නොමිලේම විශ්ව විද්‍යාල මට්ටමේ දැනුම් සම්භාරයක් ලබා ගැනිීමට " world Best Courses for free" (දැනුම පිපාසාවෙන් පෙලෙන අපි වගේ අයට)

 වර්තමානයේ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලබාගන්න නොයෙකුත් ක්‍රමවේදයන් අපි භාවිතා කරනවා, ඒ අතරින් කෝර්ස්ඒරා (coursera.org) කියන්නේ ලෝකයේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාල 24ක් පමණ එකට සම්බන්ධ වෙලා නොමිලයේ අවශ්‍ය කෙනෙකුට හැදෑරිය හැකි පරිදි අන්තර්ජාතික මට්ටමේ පාඨමාලාවන් රැසක් ලබා දෙන වෙබ් අඩවියක්,
 මේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න කිසිම ගාස්තුවක් අය කරන්නෙත් නැහැ, ලියාපදිංචි වීමෙන් පස්සේ අපිට අවශ්‍ය පාඨමාලාව සර්ච් කරලා හොයා ගන්න පුළුවන්, විඩි විස්තර අදාල සයිට් එකට ගිහින් බලා ගන්න පුළුවන්නේ......ඔය පහතින් තියෙන්නේ එයාලගේ Mission එක.. එහෙනම්  ට්‍රයි කරලම බලන්නකෝ...

Our Mission

Coursera is an education platform that partners with top universities and organizations worldwide, to offer courses online for anyone to take, for free.

We envision a future where everyone has access to a world-class education. We aim to empower people with education that will improve their lives, the lives of their families, and the communities they live in.

පී සී එකට ස්මාර්ට් ෆෝන් එකක් නැතිවම වයිබර් ඉන්ස්ටෝල් කරගමු..(installing Viber without Smart Phone)

අද වෙනකොට බොහොම ජනප්‍රිය instant messaging / VOIP /  මෘදුකාංගයක් තමයි වයිබර් කියන්නේ, බොහොම දෙනෙක් අඩු වියදම් සන්නිවේදන මාධ්‍ය ගැන ගොඩාක් උනන්දු වෙන නිසා මේකට හැමෝම කැමතියි, අද ශ්‍රී ලංකාවේත් බහුතරයක් වයිබර් භාවිතයට හුරුවෙලා තියෙනවා, ඒත් මේ අතර සිම්බියන් ෆෝන් පාවිච්චි කරන බොහෝ දෙනෙක් වයිබර් ඉන්ස්ටෝල් කරගන්න බැරුව ලතැවෙනවා, ඒත් මේ කියන්න යන්නේ ෆෝන් එකට වයිබර් ඉන්ස්ටෝල් කරන හැටි නම් නෙවෙයි, වයිබර් ඉන්ස්ටෝල් නොකර සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් භාවිතා කරලා ඔයාලගේ ලැප් එකට හරි ඩෙස්ක්ටොප් එකට හරි වයිබර් ඉන්ටෝල් කරන විදිහ ගැනයි,


01. ඉස්සර වෙලාම කරන්න ඕන Blue-stack කියලා හඳුන්වන ඇප් ප්ලේයර් එක ඉන්ස්ටෝල් කරගන්න එක, ඇත්තටම මේක ඉන්ස්ටෝල් කරලා අපි බලාපොරොත්තු වෙන්නේ වර්චුවල් ස්මාර්ට් ෆෝන් එකක් නිර්මානය කරන්න,

02. මේක නිවැරදිව ඉන්ස්ටොල් කරලා ඉවර වුනාම අපිට Gmail account එකක් අවශ්‍ය වෙනවා ගූගල් ප්ලේ හරහා වයිබර් ඉන්ස්ටෝල් කරන්න, ඒ නිසා ගූගල් සයිට් එකට ගිහින් ගූගල් ලිපිනයක් නැති අය එකක් හදාගෙන එන්න..... :)
03. Blue-stack නිවැරදිව ඉන්ස්ටෝල් වුනාට පස්සේ ඔයාලට පුළුවන් වයිබර් ඇප් එක සර්ච් කරලා හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්න

04. වයිබර් ඉන්ස්ටෝල් කරගෙන යද්දී ඉන්ස්ටොලේශන් එක මොබයිල් නම්බර් එක ටයිප් කරන්න අවස්ථාවක් ලැබෙනවා, මෙතනදී කරන්න ඕනේ අපේ සාමාන්‍ය මොබයිල් ෆෝන් එකේ නම්බර් එක ටයිප් කරලා වැඩේ ඉවර කරන එකයි




05.  දැන් වයිබර් වේබ් එකට ගිහින් ඔයාලගේ පී සී එකට ගැලපෙන වයිබර් සෙටප් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල කරගෙන යන්න, මොබයිල් ෆෝන් නම්බර් එක අහද්දී අර අපි කලින් බ්ලුස්ටැක් එකේ වයිබර් ඉන්ස්ටෝල් කරපු නම්බර් එකම දෙන්න

06.වෙරිෆිකේෂන් කෝඩ් එකක් හෝ කෝල් එකක් ඔයාලට ලැබේවි ඒ අදාල කෝඩ් එක භාවිතා කරලා පී සී එකට ඉන්ස්ටෝල් කරපු වයිබර් එක ඇක්ටිව් කරගන්න. 

07.  දැන් ඔයාලට පුළුවන් ස්මාර්ට් ෆෝන් එකත් නැතත් පී සී එක හරහා වයිබර් තියෙන අයට නොමිලේම කතා කරන්න....

08. මොනවා හරි ගැටළුවක් තිබුනොත් පහලින් ලියන්න.....
 

අපොස සාමාන්‍ය පෙළ -පරිගණක දෘඩාංග (1වන කොටස)

පරිගණක දෘඩාංග

පරිගණක ආශ්‍රිත උපකරණ



  1. පරිගණකයේ මොළය ලෙස සලකනු ලබන්නේ?

  2. දෘඩ තැටිය
    මව් පුවරුව
    මධ්‍ය සැකසුම් ඒකකය
    පද්ධති ඒකකය

  3. පරිගණකයක් සතු විශේෂ හැකියාවක් වන්නේ

  4. අඛණ්ඩව ක්‍රියාකිරීමේ හැකියාව
    නිරවද්‍යතාවය
    කාර්යක්ෂමතාවය
    ඉහත සඳහන් සියල්ලම

  5. පරිගණකයට දත්ත හා උපදෙස් ඇතුළත් කිරීම සඳහා බාවිතා කරන උපකරණ

  6. ආදාන උපකරණ ලෙස හඳුන්වයි
    ප්‍රතිදාන උපකරණ ලෙස හඳුන්වයි
    ආචයන උපකරණ ලෙස හඳුන්වයි
    ඉහත කිසිවක් නොවේ

  7. පරිගණකයේ ප්‍රධාන කොටස් ලෙස සලකනු ලබන්නේ

  8. ආදාන උපාංග, ප්‍රතිදාන උපාංග, මධ්‍ය සැකසුම් ඒකකය, ආචයන උපාංග
    ප්‍රතිදාන උපාංග, ගණිතමය හා තාර්කික ඒකකය, මතකය, ආචයන උපාංග
    ආචයන උපාංග, පාලන උපාංග, ද්විතීක මතකය, ප්‍රතිදාන උපාංග
    ප්‍රධාන මතකය, පාලන උපාංග, ආදාන උපාංග, සැකසුම් උපංග

  9. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් මොනවාද?

  10. පාලන ඒකකය, ඩිස්ක් ධාවකය, දෘඩ තැටිය
    පාලන ඒකකය, අංක ගණිතමය හා තාර්කික ඒකකය, මතක රෙජිස්ටරය
    අංක හා ගණිතමය ඒකකයි, තාවකාලික මතකය, රෙජිස්තරය
    මතක රෙජිස්තර, පාලන ඒකකය, ආචයන ඒකකය

  11. පරිගණකයේ වේගය මනිනු ලබන ඒකකය

  12. Mbps
    Hz
    Byte
    Bits

  13. මධ්‍ය සැකසුම් ඒකක නිෂ්පාදනය කිරීමේ ප්‍රධාන ආයතනයකි

  14. Intel
    Foxpro
    IBM
    Microsoft

  15. පරි්ගණකයේ මතකය මනිනු ලබන ඒකකය

  16. Hz
    Byte
    Mhz
    Gbps

  17. ආචයන උපාංගයක් නොවන්නේ

  18. දෘඩ තැටිය
    සංඛ්‍යාංක බහුවිධ තැටිය
    පෙන් ඩ්‍රයිව්ස්
    සීඩී ධාවකය

  19. සංඛයාංක බහුවිධ තැටියක සාමාන්‍ය ධාරිතාවය කොපණද?

  20. 1400MB
    700MB
    1.44MB
    1.47MB

සියළුම ප්‍රශ්ණ වලට පිළිතුරු සපයන්න...

පරිගණක ඉතිහාසයේ වැදගත් පුද්ගලයින්

පරිගණකයෙහි අභිවෘද්ධිය උදෙසා කැප වූ පුද්ගලයෝ....

(1 වන කොටස)


                   
Charles Babbage                         Ada Lovelace                     Tim Berners-Lee

                   
Herman Hollerith                   Howard H. Aiken                    Blaise Pascal

                

   Gottfried Wilhelm               John Mauchly                   John Mauchly





අපොස සාමාන්‍ය පෙළ (පරිගණකයේ පරිණාමය)


පරිගණකයේ පරිණාමය

අපොස සාමාන්‍ය පෙළ සඳහා මෙවර පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් කෙරෙන සත්කාරයකි.

  1. අතීතයේ සිට පරිගණකයට මූලාරම්භයක් ලබා දෙමින් භාවිතා වූ උපකරණය වන්නේ

  2. කැල්ක්‍යුලේටරය
    ගල්කටුව
    යතුරු ලියනය
    ඇබකසය

  3. අතීතයේ පරිගණක යන්ත්‍ර මුලිකව භාවිතාවට ගන්නා ලද්දේ

  4. විද්‍යාව ආශ්‍රිතව
    වෛද්‍ය කටයුතු සදහා
    ගණිත කටයුතු සදහා
    නිවාස සැලසුම් නිර්මාණය කිරීම සඳහා

  5. යාන්ත්‍රික කැල්ක්‍යුෙල්ටරය නිර්මාණය කරන ලද්දේ

  6. බ්ලේස් පැස්කල් ය
    ලියනාඩෝ ඩාවින්චි ය
    චාල්ස් බැබේජ් ය
    හොලරිත් ය

  7. 1674 දී රෙකෝනර් නම් යන්ත්‍රය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේ

  8. බ්ලේස් පැස්කල් ටය
    ගොට්ෆ්‍රිඩ් විල්හෙල්ම් ටය
    ජෝෂප් එම් ජැකඩ් ටය
    චාල්ස් බැබේජ් ටය

  9. ඩිෆරන්ස් එන්ජිම නිර්මාණය කරන ලද්දේ

  10. ගොට්ෆ්‍රිඩ් විල්හෙල්ම් ය
    චාල්ස් බැබේජ් ය
    හොව(ර්)ඩ් ඒකන් ය
    ඇඩා ඔගස්ටා ය

  11. ඇනලිටිකල් යන්ත්‍රය කාගේ නිර්මාණයක් ද?

  12. ඩොනල්ඩ් රෆායල්
    චාල්ස් බැබේජ්
    ගොට්ෆ්‍රිඩ් විල්හෙල්ම්
    ජෝෂප් එම් ජැකඩ්

  13. පන්ච් කාර්ඩ් ටැබ්‍යුෙල්ටින් යන්ත්‍රෙය් නිර්මාතෘ

  14. හ(ර්)මන් හොලරිත්
    ජෝන් මෞච්ලි
    ප්‍රේස්පර් එකර්ට්
    හොව(ර්) ඒකන්

  15. ටැබ්‍යුෙල්ටින් මැෂින් කම්පැනි යන නාමය වර්ථමානයේ හඳුන් වන්නේ

  16. ඉන්ටෙල් සමාගම ලෙසය
    මයික්‍රො සොෆ්ට් සමාගම ලෙසය
    අයි බී එම් සමාගම ලෙසය
    නැෂනල් සෙමිකන්ඩක්ටර් සමාගම ලෙසය

  17. බැබේජ්ගේ සංකල්පයක් මත අයි බී එම් සමාගමේ සහයෝගය ඇතිව හොව(ර්) ඒකන් විසින් නිර්මාණය කල යන්ත්‍රය වනුයේ

  18. ඒනියැක්
    යුනිවැක්
    මාර්ක් 1
    මැකින්ටොෂ්

  19. ලොව ප්‍රථම විද්‍යුත් ඩිජිටල් පරිගණකය ලෙස හඳුන් වන්නේ

  20. මාර්ක් 1
    යූනියැක්
    ඒනියැක්
    ඇපල් කම්පියුටර්

පරිගණකයේ පරිණාමය දෙවැනි කොටස බලාපොරොත්තු වන්න..
ඉදිරි පාඩම් සඳහා ඔබේ ප්‍රතිචාර අපේක්ෂා කරමු...

අපොස සාමාන්‍ය පෙළ (පරිගණකයේ ඉතිහාසය)


තොරතුරු තාක්ෂණය අපොස සා පෙළ

අපොස සාමාන්‍ය පෙළ සඳහා මෙවර පෙනී සිටින දූ දරුවන් වෙනුවෙන් කෙරෙන සත්කාරයකි.

  1. නූතන පරිගණකයේ පියා ලෙස සලකනු ලබන්නේ?

  2. බ්ලේස් පැස්කල්
    ඇඩා ඔගස්ටා
    චාල්ස් බැබේජ්
    චාල්ස් ඩාවින්චි

  3. ලොව ප්‍රථම විද්‍යුත් පරිගණකය ලෙස සලකනු ලබන්නේ?

  4. එනියැක්
    මාර්ක් 1
    යූනිවැක්
    ඇනලිටිකල් යන්ත්‍රය

  5. ලොව ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව ලෙස හඳුන්වන්නේ

  6. මාර්ෂෙලෝ
    ඇඩා ඔගස්ටා
    ජෙනිෆර් ක්‍රිස්ටිනා
    ඇන්ජිලෝ ඔඩෙස්කි

  7. යාන්ත්‍රික කැල්ක්‍යුෙල්ටරයක් මුලින්ම නිර්මාණය කරන ලද්දේ?

  8. බ්ලේස් පැස්කල් 1642
    චාල්ස් බැබේජ් 1623
    හ(ර්)මන් හොලරිත් 1890
    හොව(ර්)ඩ් ඒකන් 1823

  9. පන්ච් කාඩ් ටැබියුලේටින් මැෂින් නිර්මාණය කරන ලද්දේ?

  10. චාල්ස් බැබේජ්
    හ(ර්)මන් හොලරිත්
    හොව(ර්)ඩ් ඒකන්
    බ්ලේස් පැස්කල්

  11. පන්ච් කාඩ් නිර්මාණය කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ?

  12. ජෝසප් එම්.ජැකඩ්
    විලියම් ෂේක්ස්පියර්
    ගොට්ෆ්‍රිඩ් විල්හෙල්ම්
    බ්ලේස් පැස්කල්

  13. ඩිෆරන්ස් එන්ජිම නිර්මාණය කරන ලද්දේ?

  14. ජෝන් බාඩින්
    විලියම් ෂෝක්ලේ
    චාල්ස් බැබේජ්
    හොව(ර්) ඒකන්

  15. ඇනලිටිකල් එන්ජිමේ ප්‍රධාන ක්‍රියාවලින් දැක්වනුයේ

  16. ගබඩා කිරීම, දත්ත ඇතුල් කිරීම, සකස් කිරීම, ප්‍රතිඵල ලබා දීම
    දත්තඇතුල් කිරීම් , සකස් කිරීම , ඉවත් කිරීම, නම් කිරීම
    ගබඩා කිරීම, ඇතුල් කිරීම , නිදහස් කිරීම, ස්ථීර කිරීම
    දත්ත ඇතුල් කිරීම, ප්‍රතිඵල ලබාදීම, සකස් කිරීම, නිදහස් කිරීම

  17. යූනිවැක් යන්ත්‍රය නිර්මාණය කරන ලද ආයතනය

  18. රෙමින්ටන් රැන්ඩ්
    අයි.බී. එම්
    හාවා(ර්)ඩ් විශ්වවිද්‍යාලය
    ඉන්ටෙල් ආයතනය

  19. මාර්ක් 1 යන්ත්‍රය නිර්මාණය කරන ලද්දේ

  20. විලියම් ෂෝක්ලේ
    හොව(ර්)ඩ්
    ප්‍රේස්පර් එකර්ට්
    ජෝන් බාඩින්

ඉදිරි පාඩම් සඳහා ඔබේ ප්‍රතිචාර අපේක්ෂා කරමු...