වෛරස් වලට වැට!.(4)

ගොඩාක් දවසකින් පස්සේ අල වෙලා තිබුණ වැඩ ටිකක් ඉවර කර ගත්තා, ටිකක් විතර ඔලුව නිදහස් ඔන්න ඉතින් නිදහස් කියපු ගමන් එක එක විදියේ වැඩ මතක් වෙන්න ගත්තා පළවෙනි එක තමයි මේ බ්ලෝග් එකට පෝස්ට් දැම්මේ නැහැ කියන අයිඩියා එක. ඉතින් තීරණය කලා මොනවා හරි පෝස්ට් කරන්න,...වෛරස් වලට අදාලවා (මගේ ආසම වැඩේනේ)

අපි ඔයාලා හැමොටම වගේ ආබාධයක් වෙලා තියෙන මේ පේන් ඩ්‍රයිව්ස් වලට එන එක එක විදියේ වෛරස් වලින් අපි පහසුවෙන්ම බේරෙන්නේ කොහොමද කියලා බලමු...(මේක කොටස් වශයෙන් දාන්නම් නැත්තම් අග මුල මැද නැති වෙයි )

01. පෙන් ඩ්‍රයිව් එකේ තියෙන් දත්ත හිටි හැටියේම නොපෙනී යාම....

මේක අපි ගොඩ දෙනෙක්ට මුහුණ දෙන්න වුන ගැටලුවක් කිව්වෝත් මා නිවැරදියි කියලා හිතනවා. මේකෙදී වෙන්නේ ඔටෝරන් විධානයක් එක්ක පුංචි වෛරසයක් (විවිධ නම් වලින්) පරිගණකයේ ස්ථාපිත වීමයි. මෙවැනි වෛරසයක් ඇතුලු වු පරිගණකයට පෙන්ඩ්‍රයිව් එකක් සවි කල විගසම මෙම වෛරසය එම පෙන්ඩ්‍රයිව් එකටද කොපි වෙනවා. මේ ආකාරයට ‍පරිගණකයෙන් පරිගණකයට බොහොම ඉක්මනට මෙයා ව්‍යාප්ත වෙනවා. බොහෝ වෙලාවට මෙම වෛරසය සහිත පෙන්ඩ්‍රයිව්ස් වලට ඇතුලත් කරන දත්ත අපිට පෙන්නේ නැහැ(හැම වෙලාවෙම නොවෙයි) ඒ වගේ වෙලාවට කරන්න පුලුවන් පහසුම දේයක් ගැන මම දැන් කියන්නම්(මේක මමනම් කිසිම ගැටලුවක් නැතිව භාවිතා කරනවා)

::පරිගණකයට පෙන්ඩ්‍රයිව් එක කනෙක්ට් කල ගමන් එයා ඔටෝරන් වෙලා ඔපන් කරන්නද කියලා ඇහුවොත් ඒක කැන්සල් කරලා දාලා , මයිකොම්පියුටර් එක ඕපන් කරලා මම මේ කරන විදියට කලෝත් ඔයාලගේ හැංගිලා තියෙන ‍දත්ත ගොනු ටික ආපහු ගන්න පුලුවන් වේවි....
වින්ඩෝස් එක්ස්‍ප්ලෝරාර් හරහා ‍ඩ්‍රයිව් එක ඕපන් කරගන්න.
මෙතනදී පෙන් ඩ්‍රයිව් එකේ අඩංගු දත්ත මොනවද කියලා අපිට බලා ගන්න පුලුවන් නමුත් වෛරස මගින් හානියක් සිදුවෙලා නම් සමහර විට මේ පේන්න තියෙන්නේ අපේ නියම ගොනු හෝ දත්ත නොවෙන්නත් පුලුවන් ඒ නිසා මෙතනදී ගොඩාක් සැලකිලිමත් විය යුතු වෙනවා.

උදාහරණයක් විදියට අපි ‍ගොනුවක් සදහා භාවිතා කරපු නම්න්ම ඒ ආකාරයේම ගොනු ‍පේන්‍ඩ්‍රයිව් ක තුල ගැටලුවකින් තොරව දිස් විය හැකියි, නමුත් පරික්ෂා කිරීමේදී අපිට බලාගන්න පුලුවන්(ගොනුවේ ධාරීතාවය, වර්ගය ආදිය මගින්) මෙය අපි භාවිතා කල ගොනුව නොවන බව. මීට හේතු වන්නේ මෙම වෛරස මගින් අපි නිර්මාණය කරන ලද දත්ත වලට හා ගොනුවලට අනුරූපව එයාගේම වෛරස ගොනු නිර්මාණය කීරීමයි. (නමුත් මේවා සියල්ලක්ම පාහේ *.exe එක්ස්ටෙන්ෂන් එකක් සහිත ගොනුය) මෙවැනි ෆයිල් මත ඩබල් ක්ලික් කිරීමෙන් හෝ ඕපන් කිරීමකින් අපි එම වෛරසය අපේ පරිගණකයේද නොමිලයේම ස්ථාපනය කර ගැනීම සිදු කරනවා. (එමනිසා මෙවැනි සැක සහිත කිසිම අවස්ථාවක එම ෆයිල්ස් ‍ඩබල් කිරීමෙන් හෝ විවෘක කිරීමේන් වලකින්න. ) නියම ලෙස යාවත්කාල කල ප්‍රති වෛරස වැඩසටහනක් මගින්ද මෙවැනි වෛරස බොහොමයක් ඉවත් කර ගත හැකිය. එසේ නොමැති නම් පහත සදහන් ආකාරයට කටයුතු කරන්න...

01.01 - පරිගණකයේම ඇති ඔප්ෂන් භාවිතා කරගෙන වෛරසය ඉවත් කිරීම.....
මේ සදහා අපට පරිගණකයේ ෆෝල්ඩර් ඔප්ෂන් විධානය භාවිතා කරන්න පුලුවන්. මුලින්ම පෙන්ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරලා -මයිකොම්පියුටර් ඕපන් කරලා මේ කියලා තියෙන විදිහට කරලා බලන්න (ඔබේ පරිගණකය වෛරස මගින් ආසාධනය වී නොමැති නම් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක)

Open My computer > Tools > Folder Options > View tab > Show hidden files and folders (under Hidden files & folders) > unchecked "Hide extensions for known file types" & "Hide Protected Operating system files" (if it will ask to confirm just click "yes") > Apply > Ok

ඔය ටික ඉවර වුනාට පස්සේ පෙන් ඩ්‍රයිව් එක එක්ප්ලෝරාර් හරහා ඕපන් කරලා බලන්න(කිසිම විටෙක ඩ්‍රයිව් එක මත ඩබල් ක්ලික් නොකරන්න) දැන් අපිට අර හැංගිලා තිබුනු ෆයිල්ස් ෆෝල්ඩර්ස් සියල්ලක්ම බලා ගන්න පුලුවන් , මේ අතර ඔයාලට හම්බවෙයි Autorun.inf / Autorun.ini වගේ ෆයිල් එකක් මෙන්න මේ ෆයිල් එක පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. ඊ ලගට බලන්න අපි භාවිතා නොකරන *.exe /cmd/batch / වගේ ෆයිල් එකක් හෝ කිහිපයක් තියනවද කියලා, මේ වගේ ඒවා තියනවා නම් එවාද පරිගණකයෙන් සම්පුර්ණයෙන්ම ඉවත් කරලා දාන්න. මේ ටික කරලා ඉවර වුනාට පස්සේ අපිට පුලුවන් අපේ හැංගිලා තිබුණු ගොනු හෝ ෆයිල්ස් ගැන හොයලා බලන්න (සමහර විට අපේ ෆයිල්ස් වල නම් වලින්ම වෛරසය තියෙන්නත් පුලුවන් එම නිසා ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක ඔපන් කරන්න කලින් රයිට් ක්ලික් කරලා වත්කම් ගිහින් බලන්න මේක මොන ටයිප් එකේ ෆයිල් එකක්ද කියලා)
(මේ තියෙන්නේ කරන්න ඕන ටික)


(ප්‍රෝපර්ටීස් ගියාම ෆයිල් ටයිප් එක බලාගන්න)

මේ විදිහට ගිහින් බැලුවාම ඒවා *.exe (Application) නම් (අපි භාවිතා නොකරන) ඒවාද ඉවත් කර දමන්න. මේ ආකාරයට ඩ්‍රයිව් එක සම්පුර්ණයෙන්ම ක්ලීන් කරලා ඉවර වුනාට පස්සේ පරිගණකයෙන් ඩිස්කනෙක්ට් කර නැවත පරිගනකයට සම්බන්ධ කරන්න (මේ වන විටත් ඔබේ ගොනු සම්පුර්ණයෙන්ම නිරාවාරණය කරගෙන නැති බැවින් එක්ප්ලෝරාර් හරහාම ඕපන් කර බලන්න) ඔබේ පරිගණකය වෛරස මගින් ආසාධන වී නැගි නම් දැන් අපිට අපේ හැංගිලා තිබුණු දත්ත පරික්ෂා කල හැක ...... වැදගත් : මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ අපි සියලුම ගොනු පෙනෙන ආකාරයට පරිගණකයේ සැකසුම් කර ඇති බැවින් පරීගණකයේ ක්‍රීයාකාරීත්වයට කෙලින්ම යොදාගන්නා ෆයිල්ස්ද අපිට නිරාවරණය වෙයි නමුත් මේ කිසිම ෆයිල් එකක් ඔබේ පෙන්ඩ්‍රයිව්ස් එකේ නොමැත බොහෝවිට මෙම ෆයිල්ස් තිබෙන්නේ හාර්ඩ් ඩිස්ක් එකේය(c:\ ) කේසේ වෙතත් වැඩිදුර පිරිසිදු කිරීමේ අරමුණෙන් මෙවැනි ෆයිල්ස් මකා දැමීමෙන් වලකින්න

(ඉතිරිය මීලග ලිපියෙන්)::

No comments: