වෙසක් සමරන්න වෙසක් කූඩුවක් හදමු!

මේක හරීම සරල වෙසක් කූඩුවක් දන්න නොදන්න හැමෝටම බලාගන්නත් එක්ක මේක හදන විදිහ ගැන විස්තරයක් ලියන්නම්..(හදන කූඩුවට නමක් ඔයාලම තීරණය කරන්න)

මුලින්ම මේ සදහා අවශ්‍ය ද්‍රව්‍ය සදහන් කල යුතුයි
01. බට පතුරු  - 12 (දිග අඩි 2ක් පමණ, සෙන්ටිමීටර 1ක් පමණ පළල)
02. බකට් කම්බි හෝ ටුවයින් නූල්
03. පාප්ප (හෝ හොද ගම් වර්ගයක්)
04. කතුරක්
05. සව් කඩදාසි (කැමති වර්ණ වලින්)
06. අගල් 4ක් පමණ උස අගල් භාගයක් පමණ පළල බට පතුරු හෝ වෙනත් ලී කැබැලි -6

හරි එහෙමනම් අපි වැඩේ පටන් ගමු, ඉස්සරවෙලාම කරන්න ඕන අපි ගත්ත බට පතුරු වලින් ත්‍රිකෝණාකාර හැඩ තල හදාගන්න එක (ත්‍රිකෝණ 4)  මේ සදහා ලී කැබලි එක මත එක ත්‍රිකෝණාකරව තබා ටුවයින් නූල් වලින් ගැට ගසා ගත යුතුය (රූපය බලන්න)

ඉන්පසුව අප සකස් කරගත් ත්‍රීකෝණාකාර හැඩ තල 2ක බැගින් එක මත එක තරුවක හැඩයක් ලැබෙන ආකාරයට තබා ගැටගසා ගන්න මේහිදී ගැට යෙදිය යුතු ස්ථාන පින්තූරයේ සටහන් කර ඇත.



මේසේ සකස් කරගත් තරු 2කද එක මත එක සමානුපාතිකව තබා මුළු 6ය පමණක් හොදින් ගැට ගැසිය යුතුය, (රූපය බලන්න)


අපේ වැඩේ අමාරුම හරිය ඉවරයි දැන් කරන්න ඕන මේ හදපු තරුවට 3ඩී පෙනුමක් ලබාදෙන එක මේ සදහා කරන්න ඕන  අපි කලින් ලංකරගත්තු අගල් 4 ලී කෑලි ටික පින්තූරයේ දක්වලා තියෙන ආකාරයට හිර කරන එක, ගොඩාක් ශක්තිමත් බට පතුරු භාවිතා කලොත් මේක ටිකක් අසීරු වෙන්න පුළුවන්,ඒනිසා ඉතා ප්‍රෙවේශමෙන් මේ කොටස ඉවර කරන්න (රූපය බලන්න)

(පැත්තෙන් පෙනෙන ආකාරය)

දැන්නම් අපේ වෙසක් කූඩුවේ මූලික අදියර සියල්ලම අවසානයි, දැන් අපි කරන්න ඕන කැමැති පාට කොල යොදා ගෙන මේ කූඩුව අලංකාර කරගන්න එක, මේ සදහා විවිධ වූ ක්‍රම භාවිතා කරනවා. ඔයාලත් මේ ක්‍රම වලින් කැමැති ක්‍රමයකට කොල අලවලා මේ කූඩුව අලංකාර කරගන්න, අවසානයේ කූඩුවේ මැදට වෙන්න බල්බ් එකක් හෝ ඉටි පන්දමක් දල්වන්න, මේ සදහා පහත පින්තූර උපයෝගී කරගන්න..
(සැ.යු. - මේ කූඩුවටම තව කොටසු එකතු කිරීම මගින් විවිධ වූ කූඩු නිර්මාණය කල හැක)



එහෙනම් සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යක් වේවා!


No comments: