විවෘතව කරන සංවෘත බ්ලොග් කරනය!

    ලෝකයේ හැමදේටම සීමා මායිම් තියනවා නමුත් අපේ නිදහස අපිට ඕන විදිහට පාවිච්චි කරන්න බැරිනම් ඒකෙන් වැඩක් නැහැ, මම මෙහෙම කිව්වේ අපිට ඕන ඕන දේ කරනවා කියන එක නෙවෙයි, නමුත් රටේ නීතියට, අද වෙනකොට මැරී මැරී තියන සංස්කෘතියට යටත්ව  අපේ ජීවිත වලට අදාලව විවෘතව කතා කිරීමේ අයිතිය අපි හැමෝටම තියනවා(සැකයි). 

    මේහෙම තියන අයිතිය යටපත් කරන්න නොයෙකුත් දෙනා විවිධ ආකාරයේ අකටයුතුකම් කරනවා, මේ වගේ දේවල් සාමාන්‍යයෙන් සිද්ද වෙන්නේ මේ භාහිර ලෝකේ විනරයි නමුත් අද වන විට ඒක මේ සයිබර් අවකාශය පුරාත් දැඩිලෙස පැතිරිලා තියනවා,
මම මෙහෙම කියන්න හේතුව වුනේ දැනට ටිකවෙලාවකට කලින් මට ලැබුනු දුරකතන ඇමතුමක් නිසායි, මේ ඇමතුම ලැබුනේ වෙන කාගෙන්වත් නෙවෙයි අපි හැමෝම දන්න මනුස්සකම බ්ලොග් අඩවිය පවත්වාගෙන යන තිසර ප්‍රියංකර මගේ මිත්‍රයාගෙන් අපි දෙන්නම එකටම වගේ තමයි සිංහල බ්ලොග් කරනයට පිවිසුනේ නමුත් තිසරගේ දක්ෂතාවය නිසාම ඔහු ඉතාමත් ඉක්මනින් හොද බ්ලොග්කරුවෙක් බවට පත්වුනා, මේත් එක්කම ඔහු පවත්වාගෙන ගිය අනෙක් වෙබ් අඩවිය තමයි හෝල්මන්අඩවිය. මේ බ්ලොගය මෑතකදී පටන් ගැනුනද ඉතා හොද ප්‍රතිචාර සහිතව පවත්වාගෙන ගියා. 


   දැනට දින දෙකකට පමණ ඉහතදී තිසර නිවාඩුවට ගමට යන්න පිටත් වුනා, නමුත් බ්ලොග් කියවන පාඨක හා අනෙකුත් බ්ලොග් කරුවන්ගේ විශ්වාසය මත කොමන්ට් දැමීමේ හැකියාව විවෘතව පැවතියා,( අපිත් ඉතින් ඕක මොඩරේට් කරන්න යන්නේ නැහැනේ ඕපන් තමයි තියන්නේ ඕන කෙනෙක්ට කැමති දෙයක් කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන් වෙන්න) දින දෙකකට පස්සේ තමයි ඔහු නැවතත් ඔහුගේ බ්ලොග් එක දිහා බලලා තියෙන්නේ, ඒ වෙනකොටත් අපේ විශ්වාසනීය පිරිස ඒක විනාශ කරලා හමාරයි!. (මේක කරපු වුන්ට තමයි මෙහෙම කියන්නේ) ඔහු අන්තිමට බ්ලොග්ගත කරපු හොදම සිංහල සින්ඩිය කුමක්ද? යන ලිපියට ප්‍රතිචාර ලෙස එය කියවු පිරිස (සමහරවිට මානසික ආබාධ වලින් පෙලෙන පුද්ග‍ලයොද සිටින්නට ඇත) එයට දක්වා ඇති කුණුහරුප ප්‍රතිචාර නිසා මනුස්සකම  බ්ලෝගය කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව සිංහල බ්ලොග් කියවනයෙන්ද  ඉවත්කර තිබෙනවා, (ඉවත්කිරීමෙන් පසුව ඉ පණිවිඩයකින් ඒ බව දැනුම්දීමක් කර තිබුණි) 

මේ සම්බන්ධයෙන් මගේ කණගාටුව හා බලවත් විරෝධය ප්‍රකාශ කර සිටින අතරම, පහත සදහන් කරුණු සම්බන්ධව අපි හැමෝගේම අවධානය යොමුකරනමෙන් ඉල්ලා සිටිමි.

01. මෙවැනි පහත් ක්‍රියාවන් සම්බන්ධයෙන් කිසිම බ්ලොග්කරුවෙකු(සින්ඩි වලට සම්බන්ධ) කිසිදු ආකාරයකින් ප්‍රතිචාර නොදැක්වීම පුදුමයට කරුණකි. (දැක්වුවත් එය හුදෙක් කණගාටුව පමණකි)
02. අපි ලියන්නේ අපේ අදහස් මිසක් වෙනකාගෙන්වත් හොරකම් කරපු අදහස් නෙමෙයිනේ නේද? එහෙනම් ඇයි මෙවැනි අසාධාරණ කම් අපේ ඇස් ඉදිරිපිටම සිද්ධවෙද්දී නොදැක්කා වගේ ඉන්නේ,
03. අනිත් ගැටළුව තමයි අපි විවෘත බ්ලොග් කරුවෝද නැද්ද කියන එක?
04. බ්ලොග් ලිපි යම් යම් සීමා යටතේ සකස්කල යුතුවීම.(අසභ්‍ය හා ලිඛිත මායිම් අදාල නොවේ)
05. බ්ලොග් කරුවන්ගේ සංගමයක් තිබුනද එකමුතුබවක් නොතිබීම
06. සමහර බ්ලොග් කරලීයේ හැමදාටම වැජබීම(ඒවාට සීමා රහිත නිදහස ලැබී ඇතිද?)
08. අපිට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයට විවේචනය කිරීමට නොහැකිවීම,(කුණුහරුප නෙමෙයි)

මේ වාගේ නොයෙකුත් හේතූන් ගොඩාක් අපි විවෘතව බැලුවොත් හොයාගන්න පුළුවන්,  ඒත් එක්කම අනුවර්ත නාම යොදාගනිමින් කමෙන්ට් දාන වල් හරකුන්ගේද , එවැනි හරක් ලෙස හැසිරෙන තිරිසන් ගතිය සයිබර් අවකාශයටද රැගෙන එන දුෂ්ඨ අමුනුෂ්‍යයින්ගේද බැල්මට හසුව බ්ලොග් කරණය එපා වු පිරිස එකෙක් දේන්නෙක්ද නොවෙයි, ඔවුන්ගේ දක්ෂතා නියමාකාරයෙන් හඳුනානොගැනීම හෝ එවැනි දක්ෂතා ඇති පිරිසට ඉදිරියට ඒමට ඉඩ නොතැබීමට වගබලාගන්නවුන් පිරිසක්ද මේ අපි අතරම සිටින බව අපි හැමෝම දන්නා සත්‍යක් බවට දැන් පත්වී හමාරයි,   ඉතින් මේ වගේ හේතු කාරණා නිවැරදිව හඳුනානොගෙන අපි අනෙක් අයට ඕන විදිහට බ්ලොග් කරනවාද ඒහෙමත් නැත්තම් නිදහස් බ්ලොග් කරුවෙක් විදියට අපේ නිදහස අඩුම තරමේදී සයිබර් ලෝකයේදීවත් තියාගන්නවාද කියන කාරණය සම්බන්ධව කටයුතු කරන එක මේ ලිපිය කියවන ඔබට භාරයි,(සමහරවිට මේකත් හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේම වෙයිද දන්නෙත් නැහැ)

21 comments:

චතුරංග රූපසිංහ said...

කාලයක් තිස්සේ තමන්ට හැකිපමණින් හොද සේවාවක් කල ආයතනයක් තමයි SBU සින්ඩිය.කමුත් මෙවැනි තීරනවලින් වන්නේ බ්ලොග් ලියන්න් ඔවුන් ගැන තිබූ විශ්වාසය පලුදු වීම. පැහැදිලිවම එහි ඇඩ්මින්වරු කුමක් කීවත් මෙය අත්තනෝමතික තීරනයක්.සින්ඩියේ පැවති මේ තීරන නිසා තමයි පසුගිය කාලයේ විකලපයන් ගොඩක බිහිවීම සිදුවීමට හේතුව.

Kanishka said...

ඇත්තටම සිදුවී තියෙන දේ ගැන කණගාටුයි. මගේ නම භාවිතා කරලත් කමෙන්ට් කරලා තිබ්බා. නමුත් කුමන හෝ හේතුවක් නිසා තිසර බ්ලොග් එක බලා නැති බව දැනුනු නිසයි ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබෙනකන් බලන් හිටියෙ.

ඔබේ ගැටලු කීපයකට පිලිතුරු දෙන්න කැමතියි

1. ප්‍රතිචාර දක්වපු අය ඔන තරමි හිටියා. දැනුත් ඉන්නවා. ගොඩක් අය අනවශ්‍ය ප්‍රශ්ණ ගාවාගැනීමට ඇති අකමැත්ත නිසයි එහෙම නොකරන්නෙ.
2. ඔබ කියන දේ ඇත්ත. ඒත අපිට බලපෑමක් කරන්න බෑ. අපි ඇඩිමින්ල වත් එහෙම බලපෑමක් කරන්න පුලුවන් මට්ටටමේ අයවත් නෙමෙයි.
3. ඒක තමන් තීරණය කරන්න.
4. එවා සින්ඩිකේටර් වල නීති මිසක් බ්ලොග්කරණයේ නීති කියල කවුරුවත් කියල නෑනෙ නේද?
5. මම දන්න තරමින් සංගමයක් නෑ. සංගමයක් නම් සභාපති, ලේකම් etc තනතුරු තියෙන්න ඕන. දැනට තියෙන්නෙ සින්ඩිකේටර් හා ඒවා වටා එක්රොක් වී සිටින පිරිසක් පමණයි.
6. මම නම් දන්නෑ :D
7. අපොයි පුලුවන්. කිසිම ගැටලුවක් නෑ.

කාලිංග said...

Hello

think he has given you a false information. un officially indranama has sent him an email saying to fix this issue, but he didn't. then SBU has sent him an official notice that was CC to the VIP group giving him 24 hours to fix the issue. but he didn't. if he was unable to check his email all he had to do was just explain the situation. but he didn't.

SBU Admins cant read minds, unless the person tell them whats really going on.

but what he was reply saying to remove his blog.

if he's now acting as SBU did it, its wrong. he has ask to remove the blog. due to privacy we can show those email, unless he him self says OK. but this has been sent to all the admins + SBU VIP members.

(sorry about writing in english leaving this comment using my mobile.)

Unknown said...

Kalinga said..../හිතවත,

පහත ලිපිය ගැන අපිට පැනිමිනි ලැබී ඇත.

http://thisaraps.blogspot.com/2010/04/blog-post_06.html

http://blogs.sinhalabloggers.com/add-blog හි ඇති පහත නීති ඔබගේ බ්ලොග්
අඩවියේ ඇති comment මගින් උල්ලන්ගනය කර ඇත. එම නිසා අඩවිය පැය 24ක් තුල
ඉවත්කිරීමට සුදුවෙනවා ඇති./

තිසර,- නමුත් මෙම පණිවිඩය ලැබී පැය 24 නොව ඒ වන විටත් අඩවිය ඉවත් කර තිබුණි,එම පණිවිඩය පැමිණිවෙලාව දැක්වීමට කැමතියි-

/from Kalinga Athulathmudali
to "M.K.Thisara Priyankara"
cc Sinhala Bloggers' Union Admin ,
sbu-vip-members@googlegroups.com
date Thu, Apr 8, 2010 at 12:35 PM
subject අඩවිය ඉවත් කිරීමේ දැනුම් දීම.
mailed-by gmail.com
signed-by gmail.com/

-----date Thu, Apr 8, 2010 at 12:35 PM------

නමුත් 8 වන දා රෑ 12.35 එවු පණිවිඩය කියවීමට අප බකමූණන් සේ ඇස් හැර සිටිය යුතුද? එමෙන් උදේ වන විටත් අඩවිය ඉවත් කර තිබුණි.

Unknown said...

එමෙන් වැඩි දෙනෙකු බ්ලොග් නොකියවන රජයේ නිවාඩු දිනයක,මෙන්ම මැතිවරණය, යන කල් යල් බැලීම සිදුකර සූක්ෂම ආකාරයෙන් මෙම අඩවිය ඉවත් කළ බව හැ‍ගේ අඩවිය ඉවත් කිරීමට සැබෑ හේතව ලෙස මා දකින්නේ

01) සින්ඩියේ අය උසස් අධ්‍යාපනය ලබපු තැන මොරටුව සරසවියට දොස් පවරා දැමූ ලිපිය

02) සින්ඩියේ සමහර අය සේවය කරන හා උදවු ලබාදෙන ඉක්ටා ආයතනය විවේචනය කර ලිපි පළකිරීම

03) සින්ඩි පිළිබඳ විවෘත තරඟයක් පැවැත්වීම

04) හැම විටම අසාධාරණයට එරෙහිව කථා කිරීම

එමෙන් කුණු හර්ප comments ඉදිරිපත් කළ මුල් අවස්ථාවද නොවෙයි එහෙත් එහිදී මට ඒවා ඉවත් කිඍීමට හැකි විය මෙම අවස්ථෘවේදී මා මදකට විවේකයක් ගැනීමට බැහැර වූ බැවින් ඒවා මකා දැමීමට පැය කිහිපයක් ප්‍රමාද විය.

සින්ඩියෙන් ලැබුණ පණිවිඩයේ මාතෘකාව දෙස බලන්න-

-----අඩවිය ඉවත් කිරීමේ දැනුම් දීම-----

මෙහි තාවකාලිකව ඉවත් කිරීම යැයි තිබුණේ නම් එය සාධාරණයැයි මට සිතේ.

Ashan said...

1. ප්‍රතිචාර දක්වපු අය ඔන තරමි හිටියා. දැනුත් ඉන්නවා. ගොඩක් අය අනවශ්‍ය ප්‍රශ්ණ ගාවාගැනීමට ඇති අකමැත්ත නිසයි එහෙම නොකරන්නෙ.
(ඇත්තටම මොනවද මේ අනවශ්‍ය ප්‍රශ්ණ)

2. ඔබ කියන දේ ඇත්ත. ඒත අපිට බලපෑමක් කරන්න බෑ. අපි ඇඩිමින්ල වත් එහෙම බලපෑමක් කරන්න පුලුවන් මට්ටටමේ අයවත් නෙමෙයි.
(එහෙම අඩු තක්සේරුවෙන් හිතන්න එපා! අපි ඇඩ්මින්ලා නොවෙයි කියන කතාවෙන් තේරුම්ගන්න පුළුවන් වෙන්නේ නිදහස තියෙන්නේ ඇඩ්මින්ලාට විතරයි කියන එකද?)

3. ඒක තමන් තීරණය කරන්න.
(ඒක කතාව හරි ඒත් තවකාටවත් බයේ බ්ලොග් ලියන එක සාර්ථකද?)

4. එවා සින්ඩිකේටර් වල නීති මිසක් බ්ලොග්කරණයේ නීති කියල කවුරුවත් කියල නෑනෙ නේද?
(ඔයාගේ කතාව හරි මල්ලී ඒත් තේරුම්ගන්න අපේ කතාකිරීමේ අයිතිය අපිටත් හොරෙන් උල්ලංඝණය වෙලා තියනවා කියන එක)

5. මම දන්න තරමින් සංගමයක් නෑ. සංගමයක් නම් සභාපති, ලේකම් etc තනතුරු තියෙන්න ඕන. දැනට තියෙන්නෙ සින්ඩිකේටර් හා ඒවා වටා එක්රොක් වී සිටින පිරිසක් පමණයි.
(http://www.sinhalabloggers.com/)

6. මම නම් දන්නෑ :D
(නිතරම බ්ලොග් කියවන්නකෝ එතකොට තේරුම්ගන්න පුළුවන්)

7. අපොයි පුලුවන්. කිසිම ගැටලුවක් නෑ
(උදාහරණය තමයි මල්ලී මනුස්සකම බ්ලොග් එක සින්ඩියෙන් ඉවත් කරවීම)

ගොඩාක් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට ඒත් කල්පනා කරලා බලන්න හිතේ තියෙන දේමද ඔයා ඔය කමෙන්ට් එකට දාලා තියෙන්නේ කියන එක .....!

කාලිංග said...

@තිසර ප්‍රියංකර ශ්‍රියාසිරි

අඩවිය ඉවත් කෙරුනේ Apr 9 වෙනිදා පහත ලිපියෙන් පසුව.
===================

Kalinga Athulathmudali
to Thisara Priyankara
cc Sinhala Bloggers' Union Admin ,
sbu-vip-members@googlegroups.com
date Fri, Apr 9, 2010 at 7:03 PM
subject Re: අඩවිය ඉවත් කිරීමේ දැනුම් දීම.
mailed-by gmail.com
hide details 7:03 PM (15 hours ago)
ඉල්‌ලිම අනුව ඉවත්‌කරා.


2010/4/9 Thisara Priyankara
- Hide quoted text -

හිතවත
ඉවත් කිරීම භාර ගනිමි මෙතුවක් කළක් මගේ නිර්මාණයට අවස්ථාව දීම ගැන ස්තුතිය පළකර සිටිමි.මින් ඉදිරියට සිංහල බ්ලොග් කියවනය සමඟ මාගේ කිසිදු සම්බන්දතාවයක් නැති බවත් දැනුම් දෙමි.මෙම ක්‍රියාවෙහි අසාධාරණයක්ද නොමැති බව මා පිළීගමි එමෙන් පහත ඇති මාගේ වියණුවද සිංහල බ්ලොග් කියවනයෙන් ඉවත් කරණ මෙන් කාරුණිකව ඉල්ලීමක් කරමි.

http://holmanadaviya.blogspot.com

ස්තුතියි
තිසර

==============================

එම ලිපියේ ඔබ දැන් කියන කිසිදු හේතුවක් දක්වා නැත. තවද ඔබ කියා ඇත්තේ අඩවි දෙකම ඉවත් කරන ලෙසයි.

Ashan said...

චතුරංග රූපසිංහ/

මචං උඹ කියන කතාව ඇත්ත, හැකිපමණින් හොද සේවයක් කරන මෙවැනි සින්ඩි කිහිප දෙනෙකුගේ පහත් ආශාවන් හා පුද්ගලික හේතුන් මත විචාරයකින් තොරව තීරණ ගැනීම නිසා වෙනත් විකල්පයන් හා මෙවායේ වටිනාකම නැති වී යෑම අපි කාටවත් වැලැක්විය නොහැකියි....

චතුරංග රූපසිංහ said...

දැන් එතකොට SBu එකෙන් ඉදිරිපත් කරන මේ මේල් ගැන අදහස මොනද්ද

Ashan said...

චතුරංග රූපසිංහ said

දැන් එතකොට SBu එකෙන් ඉදිරිපත් කරන මේ මේල් ගැන අදහස මොනද්ද

::: මේ සම්බන්ධව මට කියන්න තියෙන්නේ නැවත වරක් ඒ ලිපිය කියවන ලෙසයි, එහි අවසානයට සඳහන් කර තිබෙන (බ්ලොග් අඩවි දෙකම ඉවත් කරන්න) යන්න තිසරගේ ලිපියෙහි සදහන් නැත..

Ashan said...

කාලිංග

ඔබේ අදහස් දැක්වීමට ස්තුතියි!

ඔබ සඳහන් කරන ආකාරයට මනුස්සකම බ්ලොගය ඉවත්කලේ ද තිසරගේ ඉල්ලීම පරිදිද?

එසේත් නොමැති නම් හොල්මන් අඩවිය යන බ්ලොගය පමණක් ඉල්ලීම පරිදි ඉවත් කෙරුනිද?

Unknown said...

කාලිංග--/බොරුකියන්න එපා මචන් ඒ වෙන කෙිටත් මම check කරාම ඉවත් කරලයි තිබුණෙ....

ඉවත් කරාට පස්සෙ වෙන මෙනව කියන්නද ඊට වැඩිය මේ පණිවිඩයෙන් කියල තියෙන්නෙ සයිඩ් දෙකම ඉවත් කරන්න කියල නෙවෙයි නේ ඉවත් කිරීම භාරගනිමි කියල ඉවත් කිරීම භාරගන්නනම් ඉවත් කරල තියෙන්න ඕන නේද? හොල්මන් අඩවිය ඉවත් කරගන්න ඉල්ලීම කරා මොකද ඕකටත් වෙනදේ දන්න නිසා.

Indranama said...

“විවෘතව කරන සංවෘත බ්ලොග්කරණය“

කාගෙවත් බ්ලොග්කරණයට නීතිරීති දාලා සීමා පනවන්න කාටවත් බෑ. තමන්ට කැමති දෙයක් ලියන්න තමන්ට නිදහස තියෙනවා. නමුත් ඒවා විකාශය කරන සින්ඩිකේටර් වල යම් යම් සීමා තියෙනවා.

@ තිසර ප්‍රියංකර
ඔබේ බ්ලොග් අඩවියේ තිත්ත කුණුහරුප කමෙන්ට් දුටු විගස මම ඔබට පෞද්ගලිකව මේල් එකක් දැම්මා මචං අරවා අයින් කරන එක හොඳයි නේද කියලා. නමුත් ඔබෙන් ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. මේ අතරේ අපට නිල වශයෙන් පැමිණිලි ලැබෙනවා ඔබේ ලිපියේ අසභ්‍ය ලෙස කීපදෙනෙකුට හානිවන මට්ටමේ කමෙන්ට් තියෙන බව. නමුත් ඔබට මා එවූ ලිපියටත් ඒ වන තෙක් පිලිතුරු නෑ. මේ අවස්ථාවේ අපේ පැත්තෙන් අපට කල හැකි එකම විසඳුම තාවකාලිකව සින්ඩියෙන් බ්ලොග් එක ගැලවීම පමණයි.

ඔබ නිවාඩු ගොස් ඇති බව අපිදන්නේ නෑ නේ. අප ඔබේ බ්ලොග් එක ගැලෙව්වේ තාවකාලිකව. කාලිංග එවූ ලිපියේ තියෙනවා කමෙන්ට් ඉවත්කර අපිට දන්වන්න කියලා. නැතුව අපිට ඔබත් එක්ක කිසිම තරහක් නෑ ඔබේ බ්ලොග් එක විසිකරලා දාන්න තරම්.

එහෙම තියෙද්දී ඔබ මොකද කලේ? කමෙන්ට් ටික අයින් කරලා අපිට දන්වලා ප්‍රශ්නේ නිරාකරණය කරගන්නවා වෙනුවට තමන්ගේ අනිත් බ්ලොග් එකත් ඉවත් කරගන්නා බවට අපිට ලොකු එක දීම.

“01) සින්ඩියේ අය උසස් අධ්‍යාපනය ලබපු තැන මොරටුව සරසවියට දොස් පවරා දැමූ ලිපිය 02) සින්ඩියේ සමහර අය සේවය කරන හා උදවු ලබාදෙන ඉක්ටා ආයතනය විවේචනය කර ලිපි පළකිරීම 03) සින්ඩි පිළිබඳ විවෘත තරඟයක් පැවැත්වීම 04) හැම විටම අසාධාරණයට එරෙහිව කථා කිරීම“ වගේ හේතු නිසා ඔබේ බ්ලොග් එක අපි අයින් කලා කියන කතාව මම උඩ පැන පැන හිනාවෙලා ප්‍රතික්ෂෙප කරනවා. ඔබ ඔය කියන දේවල් ඔබට වඩා ලොකුවට කරන අය ඉන්නවා, ඔවුන් කිසි ප්‍රශ්නයක් නැතුව සින්ඩියෙත් ඉන්නවා. අනික ඔය කියන විවෘත තරගෙන් දිනලා තියෙන්නෙත් සින්ඩිය නෙ. නිකං තමන්ට බොරු වැදගත්කමක් මවාගන්න නං උත්සාහ කරන්න එපා. මට ඒවට හිනායනවා :D

මෙතන කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ. ඔබේ බ්ලොග් එක කුණුහරුප කමෙන්ට් තිබිච්ච නිසා තාවකාලිකව විසන්ධි කරන්න සිදුවුනා, කමෙන්ට් ඉවත් කල නිසා ආයෙ ඇතුලත් කරන්න පුලුවන්. ඒකට ඔබ අර කියලා තිබ්බ විදියට පිංසෙන්ඩු වෙන්න ඕනෙකමක් නැ. අපිට එහෙම කරගන්නත් ඕනෙකමක් නෑ. අර ඊමේල් එකටම පිලිතුරු දුන්නනං හොඳටම ඇති කමෙන්ට් අයින් කලා කියලා.

Thejan said...

කාලයක් ඔය ඔය ගැන discussion එකක් ගියා SBU එකේ. ඒකෙන් අන්තිමට තීරණය වුණෙත් comments වල තියෙන කුණුහරුප බ්ලොග් ලියන්නාගේ අදහස් නොවන නිසා ඒක බ්ලොග් එක ඉවත් කරන්න හේතුවක් නොවෙයි කියලයි. දැන් මම වැඩිය SBU එකට සම්බන්ධ නැති නිසා අලුත් තත්ත්වය දන්නේ නෑ.
ඒත් ඔබේ බ්ලොග් අඩවි‍යේ ඔබ කරන දේ වෙන කාටවත් අදාල වෙන්නේ නෑ. ඒක ඔබේ කැමැත්තක්.
SBU එකේ අත්තනෝමතික ක්රි යාවලිය ගැන අපිත් ගැටලු මතු කළාත ඒත් ඒකේ පරිපාලනය ඒක නිවැරදි කරගන්න තීරණය කළේ නෑ.
බබාලගේ සින්ඩිය කියලා කියන නම තමන්ට ඇත්තටම ගැළපෙනවා කියලා ඔප්පු කරන්න SBU එක සමත් වුණා.
Sbu එකේ හුඟ දෙනෙක් කරන්නේ පිට කසා ගැනීමක්. තම තමන්ගේ යාලුවන්ගේ බ්ලොග් වලට නිතර යන්නත් comments දාන්නත් පෙළඹිලා තියෙන හැඩයි.
ඔය කාරණා ඒ තරම් අදාල කරගන්න එපා. අපි ලියන දේවල තියෙන වැදගත් කම විතරක් බලන්න.
http://lankanthoughts.blogspot.com
Thejan Rathnayake

Ashan said...

ඉනන්දරේ,

බ්ලොග් කරණයට සීමා මායිම් නැහැ කියන කතාව හරි, ඒත් මේ ලිපියේ අන්තර්ගතය හරියට තේරුම් ගන්න පුළුවන්නම් ඔයාට මම මේ කියන්නේ මොකක්ද කියන කාරණාව වටහා ගැනීමට අපහසුවක් නොවේවි...

සින්ඩිකේටර්ස් වලට සීමා මායිම් තියනවා නමුත් ඒවා අසාධාරණ ලෙස එහි පරිපාලකයින් විසින් යොදාගැනීමයි මෙතන තියන වැරැද්ද..

Unknown said...

ඉන්දරේ | Indranama said...
නිකං තමන්ට බොරු වැදගත්කමක් මවාගන්න නං උත්සාහ කරන්න එපා. මට ඒවට හිනායනවා :D

අපෝ නෑ කිසිසේත්ම එහෙම වැදගත් කමක් මවා ගන්න ඕන නෑ ඔයා මෙහෙම කියද්දි මටත් හයියෙන් හිනා යනව :B මම එහෙම කරන්නෙ අහවල් දෙයකටද මගේ වැදගත්කම මගේ ළඟ තිබුන දෙන් කාටවත් ඒව අව්‍ශ්‍යනෑ නේ මම නොවැදගත් හරි අවලමා හරි ඊටත් වැඩිය ලොකු දෙයක් හරි මට කිව්වත් අවුලක් නෑ මගේ හැටි දන්නෙ මම විතරයි.

/තාවකාලිකව සින්ඩියෙන් බ්ලොග් එක ගැලවීම පමණයි./

මචන් කාලිංගටයි සින්ඩියේ සියලුම අයටයි මම කියන්නෙ කනට ගැහුව වගේ "අඩවිය ඉවත් කිරීම ගැන දැනුම් දීම" කියල මේල් දාන්නෙ නැතුව මානුෂික මට්ටම්න "අඩවිය තාවකාලිකව ඉවත් කර තැබීම" වශයෙන් අවවාදාත්මක පණිවිඩයක් එවන්න කියන්න නැත්නම් ඕනම මිනිහෙක් යකා ගැහුව වගේ එහෙම කියද්දි මචන් කලබල වෙනව මට වුණ දේ උඹට උනත් උඹට තරහ යනව මොකද අපි මිනිස්සු නිසා

Unknown said...

අශාන් මල්ලී ඔයාගෙ බ්ලොග් එකටත් වැඩේ වෙයි ඒ නිසා මොඩරේට් එනේබල් කරන්න....සුභ අලුත් අවුරුද්දක්.

Anonymous said...

United States Restaurant Guide - a guide to every restaurant, http://restaurants-us.com/ar/Fayetteville/Trailside%20Cafe/72701/

Anonymous said...

Hey, something is wrong with your site in Opera, you should check into it.

Ashan said...

I will Check it out... Thanks for your info

Anonymous said...

I really like your post. Will continue reading your blog. :)