අළුත් අවුරුදු උදාව හා අවුරුදු චාරිත්‍ර

සුභ අළුත් අවුරුද්දක් වේවා!
අළුත් අවුරුදු උදාව....
ව්‍යවහාර වර්ෂ 2010 අප්‍රේල් මස 14 වැනි බදාදා පුර්ව භාග 06.58 ට සිංහල අළුත් අවුරුද්ද උදාවෙයි!

පුණ්‍යකාලය......
අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා මධ්‍යම රාත්‍රී 12.43 සිට 14 වන බදාදා අපරභාග 01.22 දක්වා පුණ්‍ය කාලය(නොනගතය) බැවින් 14 වන බදාදා පූ.භා. 00.34 ට පෙර කා බී සියලු වැඩ අත්හැර පුණ්‍ය කටයුතුවල යෙදීමද මැනවි.

ආහාර පිසීම.....
අප්‍රේල් මස 14 වැනි බදාදා පුර්වභාග 07.01ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනිමොලවා  කිරිබතක්ද උඳුමිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා අනුභවය.....
අප්‍රේල් මස 14 වැනි බදාදා පුර්වභාග 09.07 ට පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

හිසතෙල් ගෑම....
අප්‍රෙල් මස 15 වැනි බ්‍රහස්පතින්දා පුර්වභාග 10.06 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දීශාව බලා හිසට බෝපත්ද, පයට කොහොඹපත්ද තබා තෙල් සහ බෝපත් යුෂ මිශ්‍ර නානු ද ගා ස්නානට කිරීම මැනවි.

රැකීරක්ෂා සදහා පිටත්ව යෑම....
අප්‍රේල් මස 19 වැනි සඳුදා පුර්වභාග 06.42 ට සදුපැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උඳු මිශ්‍ර ආහාරයක් හා කිරිබත් අනුභව කොට රැකීරක්ෂා සඳහා පිටත් වීම මැනවි.

සේවා අවශ්‍යතා සඳහා....
අප්‍රේල් මස 16 වැනි සිකුරාදා පුර්වභාග 06.08 ට නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී එළකිරි මිශ්‍ර කිරිබතක් අනුභව කොට රැකීරක්ෂා සඳහා පිටත්වීම මැනවි.

හිසතෙල් සඳහා තෙල් වර්ග....
සාදාගත් නානුද, තෙල්ද,(තල තෙල්, මී තෙල්, අබ තෙල්, කොහොඹ තෙල්, සහ එඬරු තෙල් යන පස් තෙල්ද) ගා ස්නානය කිරීම මැනවි.

නානු සෑදීමට ගන්නා ඔසු වර්ග....
කළාඳුරු අල, කුම්කුමප්පු, සුඳුහඳුන්, විෂ්ණු ක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන් මුල්, සැවැන්දරා මුල්, නෙළුම් ඳඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල් ගැට, ඊ තණ යන වර්ග 14 සමව ගෙන තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳ ගන්න. ඉන් පසුව දිවුල්පත් කොටා ඒවායේ යුෂද දෙහි ඇඹුල්ද ඉහත සිඳගත් දියරයට දමා හොඳට මිශ්‍රකොට සිරිසිදු රෙදිකඩකින් පෙරා ගන්න....

(2010 ලිතකින් උපුටා දක්වන ලදී)

No comments: