උන් අපිට කරනවද? අපි උන්ට කරනවද?

(දේශයට උපන් දේශප්‍රේමීන්)

එහෙනම් අම්මේ! තාත්තේ! අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ නේද? අපි දන්නව ඉතින් එදා ඉදන් තමුන්නාන්සේලා දුන්නේ අපිට කියන එක, මේ පාරත් ආයේ දෙකක් නැහැ..... අපි ගිහින් එන්නම්, ආයුබෝවන් කිව්වා! ජය වේවා! අපේ 0බ0ල0න්0න0  මැතිතුමාට ජය වේවා!

මේ හෙට අනින්දා එන මහ මැතිවරණය ගැන මුකුත් බ්ලොග් එකේ කුරුටු ගෑවේ  නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක් වගේ දැනෙයිනේ නේද? ඒක නිසා මම දන්න විදහට දේශයේ පාළුව මකන ම්නිස්සු ගැන. ටිකක් කතාකරන්න හිතුවා


දේශපාළුව හෙවත් දේශපාළනය යන ගෞරව නාමයෙන් හදුන්වන (අදවන විට හොදම විහළුව) රට පාළනය සම්බන්ධව කතා කරන්න අළුතෙන් හිතන්න දෙයක් නැහැ, අපේ සාමාන්‍ය මිනිස්සු ජීවිතේ පුද කරලා දිනාගත්තු ශ්‍රී ලංතාව අද දේශපාළුවෝ එකතුවෙලා මර පිටියක් ,පොර පිටියක් තත්වයට පත් කරලා රටත් විකුනලා විකුනපු සල්ලිත් වියදම් කරලා ඉවරයි ඒ ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැ, කොහොමත් වෙච්චි දේවල් වලට වැඩිය වෙන්ට තියෙන දේ ගැන ටිකක් කතා කරොත් ඒක කාටත් හොදයි ‍!

නිදහස කියලා හිතාගෙන හිරගෙට ඇවිත් දොර අගුළුලාගෙන කියලා හිතුනේ නැද්ද කාටවත්ම, නිදහස කියන්නේ මොකක්ද කියලා හරිහැටි ‍තේරුම් නොගෙන ඒ දේ ඉල්ලන එකත්වැරදියි නේද? එදා ඉදලම අපේ මිනිස්සු යටත් පාලනයට හුරුවෙලා හිටපු නිසා අදවෙන කොට හිතනවා අපිට පුර්ණ නිදහස හා අයිතිවාසිකම් ලැබිලා කියලා, ලැබිච්ච කෙහෙල් මලක් ගැන හරිහටි නිච්චියක් නැතුව අල්ලපු ගෙදර මිනිහා ඉල්ලන නිසා කෑ ගහ ගහ ඉල්ලන, උන් දෙන නිසා මුනුත් දෙන සමාජයක තමයි අපි අද මේ ජිවත් වෙලා ඉන්නේ, මිනිසුන්ගේ මුලික අයිතිවාසිකම්වත් හරිහැටි නොදැන, මේ රට ලෝකසිතියමෙන්වත් හොයාගන්න දන්නේ නැති මිනිස්සු තමයි අද කෑ ගහගෙන දේශපාලනය ගැන දොඩවන්නේ, උඩින් වෛරය පෙන්නගෙන යටින්   අතදෙන මිනිස්සු  අද මේ රටේ දේශපාලනයේ ඉහලම තැන්වල ඉන්නවා,මේක මේ කියන විදිහට දේශය ගැන ආදරයක් ඇති මිනිස්සුන්ගේ වැඩක් නම් නෙමෙයි,  දේශයට ආදරයක් තියෙන මිනිස්සු නම් කවදාවත් තමන්ගේම ජාතිය බිල්ලට දීලා තමන්ගේම මිනිස්සු ඇනකොටා ගන්න තත්ත්වයට පත්කරලා පිට ජාතීන්ට අපේ රට අල්ලගන්න උදව් කරාවිද?,  අපේ දේශපාලනයටත් හෙණගැහිලා තියෙන්නේ මේන්න මේ වගේ දේවල් නිසා, රටක් පාලනය කරන්න කියලා කලින් කරපු එකාගේ දේ තමන්ගේ වගේ උස්සලා පෙන්නන එකයි, අනුන්ගේ එකේ තමන්ගේ නම ගහගන්න එකයි, තමන්ගේ කුණු අනුන්ගේ කොරන එකයි වැරදියිනේ, අද වෙන කොට ලංකාවේ බහුතරය කවුද? නමුත් හෙට වන විට ශ්‍රී ලංකාවේ බහුතරය කවුරුන් වෙයිද?

ජාතියක් විදියට එක්ව නැගී ඉන්නවා වෙනුවට අපේ මින්ස්සු කරන්නේ මොකක්ද? තමන්ගේම සහොදරයා හරි නෑදෑයා හරී කමක්නැහැ තමන්ගේ වාසියට පාවා දෙනවා, අල්ලපු ගෙදර මිනිහා දියුණුවෙනවා බලාගෙන ඉන්න බැරුව අනිත් එකා නහිනවා, එකට කොරලා ‍පස්සේ සුද්දවන්තයා වෙලා අනිකවා අමාරුවේ දානවා,  නැගිටින මිනිහාගේ කකුලෙන් ඇදලා වැටුනද අහන ජාතියක් තත්ත්වයට අපේ මින්ස්සු අද පත්වෙලගා ඉවරයි. ඊරිසියාව, වෛරය, ක්‍රෝධය හැරුනම වෙන දෙයක් ළඟ නැති තරමටම බුද්ධාගමෙන් පෝෂණය වෙලා තිබුණු අපේ රට  විනාශයට පත්වෙලා, අනික් වුන් රට අල්ලද්දී අපේ උන් උන්ට උල්පන්දම් දෙනවා, 
(නැත්නම් ඉතින් සිංහල ඡන්ද ටික කොහෙට වැටුනද) ජාතියක් විදිහට එක්ව නැගිටින්න ඕන කාලේ ඇන කොටා ගත්තම කාටද වාසී? ඇයි එක මිනිහෙක්වත් මේ ගැන හිතන්නේ නැත්තේ......

ඡන්දෙට වැඩ කියන එක මේ දවස් වල කාගෙත් කටේ තියෙන ගරු ගාම්භිර වචනයක් වෙලානේ, මීට වැඩිය ‍හොදයි  මම ,,,,,,,,,, තුමාට  කඩේ යනවා කියලා කිව්වනම්? අද කාලේ උගත් කමට වැඩිය වටින්නේ දේශපාලුවන්නේ එළදෙටුවෙක් වීම, එතකොට තමයි උපාධි කාර කම් කරුවෝ හා අට පාස් ලොකු ලොක්කෝ බිහිවෙන්නේ(මම මේ කියන්නේ අද අධ්‍යාපනයට වෙලා තියෙන දේ) .. මේ වගේ දේවල් අදරටේ ඕනම ආයතනයක දකින්න පුළුවන් , කාට කඩේ ගිහින් හරි තමන්ගේ වැඩේ කරගන්නවා කියන මට්ටමේ පිරිසකුත් අද අපි අතර ඉන්නවා! චේතනාව නම් හොදයි ඒත්........

ලියන්න ලියන්න ලිපිය දීර්ඝ වෙන එක විතරයි වෙන්නේ , මම මේ ලිපිය ලිව්වේ පක්ෂ පාට මොකක් උනත් කරන දෙයක් තමන්ගේ අනාගත පරපුර වෙනුවෙන් සිංහල ජාතිය වෙනුවෙන් කරන්න කියන එක හැමෝටම මතක් කරලා දෙන්න. එහෙම නැතුව මම මේ කඩේ යනගමන් එහෙම නෙමෙයි!




2 comments:

Anonymous said...

අපි http://ashanslife.blogspot.com යන ඩොමෙන් එක රැ 5000000 ගන්න ගියා එත් kani97@gmail.com AKN KARADRA KARAPU NISA API http://ashanslife.LK GANA BALAPORTHU VANAVA

ගීතික බුලත්සිංහල said...

ඔය ආගම ජාතිය අල්ලගෙන නහින එක මෝඩ වැඩක්. හෙට මැරිල වෙන ජාතියක ඉපදුනොත් ?