අපොස සාමාන්‍ය පෙළ - පරිගණක දෘඩාංග (OL IT- Computer Hardware)

අපොස සා.පෙළ - ගැලීම් සටහන් (දෙවැනි කොටස)

02. ගැටළු විසදීම සඳහා ගැලීම් සටහන් භාවිතා කිරීම

පරිගණක ක්‍රම ලේඛණයේදී අදාල ක්‍රියාවලිය පිළිවෙලින් පෙන්නුම් කිරීම සඳහා ගැලීම් සටහන් භාවිතා කරනු ලබයි, අදාල ක්‍රම ලේඛණ ශිල්පියාට ක්‍රමලේඛණය පහසු වෙන පරිදි වැඩ සටහනේ සම්පූර්ණ ක්‍රියාවලිය රූපමය ආකාරයෙන් දැක්වීම මෙහිදී සිදු කෙරේ...

උදා:- දෙන ලද සංඛ්‍යා දෙකක එකතුව ප්‍රකාශ කිරීම සඳහා ගැලීම් සටහනක් අදින්න

දෙන ලද සංඛ්‍යා දෙක Num01, Num02 ලෙසද, එකතුව Total ලෙසද ගෙන පහත ආකාරයට ගැලීම් සටහන නිර්මාණය කල හැකිය.

මෙවැනි රූපමට ආකාරයේ ගැලීම් සටහන් වලට අමතරව ලිඛිත ආකාරයක්ද ගැටළු විසදීම සඳහා පරිගණක ක්‍රමලේඛන වලදී භාවිතා වේ. මෙය ව්‍යාජ කේත ලෙස හදුන්වයි. (pseudo code)

ඉහත ගැටළුවම අපි ව්‍යාජ කේත භාවිතයෙන් විසදා බලමු...(මේ සදහා සාමාන්‍ය ආකාරයට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරනු ලබයි)

Start
  Input Num01, Num02
  Total = Num01+ Num02
     Display Total
End

මේ ආකාරයට හැකි තරම් සරල ගැටළු විසදීම සඳහා ගැලීම් සටහන් හා ව්‍යාජකේත භාවිතා කිරීමට උත්සහ කරන්න...(ගැටළු කිහිපයක් පහත සඳහන් කර ඇත)

01. දෙන ලද සංඛ්‍යා 4ක සාමාන්‍ය අගය සෙවීම
02. පළමු අගයෙන් දෙවන අගය අඩු කර පිළිතුර ලබා ගැනීම
03. උපන් දිනය ලබා දුන් විට වර්තමාන වයස ප්‍රකාශ කිරීම