරයි... ළමයිගේ කෑගිහිල්ලෙන් නැවතත් පියවි ලෝකයට ආවෙමි... මොකද බං උඹ කරන්නේ හැමදාමත් ඔහොමමයි... දැන් ඉතින් වරෙන් පංතියට යමු... ඒ මගේ කල්‍යාන මිත්‍රයාය...මං වෙනුවෙන් ගුරුමණ්ඩලයම භාරගත් එකම රණවිරුවාය... හෙටද ඔහුගේ රාජකාරිය අකුරටම කරන්නට ඔහු පොරොන්දු විය... තවත් උත්සාහයක් මෙලෙස ව්‍යර්ථ විය....

සිංහල අවුරුදු චාරිත්‍ර

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ධ දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 12වෙනි සිකුරාදා අපර භාග 7.20ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය 

අප්‍රේල් මස 13වෙනි සිකුරාදා අපර  භාග 12.56 සිට 14 වෙනි සෙනසුරාදා පුර්වභාග 1.44 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වෙනි සිකුරාදා අපර භාල 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින අපර භාග 7.20 සිට 14 වන සෙනසුරාදා දින පුර්ව භාග 01.44 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි  ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම.

අප්‍රේල් මස 13 වෙනි සිකුරාදා අපර භාග 7.42 ට සුදු මීශු ලා නිල් වස්ත්‍ර යෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද, ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලිද පිළියෙල කරගැනීම මැනවි

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වෙනි සිකුරාද අපරභාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රෙයන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15වෙනි ඉරිදා පුර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඇඹුල් පත්ද පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නනු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 16වෙනි සදුදා පුර්ව භාග 6.22 ට පලාවන් පැහැති වස්ත්‍රයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කොට බටහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 16 වෙනි සදුදා පුර්ව භාග 6.31 ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී කිරිබත් හා තල මිශ්‍ර ආහාරයක් අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වී යෑම මැනවි.

WordPress Address (URL) - වෙනස්වුනොත්....



This is also an experience I had with wordpress.
    I have installed wordpress into a separate location of my hosting service (its means I didn't use the default location to install wordpress and installed them into a new folder called home), and I changed the "WordPress Address (URL)" under general settings  into my web URL by misunderstanding the instruction given by wordpress,  after changed this setting I couldn't access to wordpress site even it didn't allow me to access admin page,  how ever finally I could resolve it using following method

01. Log into your MYSQL database using Phpmyadmin or any other methods provided by hosting service
02. Find your database belongs to Wordpress installation.
03. Open it and trace for the table called "wp_options" and find the field " WordPress Address (URL)" and change it  into previous URL (http://yoursite.com/wordpress)
04. Then save your settings and check your site back,  it should work fine!


ලොව සුපතල සොයා ගැනීම්! (01 වෙනි අදියර)

ලොව සුපතල නව සොයා ගැනීම් කල වැදගත් පුද්ගලයින් සම්බන්ධව ලියැවෙන මෙම ලිපි මාලාව සියළු දෙනාටම ප්‍රයෝජනවත් වේයි කියලා හිතනවා.......



දුරකථනය 
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
( Alexander Graham Bell, (1847–1922), Canada, Scotland, and U.S. – telephone )





ටෙලිග්‍රාෆ් සංකේත
සැමුවෙල් එෆ්.බි මොර්ස්
(Samuel Morse, (1791–1872), U.S.)





ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක්!

 
නෙට් එකේ එහෙට මේහෙට යන කොට වැදගත් කියලා දෙයක් ලැබුනොත් මම ඉස්සරවෙලාම කරන්නේ ඒක මේ බ්ලොග් එකට දාගන්න එක තමයි. ඒ වගේම අදත් ෆේස් බුක් වීඩියෝස් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන් සයිට් එකක් ලැබුනා ... කරන්න ඕන දේවල් ඒ සයිට් එකෙන්ම බලාගන්නකෝ...




Ampara Postal Codes



City
Postal Code
Addalaichenai32350
Akkaraipattu32400
Ampara32000
Bakmitiyawa32024
Central Camp32050
Dadayamtalawa32046
Damana32014
Damanewela32126
Deegawapiya32006
Dehiattakandiya32150
Devalahinda32038
Digamadulla Weeragoda32008
Dorakumbura32104
Galapitagala32066
Gonagolla32064
Hingurana32010
Hulannuge32514
lmkkamam32450
Kalmunai32300