පරිගණක ගැටළු (NTLDR Compressed)

හදිස්සියේම මේ පොස්ට් එක දාන්නේ මේක අමතක වුනොත් අපරාධයක් වෙන නිසයි. මට පහුගිය දවසක තමයි මේ ගැටළුව ආවේ. මගේ මැෂින් එකේ පවර්සප්ලයි එකේ ‍ගැටළුවක් නිසා නිතරම රි-ස්ටාර්ට් වෙන්න ගත්තා ඊට පස්සේ ඔන්වෙන්නේ නැතිව NTLDR Compressed කියලා මැසේජ් එක එන්න ගත්තා. දන්න ශිල්ප දාලා බැලුවා හරිගියේ නැහැ පස්සේ අයිඩියා එකක් ගත්තා නෙට් එකෙන්, වැඩේ ගොඩ ඉතින් මට හිතුනා හැමෝටම බලාගන්නත් එක්ක මේක පෝස්ට් කරන්න එහෙනම් මෙන්න විසදුම...(මෙහිදී මම කෙටියෙන් විසදුම පමණක් පෙන්වා දී ඇත)


  1. වින්ඩෝස් සී.ඩී එකෙන් පරිගණකය පණ ගන්වා එහි රිකවරි කොන්සෝල් එකට ලොග් වෙන්න 
  2. පසුව සී ප්‍රොම්ට් එකට පැමිණ පහත ආකාරයෙන් විධාන ලබාදෙන්න.

        attrib -c ntldr


මේ ආකාරයෙන් විධාන ලබාදීමෙන් මෙම ගැටළුව මග හරවා ගත හැක... මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු මිළග ලිපියෙන් බලාපොරොත්තු වන්න....

1 comment:

Anonymous said...

මගේපරිගණකය FUJITSU LH531.Windows Home basic license os එක තියෙන්නේ.ස්පීඩ් එක අඩු වුනා.වෛරස් චෙක්කලා. os එක අපසු දැම්මා. නමුත් ගැටතුව විසදුනේ නෑ.රැම් එක සුද්ද කලා පරිගණකය රත් වෙන්නෙත් නෑ. start වෙන්නත් offවෙනන්නත් විශාල කාලයක් ගන්නවා.නිතරම freeze (not Responding) වෙනවා. Hardware software සියල්ල ok.windows rating 5.9 ඔබට හැකිනම් විසදුමක් දෙන්න