නුඹ ඇවිදින් ගිහින් වගේ...


පහන් කරන්නට නොහැකි රාත්‍රිය
නුඹ ඇවිදින් සක්මන් කරනා.....
වසා ගන්න බැහැ දෙනෙත් පියන් යුග
නුඹ ඇවිදින් සිහිනෙක  වුන්නා...

මවාගන්න බැහැ මගේ සිහින ලොව...
නුඹ ඇවිදින් තනියට වුන්නා....
හිතාගන්න බැහැ හිතට මගේ අද...
නුඹ කවුදෝ ම සිත තුල රැදෙනා......

සසර නොතේරෙන කමට මගේ ඔහේ
නුඹ ළඟ දැවටී පෙම් කෙරුවා....
අනියත දිවියක අරුත පසක් කර.
නුඹ මා හැර යා යුතු බව කීවා....

සිහිනය හිස්විය රැයද පහන්විය
නුඹ ඇවිදින් ආපසු ගොස් තිබුණා....
වසාගන්න බැරි දෙනෙත් පියන් අඟ
සීතල කඳුලක් ඉතිරිවුනා...........

4 comments:

තිසර ප්‍රියංකර said...

ගෑණුන්ගෙ හැටි ඔහොම තමයි ගනන් ගන්න එපා ඊ ලඟ බස් එකේ ගමන යමු

බිගුසර said...

යන්න හදන අය නවත්තල වැඩක් නැ.කවදහරි යනවට වඩා අද යන එක හොදයි.
අතීතය සිහිනයක් පමණයි.......

අෂාන් රවීන් said...

ඇත්ත කතාව මල්ලී! 100%

Neranji___නෙරංජි said...

හොඳ බ්ලොග් එකක් ....මට කියවද්දි හම්බුණේ...අද මම හැම බ්ලොග් එකක්ම කියවනව......එස් බී යූ සින්ඩියෙ තිබෙන....