A/L වලින් පස්සේ මොනවද කරන්නේ....?

පාසල් ජීවිතය ගැන නොයෙකුත් අත්දැකීම්  අපි හැමෝටම තියනවා, මේකත් ඒ වගේ දෙයක්, පුංචි කාලේ නම් පාසැල ගැන කිසිම ආදරයක් ගෞරවයක් හිතේ නොතිබ්බත්, යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට එද්දී බොහෝ දෙනෙක් පාසලට නොයෙක් ලෙස ආදරය කරන්න සහ ගෞරවයෙන් සලකන්න පටන් ගන්නවා, මේ කාලයේදී පාසල තමා තමන්ගේ පාසල කියන හැඟීම ළමයින්ට එන්නේ, ඉතින් ගුරුවරු කිව්වත් නැතත් පාසලට විය යුතු යුතුකම් බොහොමයක් පාසැල් සිසුන් අතිනුත් සිද්ධ වෙනවා, ඒ වගේම පාසල් අවසාන කාලයේ ඒ කියන්නේ අපේ අ.පො.ස උ/පෙළ කාලෙදී ළමයින්ගේ තියෙන්නේ පුදුම එකමුත් කමක් අඩුම තරමේ වැරැද්දකදීවත් අනිකාව පාවා දෙන තැනට වැඩ කටයුතු කරන්නේ නැහැ, එහෙම කරත් කරන්නේ මෙලෝ වැඩකට නැති එකෙක්....  මේ වගේ බොහොම එකමුතුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන කාලයේ ළමයින්ගේ හිත් වල නොයෙකුත් විදියේ ගැටළු පැන නගිනවා, තරුණ වියට ළගා වීමත් සමඟම හිත්වලට නැගෙන මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න බොහෝ දෙනෙක් තම තමන්ගේ හුඟක් හිතවත් ගුරුවරුන් වෙත නිරායාසයෙන්ම යොමු වෙනවා.... 


                    මෙන්න මෙතනදී ගුරුවරු බොහෝ දෙනෙක් ඒ ළමයිගේ ප්‍රශ්ණ සම්බන්ධව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ, බොහෝ දෙනෙකුගේ පිළිතුර වෙන්නේ, “ම්... දැන් විභාගෙට දවස් කීයද? ඔය මනස්ගාත අතහැරලා දාලා පාඩම් කරන්න.....“  ගොඩක් වෙලාවට ගුරුවරුන් හිතන්නේ මේ වයසේ ළමයින්ට ඇති වන ප්‍රශ්ණ බොහොමයක් කිසිම වැදගැම්මකට නැති ප්‍රශ්න විදිහටයි, මේ හේතුව නිසාම ළමයින් වෙන ආකාර වලින් මේ ගැටළු නිරාකරණය කරගන්න යොමු වෙනවා, සමහර විට මේවාගේ ප්‍රතිඵල බොහෝම දරුණු ඒවා වීමටද පුළුවන්, එසේ වූ අවස්ථාද එමටය... ළමයෙක් විදිහට ඔවුන්ට ඇතිවන ගැටළු සම්බන්ධව කතා කිරීමට පාසල තුල වුවද යම්තාක් දුරට හෝ ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුය, එසේ නොමැති වුවහොත්  දරුවාගේ අධ්‍යාපනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට එම කාරණය ඉවහල් වීටම පුළුවන,  

                 අනික් කාරණය වන්නේ, උසස් පෙළ අවසාන කිරීමෙන් පසුව ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණය, සමහරෙක් නැවත වරක් විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවා විය හැකිය, කොහොමින් කොහොම හරි කැම්පස් මිස් වුනයි කියමුකෝ . ඊට පස්සේ අපේ ළමයින්ට මොකද වෙන්නේ, පාසැල තුලින් ඒ ළමයින්ට යන්න පුළුවන් උපරිම දුර උසස් පෙළ විතරද? දරුවෙකු බිහි කල අම්මට මැරෙනකල්ම දරුවව අයිති නම්, දරුවෙකු යහමගට ගන්න සමාජයට යොමුකරන්න වෙර දැරුව පාසලට ඒ දරුවගේ අයිතියක් නැතිද? මම හිතන්නේ පාසැල තමයි ළමයාව සමාජගත කරන්නේ ඉතින් එතනදී ඒ ළමයාට ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ආදරය කරුණාව නිවැරදිව ලැබුනේ නැත්තම් ඒ ළමයා නොමඟ යන්න තියන අවස්ථාව වැඩියි. ඒ වගේම පාසැල් කාලයෙන් පස්සේ, සමාජය තුල තම අධ්‍යාපන කටයුතු කරගෙන යා යුතු ආකාරය හා ඔවුන් රැකියා සදහා යොමුවිය යුතු ආකාරය සම්බන්ධව පාසල තුලින් යම් කිසි දුරකට හෝ අත්වැලක් ලැබෙනවානම් එය ළමයින්ගේ ජීවිතය ජයගන්න මහත් රුකුලක් වෙයි කියලා මම හිතනවා, 

