Gather Information about hardware and software configuration of your computer - ඔබේ පරිගණකය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා ගනිමු...

පරිගණක සමග වැඩ කරන අපිට ඉතාම වැදගත් මෘදුකාංගයක් තමයි වින්ඔඩිට්, මෙමගින් පරිගණකයේ සියළුම හාර්ඩ්වෙයා, සොෆ්ට්වෙයා සහ සකස්කිරීම් සම්බන්ධව විස්තරයක් ලබා ගන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි මේ ලබාගත් විස්තරය කිසිම කරදරයකින් තොරව පෝර්ටබල් ඩොක්ස් විදිහට එක්ස්පෝර්ට් කිරීමේ හැකියාව, එහෙම නැත්නම් ඊ-මේල් කිරීමේ පහසුකම, තමන්ගේ ආයතනයේ හෝ පරිගණක විද්‍යාගාරයේ පරිගණක ගණනය කිරීම් වලදී මෙම මෘදුකාංගය ඉතා කාර්යක්ෂම ලෙස ඒ කාර්යය ඉටු කර ගැනීමට භාවිතා කල හැක... නොමිලයේම ලබාදෙන සොෆ්ට්වෙයාර් එකක් නිසා කැමති කෙනෙක්ට ඩවුන්ලොඩ් කරගෙන නිදහසේ භාවිතා කරන්න පුළුවන්... 

පහත ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න..

How to Get Serial Numbers for RAM, Motherboard, HDD, CD Rom, පරිගණකයේ ප්‍රධාන කොටස් වල සීරියල් නම්බර් බලාගන්න පහසු මගක්

පරිගණකයේ මූලික කොටස් වල සීරියල් නම්බර්ස් ඉක්මනින් බලාගන්න පුළුවන් පහත සඳහන් කමාන්ඩ්ස් භාවිතා කරලා, සීරීයල් නම්බර් වල තියෙන වැදගත් කම මොනවද කියලා පැහැදිලි කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා හිතනවා, ඩොස් වලට ගිහින් පහත සඳහන් විධානයන් භාවිතා කරලා බලන්න ඒ ඒ ඩිවයිස් එකට අදාල නම්බර්ස් ලැබෙනවද කියලා එහෙම ලැබෙනවානම් ඉතින් වැඩේ සාර්ථකයි.....



serial number of RAM chips
wmic memorychip get serialnumber

serial number for hard disks
wmic diskdrive get serialnumber

serial number for mother boards
wmic baseboard get serialnumber


Serial number for cdRom Drive
wmic cdrom where drive='d:' get SerialNumber
*Replace ‘d:’ with the drive letter of Your Cd Rom or Drive

Scratch 1.4 (පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයට)


Scratch 1.4 යනු පරිගණක ආශ්‍රිත ඇනිමේෂන්, ගේම්ස් සහ කාර්ටූන් නිර්මාණය සදහා විශේෂයෙන් සකස් කල මෘදුකාංගයකි, නොමිලයේ ලබාදෙන මෙමගින් කුඩා ළමුන්ගේ දැනුම වර්ධනයට අවශ්‍ය නොයෙකුත් ආකාරයේ නිර්මාණයන් කල හැකිය.

වර්ථමානයට ගැලපෙන ලෙස සකස් කර ඇති මේම මෘදුකාංගය හරහා ළමුන්ගේ නිර්මාණාත්මක හැකියාව වර්ධනය කිරීම මෙන්ම, පරිගණක භාෂා වල මූලික අංග පිළිබඳව පැහැදිලි අවබෝධයක්  ලබා ගත හැකිය. නොමිලයේ මෙම වෙබ් අඩවියේ නිර්මාණය කරගන්නා ගිණුමක් ආධාරයෙන් අනිකුත් පුද්ගලයන්ගේ නිරෟමාණ අත්හදා බැලීමටද හැකියාව ලැබේවි.

Toshiba Satellite L640 BIOS Setup Issue( BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එකට විසඳුමක්)

වින්ඩොස් 8 ඉන්ස්ටෝල් කරලා  තිබුන ලැප් එකේ හිටි හැටියෙම බූට් වෙන්නේ නැතිව ගියා. ඒ මදිවට ලොකුම ගැටළුව ආවේ BIOS Setup වලට යන්න ක්‍රමයක් නැති එක. දන්න කියන හැම කී එකක්ම ප්‍රෙස් කලා ඒත් වැඩක් වුනේ නැහැ.. අන්තිමට ගූගල් කරල කරලා යන්තම් පිළියමක් හොයාගත්තා ... හැබැයි හරිම සරලයි ..  ලැප් එක් පවර් ඕෆ් කරලා ඔන් කරන්න කලින් එෆ් 2 කී එක ප්‍රෙස් කරගෙන ඉන්න... ඒක තමයි සිම්පල් ක්‍රමය අවශ්‍යතාවයක් ඇති වුනොත් උත්සහ කරලා බලන්න...

Hold down the F2 key and then power-on the computer

වින්ඩෝස් වර්චුවල් පී සී - Windows Virtual PC

අළුතින්ම නිකුත් වන වින්ඩොස් සංස්කරණත් එක්ක හරි හරියට ඉදිරියට නොයන සමහර මෘදුකාංග සහිත පරිගණක සඳහා විසදුමක් විදියට මයික්‍රොසොෆ්ට් සමාගම මගින් හඳුන්වාදුන් වැදගත් මෘදුකාංගයක් තමයි  Windows Virtual PC මෙමගින් වින්ඩොස් 7 ස්ථාපිත පරිගණකය තුල වින්ඩොස් එක්ස් පී වගේ සංස්කරණ ස්ථාපිත කරගන්න පුළුවන්.


Windows Virtual PC 

මේ සඳහා පරිගණකය සතු අවම සම්පත් ප්‍රමාණය පහත පරිදි වෙනවා..
Supported Operating System
Windows 7
    • Processor: Intel®, AMD®, VIA® processors capable of hardware-assisted virtualization, with the setting turned on in the BIOS.
    • Memory: 2GB of memory recommended.
    • Hard disk requirement: 20MB hard disk space for installing Windows Virtual PC.

    ඔය කියන පහසුකම් සහිත පරිගණකයක කිසිම අපහසුතාවයකින් තොරව මේ මෘදුකාංගය ධාවනය කරන්න පුළුවන්... මේ කරන්න ඕන විදිය මම සරලව දක්වන්නම්, ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නම් පහත් ලින්ක් එකට ගිහින් මයික්‍රොසෝෆ්ට් සයිට් එකෙන්ම බලාගන්න පුළුවන්....

    01. මේ ලින්ක් එක ක්ලික් කරලා Windows Virtual PC බාගත කරගන්න...(තමන්ගේ වින්ඩොස් සංස්කරණයට ගලපෙන මෘදුකාන්ය ලබාගන්න) සැ.යු - ඩවුන්ලෝඩ් කිරීමේදී Windows Genuine Advantage පරීක්ෂා කිරීමටද ඉඩදීමට සිදුවේ. නමුත් අවශ්‍යනම් වෙනත් අඩවියක් හරහා ගැටළුවක් නොමැතිව මේ මෘදුකාංගය ලබා ගත හැක
    02.ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ අදාල ෆයිල් එක ඉන්ස්ටෝල් කරගන්න ...
    03. අදාල මෘදුකාංගය ස්ථාපිත කිරීමෙන් පසුව පරිගණකය රිස්ටාර්ට් කරන්න. 
    04. ස්ටාර්ට් මෙනුව හරහා Windows Virtual PC ලෝඩ් කරගත හැකිය...
    පහත ලින්ක්ස්  හරහා මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගත හැකිය 
Install and use Windows XP Mode in Windows 7
Windows

Windows XP Mode 

 එක්ස් පී සඳහා

වින්ඩොස් 7 බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හදා ගන්න පහසුම විදියක්....

පරිගණකයකට වින්ඩොස් 7 ඉන්ස්ටෝල් කිරීමේදී ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මෙම ක්‍රමය සීඩී/ඩීවීඩී දාවක නොමැති පරිගණකයන් සඳහා මහත් රුකුලක් වනු ඇත... මේ සඳහා අවශ්‍ය මූලික සොෆ්ට්වෙයා එක මයික්‍රොසොෆ්ට් සමාගමේම වෙබ් අඩවියෙන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...


Windows 7 USB/DVD download tool

අදාල සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරලා ඉවර අදාල උපදෙස් අනුව පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්න.. මෙමගින් බූටබල් පෙන් ඩ්‍රයිව් එකක් හෝ ඩීවීඩී එකක් ඉතා පහසුවෙන් නිර්මාණය කරගත හැක, (අදාල ලින්ක් එක මඟින් සියළු තාක්ෂණික විස්තර ලබා දී ඇත)