ජීවිතයට ජීවිතයක්(සැප විදින්න පවු කිරීම)

‍දවස් ගානකින් පෝස්ට් එකක් දාගන්න බැරි වුනා. ඒත් ඊයේ උදේ පාන්දරම දකින්න ලැබුනු දේකින් මගේ හිත තරමක් කලකිරුනා, ඒ නිසාම තීරණය කලා මේ පෝස්ට් එක අදම දානවා කියලා. හේතුව වුනේ නොපෙනෙන බලයකට බියෙන් තමන්ගෙ‍් ජීවිත සැපවත් කරන්න අමු අමුවේ අහිංසක සතෙක්ව මරා දමා තිබුනා. මේච්චර දියුණු ලෝකයෙත්, දියුණුම ජීවියා වෙලත් මේ වගේ අන්ධ විශ්වාශ ගැන අවබෝධයක් නැතිව මෙවැනි දෑ කිරීම කොයිතරම් පාපයක්ද? අහිංසක සතෙකුගේ ජීවිතය තමන් වෙනුවෙන් බිල්ලට දීම කොයිතරම් දුරට සාධාරණීකරනය කල හැකිදැයි මට තවමත් තේරුම් ගැනීමට අසීරුය, මේ මිහි මත ජීවත් වෙන සියළුම ජීවින්ට ජීවත් වීම පිළිබඳව සමාන අයිතිවාසිකම් ඇත. ඉදින් දියුණුම ජීවියා කොයිතරම් දුරට මෝඩයෙකු තත්ත්වයට පත්වී ඇත්දැයි මට සිතා ගත නොහැක. තමන්ගේ බේරුමට තවත් පාපයක් සිදුකිරීම මේ විශ්වය තුල කොතරම් දුරකට සාර්ථක වේද යන්න පිළිබදව නිවැරදි වශයෙන් කිව හැකිද(කර්ම චක්‍රය තුල)? මා දන්නා තරමින් ප්‍රාණගාතය මහා පවකි, එසේ නම් මෙවැනි දෑ කිරීමේන් තමන්ට සෙතක් ශාන්තියක් උදාවේයැයි සිතන්නේ කෙසේද?  දීර්ඝ වශයෙන් මේ සම්බන්ධව පසුවට ලිපියක් ලිවීමට මගේ බලාපොරොත්තුවක් තියනවා ඒ නිසා මේ ලිපියට අදාල පින්තූර ටික මෙතනින්ම එල්ලලා දාලා ඔයාලටම තීරණයක් ගන්න ඉඩ ‍දෙන්නම්....