Securely Erase your Data (ආරක්ෂිතව ඔබේ දත්ත ගබඩා මාධ්‍ය වලින් ඉවත් කරමූ)

අපි භාවිතා කරන පෙන් ඩ්‍රයිව්ස්, චිප්ස්, හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් වගේ ගබඩා මාධ්‍ය වල අපි තැන්තපන් කරන දත්ත  ඉවත් කලද නැවත ඒවා සම්පුර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් ලබාගත හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.. නොදන්නවා නම් ඒ සම්බන්ධව විස්තරාත්මක ලිපියක් පසුව පලකිරීමට බලාපොරොත්තු වෙමි. 

බොහොමයක් දෙනා යාළුවන්ගේ කැමරා, ලැප්ටොප් පරිගණක, මෙමරි චිප්ස් වගේ දේවල් වලට තමන්ගේ අතිශය පුද්ගලික දත්ත තාවකාලිකව හෝ ඇතුලත් කරනවා අපි ඕන තරම් දැකලා තියනවා, ඒත් ඔබ මොහොතකටවත් සිතුවාද මෙම දත්ත නැවත වෙනත් කෙනෙකුට අවශ්‍යනම් ලබා ගත හැකි බව.... එය එසේමය තාක්ෂණය සම්බන්ධව දැනුමක් තියෙන ඔනෑම කෙනෙකුට මෙම දත්ත නැවත ලබාගත හැකිය.. මේ හේතුව නිසා ඔබ ආරක්ෂාකර තබාගත් ඒ අදාල ගොනු තවකෙකු අතට පත්වීම වැලැක්විය නොහැකියි... නමුත් සී ක්ලීනර් කියන මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට පුළුවන් කාටවත් ලබා ගැනීමට නොහැකි පරිදි අපි ඩිලිට් කල ෆයිල්ස් ෆෝල්ඩර්ස් විනාශ කරලා දාන්න... 

භාවිතා කිරීමේදී තමන්ට අවශ්‍ය ඔප්ෂන්ස් අදාල ලෙස සකස් කිරීමට මතක තබාගන්න..එහෙම නොවුනොත් වටිනා කියන ඔබේ දත්ත ස්ථිර වශයෙන්ම ඉවත්වෙලා යාවි...





Remove Empty Directories (හිස් ෆෝල්ඩර්ස් ඉවත් කරමු)

පරිගණක භාවිතා කරන බොහොමයක් දෙනා අතර තියෙන ප්‍රශ්ණයක් තමයි හිස් ෆෝල්ඩර්ස් යම් යම් හේතු මත අපි අතින් හෝ වෙන යම් ක්‍රමයකින් නිර්මාණය වී හාර්ඩ් ඩිස්ක් එකේ අපි බලාපොරොත්තු වෙන කලමණාකාරීත්වය නොමැති වීම...


මේ නිසා මොනවාහරි ෆෝල්ඩර් එකක් හොයන්න ගියාම සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා අදාල ෆෝල්ඩර් එක සොයා ගැනීමට... මෙවැනි නොයෙකුත් හේතු වලට ප්‍රතිකර්මයක් විදියට එම්ටි ෆෝල්ඩර් රිමූවර් සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න පුළුවන්... මෙමගින් අපි ලබා දෙන ඕනෑම ඩ්‍රයිව් එකක එම්ටි ෆෝල්ඩර්ස් සර්ච් කරලා අපේම අවශ්‍යතාවය මත පරිගණකයෙන් ඉවත් කරලා දාන්නත් හැකියාව තියනවා..

පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..

Gather Information about hardware and software configuration of your computer - ඔබේ පරිගණකය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා ගනිමු...

පරිගණක සමග වැඩ කරන අපිට ඉතාම වැදගත් මෘදුකාංගයක් තමයි වින්ඔඩිට්, මෙමගින් පරිගණකයේ සියළුම හාර්ඩ්වෙයා, සොෆ්ට්වෙයා සහ සකස්කිරීම් සම්බන්ධව විස්තරයක් ලබා ගන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි මේ ලබාගත් විස්තරය කිසිම කරදරයකින් තොරව පෝර්ටබල් ඩොක්ස් විදිහට එක්ස්පෝර්ට් කිරීමේ හැකියාව, එහෙම නැත්නම් ඊ-මේල් කිරීමේ පහසුකම, තමන්ගේ ආයතනයේ හෝ පරිගණක විද්‍යාගාරයේ පරිගණක ගණනය කිරීම් වලදී මෙම මෘදුකාංගය ඉතා කාර්යක්ෂම ලෙස ඒ කාර්යය ඉටු කර ගැනීමට භාවිතා කල හැක... නොමිලයේම ලබාදෙන සොෆ්ට්වෙයාර් එකක් නිසා කැමති කෙනෙක්ට ඩවුන්ලොඩ් කරගෙන නිදහසේ භාවිතා කරන්න පුළුවන්... 

පහත ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න..

How to Get Serial Numbers for RAM, Motherboard, HDD, CD Rom, පරිගණකයේ ප්‍රධාන කොටස් වල සීරියල් නම්බර් බලාගන්න පහසු මගක්

පරිගණකයේ මූලික කොටස් වල සීරියල් නම්බර්ස් ඉක්මනින් බලාගන්න පුළුවන් පහත සඳහන් කමාන්ඩ්ස් භාවිතා කරලා, සීරීයල් නම්බර් වල තියෙන වැදගත් කම මොනවද කියලා පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා, ඩොස් වලට ගිහින් පහත සඳහන් විධානයන් භාවිතා කරලා බලන්න ඒ ඒ ඩිවයිස් එකට අදාල නම්බර්ස් ලැබෙනවද කියලා එහෙම ලැබෙනවානම් ඉතින් වැඩේ සාර්ථකයි.....



serial number of RAM chips
wmic memorychip get serialnumber

serial number for hard disks
wmic diskdrive get serialnumber

serial number for mother boards
wmic baseboard get serialnumber


Serial number for cdRom Drive
wmic cdrom where drive='d:' get SerialNumber
*Replace ‘d:’ with the drive letter of Your Cd Rom or Drive

Scratch 1.4 (පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයට)


Scratch 1.4 යනු පරිගණක ආශ්‍රිත ඇනිමේෂන්, ගේම්ස් සහ කාර්ටූන් නිර්මාණය සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංගයකි, නොමිලයේ ලබාදෙන මෙමගින් කුඩා ළමුන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් කල හැකිය.

වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කර ඇති මේම මෘදුකාංගය හරහා ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම, පරිගණක භාෂා වල මූලික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක්  ලබා ගත හැකිය. නොමිලයේ මෙම වෙබ් අඩවියේ නිර්මාණය කරගන්නා ගිණුමක් ආධාරයෙන් අනිකුත් පුද්ගලයන්ගේ නිරෟමාණ අත්හදා බැලීමටද හැකියාව ලැබේවි.

Toshiba Satellite L640 BIOS Setup Issue( BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එකට විසඳුමක්)

වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරලා  තිබුන ලැප් එකේ හිටි හැටියෙම බූට් වෙන්නේ නැතිව ගියා. ඒ මදිවට ලොකුම ගැටළුව ආවේ BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එක. දන්න කියන හැම කී එකක්ම ප්‍රෙස් කලා ඒත් වැඩක් වුනේ නැහැ.. අන්තිමට ගූගල් කරල කරලා යන්තම් පිළියමක් හොයාගත්තා ... හැබැයි හරිම සරලයි ..  ලැප් එක් පවර් ඕෆ් කරලා ඔන් කරන්න කලින් එෆ් 2 කී එක ප්‍රෙස් කරගෙන ඉන්න... ඒක තමයි සිම්පල් ක්‍රමය අවශ්‍යතාවයක් ඇති වුනොත් උත්සහ කරලා බලන්න...

Hold down the F2 key and then power-on the computer

වින්ඩෝස් වර්චුවල් පී සී - Windows Virtual PC

අළුතින්ම නිකුත් වන වින්ඩොස් සංස්කරණත් එක්ක හරි හරියට ඉදිරියට නොයන සමහර මෘදුකාංග සහිත පරිගණක සඳහා විසදුමක් විදියට මයික්‍රොසොෆ්ට් සමාගම මගින් හඳුන්වාදුන් වැදගත් මෘදුකාංගයක් තමයි  Windows Virtual PC මෙමගින් වින්ඩොස් 7 ස්ථාපිත පරිගණකය තුල වින්ඩොස් එක්ස් පී වගේ සංස්කරණ ස්ථාපිත කරගන්න පුළුවන්.


Windows Virtual PC 

මේ සඳහා පරිගණකය සතු අවම සම්පත් ප්‍රමාණය පහත පරිදි වෙනවා..
Supported Operating System
Windows 7
    • Processor: Intel®, AMD®, VIA® processors capable of hardware-assisted virtualization, with the setting turned on in the BIOS.
    • Memory: 2GB of memory recommended.
    • Hard disk requirement: 20MB hard disk space for installing Windows Virtual PC.

    ඔය කියන පහසුකම් සහිත පරිගණකයක කිසිම අපහසුතාවයකින් තොරව මේ මෘදුකාංගය ධාවනය කරන්න පුළුවන්... මේ කරන්න ඕන විදිය මම සරලව දක්වන්නම්, ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් පහත් ලින්ක් එකට ගිහින් මයික්‍රොසෝෆ්ට් සයිට් එකෙන්ම බලාගන්න පුළුවන්....

    01. මේ ලින්ක් එක ක්ලික් කරලා Windows Virtual PC බාගත කරගන්න...(තමන්ගේ වින්ඩොස් සංස්කරණයට ගලපෙන මෘදුකාන්ය ලබාගන්න) සැ.යු - ඩවුන්ලෝඩ් කිරීමේදී Windows Genuine Advantage පරීක්ෂා කිරීමටද ඉඩදීමට සිදුවේ. නමුත් අවශ්‍යනම් වෙනත් අඩවියක් හරහා ගැටළුවක් නොමැතිව මේ මෘදුකාංගය ලබා ගත හැක
    02.ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ අදාල ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න ...
    03. අදාල මෘදුකාංගය ස්ථාපිත කිරීමෙන් පසුව පරිගණකය රිස්ටාර්ට් කරන්න. 
    04. ස්ටාර්ට් මෙනුව හරහා Windows Virtual PC ලෝඩ් කරගත හැකිය...
    පහත ලින්ක්ස්  හරහා මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගත හැකිය 
Install and use Windows XP Mode in Windows 7
Windows

Windows XP Mode 

 එක්ස් පී සඳහා

වින්ඩොස් 7 බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදා ගන්න පහසුම විදියක්....

පරිගණකයකට වින්ඩොස් 7 ඉන්ස්ටෝල් කිරීමේදී ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මෙම ක්‍රමය සීඩී/ඩීවීඩී දාවක නොමැති පරිගණකයන් සඳහා මහත් රුකුලක් වනු ඇත... මේ සඳහා අවශ්‍ය මූලික සොෆ්ට්වෙයා එක මයික්‍රොසොෆ්ට් සමාගමේම වෙබ් අඩවියෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...


Windows 7 USB/DVD download tool

අදාල සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉවර අදාල උපදෙස් අනුව පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.. මෙමගින් බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හෝ ඩීවීඩී එකක් ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැක, (අදාල ලින්ක් එක මඟින් සියළු තාක්ෂණික විස්තර ලබා දී ඇත)


සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර 2013

ලබන්නා වූ නව වසර සාමය සතුට පිරි  වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!


01. නව සඳ බැලීම.
අප්‍රේල් මස 14  වැනි ඉරු දින නව සඳ බැලීම මැනවි.

02. පරණ අවුරුද්ද සඳහා ස්නානය.
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී ම මැනවි.

03. අළුත් අවුරුදු උදාව.
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 01ග29 ට සිංහල අළුත් අවුරුද්ද උදා වෙයි.

04. පුණ්‍ය කාලය.
අප්‍රේල් මස 13 වෙනි සෙනසුරාදා අපර භාග 07.05 සිට අප්‍රේල් මස 14 වෙනි ඉරු දින පූර්ව භාග 07.53 දක්වා පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වෙනි දින අපර භාග 07.05 පළමු ආහාර අනුභව කොට සියළු වැඩ අත් හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් 14 වෙනි දින පූර්ව භාග 01.29 සිට 07.53 දක්වා පහග දැක්වෙන පරිදි වැඩ අල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවයද මැනවි.

05. ආහාර පිසීම.
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පූර්ව භාග 04.06ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිණි මොළවා ගැතෙල් හා හකුරු මිශ්‍ර   කිරි බතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

06. වැඩ ඇල්ලීම ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය.
අප්‍රේල් මස 14 වෙනි ඉරිදා පුර්ව භාග 07.05 ට තඹ පැහැති (රතු සහ කහ මිශ්‍ර) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියළු වැඩ අල්ලා ගනු දෙනු කොට ආහාර අනුභවය මැනවි.

07. හිස තෙල් ගෑම.
අප්‍රේල් මස 15 වෙනි  සඳුදා පුර්ව භාග 07.42ට කිරිබත් සහ හකුරු මිශ්‍ර ආහාරයක් අනුභව කොට පළාවන් (කොළ) පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පිටත් වීම මැනවි.

08. සේවා අවශ්‍යතා සඳහා පිටත්ව යෑම.
අප්‍රේල් මස 15 වෙනි සඳුදා පුර්වභාග 06.53ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් මිශ්‍ර ආහාරයක් අනුභව කොට නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.

