ඇත්තටම අපි

කෙදිනකවත් නොදැක හිටිය අපි,
එක් දිනකදී මුණ ගැහුණා,
හුඟාක් කල් අඳුරගෙන හිටියා වගේ
එකිනෙකා ළගට ‍වෙලා ඔහේ කතා කර කර හිටියා.
වේලාව යනවා දැනුනෙවත් නැහැ,
ජීවිතේ අඳුරු පිටු එකින් එක පෙරලලා මම උඹට කිව්වේ,
මගේ ළඟ උඹ වෙනුවෙන් ආදරයක් නැහැ,
මට ඕන හැමදාමත් තනියම ජීවත් වෙන්න ඕන කියන වදන් ටික,
ඒත් කිසි දෙයක් තෙරුම් නොගත්තු උඹ
මැටි ගොඩක් වගේ හිතුවේ මම උඹට ඇත්තටම ආදරේ කරනවා කියලා,
ඇත්තටම උඹෙන් ඈත් වෙලා යනකල්ම
මම හිතුවත් මම උඹට ආදරේ නොකර ජය ගත්තා කියලා,
ඒ ආඩම්බර කම හිතේ තියාගෙන එක දවසක් මට ඉන්න බැරි වුනා,
මටත් හොරෙන් උඹ මගේ හිත දිනාගෙන ඒත් උඹ දන්නේ නැහැ,
මම පරාජය වුනු බව මගේම ජීවිතයට.....

1 comment:

Anonymous said...

හ්ම්ම්..සමහර වෙලාවට ඔහොම වෙනවා තමා.. ඒත් අපිට දේවල් තේරෙනකොට ගොඩක් කල් ගිහින්..:(