Enable/Disable Windows 7 Secure Logon Press CTRL + ALT + DELETE

                As I heard there are lot of people who don't have a clear idea of changing windows 7 log on screen, So, Here is the way that can be used to change  LOG ON Screen in five Seconds.


There are number of ways we can proceed - (First Option)

01. First open start menu and type "netplwiz" in Search box (or use Ctrl+R and type "netplwiz") and press Enter



02. Click Advanced tab (see the picture)



03. To Enable Secure log on Check the option Selected ( Require users to press Ctrl+Alt+Delete )

04. To Disable Secure Log on Unchecked the option selected ( Require users to press Ctrl+Alt+Delete)

if this will not help, just follow the second option

Using Local Security Policy - (
Second Option )

01. Open the "Local Security Policy" editor (Type "secpol.msc" and enter) or Strat -> Control Panel -> Administrative Tools -> Local Security Policy

02. when you open Local Security Policies window you can change them as you need
03. In the Left pane Expand "Local Policies" and Click "Security Options"


04.In the right pane, right click on "Interactive Logon: Do not required CTRL+ALT+DEL" and click on Properties




05.To Enable Secure Log On select Disable and Press Apply OK


06. To Disable Secure Log On select Enable and Press Apply OK

Close your windows and check Windows Log on Screen .....................



දෙයියන්ගෙන් වැඩ ගන්න මිනිස්සු!

           වාසනාව අවාසනාව අතර දෝලනය වන මිනිස් ජීවිත සැපවත් කරගනු පිණිස මිනිසුන් විසින්ම විවිධාකාර නිර්ණායක පනවා ගනු ලබයි, මේවා අතර ශිෂ්ඨසම්පන්නවූද එසේ නොවුවූද ක්‍රමවේදයන් භාවිතා වේ,  මේ ක්‍රමවේද අතර බහුලව භාවිතා වෙන දෙයක් හැටියට මිථ්‍යා විශ්වාස ගැන අපිට කතා කරන්න පුළුවන්, විවිධ ආකාරයේ දෘශ්ඨීන් ගෙන් තමන්ගේ අසරණකම්, ආශාවන්, හා අනෙකුත් ඕනෑ එපාකම් සාක්ෂාත් කර ගැනීමට මොවුන් නොගන්නා වෙහෙසක් නොමැති තරම්ය... තමන් බුදු වූ බවට පවා කියමින් කෑ කෝ ගසන මිනිසුන් සිටින සමාජයක, එවැනි මිනිසුන්ට බුදූහුට මේන් සලකන සමාජයක මෙවැනි දේ සිදුවීම අසාමාන්‍ය දෙයක් නොවෙනු ඇත...... තමන්ගේම ආධ්‍යාත්මය පාවා දෙමින් තමන්ගේම දෙඇස් අන්ධ කරගන්නා මිනිසුන් කොතෙකුත් අපි අතරම සිටිනවා නොවැද?.....  

          මේවැනි විවිධ වූ අර්තකතනයන්ගේන් එල්බෙන්නට උත්සහා කරන්නේ වර්ථමාන ජන සමාජය තුල ඉතා ශීඝ්‍රයන් ඉහල යන දෙවියන්ගෙන් වැඩ ගැනීම හෙවත් දේව ආරූඪ ගැනය,  මහා ඉහලින් ප්‍රකාශ ඉදිරිපත් කරන මන්ද මානසික මිනිසුන්ගේ කූට උපක්‍රමවලට හසුව පීඩාවිදින දසදහස් ගණන් මිනිසුන්ගේන් එකෙක් හෝ මෙවැනි ලිපියකින් තමන්ගේ අන්ධ විශ්වාසවලින් මීදී පියවි ලෝකයට එනවානම් එයයි අපේ එකම අරමුණ......

              හන්දියක් හංදියක් ගානේ පාරක් පාරක් ගානේ ඉදිවෙමින් පවතින දේවාල, සාස්තර කියන ස්ථාන, ගුරුකම් කරන ස්ථාන, පේන බලන තැන්, එකි නොකි මෙකි සියළුම ආකාරයේ ස්ථාන අද වෙනකොට සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් අරගෙන තියනවා,  තමන්ගේ ළමයා විභාගෙට යන්නෙත් දේවාලෙන් කියන වෙලාවට, ඊට කලින් දේව පූජා අනං මනං ගොඩාක් කරනව. අන්තිමේදී කොල්ල/කෙල්ල එලකිරි වගේ විභාගේ සමත් වෙනවා, ඉතින් ආයෙම එනවා දේවාලෙට ඇවිත් අර කලින් භාර වුනු අඩුම කුඩුම ඔක්කොම ගෙනැල්ල පුජා කරනවා, පූජා කිරීම නම් හොඳයි ඒත් තමන්ගේ දරුවගේ ආත්ම විශ්වාසය නැති කල එකනම් හොද නැහැ, මොකද දෙයියෝ නිසා තමන් විභාගය සමත් වුනා කියලා දරුවා හිතුවොත් ඒක හැමදාමත් ඒ ළමයාට නරකට හිටීවි...

               මේ අද සාමාජය තුල සිදු වෙන එකම එක පුංචිම පුංචි උදාහරණයක් විතරයි, ඇත්තම කතාකලොත් ළමයා පාඩම් කරලා එහෙම නැත්නම් තමන් ඉගෙන ගත්තු දේවල් හොඳින් හිතේ ධාරණය කරගෙන ඉදලා විභාගය ලිව්වොත් විභාගය හොඳට පාස්වෙයි, එහෙම නොවී කොයි දෙය්යෝ ගාවට ගියත් විභාගය සමත් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා කවුරුත් විශ්වාස කරනවද?
            ඇත්තෙන්ම ළමයාව විභාගෙට යවන එකට නෙමෙයි දේවාලෙට යන්න තිබුනේ ළමයා අම්මගේ බඩට එන්න කලින්, මෙන්න මේ වෙලාවට අහවල් වර්ගයේ ළමයෙක් මගේ බඩට එන්න කියලා පූජාවක් තියන්න, එහෙම නැත්නම් අහවල් වෙලාවට අහවල් වේදනාව නැතිව මට ළමයා ලැබෙන්න ඕන කියලා, පූජාවක් තියන්න
           මනුසත් බව කියන එක හරිහැටි නොදැන කොහොමද තමන්ගේ ළමයි ඒ දේවල් වලින් මුදවා ගන්නේ....

