Securely Erase your Data (ආරක්ෂිතව ඔබේ දත්ත ගබඩා මාධ්‍ය වලින් ඉවත් කරමූ)

අපි භාවිතා කරන පෙන් ඩ්‍රයිව්ස්, චිප්ස්, හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව් වගේ ගබඩා මාධ්‍ය වල අපි තැන්තපන් කරන දත්ත  ඉවත් කලද නැවත ඒවා සම්පුර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් ලබාගත හැකි බව ඔබ දැනටමත් දන්නවා ඇති.. නොදන්නවා නම් ඒ සම්බන්ධව විස්තරාත්මක ලිපියක් පසුව පලකිරීමට බලාපොරොත්තු වෙමි. 

බොහොමයක් දෙනා යාළුවන්ගේ කැමරා, ලැප්ටොප් පරිගණක, මෙමරි චිප්ස් වගේ දේවල් වලට තමන්ගේ අතිශය පුද්ගලික දත්ත තාවකාලිකව හෝ ඇතුලත් කරනවා අපි ඕන තරම් දැකලා තියනවා, ඒත් ඔබ මොහොතකටවත් සිතුවාද මෙම දත්ත නැවත වෙනත් කෙනෙකුට අවශ්‍යනම් ලබා ගත හැකි බව.... එය එසේමය තාක්ෂණය සම්බන්ධව දැනුමක් තියෙන ඔනෑම කෙනෙකුට මෙම දත්ත නැවත ලබාගත හැකිය.. මේ හේතුව නිසා ඔබ ආරක්ෂාකර තබාගත් ඒ අදාල ගොනු තවකෙකු අතට පත්වීම වැලැක්විය නොහැකියි... නමුත් සී ක්ලීනර් කියන මේ මෘදුකාංගය භාවිතා කරලා අපිට පුළුවන් කාටවත් ලබා ගැනීමට නොහැකි පරිදි අපි ඩිලිට් කල ෆයිල්ස් ෆෝල්ඩර්ස් විනාශ කරලා දාන්න... 

භාවිතා කිරීමේදී තමන්ට අවශ්‍ය ඔප්ෂන්ස් අදාල ලෙස සකස් කිරීමට මතක තබාගන්න..එහෙම නොවුනොත් වටිනා කියන ඔබේ දත්ත ස්ථිර වශයෙන්ම ඉවත්වෙලා යාවි...





Remove Empty Directories (හිස් ෆෝල්ඩර්ස් ඉවත් කරමු)

පරිගණක භාවිතා කරන බොහොමයක් දෙනා අතර තියෙන ප්‍රශ්ණයක් තමයි හිස් ෆෝල්ඩර්ස් යම් යම් හේතු මත අපි අතින් හෝ වෙන යම් ක්‍රමයකින් නිර්මාණය වී හාර්ඩ් ඩිස්ක් එකේ අපි බලාපොරොත්තු වෙන කලමණාකාරීත්වය නොමැති වීම...


මේ නිසා මොනවාහරි ෆෝල්ඩර් එකක් හොයන්න ගියාම සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා අදාල ෆෝල්ඩර් එක සොයා ගැනීමට... මෙවැනි නොයෙකුත් හේතු වලට ප්‍රතිකර්මයක් විදියට එම්ටි ෆෝල්ඩර් රිමූවර් සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න පුළුවන්... මෙමගින් අපි ලබා දෙන ඕනෑම ඩ්‍රයිව් එකක එම්ටි ෆෝල්ඩර්ස් සර්ච් කරලා අපේම අවශ්‍යතාවය මත පරිගණකයෙන් ඉවත් කරලා දාන්නත් හැකියාව තියනවා..

පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න..