තනිකමට ලියැවුනු කවි.....


Problem Steps Recorder (පරිගණකෙය් ගැටළු පැහැදිලිව වාර්ථා කරන්න)

පරිගණකයත් ඒක්ක වැඩ කරෙගන යනෙකාට තමයි ෙවිවිධ ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ, මේවායින් බොහෝමයක් ඒවා අපිට අන්තර්ජාලයේ උදව් උපකාර අරගෙන විසඳාගන්න පුළුවන්, ඒත් ඒ අතර ඇතිවන සමහර ගැටළු විස්තර කිරීම පවා ඉතාම අසීරුයි, අන්න ඒ වගේ වෙලාවට අපිට පුළුවන් වින්ඩොස් සමඟ ලැබෙන Problem Steps Recorder කියන ටූල් එක භාවිතා කරලා අදාල ගැටළුව සහ ඊට අදාල ස්ක්‍රීන්ෂොට්ස් ඔක්කොමත් එක්ක අපේ දන්න කියන යාළුවෙක්ට හරි ෆෝරම් එකකට හරි පබ්ලිෂ් කරන්න. 
එහෙම පැහැදිලිව ගැටළුවක් ඉදිරිපත් කරන්න පුළුවන් කම තියාගෙනත් අපේ සමහර පුද්ගලයින් ස්ටෙප් එකින් එක සදහන් කරනවා වෙන වෙනම ඒත් ඒක ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. ඒ නිසා මීට පස්සේවත් ගැටළුවක් ඉදිරිපත් කරන කොට ඒක ඇතිවෙන අවස්ථාව දක්වා පියවර ටික මේ ටූල් එක භාවිතා කරලා රෙකෝඩ් කරගන්න, මෙහි අවුට්පුට් එක ලැබෙන්නේ zip ෆෝර්මැට් එකෙන්, මේක මේ විදියටම අදාල කෙනාට ඊ මේල් කරන්නත් පුළුවන්, මේ ෆයිල්ස් ඕපන් වෙනනෙත් වෙබ් බ්‍රව්සර් එකක් හරහා නිසා වෙනත් මෘදුකාංගයක සහය අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩේ කරන්න ඕන කොහොමද කියන එක බිල් අය්යලාගේ සයිට් එකේ තියනවා, මම අදාල කරුණු ඒ සයිට් එකෙන්ම අරං දාන්නම්, ට්‍රයි කරලා බලන්න.

To record and save steps on your computer

  1. Open Problem Steps Recorder by clicking the Start button Picture of the Start button, and then typing psr. In the list of results, click psr.
  2. Click Start Record. On your computer, go through the steps on your computer to reproduce the problem. You can pause the recording at any time, and then resume it later.
  3. Click Stop Record.
  4. In the Save As dialog box, type a name for the file, and then click Save (the file is saved with the .zip file name extension).
    To view the record of the steps you recorded, open the .zip file you just saved, and then double-click the file. The document will open in your browser.

To send the problem steps in e‑mail

  • After recording and saving a .zip file, click the help down arrow Picture of help down arrow, and then click Send to E‑mail recipient. This will open an e‑mail message in your default e‑mail program with the last recorded file attached to it.

    Note

    • You won't be able to click the Send to e‑mail recipient option until you've recorded and saved a file.

To annotate problem steps

  1. Open Problem Steps Recorder by clicking the Start button Picture of the Start button, and then typing psr. In the list of results, click psr.
  2. Click Start Record.
  3. When you want to add a comment, click Add Comment.
  4. Use your mouse to highlight the part of the screen that you want to comment on, type your text in the Highlight Problem and Comment box, and then click OK.
  5. Click Stop Record.
  6. In the Save As dialog box, type a name for the file, and then click Save.
    To view the record of the steps you recorded, open the .zip file you just saved, and then double-click the file. The document will open in your browser.

To adjust settings

When you adjust settings for Problem Steps Recorder, they're only saved for your current session. After you close and reopen Problem Steps Recorder, it will return to the regular settings.
  1. Open Problem Steps Recorder by clicking the Start button Picture of the Start button, and then typing psr. In the list of results, click psr.
  2. Click the help down arrow Picture of help down arrow, and then click Settings.
  3. You can change the following settings for Problem Steps Recorder:
    • Output Location. If you don't want to be prompted to save a file after recording, click the Browse button to set a default output file name.
    • Enable screen capture. If you don't want to capture the screen shots along with the click information, select No. This might be a consideration if you are taking screen shots of a program that contains personal information, such as bank statements, and you are sharing the screen shots with someone else.
    • Number of recent screen captures to store. While the default is 25 screens, you can increase or decrease the number of screen shots. Problem Steps Recorder only records the default number of screen shots. For example, if you took 30 screen shots during a recording but only had 25 screen shots as the default, you would be missing the first five screen shots. In this case, you would want to increase the number of default screen shots.

Windows Snipping Tools (වින්ඩෝස් ස්ක්‍රීන් කැප්චර් ටූල් )

මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් 7 භාවිතා කරන බොහෝ දෙනා නිතරම භාවිතා නොකරන ටුල් එකක් වන Snipping Tool ඇත්ත වශයෙන් පරිගණක ආශ්‍රිත බොහෝ ක්‍රියාකාරකම් සඳහා භාවිතා කල හැකිය. උදාහරණයක් ලෙස පරිගණකයේ දිස්වන නොදන්නා මැසේජ් එක්ක තවත් කෙනෙක්ට මේල් කිරීමට, යම් යම් නිර්මාණයන්හිදී ඒ අදාල තිරය ඒ ලෙසම ප්‍රසන්ටේශන් එකට ලබාගැනීම වැනි නොයෙකුත් අවශ්‍යයතා සඳහා වෙනත් මෘදුකාංග භාවිතයකින් තොරව මෙය උපයෝගී කරගත හැකිය. භාවිතාකිරීමද ඉතා පහසුවෙන් කල හැක.
Picture of the snipping tool
භාවිතා කිරීම සම්බන්ධව මයික්‍රොසොෆ්ට් සමාගමෙන්ම නිකුත් කල ලිපිය මේ සමගම පල කරන්නම් මොකද වඩාත් පැහැදිලි ලෙස එහි කරුණු අන්තර්ගත කර තිබෙනවා..
අදාල වැඩ සටහන ක්‍රියාත්මක කරගැනීමට
01. Start  ---> in Search box type "Snipping Tool" ---> Enter

දඬුවමට පෙර!