අදකාලේ තියෙන දේවාල වල හැටියට පාර්ට්ටයිම් වැඩ කලත් දෙවියන්ට මේ වැඩ ටික ඉවර කරන්න ලැබෙන්නේ නැහැ, අනිත් එක් ඉදල හිටලවත් විවේකයක් ගන්න විදියක් නැහැ ඒ තරමට වැඩනේ, සමහර විට දෙවියන්ටම හිතෙනවා ඇති අපරාදේ දෙවි කෙනෙක් වුනේ නිකම් මිනිහෙක් වෙලා ඉපදුනා නම් හොදයි කියලා, ඇයි ඉතින් ජනාධිපතිට වගෙනේ වැඩ, අර දේවාලේ පැය 5යි අනිත් එකේ පැය 4යි මේ විදියට ටයිම් ටේබල් හදාගෙන වැඩ කරන්න ඕනනේ........අනිත් හොදම කාරනේ තමයි එකම  දෙයියෝ දේවාල 20ක 30ක එකම වෙලාවට වැඩ කිරීම, කෙනෙක් කියාවි ඔව් දෙවියෝ නිසා එයාලට එහෙම කරන්න පුළුවන් කියලා.......හරි එහෙනම් ඒ දේවාල 2කේම ඉන්න කපුවෝ දන්නේ නැහැ ඇත්තටම දැන් දෙයියෝ වැඩ කරන්නේ කොයි දේවාලෙද කියලා, දේව භාෂාවෙන් කතා කරන විවිධ වූ කපු මහත්තුරුන් හැමදාමත් කෑ ගහන්නේ එකම වචන ටික කියමින්ය, ඒත් ඒවායේ තේරුම් එකින් එකට වෙනස්ය...දිව්‍ය විමාන වල වැඩ සිටියත් මුදල් අඟහිඟ කම්ද එමටය එහෙයින් නොයෙකුත් ආකාරයට මිළගණන් වෙනස් කරයි, වැට් බද්දට හසුවූ දෙවියන්ද මේ සමයෙහි සිටිනවා විය හැකිය.....
             
 විවධ දෙවියන්ගේ නම් ගම් යොදාගෙන කොහෙවත් යන පේරේත ආත්ම එකතු කරගෙන කූට මිනිසුන් කරගෙන යන මේ දේවාල සෙල්ලම කොතරම් දුරට සාර්ථක වෙයිද? එක මිනිහෙකුට අතීතයේදී හෝ මෑතකදී සිද්ධ වුනු දෙයක් යන්තමින් හරි ගැටගහලා කිව්වොත් කපු මහත්තයා ගොඩ, ඉතින් එදා ඉදලා අර මනුස්සයා මාස්පතා සතිපතා අන්තිමට දිනපතා අර දේවාලෙට බඩ ගානවා, කියන කියන හැම දේම කරනවා, ඇත්තටම හරි හමන් දෙයියෙක් නම් මොකද මේ මිනිස්සු මේච්චර රස්තියාදු කරවන්නේ, ඒ මිනිස්සුන්ගේ අන්තිම තුට්ටු දෙකත් හූරගෙන කන්නේ... මේවා මේ දෙවියන්ගේ වැඩ නොවෙයි,... මේවා අපේ මිනිස්සුම ඇතිකර ගත්තු ස්වයං රැකියා විශේෂයක් නැත්නම් මේහෙම දේවල් මේ ලංකාවේ සිද්ධ වෙන්න විදියක් නැහැනේ....

(ඉතිරිය බලාපොරොත්තුවන්න.......)

අහෝ! නුඹ නම් අපූරුය!


උඹ නැතිදාක මාද මේ ලොව නොමැත
ජීවිතය තරම් මම උඹට ආදරය කරමි
ළැඟුම් ගන්න අහස් මාළිග නොතිබුනාට
හැමදාමත් උඹ මා තුලම  රැදුනා


හීනෙන් වත් නොපෙනී ඉන්න බැගෑපත් වුනද
නින්දට කලියෙන්ම උඹ මා අසල
දුප්පත් කම ප්‍රතික්ෂේප කල
නුඹ නැති ඉසව්වක ජීවයද අවිනිශ්චිතලු


නුඹ නොදැනුන, නොහැගුනු එකඳු දවසක්
අහෝ! කෙසේ නම් නගම්ද මතකයට?
"කුසගින්න" නුඹ නම් අපූරුමය ජීවිතයට
කියාදෙන අරුත කිසිදින අතහැර නොයන ...........

A/L වලින් පස්සේ මොනවද කරන්නේ....?

පාසල් ජීවිතය ගැන නොයෙකුත් අත්දැකීම්  අපි හැමෝටම තියනවා, මේකත් ඒ වගේ දෙයක්, පුංචි කාලේ නම් පාසැල ගැන කිසිම ආදරයක් ගෞරවයක් හිතේ නොතිබ්බත්, යමක් කමක් තේරුම් ගන්න පුළුවන් වයසට එද්දී බොහෝ දෙනෙක් පාසලට නොයෙක් ලෙස ආදරය කරන්න සහ ගෞරවයෙන් සලකන්න පටන් ගන්නවා, මේ කාලයේදී පාසල තමා තමන්ගේ පාසල කියන හැඟීම ළමයින්ට එන්නේ, ඉතින් ගුරුවරු කිව්වත් නැතත් පාසලට විය යුතු යුතුකම් බොහොමයක් පාසැල් සිසුන් අතිනුත් සිද්ධ වෙනවා, ඒ වගේම පාසල් අවසාන කාලයේ ඒ කියන්නේ අපේ අ.පො.ස උ/පෙළ කාලෙදී ළමයින්ගේ තියෙන්නේ පුදුම එකමුත් කමක් අඩුම තරමේ වැරැද්දකදීවත් අනිකාව පාවා දෙන තැනට වැඩ කටයුතු කරන්නේ නැහැ, එහෙම කරත් කරන්නේ මෙලෝ වැඩකට නැති එකෙක්....  මේ වගේ බොහොම එකමුතුවෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන කාලයේ ළමයින්ගේ හිත් වල නොයෙකුත් විදියේ ගැටළු පැන නගිනවා, තරුණ වියට ළගා වීමත් සමඟම හිත්වලට නැගෙන මේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න බොහෝ දෙනෙක් තම තමන්ගේ හුඟක් හිතවත් ගුරුවරුන් වෙත නිරායාසයෙන්ම යොමු වෙනවා.... 


