නෙට්වර්ක් කනෙක්ෂන් ඩිසේබල් වෙලාද?

බලන්න ඔයාලටත් මේ වගේ ප්‍රශ්ණයක් ඇවිත් තියෙනවද කියලා? මේක මගේ යාළුවෙකුගේ මැෂින් එකක තමයි වෙලා තිබුනේ, හිටි ගමන් නෙට්වර්ක් කනෙක්ෂන්(ඩයල්අප්) ඩිසේබල් වෙලා, නැවත අළුතින් එකක් ක්‍රියේට් කරන්න තියෙන ඔප්ෂන් එහෙමත් ඩිසේබල් වෙලා, ඉතින් මම ටිකක් හොයලා බැලුවා මොකක්ද මේ කෙස් එක කියලා, මෙන්න ස්ටෙප්ස් ටික ඔයාලත් වුවමනා වුනොත් කරලා බලන්නකෝ...(මම සැක කරන විදිහට මොකක් හෝ වෛරසයක් නිසා  සිද්ධ වෙන්න ඇති)

කරන්න තියෙන්නේ බොහෝම සුළු දෙයයි.. පළමුවෙන්ම වින්ඩොස් සර්විසස් ටික ඕපන් කරගන්න ඕන...

Start > Control panel > Administrative tools > services

දැන් බලන්න මේ පහත තියෙන සර්විස් ටික ක්‍රියාත්මකයිද කියලා, එහෙම නැත්තම් ඒවා නැවත ක්‍රියාත්මක කරන්න...එතකොට ලෙඩේ හරි.....

Telephony
Remote Access Connection Manager
Remote Access Auto Connection Manager



මේ සර්විස් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධව සදහන් කලොත් පහත පරිදි දක්වන්න පුළුවන්...


Right click on the service  Properties (or dbl click)  > Select the startup type (Automatic) > Start > ok




මම කරපු පියවර ටික පමණයි මා මෙතනදි සදහන් කලේ.. මේ සම්බන්ධව වැඩිදුර ‍තොරතුරු පසුව සදහන් කරන්නම්...