දේව කණ්නලව්ව නොහොත් දෙයියන්ගේම පිහිට.

උදේ පාන්දර මොකාටද මේ එන්න හදන්නේ කියලා බැලුවද? මොකාටවත් නෙමෙයි ,අර මම කලින් ලිපියෙන් කිව්වා වගේ ජීවිතේ සහ ග්‍රහයෝ අතර තියෙන සම්බන්ධය වගේ ගොඩාක් ලොකු සම්බන්ධකමක් මේ වන විට බොහෝ දෙනෙක් දෙවිවරුත් එක්ක පවත්වනවා, මම මෙහෙම කියන්නේ දැනට මාස කිහිපයකට පමණ පෙර මටත් මේ වගේ දේකට මුහුණ දෙන්න සිදු වුන නිසා..ඒ කිව්වේ ඉතින් මේ දෙයියෝ ඇවිත් මාත් එක්ක කතා කලා කියන එක නෙවෙයි හොඳඳ?,දෙයියන්ගෙන් වැඩ ගන්න අරුම පුදුම මිනිස්සු මටත් අනන්තවත් මුණ ගැහිලා තියනවා. ඇත්තටම මට අදටත් ප්‍රශ්ණයක් ඇයි මේ දෙවිවරු මේච්චර මිනිස්සුත් එක්ක ගැවසෙන්නේ කියන එක,


ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නැහැ කියලා කතාවකුත් තියනවනේ නේද? මේ වගේ අපිට නොපෙනෙන හිතාගන්නවත් බැරි තරම් දෙවල් මත්තේ ඇයි මේ මිනිස්සු නැහැන්නේ! අපිට ඔළුවක් කියලා එකක් තියනවනේ අපේ ජීවිත අපිට ඕන විදිහට නැතුව ඇයි මේ එක එක බලවෙග වලට පාලනය කරන්න ඉඩ දෙන්නේ, අපිට සංස්කෘතියක් ආගමක් දහමක් තියනවනේ ඉතිං මොකටද මේ අහසේ ජිවත් වෙනවා කියන මිනිස්සුත් එක්ක මේච්චර විශාල ගනුදෙනු.....!



මම දැකලා තියෙනවා මේ වාගේ දේවාරූඪ වෙලා ශාෂ්ත්‍ර කියන මිනිස්සු නොයෙකුත් විදියේ මන්තර කියමින් ඇග සලිත කරවන ආකාරයේ නොයෙකුත් ක්‍රමෝපායන් භාවිතාකරනවා මිනිස්සු රවට්ටන්න, අපේ මිනිස්සුත් එක දෙයක් අනුමානෙට හරි හරිගියොත් මුලු ජීවිත කාලෙම අර මනුස්සයා පස්සේ වැටිලා දඟලනවා, ‍මේ එක දෙයක් විතරයි මේ වගේ දෙවල් තව කොච්චරනම් රටේ තියනවද? අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට කලින් දවසේ ලංකාවේ තියෙන හැම කොවිලකම වාගේ අපිට බලාගන්න පුළුවන් දෙයියන්ගේ අවතාර ඇවිත් උත්තර පත්තර බෙදලා දෙන හැටි, එහෙම නොලැබුනු අයට දෙයියෝ ඇවිත් කියලා දෙනවලු! ගාස්තුව විදිහට පොල් ගෙඩියයි අතින් කීයක් හරි දුන්නාම ෂේප්, මේ වගේ නොයෙකුත් මිථ්‍යා මත වලට වහල් වෙලා ජීවිතේ නාස්ති කරගන්න මුනිස්සු අපි අතර ඕන තරම් ඉන්නවා. ඒ අතරින් සමහරෙක් මේවගේ දේවල් නිසාම හොඳ සාර්ථක ජීවත ගතකරනවා කියන එකත් ඇත්ත කතාවක්..

හෙට විභාගය කියලා දෙමව්පියෝ ළමයාත් අරගෙන අර කොවිලකට හරි දේවාලෙකට හරි දුවනවා විභාගේ පාස් කොරලා දෙන්ඩ දෙයියනේ කියාගෙන, මුල ඉදන්ම ළමයාව උනන්දු කෙරුවනම් මොන දෙයියොද නොද? සමහරු ජීවතේට එන කරදර බාදක වැඩි වුනාම දේයියෝ කෝපවෙලා එහෙමත් නැත්නම් කාගේ හරි හුනියමක් අපිට වැදිලා වගේ දේවල් හිතනවා එහෙම හිතලා මුලු රටම පීරලා හොයාගන්නවා දෙයියෝ ඉන්න තැන කිහිපයක්, ඊට පස්සේ පන්සල අමතකයි තමන් මොන ධර්මයද අදහන්නේ කියන එකත් අමතකයි යනවා ඔක්කොම අරගෙන එක එක කට්ටඩි මහත්තුරු ළගට, මේ වගේ මිනිස්සු එනකම් තමයි ඔය කපු මහත්තුරු, කට්ටඩි මහත්තුරු බලාගෙන ඉන්නේ , ඉතින් ආපු ගමන් දෙනවා බොක්කටම ටෝක් එක, ඕක අහපු ගමන් අර මනුස්සයාට හිතෙන්නෙම දෙවියෝ තමන්ට පිහිට වෙන්න ඇවිත් කියලා, එහෙම හිතලා කපු උන්නැහේ කියන ඕනම දේකට කමති වෙනවා! මේ වගේ වෙලාවට තමයි කපු උන්නැහේට හිතෙන්නේ තමන්ටත් දෙයියෝ බලනවනේ ද කියලා.... මට හිතෙන විදිහට නම් ඔය දෙවිවරු කියන කොටස මිනිස්සුන්ගේ ඇගේ ලගින්න එන්නේ නැහැ එනවනම් එනව ඇත්තේ යනඑන මං නැතිව ඉන්න මළ  ප්‍රේත ආත්මයක් වගේ දෙයක්, මේ වගේ අයත් කැමතියිනේ තමන්ට මිනිස්සු වදිනවා අවශ්‍ය දේවල් කරලා දෙනවට ඉතින් උනුත් කරන්නේ අර කපු උන්නැහේගේ ඇග හයර් කරගෙන තමන්ගේ බඩකට පුරවා ගන්න එක,

මේ වගේ දෙයක් ලියන්න හේතු වුන බොහෝ කරුණු කාරණා තියනවා නමුත් ඒ දේවල් ලියන්න ගියොත් මේ ලිපිය සෑහන දිග ලිපියක් වෙයි ඒක නිසා කෙටියෙන් හිතට ආව අදහස එළියට දා ගත්ත,  මේ වගේ දේකීන් මම අදහස් කරන්න උත්සහ කලේ මේච්චර දියුණු ලෝකයක ඇයි අපි මේ මිථ්‍යා දෘෂ්ඨික පිරිසක් වගේ තාර්කික නොවන අහේතුක දේවල් පස්සේ එලවන්නේ.... අපිට පිරිසිදු ආගමක් , ධර්මයක් තියනවා ඒ දේවල් ‍තේරුම් නොගෙන ඇසට නොපෙනෙන කවදාවත් හරියටම හරි කියලා කියන්න බැරි දේවල් ගැන අපි මොකටද මේ තරම් වද වෙන්නේ,
(මතු සම්බන්ධයි!)

2 comments:

KAS said...

ඒකනම් ඇත්ත. මමත් ජීවිතේටම ඔය වගේ දේවල් විශ්වාස නොකරන කෙනෙක්. ඇත්තම කිව්වොත් මගේ ආත්ම විශ්වාසය මත තමයි මම හැම දේම කරන්නේ. හරිගියොත් මම, වැරදුනත් මම.

අෂාන් රවීන් said...

ඒක ඇත්ත මචං අපිට නොපෙනෙන දෙයක් ගැන විශ්වාසකරගෙන ජීවත් වෙන එක හරිම අපහසුයි නේද?