                    මෙන්න මෙතනදී ගුරුවරු බොහෝ දෙනෙක් ඒ ළමයිගේ ප්‍රශ්ණ සම්බන්ධව එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ, බොහෝ දෙනෙකුගේ පිළිතුර වෙන්නේ, “ම්... දැන් විභාගෙට දවස් කීයද? ඔය මනස්ගාත අතහැරලා දාලා පාඩම් කරන්න.....“  ගොඩක් වෙලාවට ගුරුවරුන් හිතන්නේ මේ වයසේ ළමයින්ට ඇති වන ප්‍රශ්ණ බොහොමයක් කිසිම වැදගැම්මකට නැති ප්‍රශ්න විදිහටයි, මේ හේතුව නිසාම ළමයින් වෙන ආකාර වලින් මේ ගැටළු නිරාකරණය කරගන්න යොමු වෙනවා, සමහර විට මේවාගේ ප්‍රතිඵල බොහෝම දරුණු ඒවා වීමටද පුළුවන්, එසේ වූ අවස්ථාද එමටය... ළමයෙක් විදිහට ඔවුන්ට ඇතිවන ගැටළු සම්බන්ධව කතා කිරීමට පාසල තුල වුවද යම්තාක් දුරට හෝ ඉඩ ප්‍රස්ථාව සලසා දිය යුතුය, එසේ නොමැති වුවහොත්  දරුවාගේ අධ්‍යාපනය කෙරෙහි බලපෑම් ඇති කිරීමට එම කාරණය ඉවහල් වීටම පුළුවන,  

                 අනික් කාරණය වන්නේ, උසස් පෙළ අවසාන කිරීමෙන් පසුව ළමයින්ට මොකද වෙන්නේ කියන කාරණය, සමහරෙක් නැවත වරක් විභාගයට පෙනී සිටීමට සූදානම් වෙනවා විය හැකිය, කොහොමින් කොහොම හරි කැම්පස් මිස් වුනයි කියමුකෝ . ඊට පස්සේ අපේ ළමයින්ට මොකද වෙන්නේ, පාසැල තුලින් ඒ ළමයින්ට යන්න පුළුවන් උපරිම දුර උසස් පෙළ විතරද? දරුවෙකු බිහි කල අම්මට මැරෙනකල්ම දරුවව අයිති නම්, දරුවෙකු යහමගට ගන්න සමාජයට යොමුකරන්න වෙර දැරුව පාසලට ඒ දරුවගේ අයිතියක් නැතිද? මම හිතන්නේ පාසැල තමයි ළමයාව සමාජගත කරන්නේ ඉතින් එතනදී ඒ ළමයාට ඒ සඳහා අවශ්‍ය මඟපෙන්වීම ආදරය කරුණාව නිවැරදිව ලැබුනේ නැත්තම් ඒ ළමයා නොමඟ යන්න තියන අවස්ථාව වැඩියි. ඒ වගේම පාසැල් කාලයෙන් පස්සේ, සමාජය තුල තම අධ්‍යාපන කටයුතු කරගෙන යා යුතු ආකාරය හා ඔවුන් රැකියා සදහා යොමුවිය යුතු ආකාරය සම්බන්ධව පාසල තුලින් යම් කිසි දුරකට හෝ අත්වැලක් ලැබෙනවානම් එය ළමයින්ගේ ජීවිතය ජයගන්න මහත් රුකුලක් වෙයි කියලා මම හිතනවා, 

                 අද සමාජයේ ගොඩාක් ළමයින් ඉන්නවා උසස් පෙළ හොදින් සමත් ඒත් රැකියා නැති, තවත් සමහරු සාමාන්‍ය පෙළ සමත් ඒත් ඊට එහා අධ්‍යාපනයක් ලබලා නැති, ඉතින් මේ වගේ පිරිසක් සමාජය තුල බිහිවන්නට හේතුව කුමක් විය හැකිද? නිවැරදි මඟපෙන්වීමක් තිබුනනම් මේ ළමයිනුත් අද හොඳ රැකියාවක හෝ තමන්ගේම ව්‍යාපාරයක උරුම කරුවන් නොවන්නේද? මෙවැනි ගැටළු රාශියකට පිළිතුරක් සෙවීම ලේසි පහසු කාරණයක් නොවේ, ඉදින් එක් අදහසක් ලෙස පාසල තුලින්ම ළමයාට ලබා දිය හැකි එක් අරමුණක් තිබේ, එනම් උසස්පෙළ කඩඉමෙන් පසුව ඔවුන්ගේ අධ්‍යාපනය කරගෙන යාමට අවශ්‍ය මඟපෙන්වීම නිවැරදි ලෙස පාසල තුලින්ම ලබාදීම, මේ සදහා අදාල ගුරුවරුන්ද දැනුවත් කිරීම බොහෝ සෙයින්වැදගත්වේ, ඊට හේතුව වනුයේ අවසන් කඩඉමෙන් පසු ගුරුවරු ළමයින් ඉදිරියේ මවන එකම සිහිනය වන්නේ විශ්වවීද්‍යාලය පමණක්ම වීම,  එකම සිහිනය අහිමි කරගත් ළමයින් තමුන් ජීවිතයද පරාජය වුවා සේ මානසිකව පීඩාවට පත්වේ, මේ මානසික පීඩාව අවම කර ජීවිතය ඉදිරියට ගෙන යා හැකි අනෙකුත් මාර්ග පිළිබඳවද ළමුන් දැනුවත් කර තැබීම කාලෝචිත නොවන්නේද........? 






අවවාදයට වඩා ආදර්ශය උතුම්ය!

මේක මේ අපේ පළාතේ පාසැලක හැබෑවටම සිද්ධ වුනු කතාවක් ඇත්තම නම් ගම් භාවිතා නොකර කෙටියෙන්ම කතාව කියන්නම්, මේක බාලිකා විදුහලක වුනු සිද්ධියක්

දිනක් උදය රැස්වීම අතරතුර ශිෂ්‍යාවකගේ කතාවක් යෙදී තිබිණ. නමුත් නියමිත ශිෂ්‍යාව එදින පාසැල් නොපැමිණිම හේතුවෙන්, එතැනට පැමිණි ගුරුවරිය.


හ්ම්! අද ඒ ළමයා ඇවිත් නැති නිසා වෙනත් ළමයෙක්ට  අවස්ථාව දෙනවා, ඉක්මණට වේදිකාවට නැඟලා මොනව හරි වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්ට ඕනෑ....තමුසෙලා කොහොමත් කතාවට දස්සයිනේ නේද? 


ඒත් කිසිම පෙර සූදානමක් රහිත ළමයි නිහඩ විය, 


හා එහෙනම් හංසි  එන්න ඉස්සරහට, ආයේ ඕකට අමුතුවෙන්න ලෑස්ති වෙන්න දෙයක් තියෙනවයැ, අනික ඔය පන්තියේ ඕන තරම් කෑගහන්නේ, තමුසෙලට මෙතන තමයි කතා කරන්න බැරි නේද?


