ඉතින් අවසරයි සමුගන්න...!

අතීතයට ආයෙම නොයන්න
මතකයන් කිසිදින මතක් නොවෙන්න
සඳහටම වෙන්වෙන්නම් 
ඔබ හැමදාම සතුටින් නම්

නිහඩ හැම මොහොතකම
දෙසවන වැකුනු නුඹේ සුසුම් හඩ
හැමදාම මට ඇසේවී
නුඹ මා ළඟ විලසින්

හුරතලයට හිනාවුනු
විහිළුවට තරහ වුනු
කඳුළු බිදු මුව තෙමු
වියැකිලා නොවුන සේ

පන්හිඳින් සටන්කල
ප්‍රේමයක කුරුටු බලි
සැරිසරයි පිටු අතර
මියැඇඳුනු මතකවස්

කෙසේ එක් කරන්නද
සුසුම් වැල් නුඹ නමට
දිනුම පැරදුම අතර
සිරවෙලා නොවැද ම‍ම

ඉතින් මට අවසරයි සමුගන්න
කිසිදිනක නොයෙනුවස්
නුඹ නමින් අවදි වු
ප්‍රාණයක නිමාවට

7 comments:

Anonymous said...

හ්ම් .... ඔය තරම් දුක් වෙන්න එපා මලේ ... ජීවීතේ තියෙන්නෙ තව ඉස්සරහට.. සිරියෙන් මුහුන දෙන්න ශක්තිය ​​ධෛර්ය ලැබේවා....

විශ්මි said...

සංවේදී පද පෙලක් සහෝ........

ආදර කතාව said...

හ්ම්... ගොඩාක් ලස්සනයි. ඒ වගේම සංවේදියි.

Ashan said...

wath@ තැන්ක්ස් අක්කා...

Ashan said...

විශ්මි @ ස්තුතියි! හිතට දැනුන දේ ලිව්වේ...

Ashan said...

ආදර කතාව@ ස්තුතියි!

Unknown said...

මට හිතෙනව කවිය බොළඳ වැඩියි කියල මේ ලිපිය බලන්න http://thisaraps.blogspot.com/2010/04/blog-post_4243.html