                 අද සමාජයේ ගොඩාක් ළමයින් ඉන්නවා උසස් පෙළ හොදින් සමත් ඒත් රැකියා නැති, තවත් සමහරු සාමාන්‍ය පෙළ සමත් ඒත් ඊට එහා අධ්‍යාපනයක් ලබලා නැති, ඉතින් මේ වගේ පිරිසක් සමාජය තුල බිහිවන්නට හේතුව කුමක් විය හැකිද? නිවැරදි මඟපෙන්වීමක් තිබුනනම් මේ ළමයිනුත් අද හොඳ රැකියාවක හෝ තමන්ගේම ව්‍යාපාරයක උරුම කරුවන් නොවන්නේද? මෙවැනි ගැටළු රාශියකට පිළිතුරක් සෙවීම ලේසි පහසු කාරණයක් නොවේ, ඉදින් එක් අදහසක් ලෙස පාසල තුලින්ම ළමයාට ලබා දිය හැකි එක් අරමුණක් තිබේ, එනම් උසස්පෙළ කඩඉමෙන් පසුව ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම නිවැරදි ලෙස පාසල තුලින්ම ලබාදීම, මේ සදහා අදාල ගුරුවරුන්ද දැනුවත් කිරීම බොහෝ සෙයින්වැදගත්වේ, ඊට හේතුව වනුයේ අවසන් කඩඉමෙන් පසු ගුරුවරු ළමයින් ඉදිරියේ මවන එකම සිහිනය වන්නේ විශ්වවීද්‍යාලය පමණක්ම වීම,  එකම සිහිනය අහිමි කරගත් ළමයින් තමුන් ජීවිතයද පරාජය වුවා සේ මානසිකව පීඩාවට පත්වේ, මේ මානසික පීඩාව අවම කර ජීවිතය ඉදිරියට ගෙන යා හැකි අනෙකුත් මාර්ග පිළිබඳවද ළමුන් දැනුවත් කර තැබීම කාලෝචිත නොවන්නේද........? 






අවවාදයට වඩා ආදර්ශය උතුම්ය!

මේක මේ අපේ පළාතේ පාසැලක හැබෑවටම සිද්ධ වුනු කතාවක් ඇත්තම නම් ගම් භාවිතා නොකර කෙටියෙන්ම කතාව කියන්නම්, මේක බාලිකා විදුහලක වුනු සිද්ධියක්

දිනක් උදය රැස්වීම අතරතුර ශිෂ්‍යාවකගේ කතාවක් යෙදී තිබිණ. නමුත් නියමිත ශිෂ්‍යාව එදින පාසැල් නොපැමිණිම හේතුවෙන්, එතැනට පැමිණි ගුරුවරිය.


හ්ම්! අද ඒ ළමයා ඇවිත් නැති නිසා වෙනත් ළමයෙක්ට  අවස්ථාව දෙනවා, ඉක්මණට වේදිකාවට නැඟලා මොනව හරි වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්ට ඕනෑ....තමුසෙලා කොහොමත් කතාවට දස්සයිනේ නේද? 


ඒත් කිසිම පෙර සූදානමක් රහිත ළමයි නිහඩ විය, 


හා එහෙනම් හංසි  එන්න ඉස්සරහට, ආයේ ඕකට අමුතුවෙන්න ලෑස්ති වෙන්න දෙයක් තියෙනවයැ, අනික ඔය පන්තියේ ඕන තරම් කෑගහන්නේ, තමුසෙලට මෙතන තමයි කතා කරන්න බැරි නේද?


පාසැලේ 11 වසරේ ඉගුනුම ලැබු හංසි, හිටි හැටියේ ගුරුවරියගෙන් ලැබුණු ආරධනාව ප්‍රතික්ෂේප කිරීමේ අරමුණක්  නොවීය. නමුත් මේ ආරාධනය සම්බන්ධව ගුරුවරියගේ ........... මතක් වු බවක්ද පෙනින, කෙසේ හෝ වේදිකාව මතට පැම්ණි ඇය, සියළුම නිළ තල වලින් අසවර අරගෙන තම ඉන්ස්ටන් කතාව පටන් ගත්තාය, 


               ඇත්තටම මම අද කිසිම සූදානමක් නැතිවයි මේ කතාව කියන්නේ, ඒ නිසා යම් යම් මඟ හැරීම් අඩු පාඩු තියෙන්ට පුළුවන් ඒ ගැන සමාවෙන්න, මම අද කතාකරන්නේ , අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන පාඪය මුල් කරගෙනය, ඇත්තටම කියනවනම් අවවාදය යනු හුදෙක් එක් වචනයක් පමණකි, නමුත් ක්‍රියාව හෙවත් ආදර්ශමත් වීම සර්ව සම්පුර්ණ මඟ පෙන්වීමකි, 
මේ කතාව අපිට අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාමත් කියනවා, ඇත්තටම අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕන මෙවැනි දෑ අපේ ජීවිත වලට එකතු කිරීම සම්බන්ධව 


(කතාවට සාවධානව ඇහුම්කන් දුන් ගුරු මහත්ම මහත්මීන් හිස ඉදිරියට වනමින් පුංචි ආඩම්බරකාර හිනාවක් මවා ගත්හ)


උදාහරණයක් ලෙස, ම්....... ඔව් මම අපේ පාසැලේන්ම පටන් ගන්නම්.....අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාම අපිට කියනවා ලන්ච් ෂීට් වල කෑම ඔතාගෙන එන්න එපා කියලා, ඇත්තටම ඒ කතාව හරි එහෙම වුනොත් අපේ පරිසරය දූෂණය වෙනවා, මම හිතන්නේ දැන් අපේ ළමයි කවුරුවත් ලන්ච්ෂීට් වල කෑම ගෙන්නේ නැහැ, 


(ගුරු මහත්ම මහත්මීන්ද හිස වනා ඒ අදහස අනුමත කලාය, අනික් ළමන්ටද නිශ්ශබ්ධ වෙන ලෙස සංඥාද ලැබිණ, මේ අතර එක් ගුරුවරියක් මේ ළමයා හැබෑම දක්ෂයි නේද? යැයි අසල සිටි අනික් ගුරුවරියට පැවසීම, ඇයද ඒ කතාවට හිස සැලීමෙන්ම එකඟ විය)


ඒත් අපේ පාසැලේ කාමර අවට තවමත් සත්තු ඇදලා ගෙනත් දාන ලන්ච්ෂිට් තියෙනවා, ඩස්බින් වල ලන්ච්ෂිට් තියෙනවා, අපි හැමෝම  ලන්ච්ෂිට් ගේන්නේ නැත්තම් මේවා කොහොමද පාසැල ඇතුලට දැන් එන්නේ, 




(සියළුම දෙනා නිශ්ශබ්දය!)


ඇත්තටම මට කියන්න කණගාටුයි අපිට නිවැරදි මඟ පෙන්වන අපේම සර්ලා ටීචර්ස්ලා, එයාලගේ දූ දරුවෝ තවමත් කෑම ගෙන්නේ ලන්ච්ෂිට් වල,බොරුවක් නම් අද ඉන්ටර්වල් එකට ඔයාලටම බලාගන්න පුළුවන්, 


(තරමක් කලබලයට පත් ගුරු මහත්ම මහත්මීන් ඇඹෙරෙමින් කල්පනා කරමින් කරකියා ගතනොහී සිටියහ)


අනිත් කාරණය තමයි, අපිට උදේට පෝළිම් ගැහිලා පන්සිල් කියන්න කියන අපේ ගුරුවරු කවදාවත් පන්සිල් කියනවා මම දැකලා නැහැ, 


අපි පන්සිල් කියද්දී අපි හැමදාමත් දකින්නේ, එයාලා එකතුවෙලා කතාකර කර ඉන්න හැටි, මම මෙහෙම කියන්නේ හිතේ තියෙන තරහක් නිසා නෙමේ,  අපේ ගුරුවරු අපිට උගන්වන අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන කතාව අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියන එක ඔයාලා හැමෝටම මතක් කරලා දෙන්න,

කතාව සාර්ථකව අවසන් කරපු අපේ ශිෂ්‍යාව අත්පොළසන් හඩ මැද වේදිකාවෙන් බැස ආවේය, 


කතාවට සාවදානව ඇහුම්කන් දුන් ගුරුවරියන්ගේ මුහුණු තරහෙන් පුපුරු ගසන්නට විය, නමුත් ඒ අතර වුන් නිහතමානි ගුරුවරියක් ඉදිරියට පැමිණ තමන්ගේ වැරදි පෙන්වා දුන් එම ශිෂ්‍යාවට ස්තුති කර රැස්වීම අවසන් කලේය, 


       එදා පාසැලේ සමහර ගුරුවරියන් පන්ති වල ඉගැන්වීම් කටයුතු වලින් පවා වැලකී සිටි අතර, ඇතෙමෙක් ඇයව පාසැලෙන් ඉවත් කල යුතු බව පැවසීය, නමුත් වැරැද්ද තමන් පිට තියාගෙන අනුන්ගෙන් පළි ගැනීම ගුරුවරයෙකුට නොවටිනා දෙයක් බව එතැන වුන් තවත් එක් ගුරුවරයෙක් පැවසීය, කේසේ හෝ ළමුන්ටනම් මෙය මහත් සතුටට කාරණයක් විය, තමන්ගේ අදහස් ප්‍රකාශ කරගැනීමට නොහැකිව ළතැවෙන වුන්ට, මේ ශිෂ්‍යාවගේ කතාව ආදර්ශයක් සේම අවවාදයක්ද විය..................


සැ.යු :- මෙම කතාව සත්‍ය වශයෙන්ම අම්පාර ප්‍රෙදේශයේ පාසැලක් තුල සිදුවු කතාවකී.

අවිනීත ගුරු........ විනීත සාරිය!

ෆර්ම් කරලා කළු කරපු කොට කොණ්ඩය
මාලේ පේන්න කියලා
බොක්කුව ෆෝකස් කරපු හැට්ටය,
කොඳුනාරටියේ ඇට ගණන් කරන්ට හැකි
ලෙස පිට පටිද කපා ඇත,
රජ කල තන පටය සිහිගන්වන
උදාහරණය,
අහවල් එකට ඩිංගක් උස්සලා ඇදපු සාරිය,
නාභිය පේන ගානට හීන් කරලා දැම්ම සාරිපොට,
පස්ස ඉස්සෙන්න එක්ක දාපු හීල් එක,
ලොක්කට ටෙක්ස්ට් කරන්න අතේම රැඳුනු
මොබයිලය,
අනේ අද දූ දරුවෝ කොතරම් වාසනාවන්තද
ලබන්නට මෙවන් ............................. ?
හැබෑටම මොඩ් වුනු...........

ඇත්තටම අපි

කෙදිනකවත් නොදැක හිටිය අපි,
එක් දිනකදී මුණ ගැහුණා,
හුඟාක් කල් අඳුරගෙන හිටියා වගේ
එකිනෙකා ළගට ‍වෙලා ඔහේ කතා කර කර හිටියා.
වේලාව යනවා දැනුනෙවත් නැහැ,
ජීවිතේ අඳුරු පිටු එකින් එක පෙරලලා මම උඹට කිව්වේ,
මගේ ළඟ උඹ වෙනුවෙන් ආදරයක් නැහැ,
මට ඕන හැමදාමත් තනියම ජීවත් වෙන්න ඕන කියන වදන් ටික,
ඒත් කිසි දෙයක් තෙරුම් නොගත්තු උඹ
මැටි ගොඩක් වගේ හිතුවේ මම උඹට ඇත්තටම ආදරේ කරනවා කියලා,
ඇත්තටම උඹෙන් ඈත් වෙලා යනකල්ම
මම හිතුවත් මම උඹට ආදරේ නොකර ජය ගත්තා කියලා,
ඒ ආඩම්බර කම හිතේ තියාගෙන එක දවසක් මට ඉන්න බැරි වුනා,
මටත් හොරෙන් උඹ මගේ හිත දිනාගෙන ඒත් උඹ දන්නේ නැහැ,
මම පරාජය වුනු බව මගේම ජීවිතයට.....