WGA Notification කොහොමද ඉවත් කරන්නේ?


අපි ඉතිං කොහොමත් භාවිතා කරන්නේ ඔර්ජිනල් වින්ඩෝස් එක්ස්පී  කියන එක රහසක් නෙමෙයිනේ නේද? මේ ලිපිය ගොඩාක් වැදගත් වෙන්නේ වින්ඩොස් ඔර්ජිනල් එක්ස්පී භාවිතා නොකරන අයට ඒ අතරිනුත් නිතරම අන්තර්ජාලය හා සම්බන්ද වෙලා වැඩ කරන අයට මේක ගොඩාක් වැදගත් වෙයි...වැඩි වැල්වටාරම් ඕන නැහැ කෙලින්ම යමු වැඩේ ඉවර කරලා දාන්න...

01. Windows Genuine Advantage කියලා මැසේජ් එකක් පරිගණකය ඔන් කරන වෙලාවට දිස් වෙනවානම් ඒ කියන්නේ පරිගණකයේ ලොගින් ස්ක්‍රීන් එකේ ඔයාලට මද වෙලාවක් රැදිලා ඉන්න වෙනවා... අපිට හදිස්සි වුනාට ඒ මැසේජ් එක ඉවත් වෙන්නේ තත්පර කිහිපයක ප්‍රමාදයකින් පසුවයි, මේ වගේ වෙලාවට ඉතිං බිල්ගේට්ස්ව එහෙම ගොඩාක් මතක් කරන්න වෙනවා,

02. මුලින්ම කරන්න තියෙන්නේ පරිගණකය Restart කරලා Safe Mode භාවිතා කරලා පරිගණකයට ඇතුල්වෙන්න (Safe Mode එකෙන් පරිගණකයට ඇතුලු වීමට Restart කරලා F8 key එක ඔබන්න, දිස් වෙන ඔප්ෂන් වලින් Safe Mode එක සිලෙක්ට් කරන්න)

03. Safe Mode එකෙන් පරිගණකය ඔන් වුනාට පස්සේ Start > Run > Reg edit  > Expand-  HKEY_LOCAL_MACHINE > SOFTWARE > Microsoft > Windows Genuine Advantage > Right Click and Delete This Key From The Registry (වෙනතු ගැටළුවක් ඇති නොවෙන්න රෙජිස්ට්‍රියේ බැකප් එකක් අරන් තියා ගත්තොත් ගොඩාක් හොදයි)

04. ඊළගට වින්ඩොස් ඩිරෙක්ටරියේ තියෙන ‍WGA එකට අදාල ෆයිල්ස් ‍සියල්ල ඉවත් කල යුතුයි මේ සදහා
වින්ඩොස් ඩිරෙක්ටරිය ඕපන් කරලා wga* යටතේ සර්ච් කරලා අදාල සියළුම ෆයිල්ස් ඉවත් කල යුතුයි...

05. 04 වැනි පියවර ක්‍රියාත්මක කිරීමේදි යම් යම් ගැටළු මතු වුවහොත් ටාක්ස් මැනේජර් භාවිතා කරලා Wga ෆයිල් එක සිලෙක්ට් කරලා එන්ඩ්ටාස්ක් දෙන්න මේ විදියට කරන ගමන් අර අපි කලින් සර්ච් කරලා හොයා ගත්තු ෆයිල්ස් සියල්ලම පරිගණකයෙන් ඉවත් කර දමන්න

06. සියළුම දේ අවසන් කිරීමෙන් පසුව පරිගණකය නැවත පණ ගන්වන්න. නිවරදිව ඉහත පියවර අනුගමනය කලා නම් දැන් අර කරදරකාරී මැසේජස් නොමැතිව පරිගණකය ඔන් විය යුතුය....

විශේෂ :-මෙම ක්‍රමය නිවැරදිව අනුගමනය කිරීමේන් මාද සාර්ථක ප්‍රතිථල අත් කර ගතිමි. නමුත් මෙය තමන්ගේම වගකීමෙන් භාවිතා කරන්න...

3 comments:

Isuru said...

ela, Thanks Machan, Malawadayak ayin karagaththa

Thanks

Anonymous said...

සතුටුයි මේ ලිපියෙන් පුංචි හරි උපකාරයක් ලැබුනනම්...

Anonymous said...

බොහෝම ස්තූතියි..!! නමුත් මේ ක්‍රමයේ අවදානමකුත් තියනවා කියල පේනවා.කොහොම වුනත් මිටවඩා පහසු ක්‍රමයකට මෙම WGA ගැටලුවෙන් නිදහස් වෙන්න පුලුවන්.අපට ඉතා පහසුවෙන WGA "crack" download කරලා, install කරන්න පුලුවන්..100% ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්...

සෙවුම් වචන...

Windows Genuine Advantage Validation.v1.9.9.1.Cracked.V2.rar


[w50]