ගසක අසිරිය...

මාළිගාවිල ගිය ගමනෙදීම මට හමුවුනු තවත් වැදගත්ම දෙයක් වුනේ රුක් කලා ප්‍රදර්ශණයක්, ඇත්තටම මේක ප්‍රදර්ශණයක්ම නෙවෙයි, නමුත් පිළිම බලන්න මාළිගාවිලට එන අයට දැකගන්න පුළුවන් වෙන විදිහට සිරිපාල මහතා  විසින් පවත්වාගෙන යන රුක්කලා ප්‍රදර්ශණාගාරයක්.., ඇත්තටම ගසක තියෙන ස්වාභාවික හැඩයන් උපයෝගී කරගෙන කරල තියෙන මේ නිර්මාන දැක්කම ගොඩාක් ආස හිතුනා එකක් අරන් එන්න, ඒත් සිරිපාල මහතා ඒවා මුදලට දෙන්න කැමති නැහැ, හේතුව ඔහු මේ වෙනුවෙන් මහත් කැප කිරීමක් කර තිබීමයි... ඒත් පින්තූර ගන්නවට විරුද්දත්වයක් නැති නිසා මමත් පුළුවන් විදිහට ගත්තා හොඳයි කියලා හිතෙන රුක් කලා වල පින්තූර ටිකක්, ඔයාලා හැමදෙනාටම බලාගන්නත් එක්ක මම ඒ ටික පොස්ට් කරන්නම්, බලන්නකෝ කොහොමද කියලා...




මාළිගාවිල සුන්දරත්වය (2)

 පින්තුර ටික එකටම දැම්මොත් වැඩේ අවුල් වෙන නිසා අනික් පිළිමයට අදාල පින්තුර ටික මේ පොස්ට් එකෙන් දාන්නම් (එහෙම හොදයිනේ නේද) පොඩි අවුලකට තිබුනේ අපි යනකොට ගොඩාක් හවස් වෙලා, ඉතින් ගන්න පින්තුර වලට අවශ්‍ය ආලෝකය මදි ඒත් ඉතින් එහෙම කියලා කොහොමද මම දන්න විදිහට මොබයිල් එක පාවිච්චි කරලා ගත්තා පින්තුර ටිකක්, එත් අදුරනම් වැඩියි කමක් නැහැ ඔයාලට දවසක ඇවිත්ම බලාගන්න පුළුවන් වෙයිනේ..... ඇත්තටම මාළිගාවිල පිළිම මම දාපු පින්තුර වගේද කියලා...

හිටි පිළිමය ඇත් ස්ථානයට යන ගමන්

හිටි පිළිමය හා ඒ අවට ඇති මළුව

මාළිගාවිල සුන්දරත්වය

මෑතකදී රාජකාරී කටයුත්තකට මාළිගාවිල පැත්තට යන්න චාන්ස් එකක් ලැබුනා, මීට කලින් මම එහේ ගිහින් තිබුනේ නැති නිසා එක පයින් මමත් කැමති වුනා ගමනට, මීට කලින් මාළිගාවිල පිළිම ගැන අහලා දැකලා තිබුනට හැබැහින් දකින්න අවස්ථාවක් ලැබුනේ නැහැ, ඉතින් රාජකාරිය ඉවරවුන ගමන්ම හැ‍රෙව්වා පිළිම බලන්න ඇත්තටම හරිම ලස්සනයි, ගොඩාක් බලන්න දේවල් නැතත් මම හිතන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම කලා කෘති විදිහට මේවා අපි කවුරුත් නැරඹිය යුතුයි. ක්‍රි.ව 7වන සියවසට අයත් යැයි සඳහන් මෙම පිළිම වල පින්තුර ටිකක් ගන්න මට පාවිච්චි කරන්න උනේ මගේ ජංගම දුරකතනය..(ඒ නිසා පින්තුර පැහැදිලි මදි) ඉතින් මම හිතුවා මේ ටිකත් බ්ලොග් එ‍කේ එල්ලන්න එතකොට කාට කාටත් බලාගන්න පුළුවන්නේ...

බෝසත් පිළිමය
බෝසත් ප්‍රථිමාව ඇති ස්ථානය (ඇතුල්වීම)