සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2013

ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි  වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!


01. නව සඳ බැලීම.
අප්‍රේල් මස 14  වැනි ඉරු දින නව සඳ බැලීම මැනවි.

02. පරණ අවුරුද්ද සඳහා ස්නානය.
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී ම මැනවි.

03. අළුත් අවුරුදු උදාව.
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 01ග29 ට සිංහල අළුත් අවුරුද්ද උදා වෙයි.

04. පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වෙනි ඉරු දින පූර්ව භාග 07.53 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි දින අපර භාග 07.05 පළමු ආහාර අනුභව කොට සියළු වැඩ අත් හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වෙනි දින පූර්ව භාග 01.29 සිට 07.53 දක්වා පහග දැක්වෙන පරිදි වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයද මැනවි.

05. ආහාර පිසීම.
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 04.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා ගැතෙල් හා හකුරු මිශ්‍ර   කිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

06. වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පුර්ව භාග 07.05 ට තඹ පැහැති (රතු සහ කහ මිශ්‍ර) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය මැනවි.

07. හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 15 වෙනි  සඳුදා පුර්ව භාග 07.42ට කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කොට පළාවන් (කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පිටත් වීම මැනවි.

08. සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 15 වෙනි සඳුදා පුර්වභාග 06.53ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් මිශ්‍ර ආහාරයක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.