ආදරණිය නුඹට!


දුක නිවන්න කියලා කොච්චර  අඩන්නද? කවුරුවත් නොහදුනන නුඹව පමණක්ම හදුනන, ඒත් නුඹවත් ළග නැති පාළු ඉසව්වක තනිකම හැර වෙන කෙනෙක් මා හා සීටීවිද, අපි ආදරය කලාද එසේත් නොමැති නම් අපි අපිට ආදරය කරන්නේද? නොවිසිදුනු ගැටළු අතර ගැටළුවක් වීමට මා අකැමැත්තෙමි. වැටීම නම් පොදු ක්‍රියාවලියට හසු වී ගලා යන මගේ ජීවිතයේ එල්ලෙන්නට තුත්තිරි ගසක්වත් අසල නැත, එක සැඩ පහරේම ගලායන ජීවිතයේ නවාතැන යැයි මා නුඹට කියන්නේ කේසේද? එසේ සපත කිරීමට මා ළග කිසිවක් අද නැත, නුඹේ නමින් ගොඩනැගූ ආදරයනම් මන්දිරය තුල අද ඇත්තේ ප්‍රේමය නම් විචිකිචිඡාව පමණකි, දෙනොදාහක් දෙනා අතරෙහි තුරුල් වී දොඩමළු වු අපිට අද කිසිවෙකුත් නොමැති වු පාළු මන්දිරයක වුවද ළං විමට නොහැකී වී ඇත. හේතුව අහේතුකව හටගත් වෙන්වයාම නම් පොදු වු කර්තව්‍ය නිසාමය, 

2 comments:

මෝඩයා said...

දුක....
අපි එපා කීවත්
අප තනි නොකරන
දුක......
හිත හිනා පිරුනත්
අත නොහැරම
සැඟව ඉන්නා....
හිත අග........
දිය යටට එබූ
ඉපිලියක් ලෙස
යලි යලිත් මතුව එන
නුඹයි....
මගේ මිතුර...
දුක

ayesha said...

නිවන්න කඳුලැලි නෙතඟින් වැටෙනා
හඬන්න හැකිවෙද හැමවිට මෙලෙසා
ළබැඳි වූ සෙනෙහස හද තුල සඟවා
විදගමු ජීවිතයේ මෙය අරුමා