වෛරස් වලට වැට!.(3)

                        මෙම ලිපිමාලාවේ කිහිප තැනකදීම අපි උත්සහ කලේ කිසිම ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා නොකර මෙ‍ම වෛරස එසේත් නැතිනම් අපේ පරිගණක තුලට නොදැනීම ඇතුල් වෙලා අපටම වින කරන මෙම විනාශකාරී පරිගනක වැඩ සටහන් ඉවත් කීරීම සම්බන්ධවයි, මගේ මුලිකම අදහස නම් අප සාමාන්‍යයෙන් හොද මට්ටමේ ප්‍රතිවෛරස වැඩ සටහනක් භාවිතාකල යුතුය යන්නය ඊට හේතුව ලෙස මා දකින්නේ බොහෝමයක් වෛරස අපට නොදැනීම අපගේ පරිගනක තුල ස්ථාපනය වීමයි, එසේ ස්ථාපනය වු සමහර වෛරස් වැඩසටහන් මගින් අපට දැනගත හැකි ප්‍රමාණයේ ආපදාවක් අපට නොසිදුවන නමුදු ඒමගින් අපගේ පරිගනකය හා සම්බන්ද සියලුම තොරතුරු තුන්වෙනි පාර්ශවයක් වෙත ලැබීමට හැකියාව ඇත.

                      අපගේ පරිගනකය හා සම්බන්ධ තොරතුරු ලෙස ඉහතදී මා සදහන් කලේ අප අන්තර්ජාලය හා සම්බන්ධ කටයුතු වලදී භාවිතා කරන මුර පද, අපගේ පුද්ගලික තොරතුරු, බැංකු කටයුතු සදහා අප භාවිතා කරන විවිධාකාර වු රහස් වචන යනාදියයි, මීට අමතරව අපි නිතර භාවිතා කරන අපගේ ඊ මේල් ලිපිනයන් ඒවායේ මුර පද හා අපේ මිතුරු මිතුරියන්ගේ ඊ මේල් ලිපිනයන්ද, පරිගනකයට ඇතුල්වීම සදහා භාවිතා කරන රහස් පදයද, මේ වගේ විශාල වශයෙන් අපගේ පුද්ගලික තොරතුර අන් අය අතට පත්වීම සිදුවේ.මීට අමතරව විවිධාකාර වු අනිසි ප්‍රතිපල මෙ‍ම වෛරස  නිසා උදාවිය හැකිය.

                     අන්තර්ජාලය හා සම්බන්ධ නොවන පරිගනක වල තත්වය මීට වඩා වෙනස් වේ, ඊට හේතුවනුයේ එම වෛරස වල ක්‍රියාකාරීත්වය සදහා අත්‍යවශ්‍යය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවීමයි. මෙවැනි අවස්ථාවල පරිගනකය තුලින් මෙම වැඩ සටහන් ඉවත් කීරීම පහසුය.

                       කිසිම අවස්ථාවක පරිගනක වෛරස ඇතුලු වු පරිගනකයන් අන්තර්ජාලය හා සම්බන්ධ නොකල යුතුය ඊට හේතුව එය අන්තර්ජාලය හා සම්බන්ධ කල විගස මෙම වෛරස නිර්මාපකයන්ගේ අදහස ඉෂ්ඨ වීමය. අප වෛරසය ඉවත් කිරීමෙන් අනතුරුව පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ කිරීම කල හැක නමුත් ආරක්ෂාකාරී පිළිවෙතක් ලෙස අනිවාර්යෙන්ම ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා කිරිම කල යුතුය..මීට අමතරව "Firewall" වැඩ සටහනක් භාවිතයද ඉතාම වැදගත්ය........

                       මුල් ලිපිවල සදහන් කල ආකාරයට අපට බොහෝ වෛරස වැඩසටහන් අපගේ දැනුම මෙහෙයවා පරිගනකයෙන් ඉවත් කල හැකිය... මේ සදහා ඔබට ඇතිවන ගැටලු මා වෙත යොමුකරන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපියෙන් මා අදහස් කලේ පරිගණක වෛරස ගැන සැහැල්ලුවට සිතීම අපට අවාසිදායක බව සදහන් කිරීමටය...මගේ මීලග ලිපියෙන් පෙන් ඩ්‍රයිව්ස් මගින් පරිනකයට ඇතුල් වන වෛරස වලින් බේරිලා ඉන්නේ කොහොමද කියලා කතාකරන්න බලා පොරොත්තු වෙනවා... මෙහිලා මා සදහන් කල කරුණු කාරනා වලට අමතරව තවත් බොහෝ වැදගත් යැයි හැගෙන කරුණු ඇත, නමුතු ලිපිය පත්තරයක්ම වෙන නිසා ඉතා කෙටියෙන් සදහන් කලෙමි. ඔබගේ අදහස් , යොජනා , හා අත්දෑකිම් සදහන් කරනමෙන් කාරුණිකව ඉල්ලාසිටිමි....

වෛරස් වලට වැට!.(2)

පරිගනකයේ හිටිගමන් "Folder Options" කියන මෙනු එක නැති වුනොත් එහෙම ආයෙම ඒක තිබුනු ආකාරයට සකස්කර ගන්නේ කොහොමද කියන එක ගැනයි මම අද කතා කරන්නේ...

 ඇත්තටම මේක සිද්දවෙන්න පුලුවන් ක්‍රම කිහිපයක් තියනවා ඉන් බොහෝවිට වැදගත් වෙන් අපි කවුරුත් දන්නා හදුනන වෛරස වලින් සිදුවෙන බලපෑම... වෛරස් නිර්මාපකයන් ‍බොහෝ විට උත්සහ කරන්නේ ඔවුන්ගේ වැඩසටහන හැකිතරම් රහසිගතව පවත්වාගෙන යාමටය, එම නිසා ඔවුන් "Folder Options" මෙනු එක අයින් කරලා දානවා,ප්‍රතිවෛරස වැඩසටහනකින් වෛරසය ඉවත් කලත් එම පරගණක තුල වෛරස වැඩසටහනේ අතුරු ප්‍රතිඵලයක් විදිහට මේ වගේ අපිට වුවමනා මෙනුස් ගොනු ආදිය නොපෙනී යාමට පුලුවන්,
 මේ විදියට  "Folder Options" නැතිවෙලා ගියොත් අපිට හරි පාඩුවනේ වෙන්නේ? මොකද අපි හංගලා තියාගෙන ඉන්න ගොනු අපිට බලා ගන්න බැරි වෙනවානේ ඉතිං ඒකට පිළියමක් විදියට පුංචි අයිඩියා එකක් තමයි මම මේ ලියන්නේ.....

start --> Run-->type "gpedit.msc" -->enter

ඔය ක්‍රමයට කමාන්ඩ් කලාම ඔයාලට "Group policy" සකස් කරන වින්ඩෝ එකට යන්න පුලුවන්, ඊට පස්සේ පහත සදහන් කරන විදියට අපට අවශ්‍ය policy එක expand කර ගන්න....

then under "user Configuration" expand the following location ---> Administrative template-->Windows component -->Windows Explorer --> Right Click on  "Removes The Folder Options menu Item from the Tools Menu" and select "Disable" --Apply -->Ok

මේ විදිහට කලොත් ඔයාලගේ වෛරසය පරිගනකයෙන් ඉවත් වෙලානම් (එහෙම කිව්වේ දැනට මේ හා සම්බන්ධ වෛරස වැඩසටහන තවමත් ක්‍රියාකාරී තත්වයේ නොමැතිනම්) ඔයාලට පුලුවන් නැවතත් "Folder Options" මෙනු එක බලාගන්න.... බොහොම කෙටියෙන් ලියන්නයි උත්සහ කලේ නමුත් ටිකක් වැඩියි වගේ නේද? නමුත් ඉතිං මේක කරන්න යනකොට ඔයාලට මුහුණදෙන්න වෙන ඕනම ගැටලුවකට උදව් කරන්න මම සූදානම්.....බලන්නකෝ මේක සාර්තක ක්‍රමයක්ද කියලා....

හැමෝටම අදුරගන්න පහසුවෙන්න පින්තූරයකුත් එකතු කලා මේ පොස්ට් එකට....

වෛරස් වලට වැට!.(1)

ලියනවා කියලා ඉතිං අනං මනං ලියන එකේ තෙරුමකුත් නැහැනේ නේද? ඔන්න ඔය නිසාම නොමිලේ දෙන වෛරස අයින් කරගන්න විදියක් ගැන ටිකක් කතා කරන්න හිතුවා...

අද නම් කතා කරන්න යන්නේ අපේ ලෝකල් ප්‍රොඩක්ට් එකක් ගැන නමුත් ඒක එක විදිහක ඇණයක් වැඩ කරගන්න ගියාම, ඔව් අපි හැමෝටම ව‍ගේ මේක දැනටමත් ලැබිලා ඇති නෙලැබුනු අයටත් ලැබෙන්න පුලුවන්, සමහරෙක් මේක මොකක්ද කියලා දැනගෙන ඉවත් කරන්න ඕන ක්‍රමයත් දන්නවා ඇති නේද? කමක් නැහැ නොදන්න අයට බලාගන්නත් එක්ක මම මේ පෝස්ට් දාන්නම්...

අපි ගොඩාක් දෙනෙකුගේ පරිගණක වලට පෙන් ඩ්‍රයිව්ස් වලින් හරි වෙනයම් ක්‍රමයකින් හරි ඇතුලුවෙලා ජාතික කොඩියක් විදියට පරිගණක තිරයේ හැම වෙලාවෙම පෙනී ඉන්න වැඩසටහන අයින් කරගන්න මම භාවිතා කල උපක්‍රමය තමයි මේන්න මේක......

මේ වෛරස්(ඇත්තටම මේක වෛරස් එකක්ම නෙවෙයි) එක ඇතුල් වුණු පරිගනකයක ‍මුලින්ම කරන්න තියෙන්නේ Task manager වලට ගිහින් Processes tab එක යටතේ තියෙන Explorar.exe file එක සිලෙක්ට් කරලා End Process button එක ක්ලික් කරලා මෙයාගේ ඇක්ටිව් file එක නවත්තන්න ඕන නැත්නම් ‍මෙයාව අයින් කරන්න අමාරුයි!( විශේෂ: not Explorer.exe)
ඊට පස්සේ කරන්න තියෙන්නේ පුංවි වැඩ දෙක තුනක් විතරයි!
මෙතන ඉදලා මම ඉංග්ලිෂ් වලින් ම ලියන්නම් ඒක හැමෝටම හොදයි!....හි...හි

start --> Run ----type "regedit" --> Enter
Expand the Following key up to the mentioned Location

HKEY_LOCAL_MACHINE -->SOFTWARE-->Microsoft-->Windows-->Current Version-->Run-->
මෙතනට ගියාට පස්සේ කරන්න තියෙන්නේ ‍බොහොම සිම්පල් වැඩක්
Delete the Regkey named "SYS1"/"SYS1"/"SYS" (to delete a registry key >>> Right Click on the key --> Delete-->yes)

හරි මෙතනදී කියන්න ඕන වැදගත් දේ තමයි මේ මම කියලා තියෙන නම් වෙනස් වෙන්න පුලුවන් කියන එක, ඒ වගෙ වෙලාවට බලන්න ඕන Explorar.exe ‍කියන file එක තියෙන්නේ මොන රෙජිස්ට්‍රි කී එකේද කියන එක, ඒක බලාගන්න පුලුවන් ලේසිම ක්‍රමය තමයි රේජිස්ට්‍රියේ ඩේටා යටතේ අවසානය දක්වාම කී එක රීඩ් කරගෙන යෑම.......ඒක හොයාගෙන ඒ කී එක රෙජිස්ට්‍රියෙන් මකලා දාන්න ඕන,

අන්තිමට කරන්න තියෙන්නේ අපේ පරිගනකයේ හැංගිලා ඉන්න සේරම ගොනු අපිට බලාගන්න පුලුවන් විදියට folder options වලට ගිහින් සෙටින්ග්ස් හදාගන්න එක.....(ඒක කරන විදිහත් මම කියන්නම්)
open my computer --> Tools--> folder options..--> View tab--> (tick )Show hidden files & Folders--> under this there are two more option that you must unchecked 1.Hide extension for known file type, 2.Hide protected operating system files --> then Apply -->ok ,

මෙතනින් එහාට කරන්න තියෙන්නේ බොහොම පහසු වැඩක්

open Drive C:\
Expand the Location mentioned : C:\Windows\System32 and Delete the file "Explorar.EXE
(Note: මේන්න මේක එහෙම ඩිලිට් කරන්න හිතන්නවත් එපා Explorer.exe )

දැන් අවසාන වශයෙන් පරිගණකය නැවත පණගන්වන්න ඕන, ඊට පස්සේ බලන්න ඔය කියන වෛරස් එක(විහිලුව) ඔයාලගේ පරිගනක වලින් ඉවත් වෙලා තියේවි......
(විශේෂ: අපේ වැ‍ඩේ ඉවරවුනාට පසුසේ අපි අර හැංගුන ගොනු බලන්න කරපු දේ නැවත පෙර ආකාරයටම සකස් කරන්න)

මේක කරගෙන යනකොට මොනව හරි ප්‍රශ්නයක් ආවොත් කියන්න මම උදව් කරන්නම්....

අපිත් දැන් සිංහල බ්ලොග් කියවනයේ!

ගොඩාක් දවසකට පස්සේ අද තමයි බ්ලොග් එක දිහා බැලුවේ... ඔන්ලයින් හිටියා උනත් වැඩ ගොඩාක් තිබුණ නිසා(වැඩ කිව්වම ඉතිං වැඩ තමයි ) පෝස්ට් එකක්වත් දාගන්න බැරිවුනා, ඉතිං ඔය අනං මනං වලින් වැඩක් නැහැනේ මෙන්න අලුත්ම නිව්ස් එක මගේ බ්ලොග් එකත් එක්ක සම්බන්ධ..., අද සිට මින් ඉදිරියට මගේ බ්ලෝග් අඩවියත් සිංහල බ්ලොග් කියවනයට ඇතුල් කරලා තියෙන්නේ ...මම ඉතිං කලින්ම සදහනක් කලානේ මම ඉල්ලුම් කලා කියලා ම්...  ඇත්තටම සතුටුයි.. මේ පෝස්ට් එක දාන්න මුලිකම හේතුව තමයි ඉතිං ස්තූතිය ප්‍රකාශයට පත් කිරීම!  ....:ජීවිතය අතින් ගෙන:.... මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලෝග් කියවනයේ ලියාපදිංචි කිරිම සම්බන්ධව සියලුම දෙනාට මගේ හද පිරි ස්තූතිය!

රවුම් ජීවිතේ!

දවස් කීපයක් යනකල් මුකුත් ලියන්න බැරිවුනා වැඩ වැඩිනිසා.අද රෑ නම් ටිකක් විතර නිදහස්, ඉතිං හිතුනා අද දවස ගැන මොනව හරි ලියන්න ඕන කියලා ...හිතන කොටම ලියවෙන්න පටන් ගත්තා ...මට පිස්සුද දන්නේනැහැ? ඒත් ඉතිං හිතට එන දේ ලිව්වා.... මට හිතුන එක දෙයක් තමයි ජීවිතේ කියන්නේ රෝදයක් වගේ රවුම් දෙයක් හැමදෙයක්ම අපේ වටේට කැරකෙනවා විටෙක මගහැරෙන දේවල් තවත් විටෙක අපේ ඉස්සරහට ආයෙමත් හම්බවෙනවා. ඇත්තටම බැලුවොත් නැවතීමක් නැති රවුම් මාර්ගයක අපි වටේට කැරකෙනවා නැවතීමක් කාට කොහොම ලැබෙයිද කියලා කවුරුවත් දන්නේ නැහැ, ‍කවද හරි දවසක මෙන්න මේ කවාකාර පථයෙන් අපි කාට හරි පිටපනින්න පුලුවන්නම් එයා නිවන් අවබෝධ කරගත්තා කියලා අපිට කියන්න පුලුවන් ‍ඒ මොකද දන්නවද මේ පථයේ කැරකෙන කාටවත් තමන් කැමති විදියටම ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ එයාව ස්වභාවධර්මයෙන්ම මේ කැරකෙන රෝදෙට ගැට ගහලා තියෙන්නේ ඒකෙන් ගැලවෙන එක ලේසි පහසු දෙයක් නම් නෙවෙයි.....මම මේ කියන්නේ මට හිතෙන දේ මට තෙරේන විදියට තමයි.... 

ආතතිය......


චිත්ත රූපං මනස්ගාතං
සර්වලෝකෝ විනාසනං
ස්වප්නං ආයෙමන් දක්නං
ජීවිතං ජල භීතිකං

ආලෝකං සිත සනසනං
අන්ධකාරෝ විනාසනං
භූතංච ඡාපී වරයං
මනුවං එල්ලිලා මරං

දුරදක්නං වටිනං තමං
වන්ද්රන් අතගෑ හැකං
බිම වැටුනොත් කුඩුවෙයි කාචං
භාවිතං අති පරිස්සමං

කවි කරනං හිත සනසනං
බහුරුපං හිත ඇතිකරං
කියවන්නං බිය වී දුවං
ලීවොතිං හිත ඇති දුකං

ජීවත් කරවන්නං.....

තමන්ගේම අම්මගේ අතේ එල්ලිලා අහිංසක පුංවි දියනියක් ගෙයින් ගෙට හිගමන් යදිමින් යනවා....කෑම බීම ගැන නොසිතම,පාරට බරවු ඇගේ දෙඇස පාරේ වැලිකැට ගානට කල්පනා කරනවා... සතුටින් සෙල්ලම් ‍කරන්න ඕන කාලය කෙළවරක් නොමැති හිගමනටම යට වෙලා...ජීවිතේ මොකක්ද කියලවත් නොදන්න මේ පුංවි ළමය ජීවිතේ ජීවත් කරවන්න උත්සහ කරනව ‍, මේවගේ ජීවිතේ ජීවත් කරවන ළමයි අද ‍රටේ මොනතරම් ඉන්නවද? (හිතට නැගුනු දුක කිවියට ගන්න උත්සහ කලේ සාර්ථකයිද නැද්ද කියලා දන්නේ නැහැ ඒත් ඕන දෙයක් කියලා ලිව්වා)


කවි සිත්තම!

සුභ උදෑසනක්!

ආයෙමත් එළිවෙලා ම්.... හරිම ලස්සනයි!.. දවසම මේ ලස්සන තියෙනවනම් කොච්චර හොදයිද නේද? ඉතිං උදේ පාන්දරම පුරුදු විදියට මගේ හයිස්පීඩ් අන්තර්ජාල පහසුකමත්(HSPDA) යොදා ගෙන හිතුවා ඊයේ කරපු බ්ලොග් එක දිහා බලන්න (මේක මාර ස්පීඩ් අන්තර්ජාල පහසුකමක් මම පස්සේ කියන්නම්කෝ මොකක්ද මේ සම්බන්ධතාවය කියලා) මම ඒක ආයෙම බැලුවේ මටවත් කියවන්න පුලුවන් දේවල්ද ඒකේ ලියලා තියෙන්නේ අවුලක් නැහැ ටිකක් හොදයි කියලා හිතෙනවා.ඕකනේ කියන්නේ හැම තිස්සෙම මාතෘකාවෙන් පිටනේ කතා කරන්නේ...නැගිට්ටගමන් ආවා පොඩි හැඩකාර අයිඩියා එකක් කවියක් ගැන ඕන දෙයක් වෙච්ච දැන් කියලා ලිව්වා... බලන්නකෝ කැතයිද කියලා!

නිදි දෙව්දුවගේ තුරුලේ
සැතපී සිහි‍න දුටුවේ
සැනසුම ඈගේ තුරුලේ
ගතට සැනසුම වුයේ

සීතල සිහින අතරේ
නැහැ කිසි දුකක් වුයේ
පාවෙන වලා අතරින්
ඇවිද යන්නට වුයේ

සිත සතුට මාගේ
නිම්හිම් නැති වුයේ
මතක් වී මගේ මිතුරා
මා ඔහුට හඩ ගෑවේ

මොකද ළමයෝ මේ
කෑ ගහන්නේ
එළියත් වැටිලා
නැගිටින්න නැගිටින්න

මවගේ වචන ඇසුනෙන්
දෑස් හැර බැලිමි කොහිදැයි
තවම ඇද උඩ නොවැ
නිදා උන්නේ පෙරලී

අන්තර්ජාලයට අපි!

අද හවස විවේකයක් ලැබුණු නිසා ලිව්ව ලිපියට පස්සේ කරන්න වි‍ශේෂ වැඩකුත් නැති නිසා ඔහේ අන්තර්ජාලයේ රස්තියාදු ගහලා අවසානේට හිතුනා මගේ බ්ලොග් එකත් සිංහල ‍බ්ලොග් කියවනයට ඇතුල් කරන්න ඕන කියලා ඒත් ඒක සාර්ථක වෙයිද කියලා කවුද දන්නේ,මොනව වුනත් තව පැයකින් හමාරකින් ඒ වැඩෙත් කරන්න තමයි ඉන්නේ,බලමු මොනවා වෙයිද කියලා.

බලාගෙන ඉන්නවද මොනව හරි කරනවද?

කාලය ගෙවිලා යන්නේ අපිට හිතාගන්නවත් වෙලාවක් දෙන්නේ නැතුව හරියට අපිත් එක්ක තරහ වෙලා වගේ එයා එයාගේ පාඩුවේ පුදුම හිතෙන තරම් ඉක්මනට ගෙවිලා යනවා. ඉතිං මෙහෙම වේගෙන් යන කාලයත් එක්ක කාලයට බැණ බැණ ඉන්නේ නැතුව ඉස්සරහට යන්න නම් අපිට ගොඩාක් දේවල් කරන්න තියනවා. වැරදීමකින් හරි අපිට එක විනාඩියක් මිස් උනොත් ආයෙමත් ඒ විනාඩිය අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ, මොනතරම් දේවල් හිතේ තිබුණත් අපිට කර ගන්න පුලුවන් වෙන්නේ කීයෙන් කීයද නේද‍? එහෙම තමයි ඉතිං ජීවිතේ අපි හිතන පතන හැමදෙයක්ම ඒ විදියටම වෙන්නේ නැහැනේ. අපි උත්සහ කලොත් අපිට පුලුවන් අපිට ඕන දේවල් ඒ ඒ වෙලාවට කරගන්න, හැබැයි ගොඩාක් කැප කිරීම් කරන්න වෙන වේලාවලුත් තියනවා ඒවා මගහරින්න හොද නැහැ ඒ වෙලාවට අවශ්‍ය නිවැරදි දේ කරලා ඒ දේ කොහොම හරි සාර්ථක කරගන්න ඕන ඒක තමයි දක්ෂකම කියන්නේ ජීවිතේට මුහුණ දෙනවා කියන්නෙත් ඒකම තමයි.

මම මේ කියන්නේ මට හිතෙන විදිය මම ජීවිතේ දිහා බලන විදිය, කවදාවත් ජීවිතේ දිහා සෘණාත්මකව බලන්න හොද නැහැ හැම වේලාවෙම ධනාත්මක වෙන්න ඕන හොද ආකල්ප,පුරුදු ජීවිතේට එකතු කරගන්න ඕන, ලොකු පොඩි බේදයක් නැතුව හොද දේවල් අපේ කර ගන්න ඕන, පුංචි ළමයෙකුගෙන් හරි හොද ‍දෙයක් අපි නොදන්න දෙයක් ඉගෙන ගන්න පුලුවන් නම් ඒක තමයි අපේ හැකියාව, උපතින් අපි කවුරුත් බොහෝ දුරට සමානයි(මම කිව්වේ පිටින් නෙමෙයි හොදද) මේ හැම දේම වෙනස් වෙන්න ගන්නේ අපේ පරිසරය තුලින්, අපිට ලැබෙන උපදෙස්, අධ්‍යාපනය, පවුල් පසුබිම මේ හැම දෙයක්ම අපේ අනාගතය තීරණය කරන්න කෙසේ හෝ බලපානවා. ඒ කෙසේ වෙතත් බුද්ධිමත්ව ජීවිතය දිහා බලන කෙනෙකුට මේ හැමදෙයක්ම නිවැරදිව දකින්න පුලුවන් එහෙම වුනාම ජීවිතේ හැමදාම සතුටින් සාමකාමීව ජීවත් වෙන්න එයාලට පුලුවන්, අනුන් ගැන නෙමෙයි අපි අපිගැනම හිතුවොත්, අපි දිහාම හැරිලා බැලුවොත් අපිට තේරුම්ගන්න පුලුවන් අපේ වැරදි, මගහැරුනු තැන්, නිවැරදි කල යුතු දේවල් මොනවද කියලා අපිටම බලාගන්න පුලුවන් හැබැයි ඉතිං මේ හැමදේටම අපේ හිත අවනත වෙන්න ඕන එහෙම නේද? කොටින්ම කිව්වොත් අපි නිහතමානී වෙන්න ඕන, අනෙක් අයට හොදින් ඇහුම්කන් දෙන්න ඕන එහෙම වුනාම අපේ ජීවිත ගොඩාක් සාර්ථක කරගන්න අපිට පුලුවන්..........

මොකක්ද මේ!

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 2010!
උදේ පාන්දර නිකමට වගේ හිතුනා හැමදාටම ජීවත් වුනේ නැතත් ඉන්න ටිකේ හරිපොඩි බ්ලෝග් සටහනක් ලියන්න සිංහලෙන්. මීට කලින් බ්ලොග් කෙරුවට සිංහලෙන් එකක් කරන්න බැරිවුනා ඉතින් හිතේ තියෙන ආශාව සංසි‍දෙන්නත් එක්ක අද ඉදන් මෙන්න මේ විදියට වැඩක් තියෙන දේවල් එකතු කරලා ‍ලියන්න හිතුවා. තියෙන වැඩ මදිවට නෙවෙයි ඒත් ජීවිතේ මම(අෂාන්) ලබපු හා ලබන අත්දැකීම් මේ වගේ බ්ලොග් එහෙක සටහන් කරන එක වැදගත් කියලා මට හිතුනා. මොකද ඉතිං ඔයාලා හැමකෙනක් ලගම මට ඉගෙන ගන්න මොනව හරි දෙයක් තියනවා කියන එක මම හොදට දන්නවා! ඒක නිසා තමයි මේ බ්ලොග් එක ම‍ගේ සහෝදර සහෝදරියෝ අතරට අරං එන්නේ. ඉතිං පටන් ගත්ත ගමන් මේක නිව්ස්පේපර් එක වගේ කියවගෙන යන්න වුනොත් ලියන මටත් කියවන ඔයාලටත් එපාවෙයි නේද? ඒ නිසා දැනට මේ ඇති.