පාසැලේ 11 වසරේ ඉගුනුම ලැබු හංසි, හිටි හැටියේ ගුරුවරියගෙන් ලැබුණු ආරධනාව ප්‍රතික්ෂේප කිරීමේ අරමුණක්  නොවීය. නමුත් මේ ආරාධනය සම්බන්ධව ගුරුවරියගේ ........... මතක් වු බවක්ද පෙනින, කෙසේ හෝ වේදිකාව මතට පැම්ණි ඇය, සියළුම නිළ තල වලින් අසවර අරගෙන තම ඉන්ස්ටන් කතාව පටන් ගත්තාය, 


               ඇත්තටම මම අද කිසිම සූදානමක් නැතිවයි මේ කතාව කියන්නේ, ඒ නිසා යම් යම් මඟ හැරීම් අඩු පාඩු තියෙන්ට පුළුවන් ඒ ගැන සමාවෙන්න, මම අද කතාකරන්නේ , අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන පාඪය මුල් කරගෙනය, ඇත්තටම කියනවනම් අවවාදය යනු හුදෙක් එක් වචනයක් පමණකි, නමුත් ක්‍රියාව හෙවත් ආදර්ශමත් වීම සර්ව සම්පුර්ණ මඟ පෙන්වීමකි, 
මේ කතාව අපිට අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාමත් කියනවා, ඇත්තටම අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕන මෙවැනි දෑ අපේ ජීවිත වලට එකතු කිරීම සම්බන්ධව 


(කතාවට සාවධානව ඇහුම්කන් දුන් ගුරු මහත්ම මහත්මීන් හිස ඉදිරියට වනමින් පුංචි ආඩම්බරකාර හිනාවක් මවා ගත්හ)


උදාහරණයක් ලෙස, ම්....... ඔව් මම අපේ පාසැලේන්ම පටන් ගන්නම්.....අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාම අපිට කියනවා ලන්ච් ෂීට් වල කෑම ඔතාගෙන එන්න එපා කියලා, ඇත්තටම ඒ කතාව හරි එහෙම වුනොත් අපේ පරිසරය දූෂණය වෙනවා, මම හිතන්නේ දැන් අපේ ළමයි කවුරුවත් ලන්ච්ෂීට් වල කෑම ගෙන්නේ නැහැ, 


(ගුරු මහත්ම මහත්මීන්ද හිස වනා ඒ අදහස අනුමත කලාය, අනික් ළමන්ටද නිශ්ශබ්ධ වෙන ලෙස සංඥාද ලැබිණ, මේ අතර එක් ගුරුවරියක් මේ ළමයා හැබෑම දක්ෂයි නේද? යැයි අසල සිටි අනික් ගුරුවරියට පැවසීම, ඇයද ඒ කතාවට හිස සැලීමෙන්ම එකඟ විය)


ඒත් අපේ පාසැලේ කාමර අවට තවමත් සත්තු ඇදලා ගෙනත් දාන ලන්ච්ෂිට් තියෙනවා, ඩස්බින් වල ලන්ච්ෂිට් තියෙනවා, අපි හැමෝම  ලන්ච්ෂිට් ගේන්නේ නැත්තම් මේවා කොහොමද පාසැල ඇතුලට දැන් එන්නේ, 




(සියළුම දෙනා නිශ්ශබ්දය!)


ඇත්තටම මට කියන්න කණගාටුයි අපිට නිවැරදි මඟ පෙන්වන අපේම සර්ලා ටීචර්ස්ලා, එයාලගේ දූ දරුවෝ තවමත් කෑම ගෙන්නේ ලන්ච්ෂිට් වල,බොරුවක් නම් අද ඉන්ටර්වල් එකට ඔයාලටම බලාගන්න පුළුවන්, 


(තරමක් කලබලයට පත් ගුරු මහත්ම මහත්මීන් ඇඹෙරෙමින් කල්පනා කරමින් කරකියා ගතනොහී සිටියහ)


අනිත් කාරණය තමයි, අපිට උදේට පෝළිම් ගැහිලා පන්සිල් කියන්න කියන අපේ ගුරුවරු කවදාවත් පන්සිල් කියනවා මම දැකලා නැහැ, 


අපි පන්සිල් කියද්දී අපි හැමදාමත් දකින්නේ, එයාලා එකතුවෙලා කතාකර කර ඉන්න හැටි, මම මෙහෙම කියන්නේ හිතේ තියෙන තරහක් නිසා නෙමේ,  අපේ ගුරුවරු අපිට උගන්වන අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන කතාව අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියන එක ඔයාලා හැමෝටම මතක් කරලා දෙන්න,

කතාව සාර්ථකව අවසන් කරපු අපේ ශිෂ්‍යාව අත්පොළසන් හඩ මැද වේදිකාවෙන් බැස ආවේය, 


කතාවට සාවදානව ඇහුම්කන් දුන් ගුරුවරියන්ගේ මුහුණු තරහෙන් පුපුරු ගසන්නට විය, නමුත් ඒ අතර වුන් නිහතමානි ගුරුවරියක් ඉදිරියට පැමිණ තමන්ගේ වැරදි පෙන්වා දුන් එම ශිෂ්‍යාවට ස්තුති කර රැස්වීම අවසන් කලේය, 


       එදා පාසැලේ සමහර ගුරුවරියන් පන්ති වල ඉගැන්වීම් කටයුතු වලින් පවා වැලකී සිටි අතර, ඇතෙමෙක් ඇයව පාසැලෙන් ඉවත් කල යුතු බව පැවසීය, නමුත් වැරැද්ද තමන් පිට තියාගෙන අනුන්ගෙන් පළි ගැනීම ගුරුවරයෙකුට නොවටිනා දෙයක් බව එතැන වුන් තවත් එක් ගුරුවරයෙක් පැවසීය, කේසේ හෝ ළමුන්ටනම් මෙය මහත් සතුටට කාරණයක් විය, තමන්ගේ අදහස් ප්‍රකාශ කරගැනීමට නොහැකිව ළතැවෙන වුන්ට, මේ ශිෂ්‍යාවගේ කතාව ආදර්ශයක් සේම අවවාදයක්ද විය..................


සැ.යු :- මෙම කතාව සත්‍ය වශයෙන්ම අම්පාර ප්‍රෙදේශයේ පාසැලක් තුල සිදුවු කතාවකී.

අවිනීත ගුරු........ විනීත සාරිය!

ෆර්ම් කරලා කළු කරපු කොට කොණ්ඩය
මාලේ පේන්න කියලා
බොක්කුව ෆෝකස් කරපු හැට්ටය,
කොඳුනාරටියේ ඇට ගණන් කරන්ට හැකි
ලෙස පිට පටිද කපා ඇත,
රජ කල තන පටය සිහිගන්වන
උදාහරණය,
අහවල් එකට ඩිංගක් උස්සලා ඇදපු සාරිය,
නාභිය පේන ගානට හීන් කරලා දැම්ම සාරිපොට,
පස්ස ඉස්සෙන්න එක්ක දාපු හීල් එක,
ලොක්කට ටෙක්ස්ට් කරන්න අතේම රැඳුනු
මොබයිලය,
අනේ අද දූ දරුවෝ කොතරම් වාසනාවන්තද
ලබන්නට මෙවන් ............................. ?
හැබෑටම මොඩ් වුනු...........

ඇත්තටම අපි

කෙදිනකවත් නොදැක හිටිය අපි,
එක් දිනකදී මුණ ගැහුණා,
හුඟාක් කල් අඳුරගෙන හිටියා වගේ
එකිනෙකා ළගට ‍වෙලා ඔහේ කතා කර කර හිටියා.
වේලාව යනවා දැනුනෙවත් නැහැ,
ජීවිතේ අඳුරු පිටු එකින් එක පෙරලලා මම උඹට කිව්වේ,
මගේ ළඟ උඹ වෙනුවෙන් ආදරයක් නැහැ,
මට ඕන හැමදාමත් තනියම ජීවත් වෙන්න ඕන කියන වදන් ටික,
ඒත් කිසි දෙයක් තෙරුම් නොගත්තු උඹ
මැටි ගොඩක් වගේ හිතුවේ මම උඹට ඇත්තටම ආදරේ කරනවා කියලා,
ඇත්තටම උඹෙන් ඈත් වෙලා යනකල්ම
මම හිතුවත් මම උඹට ආදරේ නොකර ජය ගත්තා කියලා,
ඒ ආඩම්බර කම හිතේ තියාගෙන එක දවසක් මට ඉන්න බැරි වුනා,
මටත් හොරෙන් උඹ මගේ හිත දිනාගෙන ඒත් උඹ දන්නේ නැහැ,
මම පරාජය වුනු බව මගේම ජීවිතයට.....

වෙසක් සමරන්න වෙසක් කූඩුවක් හදමු!

මේක හරීම සරල වෙසක් කූඩුවක් දන්න නොදන්න හැමෝටම බලාගන්නත් එක්ක මේක හදන විදිහ ගැන විස්තරයක් ලියන්නම්..(හදන කූඩුවට නමක් ඔයාලම තීරණය කරන්න)

මුලින්ම මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය සදහන් කල යුතුයි
01. බට පතුරු  - 12 (දිග අඩි 2ක් පමණ, සෙන්ටිමීටර 1ක් පමණ පළල)
02. බකට් කම්බි හෝ ටුවයින් නූල්
03. පාප්ප (හෝ හොද ගම් වර්ගයක්)
04. කතුරක්
05. සව් කඩදාසි (කැමති වර්ණ වලින්)
06. අගල් 4ක් පමණ උස අගල් භාගයක් පමණ පළල බට පතුරු හෝ වෙනත් ලී කැබැලි -6

හරි එහෙමනම් අපි වැඩේ පටන් ගමු, ඉස්සරවෙලාම කරන්න ඕන අපි ගත්ත බට පතුරු වලින් ත්‍රිකෝණාකාර හැඩ තල හදාගන්න එක (ත්‍රිකෝණ 4)  මේ සදහා ලී කැබලි එක මත එක ත්‍රිකෝණාකරව තබා ටුවයින් නූල් වලින් ගැට ගසා ගත යුතුය (රූපය බලන්න)

ඉන්පසුව අප සකස් කරගත් ත්‍රීකෝණාකාර හැඩ තල 2ක බැගින් එක මත එක තරුවක හැඩයක් ලැබෙන ආකාරයට තබා ගැටගසා ගන්න මේහිදී ගැට යෙදිය යුතු ස්ථාන පින්තූරයේ සටහන් කර ඇත.



මේසේ සකස් කරගත් තරු 2කද එක මත එක සමානුපාතිකව තබා මුළු 6ය පමණක් හොදින් ගැට ගැසිය යුතුය, (රූපය බලන්න)


අපේ වැඩේ අමාරුම හරිය ඉවරයි දැන් කරන්න ඕන මේ හදපු තරුවට 3ඩී පෙනුමක් ලබාදෙන එක මේ සදහා කරන්න ඕන  අපි කලින් ලංකරගත්තු අගල් 4 ලී කෑලි ටික පින්තූරයේ දක්වලා තියෙන ආකාරයට හිර කරන එක, ගොඩාක් ශක්තිමත් බට පතුරු භාවිතා කලොත් මේක ටිකක් අසීරු වෙන්න පුළුවන්,ඒනිසා ඉතා ප්‍රෙවේශමෙන් මේ කොටස ඉවර කරන්න (රූපය බලන්න)

(පැත්තෙන් පෙනෙන ආකාරය)

දැන්නම් අපේ වෙසක් කූඩුවේ මූලික අදියර සියල්ලම අවසානයි, දැන් අපි කරන්න ඕන කැමැති පාට කොල යොදා ගෙන මේ කූඩුව අලංකාර කරගන්න එක, මේ සදහා විවිධ වූ ක්‍රම භාවිතා කරනවා. ඔයාලත් මේ ක්‍රම වලින් කැමැති ක්‍රමයකට කොල අලවලා මේ කූඩුව අලංකාර කරගන්න, අවසානයේ කූඩුවේ මැදට වෙන්න බල්බ් එකක් හෝ ඉටි පන්දමක් දල්වන්න, මේ සදහා පහත පින්තූර උපයෝගී කරගන්න..
(සැ.යු. - මේ කූඩුවටම තව කොටසු එකතු කිරීම මගින් විවිධ වූ කූඩු නිර්මාණය කල හැක)



එහෙනම් සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යක් වේවා!


අංක විද්‍යාව (1)

අපේ පාසැල් කාලේදී අමාරුවෙන් විසඳන්න වුනු ගණිත ගැටළුවක් සම්බන්ධයෙන් තමයි මේ පොස්ට් එක ලියන්නේ, ටිකක් විතර අමාරු ගැටළුවක් ඒත්ඉතින් වැඩ කාරයන්ට නම් ගේමක් නැහැ..
මෙන්න මේකයි සිද්ධිය.. ඔය පහලින් තියෙන්නේ කොටු විසිපහක්, ඒ වගේම ඒ කොටු ටික පුරවන්න එකේ ඉදන් විසි පහ දක්වා අංක ලබා දෙනවා (1-25) හැබැයි කොන්දේසි කිහිපයක් යටතේ තමයි මේක කරන්න ඕන

01. එකම ඉලක්කම දෙපාරක් භාවිතා කරන්න බැහැ
02. (1-25) අතර සංඛ්‍යා විතරයි භාවිතා කරන්න පුළුවන්
03. කොයි අතට එකතු කරත් සංඛ්‍යාවල එකතුව 65 ක් විය යුතුයි..(ඊතල සහ අංකවලින් පෙන්නලා  තියෙන්නේ තේරුම්ගන්න පහසු වෙන්න)


අද ලොවට සරිලන හදුන්වාදීම් - ගූගල් ඩ්‍රයිව්!

ගුගල් සමාගමේ තවත් එක් වැදගත් ක්‍රියාමාර්ගයක් ලෙස ගුගල් ඩ්‍රයිව් හදුන්වන්න පුළුවන්, පසු ගිය දිනක අන්තර්ජාලය හරහා ලැබුණු නිව්ස් එකකට අනුව මාද මේ සදහා රික්වෙස්ට් එකක් දැම්මා, දවස් දෙකක් ඇතුලත ඔබේ ගිණුමට ගුගල් ඩ්‍රයිව් සම්බන්ධ කලා යැයි ඊ මේල් එකකින්ම දාලා තිබුණා. ඉතින් මමත් ලොග් වෙලා බැලුවා කොහොමද මේ ගුගල් ඩ්‍රයිව් වැඩ කාරයෙක්ද කියලා, ඇත්තටම නරක නැහැ අපි කලින් භාවිතා කල ගුගල් ඩොක්ස් සංස්කරණයේම වැඩි දියුණු කල අවස්ථාවක් විදියටයි මම නම් මේක දකින්නේ, අපේ ඊ මේල් ගිනුම හරහාම මේ සදහා සම්බන්ධ විය හැක, විශේෂ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත.. ගුගල් ඩ්‍රයිව් සමග වැඩ කරන්න බලාගෙන ඉන්න අය පහත ලින්ක් එක ක්ලික් කරලා සම්බන්ධ වෙන්න..
https://drive.google.com/start?authuser=0#home

මෙහිදී අපිට නොමිලයේම ගිගා බයිට් 5 ක ධාරිතාවයක් ලැබෙනවා මීට වැඩිය ධාරිතාවයක් අවශ්‍ය නම් ඒ සදහා මාසිකව මුදලක් ගෙවා අපිට ඒ ඉඩ වෙන් කරවා ගැනීමට පුළුවන. ඒත් එක්කම අපේ ජී මේල් ගිණුමේ ධාරිතාවද වැඩි වන බව සදහන් වෙනවා. වැඩි විස්තර මේන්න මේ ලින්ක් එකෙන් බලාගන්න https://www.google.com/settings/storage/?hl=en

ගූගල් ඩ්‍රයිව් තුලදී අපිට අවශ්‍ය ආකාරයට ෆයිල්ස් ෆොල්ඩර්ස් මැනේජ් කරගන්න පුළුවන් වීම තවත් එක් වාසියක්.. සඳහන් වෙන ආකාරයට මේකත් ඔය ක්ලව්ඩ් ස්ටෝරේජ් යටතටලු වැටෙන්නේ ක්ලව්ඩ් ගැන වැඩිපුර තොරතුරු විකිපීඩියාවේ තියෙනවා හොයලා බලන්න...

මේ විතරක්ම නෙමෙයි ගූගල් ඩ්‍රයිව් වලට විවිධ අකාරයේ ෆයිල් වර්ග 30ක් පමණ හදුනාගෙන වැඩ කිරීමේ හැකියාව තියනවා.. මේ නිසා ඒ ඒ වැඩසටහන් පරිගණයේ ස්ථාපිත කර තිබීම අනිවාර්ය නොවේ. තවත් විවිධ වු විශේෂාංග රාශියක් ගූගල් ඩ්‍රයිව් තුල අන්තර්ගත වෙනවා...වැඩි විස්තර දැන ගැනීම සදහා මේ ලින්ක් එක භාවිතා කරන්න (ගූගල් ඩ්‍රයිව්)

අනුන්ගේ කවිය


සිහින ලොබ බැඳ
අරක් ගත් සිත
බලා අවසන
තුටු නොවෙන්නෙමු
පාන හසරැලි
කිමද දෙනුවන
අඟට කදුලැලි
එක්කරන්නේ

නුඹ එපා යැයි
වඳන් පැවසුව
නුඹ මගේ යැයි
සිතම පිළිගෙන
වේදනාවන්
පුරා අවසන
දිනුම පැරදුම
අතර සැගවුන

කාලයෙන් හැම
වැසී ගෙන ගිය
ආදරය යැයි
හඩ නගන්නේ
සලා ඔබේ මුව
මුදා හසැරැලි
නැවත එනු මැන
සිත් අගින්

විසදන්න පුළුවන්නම්!

මේකයි සීන් එක ඔය පල්ලෙහායින් තියෙන පින්තුරේ තමයි සිද්ධිය තියෙන්නේ බැලු බැල්මට පේනවා‍නේ මේක ටිකක් ඔය ගණිතය හා සම්බන්ධ වැඩක් කියලා..ඉතින් කට්ටිය ඔය පොඩි කොල කෑල්ලක්,පෑනක් එහෙම අරගෙන සෙට් වෙන්නකෝ, මම දෙන්නම් ගැටළුව...(මේක මගේ ගැටළුවක් නෙමෙයි අපේ නංගී කෙනෙක් මගෙන් ඇහුව ගැටළුවක්)


ඔය ඒ, බී, සී, කියලා නම් කරලා තියෙන්නේ දේවාල තුනක්ලු (දන්නවනේ ඉතින් දේවාල ගැන) ඔය එක්ස් කියන ප්ලේස් එකේ ඉන්න  මෑන් ළඟ යම් කිසි මුදලක් තියනවලු මිනිහා :ඒ: කියන දේවාලෙට යනකොට අතේ තියෙන ගානිත්(මුදලින්) රු.10 කට තට්ටු වෙනවා, හැබැයි දේවාලෙට ගියපු ගමන් අර අතේ තියෙන ඉතිරි ගාන ඩබල් වෙනවලු, හැබැයි ආයෙම එලියට එනකොට අතේ තියෙන අර ඩබල් වෙච්චි ගානෙන් තවත් රු.10කට තට්ටු වෙනවලු, ඊට පස්සේ  :බී: කියන දේවාලෙට යනකොට තව රු.10 ක් යනවලු....ඔය විදියට බී කියන දේවාලෙන් එලියට එනකොටත්  රු.10ක් අඩු වෙනවලු. ආයෙම :සී: කියන දේවාලෙට යන්න රු.10කුත් එලියට එන්න රු.10කුත් වියදම් වෙනවා, හැබැයි තියෙන එකම චාන්ස් එක හැම දේවාලෙකදිම අතේ තියෙන ගාන ඩබල් වෙන එක තමයි.... දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෑන් ඔය දේවාල තුනටම ගිහින් එළියටත් එනවා හැබැයි අතේ රුපියලක්වත් ඉතුරුවෙනනෙත් නැතුව ඉතින් මං අහන්නේ මිනිහා දේවාල වලට යන්න කලින් අතේ රුපියල් කීයක් තිබුණද ? 
හරිම ලේහෙසියෙන් හදන්න පුළුවන්, ඔයාලත් හදලා උත්තරේ කමෙන්ට් එකකටම දාන්නකෝ.....

පරිගණකයෙන් අභ්‍යවකාශයට!

මේ පෝස්ට් එක ලියන්නේ තාරකා විද්‍යාවට ඇළුම්කරන අපේ යාලුවෝ වෙනුවෙන්. ඇත්තටම අපි හරි කැමතියි ඈත අහසේ තියෙන තරු රටා ග්‍රහලෝක ගැන තොරතුරු හොයන්න... අන්න ඒ වගේ අවස්ථාවල භාවිතා කරන්න පුළුවන් මෘදුකාංගයක් තමයි stellarium කියලා කියන්නේ.. වැඩිපුර තොරතුරු මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරලම බලාගන්න...

මෙවැනිම තවත් සොෆ්ට්වෙයාර්ස් අපිට හොයාගන්න පුළුවන්... මේ පහතින් සඳහන් කරන්නේ එවැනිම තවත් මෘදුකාංග කිහිපයක ලිපිනයන්.. මේවාත් පාවිච්චි කරලා බලන්න අළුත් දෙයක් ලැබුනොත් අපිටත් කියන්න...

Winstars


Star Calc


Open Universe


Shatters 

පන්හිඳෙන් ඉල්ලාගෙන ලියමි.....1


පපුවේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක වන හඩ අහල පහල උන්ට ඇසෙයිදෝ  බියෙන් දෑත් බැඳගත්තෙමි, පාරක් තොටක් නැති වනයක අතරමං වු බවක් මට දැනෙන්නට විය, කෙසේ හෝ මේ දෙය අදම... ඔව්... මේ දැන්ම ඇයට කියන්නට සිත තුල දැඩි ආශාවක් හා උනන්දුවක් විය. නමුත් සියළුදේ පරයා නැගෙන  බිය කෙසේවත් පැරදවිය නොහැකි විය. ජීවිතයේ පලමුවරට පරාජය භාරගන්නට සැරසෙන සෙයක්  දැනෙන්නට විය, කෙමෙන් කෙමෙන් ගෙවී යන කාලය වෙනදට නැති හදිස්සියකින් දිව යන්නාසේය... ඈතින් පියාඹාගෙන යන සියොත් රංචුවක් මා සිටින බව දැන දැනම මාගෙන් බොහෝ ඈත්වී පියාසර කරන බව වුන්ට නොතේරුණද මට වැටහුනි.... පාරදිගේ ගමන් ගන්නවුන් වෙනදට වැඩිය බොහොමත්ම උවමනාවෙන් මා දෙස බලන ආකාරයක්  මගේ සිත තව තවත් අපහසුතාවයට පත්කලේය... කෝ මේ මගේ ලග හිටපු එකා. ඒකත් මගෙන් ඈත්වෙලා රාජකාරියේ නිරතවෙන ගමන්ය... කරකියා ගන්නට දෙයක් නොමැති කල මගේ ඇස් මටත් හොරෙන් ප්‍රතික්‍රියා දක්වන බව මට හැඟුනි, කේසේ වත් ඒ ප්‍රතික්‍රියාවන්ගේ ප්‍රථිපල අන් අයට නොපෙනෙන්න මම වගබලා ගතිමි, ගතවූයේ තවත් නිමේෂයකි....ට්‍රීං...ට්‍රීං .....ට්‍රීං ......... ඉන්ටර්වල් ඉවරයි... ළමයිගේ කෑගිහිල්ලෙන් නැවතත් පියවි ලෝකයට ආවෙමි... මොකද බං උඹ කරන්නේ හැමදාමත් ඔහොමමයි... දැන් ඉතින් වරෙන් පංතියට යමු... ඒ මගේ කල්‍යාන මිත්‍රයාය...මං වෙනුවෙන් ගුරුමණ්ඩලයම භාරගත් එකම රණවිරුවාය... හෙටද ඔහුගේ රාජකාරිය අකුරටම කරන්නට ඔහු පොරොන්දු විය... තවත් උත්සාහයක් මෙලෙස ව්‍යර්ථ විය....

සිංහල අවුරුදු චාරිත්‍ර

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 12 වෙනි බ්‍රහස්පතින්දා බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ධ දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 12වෙනි සිකුරාදා අපර භාග 7.20ට සිංහල අලුත් අවුරුද්ද උදාවේ.

පුණ්‍ය කාලය 

අප්‍රේල් මස 13වෙනි සිකුරාදා අපර  භාග 12.56 සිට 14 වෙනි සෙනසුරාදා පුර්වභාග 1.44 දක්වා පුණ්‍ය කාලය බැවින් 13 වෙනි සිකුරාදා අපර භාල 12.56 ට පළමුව ආහාර අනුභව කොට සියළු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම මැනවි. පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින අපර භාග 7.20 සිට 14 වන සෙනසුරාදා දින පුර්ව භාග 01.44 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත්‍ර විධි  ඉටු කිරීම ද මැනවි.

ආහාර පිසීම.

අප්‍රේල් මස 13 වෙනි සිකුරාදා අපර භාග 7.42 ට සුදු මීශු ලා නිල් වස්ත්‍ර යෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද, ගිනි මොලවා ගිතෙල් සහ හකුරු මිශ්‍ර කිරි බතක්ද තල මිශ්‍ර කැවිලිද පිළියෙල කරගැනීම මැනවි

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය

අප්‍රේල් මස 13 වෙනි සිකුරාද අපරභාග 10.28 ට සුදු මිශ්‍ර ලා නිල් වස්ත්‍රෙයන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම

අප්‍රේල් මස 15වෙනි ඉරිදා පුර්ව භාග 07.08 ට දකුණු දිශාව බලා හිසට ඇඹුල් පත්ද පයට නුග පත්ද තබා රන්වන් පැහැති වස්ත්‍රාභරනයෙන් සැරසී තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නනු ද ගා ස්නානය කිරීම මැනවි.

රැකී රක්ෂා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 16වෙනි සදුදා පුර්ව භාග 6.22 ට පලාවන් පැහැති වස්ත්‍රයෙන් සැරසී හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කොට බටහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යෑම මැනවි.

සේවා අවශ්‍යතා සදහා පිටත්ව යෑම

අප්‍රේල් මස 16 වෙනි සදුදා පුර්ව භාග 6.31 ට සුදු පැහැති වස්ත්‍රයෙන් සැරසී කිරිබත් හා තල මිශ්‍ර ආහාරයක් අනුභව කොට දකුණු දිශාව බලා පිටත්වී යෑම මැනවි.

WordPress Address (URL) - වෙනස්වුනොත්....



This is also an experience I had with wordpress.
    I have installed wordpress into a separate location of my hosting service (its means I didn't use the default location to install wordpress and installed them into a new folder called home), and I changed the "WordPress Address (URL)" under general settings  into my web URL by misunderstanding the instruction given by wordpress,  after changed this setting I couldn't access to wordpress site even it didn't allow me to access admin page,  how ever finally I could resolve it using following method

01. Log into your MYSQL database using Phpmyadmin or any other methods provided by hosting service
02. Find your database belongs to Wordpress installation.
03. Open it and trace for the table called "wp_options" and find the field " WordPress Address (URL)" and change it  into previous URL (http://yoursite.com/wordpress)
04. Then save your settings and check your site back,  it should work fine!


ලොව සුපතල සොයා ගැනීම්! (01 වෙනි අදියර)

ලොව සුපතල නව සොයා ගැනීම් කල වැදගත් පුද්ගලයින් සම්බන්ධව ලියැවෙන මෙම ලිපි මාලාව සියළු දෙනාටම ප්‍රයෝජනවත් වේයි කියලා හිතනවා.......



දුරකථනය 
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
( Alexander Graham Bell, (1847–1922), Canada, Scotland, and U.S. – telephone )





ටෙලිග්‍රාෆ් සංකේත
සැමුවෙල් එෆ්.බි මොර්ස්
(Samuel Morse, (1791–1872), U.S.)





ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න ලේසි ක්‍රමයක්!

 
නෙට් එකේ එහෙට මේහෙට යන කොට වැදගත් කියලා දෙයක් ලැබුනොත් මම ඉස්සරවෙලාම කරන්නේ ඒක මේ බ්ලොග් එකට දාගන්න එක තමයි. ඒ වගේම අදත් ෆේස් බුක් වීඩියෝස් ඩවුන්ලොඩ් කරගන්න පුළුවන් සයිට් එකක් ලැබුනා ... කරන්න ඕන දේවල් ඒ සයිට් එකෙන්ම බලාගන්නකෝ...




Ampara Postal Codes



City
Postal Code
Addalaichenai32350
Akkaraipattu32400
Ampara32000
Bakmitiyawa32024
Central Camp32050
Dadayamtalawa32046
Damana32014
Damanewela32126
Deegawapiya32006
Dehiattakandiya32150
Devalahinda32038
Digamadulla Weeragoda32008
Dorakumbura32104
Galapitagala32066
Gonagolla32064
Hingurana32010
Hulannuge32514
lmkkamam32450
Kalmunai32300

පැන්සලෙන් නුඹව!


පැන්සලෙන් දන්න හැම විදිහටම චිත්‍ර ඇන්දා
ඒත් ඒ එක චිත්‍රයකවත් උඹව හොයාගන්න මට බැරිවුනා
කෙන්තිය නිසාම ඉරි ඔක්කොම මකලා දැම්මා...
එතකොටයි මම දැක්කේ මැකෙන ඉරි අතරේ හිර වෙලා
උඹ දඟලන හැටි....
අන්තිමට උඹ එළියේ ඒත්,
කොලේ හිස්!........

එදා මෙදා තුර!


එදා මෙදා තුර
උඹ වෙනුවෙන් මගේ අතින් 
ලියැවුනු,
වචන ගාන මම ගණන් කරලා බැලුවා.
ඒත් එතන මම ලිව්ව ගානට වැඩිය තියනවා
ඇත්ත කියපං,
මගේ අකුරු මටත් හොරෙන් උඹට මොනවද ලිව්වේ.....


වින්ඩොව්ස් 7 "Earlier Version Of Windows” ඉවත් කිරීම!

කාලයේ තියෙන වටිනාකම තේරුම් ගන්න ටිකක් විතර කල් යනවා, මම මෙහෙම කියන්නේ මේ ටිකේම වැදගත් කියලා වීශේෂ දෙයක් බ්ලොග් එකේ එල්ල ගන්න බැරිවුනා වැඩ නිසාම. ඒත් මේ ළගදී මට මුහුන දෙන්න වුනු ගැටළුවකට ලබාගත්ත විසඳුම කට්ටියත් එක්ක බේදාගන්න ඕන කියලා හිතුන නිසා මේ වෙලාවේ හරි මේක ලියනවා....

ගොඩාක් පරිගණක වල අදවෙන කොට ඕ.එස් දෙකක් 3ක් තියෙන එක සාමාන්‍ය දෙයක්, ඒ වගේම අපි හැමෝම වා‍ගේ දැන් වින්ඩොව්ස් 7 භාවිතා කරනවා, අපි වින්ඩෝස් 7 එක්ක තවත් ඕ.එස් එකක් භාවිතා කරනකොට සිස්ටම් ස්ටාර්ට්අප් එකේදීම අපෙන් අහනවා මොන ඕ.එස් එකෙන්ද බූට් වෙන්න ඕනේ කියලා මේතනදී අපිට අවශ්‍ය ඕ.එස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එත් කවද හරි අපි පරණ ඕ.එස් එක ඉවත් කලත් (බොහෝ විට) සිස්ටම් ස්ටාර්ට්අප් එකේදී අපෙන් අහනවා "Earlier Version Of Windows” එහෙම නැත්නම් Windows 7 ද කියලා,  මෙන්න මේක තමයි අවුල, මේකට කරන්න පුළුවන් එක විසදුමක් තමයි, මේ කියන්න හදන්නේ, 
01.  Windows 7  වලින් කම්පුයුටරය ඕන් කරලා කමාන්ඩ් ප්‍රොම්ට් වලට ගිහින් පහත සදහන් කමාන්ඩ් ලබාදෙන්න... (Start > Type "CMD" on search bar or Start > All Programs > Accessories > Command prompt)

02. මේ කමාන්ඩ් ටයිප් කරද්දි අනිවාර්යෙන්ම ඇඩ්මින් රයිට්ස් තියෙන Account එකක් භාවිතා කරන්න. 

03. කමාන්ඩ් වින්ඩෝ එකේ bcdedit” කියලා ටයිප් කරලා එන්ටර් කරන්න (as Administrator)

04. දැන් වින්ඩෝස් බූට් මැනේජර් වල රෙජිස්ටර් වෙලා තියෙන ඕ.එස් ලිස්ට් එක දකින්න පුළුවන්. මෙතනින් අපි අදාල නොවන ‍ලිස්ට් එක අයින් කරන්න ඔන ඒ සදහා පහත ආකාරයට විධානයන් ලබා දෙන්න, 
05. bcdedit /delete {ntldr} /f එන්ටර් කරන්න, එවිට මේ විදිහේ මැසේජ් එකක් දිස් වේවි “The operation completed successfully” දැන් මැෂින් එක restart කරන්න, 

සැ.යු, මට ඇති වු ගැටළුව සාර්ථකව විසදා ගැනීමට මෙමගින් හැකි විය, වෙන යම් ගැටළුවක් වෙතොත් කමෙන්ට් එකක් විදිහට එල්ලන්න


හැමදාමත් උඹ


වේදනාව වැඩි කමට උඹ කරපු වැඩ........
හිතේ තියෙන දේ කියාගන්න උඹ අඬපු හැටි........
අඩන්න බැරිව උඹ සිනාසුන හැටි........
බලන්න බැරිව උඹ ඉවත බලපු හැටි........
තනිව ඉන්න බැරිව උඹ තනිව වුන්නු හැටි........
කියන්න ඕනේ නැහැ අපි එකට වුන්නු හැටි........

ආදරය හා කාලය අතර!

සිතුවිලි තුළම සිරවී
හදවත තුලම නැවතුන
තවත් එක් පුංචි වේදනාවක්
තවමත් රිදුම් දෙයි

කාලයේ සරදමින්
ගලාගිය ජීවිතේ
අතරමං නොවුනමුත්
සිත මං මුලාවිය

ආදරය නම් විදින
වරක් දෙවරක් නොවරදින
පැතුම් පොදික් අතරමඟ
අත හැරුණි මට..හුවා ගනු බැරි ලෙසට