විද්‍යාත්මක පර්යේෂණ සරලව.......

රත් වු වාතය...

හැමදාමත් එකම තැන එකම විදිහට ඉන්නේ නැතුව අළුත් දෙයක් කලොත් නරකද? ම්....මම මේ කියන්න හදන්නේ මම නිකම් නිදහසේ ඉන්න වෙලාවක් ලැබුනොත් කරන දෙයක් ගැන..අපි හිතනවට වැඩිය ලේසියෙන් පහසුවෙන් දෙවල් කරන්න පුළුවන් ඒත් මම දන්න විදිහට මම අත්හදා බලපු විදිහට මම මේක ඔයාලටත් කරන හැටි කියලා දෙන්නම්(මම නම් මේ දේවල් කලේ දැනට අවුරුදු 5කට විතර කලින්)....

මම මේහෙම කියන්නේ අද අපි කරන්න යන්නේ පහසුවෙන් අපිට සොයාගන්න පුළුවන් දේවල් භාවිතා කරලා උඩයවන්න පුළුවන් වායු බැලුනයක් හදාගන්න විදිහක් ගැන....මේක හරීම ලේසියි...

අවශ්‍ය දාව්‍ය
01. තුනී ලන්ච් ෂිට් -12
02. කුඩා කටුවක් (හැට්ට කටුවක්)
03. බකට් කම්බි මීටර් එකක් පමණ
04. ගනකම් පහන් තිරයක් (වැඩිවේලාවක් දැල්විය හැකි සැහැල්ලු තිරයක්)
05. පොල් තෙල්(තිරය දැල්වීම සදහා)
06. ඉටිපන්දමක් හෝ පහනක්

ක්‍රමය:-

මුලින්ම ලන්ච්ෂිට් 12 ම එකට එකතු කර තනි ෂිට් එකක් සාදාගත යුතුය. මේ සදහා ලන්ච්ෂිට් 2ක් ගෙන එහි කෙලවරවල් එක මත එක තබා කුඩා කම්බියක් හෝ කටුවක් රත් කර ඒ මතින් ඇදගෙන යන්න එවිට එම කෙළවරවල් දෙක එකට එක පෑස්සීම සිදුවෙයි.මේ ආකාරයට ෂිට් 12ම එකට එකතුකරගත යුතුය....
01.


02.





























03. මේසේ සකස් කරගත් ලන්ච්ෂීට් එකේ පහතින් කම්බියක් ඇතුල් කර ගත හැකි ආකාරයට වාසියක්ද සකස් කර ගත යුතුය..

























04. මේ ආකාරයට පාස්සා ගත් ලන්ච්ෂීට් එක දෙපැත්තෙන් එකට එක එකතුකර පාස්සා සිලින්ඩරයක් ආකාරයට සකස් කරගත යුතුය
  


05. සකස් කරගත් සිලින්ඩරයේ ඉහලින්ද ‍සම්පුර්ණයෙන් වැසෙන පරිදි පැස්සිය යුතුය...එවිට මේය එකත් පස කට වැසු බැළුනයක් ලෙස දිස් වෙයි.. දැන් අපේ මුලික වැඩ හමාරට...මේ සියල්ල හොදින් සිදු කරගැනීමට හැකි වුනා නම් ඊලගට ඇත්තේ ඉතාමත් ලේසි පහසු වැඩ කිහිපයක් පමණකි...

06. අපි ඉහතදී සකස් කරගත් දාරය (වාසිය) වටේට බකට් කම්බිය ඇතුළුකර දෙකලවර එකට එකතුකර ගැට ගසන්න (රවුමක් ආකාරයෙන්)
07. ඉන් පසුව තවත් බකට් කම්බි කැබැල්ලක් ගෙන පහත රූපයේ ආකාරයට ගැටගසන්න..(පහන් තැරය එල්ලිම සදහා)
 
08. පහන් තිරය එල්ලීමේදී එය ඉතා හොදින් පොල්තෙල් වලින් පොඟවා එල්ලන්න එවිට එය වැඩි කාලයක් දැල්වීම සිදුවෙයි...

09. සියල්ලම මේ ආකාරයට හෝ ඔබගේ දැනුම මෙහෙයවා මිටත් වැඩිය හොද ආකාරයකට සකස් කරගැනීමෙන් අනතුරුව මේය ගුවන් ගතකල හිකිය

10. මේ සදහා බැළුනයේ ඉහල කෙලවරින් අත්දෙකින් අල්ලා ගෙන තවත් අයෙකුට තිරය දැලිවීමට පවසන්න.. මිනිත්තුවක් යාමට මත්තෙන් බැළුනය පිම්බී ඉහලට ගමන්කිරිමට උත්සහ දරයි.. මේ අවස්ථාවෙදී ඔබගේ දෑතින් බැළුනය අතහරින්න... .. ඔබ සාර්ථකව නිර්මාණය කර තිබේනම් බැළුනය ඉතා සැහැල්ලුවෙන් අහසට පාවී යන ආකාරය බලාගත හැක (රාත්‍රියේදී අත්හදා බලන්න.ඉතාමත් අලංකාර දර්ශනයකි)

විශේෂ :- සමහරවිට මෙය අවධානම් සහගත ක්‍රියාවක් විමට ඉඩ ඇත එහෙයින් සියළුම දේ ගැන විමසිලිමත්ව කටයුතු කරන්න.....(දැඩි සුළග බැළුනවේ ඉහල යාමට බාදා ඇති කරයි) 

1 comment:

Hirashan said...

තිරය පහලට ඒල්ෙලන්ද දාන්ෙන්.