අපේ පාසැල් කාලය තුල අපි ලබපු අත්දැකීම් තුලින් අපි ජීවිතය ගොඩාක් හදාගන්නවා, ඒ වගේ පාසැල් කාලය පුරාවට අපිත් එක්ක රැඳුණු අපේම ආදරණිය ගුරුභවතුන් අපිට නිවැරදි මඟ පෙන්වමින් යහ මඟට ගැනීමට කල උත්සහයට අපි හැමදාමත් ස්තූති වන්ත වෙනවා.  ඒ වගේම මේ කතා කරන්න යන්නෙත් පාසැල් භුමිකාව තුල අපේ හිතවත් ගුරුභවතෙක් මුහුණ දුන් එක් සිදුවීමක් සම්බන්ධවය.
අපේ මේ කථානායකයා අපිට හමුවෙන්නේ දුෂ්කර රජයේ පාසැලක සේවය කරන කාලයේදී. මේ කාලයේදී මේ උත්තමයට භාරදීලා තිබුණේ 11 ශ්‍රේණිය පංතිය. හැබැයි අපේ උත්තමයගේ සබ්ජෙක්ට් එක වෙලා තිබුණේ ඉංගිලිසි, දන්නවනේ මේවගේ පාසැලක ඉංගිලිසි වැනි භාෂාවක් ඉගැන්වීම කෙතරම් ලේසි පහසු කාර්යක්ද කියලා. ඉතින් අපේ ගුරුතුමත් මේක අභියෝගයක් කරගෙන හැමදාම ළමයින්ට කැපවීමෙන් සබ්ජේක්ට් එක උගන්වනලු. හැබැයි ඉතින් හැමදාමත් වගේ ගුරුතුමාගේ කාලච්ජේදය තිබුණේ අවසානයටමලු.

දවසක් දෙකක් ඉගැන්වීම කරන අතර තුර මෙතුමාට තේරුණා පංතියේ එක ළමයෙක්  හැමදාමත් වගේ නිදි කිරා වැටෙනවා, මේක හොඳින් අවබෝධ කරගත්තු අපේ කථානායක ඊළඟ දවසේ හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගෙන කිසිම දඬුවමක් නොදී ඊළග දවසේ බලාගමු කියලා තමන්ටම කියාගෙන පංතියෙන් එලියට බැස්සා.

ඊළඟ දවසෙත් උගන්වන ගමන් අර නිදාගන්න ළමයා ගැන හොද අවධානයෙන් හිටියා. මෙයාට තේරුණා ළමයා ලොකු උත්සහයක් ගන්නව වගේ ඇස් දෙක පියවෙන්න නොදී ඉන්න. ඒත් කිහිප සැරයක්ම මේ ළමයා අසාර්ථක වෙනවා, මේක වෙලාව කරගත් අපේ ගුරුතුමා අසූහාරදාහක තරහක් මවාගෙන ළමයා ලඟට යනවා. මේ යන අතරතුරත් ඔහුට මතක් වෙන්නේ මේ ළමයා ගත්තු උත්සහය ගැන ඒ නිසාම දඬුවම් කරන්න අත උස්සලත් අහිංසකාගේ මූණ දැකලා දුක හිතිලා, ළඟ ඉන්න යාළුවාව පැත්තකට අඩ ගහල ඇහුවලු මේ ළමයාගේ වඟතුග ගැන. ඔන්න ඔය වෙලාවේ තමයි අපේ ගුරුතුමාට පෙරවිපරම කොයිතරම් වැදගත්ද කියලා හිතුනේ, ඇත්තම කතාව නම් මේ ළමයා දුප්පත්කමේ පතුලේම ජීවත්වෙන ළමයෙක්. එක රොටියකින් අක්කයි නංගියි දෙන්නා බෙදාගෙන කාලා පාසැලැට ඇවිත් අනික් ළමයින් කෑම කන වෙලාවට වතුර ටිකක් බීලා හරි හරියට වැඩ කරන ළමයෙක්., ඒත් අන්තිම කාලච්ජේද වල මේ ළමයාට නින්ද ගිහින් තියෙන්නේ හිතාමතාම නොවේ හාමතේ ඉදලා,

පස්සේ ළමයත් එක්ක කතාබහ කරලා අදාල පිළියම් යොදලා තියනවා. ඒත් මේ වෙලාවේ අපේ ගුරුතුමා හැසිරුණු විදිහ ගැන නම් මම ගොඩාක් සතුටු වෙනවා. දඬුවමක් කිරීමට මත්තෙන් යම්තාක් දුරට හෝ ගැටළුව ගැන සොයා බැලීම ඉතාම වැදගත්, මෙවැනි මානසික තත්ත්වයක් නොමැතිව ආවේගශීලී ලෙස ළමුන්ට දඬුවම් කරන සමහරක් ගුරු මහත්ම මහත්මීන්ට මෙය හොද ආදර්ශයක් ලෙස මම දකිනවා.

Unlocking IPhone 3GS -IOS- 6.1.2 with IPad base band 6.15.00(ජේල් බ්රේක් අයිෆෝන් 3ජී.එස්. 6.1.2 බේස්බෑන්ඩ් 06.15.00)

Iphone 3GS ජේල් බ්රේක් කරගන්නා ආකාරය සම්බන්ධව ලිපියක් පල කරන්න අදහස තිබුණද කාල වේලාව මදි කම නිසාම එය මඟ හැරුනා, නමුත් මේ ක්ෂේත්‍රයට අළුතින් එකතුවෙන අයට වැදගත් වේවි කියලා හිතෙන නිසා මේ අයි ෆෝන් 3ජී.එස් ජේල් බ්රේක් කරගන්නා ආකාරය කෙටියෙන් ලියා දක්වන්නම්.

මූලික වශයෙන් සැලකිලිමත් විය යුතු කාරණයක් තියනනවා ඒ තමයි මේ ඇපල් 3ජීඑස් මොබයිල් ඩිවයිස් එක අන්ලොක් කරන්න කලින් ඒ සම්බන්ධව පුළුල් අවබෝධයක් ලබා ගන්න ඕන. මේ සදහා අන්තර්ජාලය හරහා නොයෙකුත් විදියේ විස්තර සහ දැනුවත් කිරීම් භාවිතා කරන්න ඔබට පුළුවන්.

දෙවැනි කාරණය තමයි අපි මෙතනදී අන්ලොක් කරන්න බලාපොරොත්තු වෙන්නේ අයිෆෝන් 3ජී එස්  බේස් බෑන්ඩ් එක 06.15.00 වන ඩිවයිස් එකක්. මූලික පියවර කිහිපයකින් මෙය කල හැකිවුවද බේස්බෑන්ඩ් වර්ශන් එක හේතුවෙන් ශ්‍රී ලංකාව තුල පවතින් සිම්ස් භාවිතා කිරීමට නොහැකි වේ, මේ නිසා අනිවාර්යෙන්ම අදාල බේස්බෑන්ඩ් වර්ෂන් එක පහත හෙලිය යුතුය, (05.16.08) මේ හැමදේකටම කලින් ඔබේ අයිෆෝන් එක මේ ක්‍රමවේදයට සන්වේදීද(Eligible) යන්න සොයා බැලිය යුතුය, මේ සදහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.



01. ෆෝන් එකේ සීරීයල් නම්බර් එක සොයා ගන්න. (Settings -> General -> About -> Serial number)

02. http://goo.gl/pQKYQ වේබ් ලිපිනය විවෘත කරන්න.

03. ඔබේ සීරීයල් නම්බර් එක ඇතුලත් කරන්න.

04. 'Laat de informatie zien' හෙවත් අදාල තොරතුරු පෙන්වන ලින්ක් එක ක්ලික් කරන්න.

05."Production year:" and "Production week:" එක සොයාගන්න.

.06. පහත සඳහන් තොරතුරු සමඟ ඔබ ලබාගත් තොරතුරු ගැළපෙනවාදැයි සොයාගන්න.( ගැලපීම සාර්ථක නම් ඉදිරි පියවර සඳහා ගමන් කල හැක)


1. Production year is 2011: Look closely at the production week. If your production week is 33 or lower, you have an eligible device. 
2. You may proceed to Part 2. If your production week is 34 or higher, STOP! Do not proceed to part 2, your device is not eligible.
3.Production year is 2012 or 2013: STOP! Do not proceed to part 2, your device is not eligible.

Do not proceed unless your device is eligible!

07. පහත සදහන් සොෆ්ට්වෙයාර් ටික ඩවුන්ලෝඩ් කරගන්න.
Get redsn0w for windows or mac
Download this ipsw (do not download 6.0.1 or 6.1, even if you're on one of those versions) if you don't already have it

08. මුලින්ම අපේ ළග තියෙන අයිෆෝන් එකේ බේස්බෑන්ඩ් එක අයිපෑඩ් බේස්බෑන්ඩ් එකට අප්ග්‍රේට් කරගතයුතුය ඒ සඳහා පහත කරුණු අනුපිළිවෙලින් ක්‍රියාත්මක කරන්න.

  1. Connect the iPhone to USB
  2. Hold the power button on your iPhone and 'slide to power off'
  1. Open redsn0w (run as administrator if using Windows)
  2. Click 'Extras' -> 'Select ipsw'
  3. Choose the 6.0 (not 6.0.1 or 6.1, even if you're on one of those versions) ipsw
  4. Choose 'yes' on the box that pops up (unless you're sure you have an old-bootrom 3GS)
  5. Click Back
  6. Click Jailbreak
  7. Select "Install iPad baseband" and "Install Cydia"
  8. When asked if you are sure you want to proceed, click 'yes'
  9. Follow the DFU instructions
  10. When that completes, close redsn0w
09. දැන් අපිට පුළුවන් අදාල ඩිවයිස් එක අයිපෑඩ් බේස්බෑන්ඩ් එකින් පහළ බේස්බෑන්ඩ් එකකට ඩවුන්ග්‍රේඩ් කරන්න, ඒ සදහා පහත පියවරවල් අනුගමනය කරන්න.

  1. When your iPhone boots, hold the power button and 'slide to power off'
  2. Open redsn0w (run as administrator if using Windows)
  3. Click Extras -> Select ipsw
  4. Choose the 6.0 (not 6.0.1 or 6.1, even if you're on one of those versions) ipsw
  5. Choose 'yes' on the box that pops up (unless you're sure you have an old-bootrom 3GS)
  6. Click Back
  7. Click Jailbreak
  8. Select ONLY "Downgrade from iPad baseband"
  9. Follow the DFU instructions
  10. When that completes, close redsn0w
10. දැන් අපිළග තියෙන්නේ අන්ලොක් කරපු මොබයිල් ඩිවයිස් එකක් නමුත් මෙය ස්ථිර නොවන අන්ලොක් කිරීමකි එසේ හෙයින් ෆෝන් එක පණගැන්වීම සඳහා පහත පියවර ක්‍රියාත්මක කරන්න.
  1. When your iPhone boots, hold the power button and 'slide to power off'
  2. Open redsn0w (run as administrator if using Windows)
  3. Click Extras -> Select ipsw
  4. Choose the 6.0 (not 6.0.1 or 6.1, even if you're on one of those versions) ipsw
  5. Click 'Just boot'
  6. Follow the DFU instructions
  7. Close redsn0w when it completes
11. ස්ථීර වශයෙන් අන්ලොක් කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.
  1. Open cydia and let it complete loading
  2. Go to 'Changes' page (bottom middle of cydia)
  3. Tap 'Refresh' in the top-left corner
  4. Wait for cydia to finish loading. If you get an error, tap refresh again.
  5. Tap search, find and install 'evasi0n 6.0-6.1.2 Untether' and 'ultrasn0w' (those are zeroes, not capital o's)
  6. Reboot iPhone (power off/on if it doesn't reboot automatically)
12. සදහන් කල අකාරයට අදාල පියවර අනුගමනය කලානම් දැන් ඔබ සතුව ඇත්තේ ස්ථිරවශයෙන් ජේල්බ්රේක් කල අයිෆෝන් එකකි. 

බේස්බෑන්ඩ් ගැටළුව රහිති ඩිවයිස් එකක් නම් මේ සදහන් කල පියවර ප්‍රමාණයට වැඩිය ඉතා අඩු කාලයකින් අන්ලෝක් කිරීමට තිබුණි.

මේ ක්‍රියාමාර්ග අතරතුර යම් ගැටළුවක් වෙතොත් කොමෙන්ට් එකක් මාර්ගයෙන් සදහන් කරන්න. 




Windows 7 Hidden Shortcuts (වින්ඩොස් 7 කෙටිමන් යතුරු)

වින්ඩොස් 7 භාවිතා කරන අපි බොහෝ දෙනෙක් හුරු වෙලා ඉන්නේ කීබෝඩයට වැඩිය මවුස් එක භාවිතා කරලා වැඩ කරන්න, නමුත් අපි නොදන්නවා වුනාට මවුස් භාවිතා නොකොට කීබෝර්ඩ් එක පමණක් භාවිතා කරමින් කරන්න පුළුවන් ක්‍රියාකාරකම් ගණනාවක් වින්ඩෝස් තුල අන්තර්ගත වෙනවා, මේ කෙටිමන් යතුරු භාවිතා කිරීම තුලින් වින්ඩොස් මෙහෙයුම් පද්ධතියේ බොහොමයක් දේ සරලව සහ වේගවත්ව කරන්න පුළුවන්, ඉතින් ආධුනික සහ ප්‍රවීණ සියළු දෙනාටම ප්‍රෙයෝජනයට ගත හැකි පරිදී ඒ සම්බන්ධව සටහනක් තබන්නම්.

වින්ඩොස් තුල අන්තර්ගත හෙල්ප් ඇන්ඩ් සපොර්ට් (බොහෝ දෙනෙක් භාවිතා නොකරන) භාවිතා කරලා අපිට පුළුවන් කෙටිමන් යතුරු සම්බන්ධව ඉතා වැදගත් තොරතුරු රැසක් ලබාගන්න. ඉතින් මම මොකටද මේ ලිපියේ වටිනාකම පෙන්වන්න බොරුවට කෙටිමන් යතුරු මේ ලිපියේ සටහන් කරන්නේ,  ඒ නිසා අදාල යතුරු සොයාගන්න ආකාරයම සටහන් කරන්නම්.

Installing Operating System in Virtual Box (වර්චුවල් බොක්ස් මත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරමු)

පසුගිය ලිපියෙන් වර්චුවල් බොක්ස් පරිගණකය තුල ස්ථාපනය කරන්නේ කෙසේද යන්න සම්බන්ධව සලකා බැලුවා, අද එහි දෙවැනි කොටසින් මෙහෙයුම් පද්ධතියක් වර්චුවල් බොක්ස් භාවිතා කරමින් ස්ථාපනය කරගන්නා අකාරය ගැන සලකා බලමු.

01. මුලින්ම වර්චුවල් බොක්ස් මෘදුකාංගය විවෘත කරන්න.

02. Click New Button  

Use Virtual Box for OS Experiments(කැමති ඔපරේටින් සිස්ටම් එකක් කැමති වෙලාවට භාවිතා කරන්න "වර්චුවල් බොක්ස්")

        පරිගණකත් එක්ක වැඩ කරන අපි හැමෝම දන්නවා ගොඩාක් වෙලාවට විවිධ වර්ගයේ මෙහෙයුම් පද්ධති එක්ක අපිට වැඩ කරන්න සිද්ධ වෙනවා, ඊටත් වඩා ඒවා පුරුදු පුහුණුවෙන්න නම් අපි ළග අදාල මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණකයක් තියෙන්න ඕන, ඉතින් මේ වගේ ගැටළු වලට විසඳුමක් විදිහට අපිට පුළුවන් වර්චුවල් බොක්ස් මෘදුකාංගය භාවිතා කරලා අදාල මෙහෙයුම් පද්ධතිය වර්චුවල් විදිහට පවතින මෙහෙයුම් පද්ධතිය තුලම ඉන්ස්ටෝල් කරන්න, මේක ගොඩාක් කාලය වැය වෙන්නේ නැති ඒ වගේම පහසු ක්‍රමයක්, මම දන්න විදිහට අද බොහෝ දෙනෙක් මේ මෘදුකාංගය භාවිතා කරනවා, ඒත් පරිගණක කේෂේත්‍රයට අළුතින් එකතුවන අයගේ ප්‍රෙයෝජනය සඳහා සහ නොදන්න අයගේ ප්‍රෙයෝජනය උදෙසා මේ ගැන ලිපියක් දාන්න ඕන කියලා හිතුනා, ඔන්න හිතුවා වගේම ලිව්වා , මොනවා හරි ගැටළුවක් ඇති වුනොත් කොමෙන්ට් එකකින්ම දාන්න.
01. මුලින්ම අදාල මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. Download (පහතින් සඳහන් කරලා තියෙන ඕනම පරිගණකයක මේ මෘදුකාංගය ඉන්ස්ටෝල් කරන්න පුළුවන්)

use Your Android 4.1 (Jelly beans) Phone as WiFi Hotspot ( Android 4.1 (Jelly beans) මොබයිල් ඩිවයිස් එක වයිෆයි හොට්ස්පොට් එකක් විදියට භාවිතා කරමු)

Android 4.1 (Jelly beans) මොබයිල් එක භාවිතා කරලා ලැප් එකෙන් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවනම් මේ ක්‍රමට තමයි හොඳම විදිය, වැඩි විස්තර ලියන්න ඕන නැහැනේ මේ දවස් වල වැඩිපුර කතාකරන මාතෘකාවක් නිසා කෙලින්ම වැඩේට බහිමු...


01. පළමුවෙන්ම මොඩයිල් ඩිවයිස් එකේ  Settings -> More -> Mobile networks.වලට ගිහින්  Data enabled චෙක් කරන්න,access point name සහ  Network Operators සඳහා අදාල නම් ලබාදෙන්න.

02. පසුව Settings -> More -> Tethering & Portable hotspot. වලට ගිහින් Setup Wi-Fi Hotspot සිලෙක්ට් කරලා  SSID සහ Password එක ලබා දෙන්න, අවම වශයෙන් characters 8ක්වත් තිබිය යුතුය.දැන් සේව් කරන්න .
03. දැන්  Portable Wi-Fi hotspot Enable කරන්න.

04. දැන් ලැප්එකේ හෝ අදාල පීසී එකේ වයිෆයි එන් කරලා සර්ච් කරන්න. එවිට ඔබ විසින් මොඩයිල් ඩිවයිස් එක අධාරයෙන් සකස් කල වයිෆයි කනෙක්ෂන් නේම් එක පෙන්වාවි, දැන් අදාල පාස්වර්ඩ් භාවිතා කරලා කනෙක්ට්වෙන්න, 

web browser එකක් ඕපන් කරලා ට්‍රයි එකක් දීලා බලන්න, හරිගියේ නැත්තම් විතරක් ඊළග ක්‍රමය අනුගමනය කරන්න. (Next post will be added soon)





Use your Android Phone as a MODEM (ඇන්ඩ්රොයිඩ් ෆෝන් එක මොඩමයක් විදියට පාවිච්චි කරමු)

ඇන්ඩ්රොයිඩ් මොබයිල් භාවිතා කරන අයට (බොහෝ දෙනෙකුට) තියෙන ගැටළුවක් තමයි, ෆෝන් එක මොඩමයක් විදිහට භාවිතා කරලා , පරිගණකය හරහා අන්තර්ජාලයට සම්බන්ධ වෙන අකාරය, ඉතින් විසදුමක් විදිහට පොඩි සොෆ්ට්වෙයාර් එකක් සම්බන්ධන්ද කරගෙන අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න පුළුවන්, කරන්න ඕන පිළිවෙල මම කරපු විදියටම ලිව්වා ...


01. ඉස්සරවෙලාම ෆෝන් එකෙන් Android Market ප්ලේස් එකට ගිහින් PDANet  සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න,

02. සෙටින්ග්ස් වලට ගිහින්  USB debugging mode enable කරන්න, (Settings -> Developer options -> USB debugging) (Found new hardware Wizard  ආවොත් ඒක ඉන්ස්ටෝල් කරන්න,)

Multi Monitor Dual Screen Software (එකම පරිගණකයට තිර කිහිපයක්)

පරිගණකය සමග වැඩි කිරීමේදී සමහරවිට එකම මොනිටරය ප්‍රමාණවත් නොවන අවස්තා ඕනතරම් තියනවා, ඉතින් මේකට දෙන්න පුළුවන් හොඳම විසදුම තමයි එකම පරිගණකයට මොනිටර්ස් කිහිපයක් අවම වශයෙන් 2ක් සම්බන්ධ කල හැකි ග්‍රැෆික් ඇඩැප්ටර්ස් භාවිතා කිරීම, නමුත් පරිගණක 2ක් හෝ කිහිපයක් ඇති ස්ථානයක නම්, ඔබේ ප්‍රධාන පරිගණකය හා වෙනත් පරිගණකයක් දෙවැනි පරිගණකය ලෙස භාවිතා කරමින් වෙනමම දෘඩාංග භාවිතයෙන් වැලකී අපේ අවශ්‍යතාව ඉටු කරගත හැක.
මේ සඳහා විවිධ වූ පරිගණක ආශ්‍රිත මෘදුකාංග භාවිතා කරනමුත් ඉන් ඉතා වැදගත් යැයි හැගෙන එක් මෘදුකාංයක් මෙහිදී සටහන් කරමු...

Multi Monitor Dual Screen Software KVM



MaxiVista  ලෙස නම් කර ඇති මෙම මෘදුකාංගය භාවිතයෙන් අපිට අවශ්‍ය අවස්තාවන්හිදි, අපගේ දෙවන පරිගකය (ලැප්ටොප් පරිගණයක් වුවද කම් නැත)  තවත් තිරයක් ලෙස යොදාගනිහමින් අවශ්‍යතාවය ඉෂ්ඨ කරගත හැක. මේය ක්‍රියාකරන ආකාරය හා මෙහි තාක්ෂණික තොරතුරු ඉදිරි ලිපි මඟින් ගෙන ඒමට බලාපොරොත්තු වෙමු..

තව කෙනෙකුට ඔබේ හැඟීම් අවබෝධ කරලීමට තරම් ඔබ දක්ෂයෙක්ද?

මූණු පොත සමහරෙක්ට නම් මහ කරදරයක් ඒත් තවකෙක්ට නවාතැන් පොලක්, ඔය දෙකටම නැති අයද ඕනෑ තරම් ඇත, ඉතින් මමද ඔය අතර හිරවී ඇති තවකෙක්මි, නමුදු කාලයකාදමාගැනීමට ෆේස් බුක් රිංගන්නේද නැත, ඔන්න ඔය වගේ යන එන වෙලාවට දකින වැදගත් යැයි හැගෙන සියළු දේ එකතු කර තබා ගැනීමට සහජ හැකියාවක් මා සතුය එබැවින් අදද මාගේ සිත් ගත් විශේෂිත කෙටි චිත්‍ර පටියක් (චීත්ත පටියක් නොවන බව සලකන්න) වෝල් එකේ එල්ලා තිබෙනු මම දිටිමි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ මම අමු අමුවේම එය මාගේ දත්ත ගබඩාව තුලට බා ගත්තෙමි, දැන් කරන්නේ ඒක වෝල් එකේ දාපු එකාගේ ඔක්කටම පිං දෙන ගමන් මගේ බ්ලොගයට ඉදලා හිටලා හරි එන එකෙක්ට බලන්න මේක මගේ බ්ලොගයේ එල්ලලා දාන්න, ඔන්න එහෙනම් ඔයාලම බලලා හොඳ නරක කියන්නකෝ... (ඔව් කතාව සම්පුර්ණයෙන්ම සිංහලෙන් යන්නේ ඒ නිසා ශීර්ෂපාඨ අවශ්‍ය වෙන එකක් නැහැ)


කතා කිරීමේ හැකියාව මෙන්ම එකිනෙකා අතර අන්තර්සම්බන්ධතා ඇතිකරලීමට හැකි පරිදි ඔබ කතාකරන විලාශය සහ යොදාගන්නා උපක්‍රම වැඩිදියුණු කරගැනීම තුල ඔබ සමාජයේ අනිකුන් අභිබවා ඉදිරියට යන බවක් ඔබවට දැනේවී....

කොමියුනි‍කේෂන් සම්බන්ධව වැදගත් විස්තරයක් ඊළග පෝස්ටුවට එක් කරන්නට හිතාගෙන සිටිමි....



නිදි නැති රෑ යාමේ.....


එච්. ආර් . ජෝතිපාල මහතාගේ ගීතයක් වන ....නිදි නැති රෑ යාමේ - ගීතයේ පදමාලාව අන්තර්ජාලයෙන් ලබාගැනීමේ උත්සහය ව්‍යර්ත වීම හේතුවෙන්, එම පද මාලාව මවිසින්ම අන්තර්ජාලයට එක් කරන්නට සිතුවෙමි....

------------------------------------------------------------------------------------------------------------
නිදි නැති රෑ යාමේ,
සීතේ සීතේ සීතේ........
සුමියුරු වේ මාගේ,
ගීතේ ගීතේ ගීතේ........
සවන් සැනසේවා, රාව පැතිරේවා.
සැවොම තුටු වේවා....., වාසනා වේවා......

ගී පොත මා සතු වේවි, ලොව ගී රජ දහනක් වේවි..
-----------------------
මී විත පිරි ඉතිරේවී, ඔබ ඒ මිහිරෙන් නැල වේවී,
සිතට කොඳුරා ඔබට කියනා,
රහසේ ගීය තමා................................................

නිදි නැති රෑ යාමේ....

පාළුව ඈතට පාවී, හද සෝ ගිනි දැල් පැතිරේවි.
-----------------------
මේ ලෙස කාලය යාවී, අද රෑ රස වී එලිවේවි,
අදට තිබෙනා හෙටට ලැබෙනා
සතුට ගීය තමා................................................

නිදි නැති රෑ යාමේ....

WiFi hot spot with Your Laptop to serve internet for Android WiFi Device too (Laptop එකෙන් වයිෆයි hot spot එකක්-ඇන්ඩ්රොයිඩ් ඩිවයිසස් සඳහා) -දෙවන කොටස

             මීට කලින් ලියන ලද ලිපියෙහි සංස්කරණයක් ලෙස මේහෙම ලියන්න හේතු වුනේ, පහු ගිය ලිපියේ අපි සකස් කල ad hoc නෙට්වර්ක් එක මාර්ගයෙන් ඇන්රොයිඩ් සහිත උපාංග වලට අන්තර්ජාල පහසුකම් ලබාගත නොහැකි වුනා. නමුත් මට ඒ බව සඳහන් කිරීමට නොහැකි වූයේ...මා සතුව ඇන්රොයිඩ් උපකරණයක් නොමැති වීමය. ...:අන්තර්ජාලයේ හර්ෂගේ සටහන: මගින් කරනු ලැබූ දැනුම් දීමක් නිසාම මා මේ සම්බන්ධව නැවත වරක් පරීක්ෂා කරනු ලැබුවා....ඔහු විසින් ඊට අදාල සටහන ඔහුගේ බ්ලොගයේද සටහන් කර ඇති අතර සියළු දෙනාගේ ප්‍රයෝජනය උදෙසා උපුටා ගැනීමකින් තොරව දක්වමි....

මුලින්ම Start ---> All Programs ---> Accessories --> cmd මත රයිට් ක්ලික් කර Run as Administrator ලෙස ලබාදෙන්න.


පහත සඳහන් කමාන්ඩ් එක ඩොස් වල ටයිප් කරලා එන්ටර් කී එක ප්‍රෙස් කරන්න. (press your Enter button after type this command)

netsh wlan set hostednetwork mode=allow ssid=NAME(any name) key=PASSWORD(your password)

NAME = වයිෆයි නෙට්වර්ක් එකට ඔබට ලබා දීමට හැගෙන නාමට
PASSWORD = තමන් කැමති පාස්වර්ඩ් එකක් ලබා දෙන්න. අඩුම තරමින් කැරැක්ටර්ස් 8 ක්වත් තිබිය යුතුය)

විනාඩියක් ඇතුලත වගේ මේ කමාන්ඩ් එක සම්පුර්ණ වෙලා පහලින් තියෙන තොරතුරු ටික ලැබේවි
නැවත වතාවක් netsh wlan start hostednetwork ටයිප් කර එන්ටර් කරන්න. මේ අවස්ථාවේදී වයිෆයි කනෙක්ෂන් එක හරහා බ්‍රෝට්කාස්ට් කිරීම ආරම්භ කරයි. ඇන්ඩ්රොයිඩ් ඩිවයිසස් මඟින් දැන් මෙම වයර්ලස් කනෙක්ෂන් එක පෙන්නුම් කරයි. අවසාන වශයෙන් දැන් මේ සදහා අන්තර්ජාලය ලබාගන්නා (ලැප්ටොප් පරිගණකය) කනෙක්ෂන් එක ෂේයාර් කල යුතුය 
මේ සඳහා නෙට්වර්ක් කනෙක්ෂන්ස් ඔපන් කර. අදාල Local Area Network Connection එක ඩබල් ක්ලික් කරන්න.
එහි Properties වලට පිවිසෙන්න 
එහි Sharing tab හි Allow other network users to connect through this computer's Internet Connection යන්න සිලෙක්ට් කරන්න.
Home networking connection ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකෙන් අපි නිර්මාණය කල වයර්ලස් කනෙක්ෂන් එක සිලෙක් කරන්න (බොහෝ විට මෙය Wireless Network Connection 2 ලෙස ලැබේ)
 අවසාන වශයෙන් OK button click කර අනෙකුත සියළුම ඩයලොග් බොක්ස් වසාදමන්න. දැන් ඔබට පුළුවන් ඕනෑම ඇන්ඩ්රොයිඩ් මොබයිල් ඩිවයිස් එකක් මේ වයර්ලස් නෙට්වර්ක් එක හරහා භාවිතා කරන්න..




ඩෙස්ක්ටොප් අයිකන් හැම එකක්ම මීඩියා ප්ලේයර් හරහා ඔපන් වෙනවාද?(How to solve the short cut link)

වින්ඩොස් 7 ඕ එස් එකත් එක්ක වැඩ කරන ගමන් හිටි හැටියෙම කිහිප සැරයක් මගේ පී සී එකේ සියළුම දේවල් ඕපන් වෙන්න පටන් ගත්තා මීඩියා ප්ලේයර් එකෙන්.. ඒක විසඳා ගන්න භාවිතා කල solution එක තමයි මේ පහලින් තියෙන්නේ..


01. මේ පහලින් තියෙන රෙග් ෆයිල් කෝඩින් එක කොපි කරලා නෝට්පෑඩ් එකට පේස්ට් කන්න. ඊට පස්සේ කැමැති නමක් එක්ක .reg එක්ස්ටෙන්ෂන් එකෙන් සේව් කරලා රෙජිස්ට්‍රියට ඉම්පෝර්ට් කරන්න (නැත්නම් රන් කරන්න) අවසානයට පරිගනකය රිස්ටාර්ට් කරන්න... (සැ.යු .- මෙය තවත් එක් විසඳුමක් පමණි)


Windows Registry Editor Version 5.00

;LNK file association fix for Windows Vista.
;Updated on April 24, 2007

[HKEY_CLASSES_ROOT\.lnk]
@="lnkfile"

[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx]

[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{000214EE-0000-0000-C000-000000000046}]
@="{00021401-0000-0000-C000-000000000046}"

[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{000214F9-0000-0000-C000-000000000046}]
@="{00021401-0000-0000-C000-000000000046}"

[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{00021500-0000-0000-C000-000000000046}]
@="{00021401-0000-0000-C000-000000000046}"

[HKEY_CLASSES_ROOT\.lnk\ShellEx\{BB2E617C-0920-11d1-9A0B-00C04FC2D6C1}]
@="{00021401-0000-0000-C000-000000000046}"

[HKEY_CLASSES_ROOT\.lnk\ShellNew]
"Handler"="{ceefea1b-3e29-4ef1-b34c-fec79c4f70af}"
"IconPath"=hex(2):25,00,53,00,79,00,73,00,74,00,65,00,6d,00,52,00,6f,00,6f,00,\
  74,00,25,00,5c,00,73,00,79,00,73,00,74,00,65,00,6d,00,33,00,32,00,5c,00,73,\
  00,68,00,65,00,6c,00,6c,00,33,00,32,00,2e,00,64,00,6c,00,6c,00,2c,00,2d,00,\
  31,00,36,00,37,00,36,00,39,00,00,00
"ItemName"="@shell32.dll,-30397"
"MenuText"="@shell32.dll,-30318"
"NullFile"=""
"Command"=-

[HKEY_CLASSES_ROOT\.lnk\ShellNew\Config]
"DontRename"=""

[HKEY_CLASSES_ROOT\lnkfile]
@="Shortcut"
"EditFlags"=dword:00000001
"FriendlyTypeName"="@shell32.dll,-4153"
"NeverShowExt"=""
"IsShortcut"=""

[HKEY_CLASSES_ROOT\lnkfile\CLSID]
@="{00021401-0000-0000-C000-000000000046}"

[HKEY_CLASSES_ROOT\lnkfile\shellex]

[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers]

[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\OpenContainingFolderMenu]
@="{37ea3a21-7493-4208-a011-7f9ea79ce9f5}"

[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\ContextMenuHandlers\{00021401-0000-0000-C000-000000000046}]
@=""

[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\DropHandler]
@="{00021401-0000-0000-C000-000000000046}"

[HKEY_CLASSES_ROOT\lnkfile\shellex\IconHandler]
@="{00021401-0000-0000-C000-000000000046}"

[-HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\FileExts\.lnk\UserChoice]