අවවාදයට වඩා ආදර්ශය උතුම්ය!

මේක මේ අපේ පළාතේ පාසැලක හැබෑවටම සිද්ධ වුනු කතාවක් ඇත්තම නම් ගම් භාවිතා නොකර කෙටියෙන්ම කතාව කියන්නම්, මේක බාලිකා විදුහලක වුනු සිද්ධියක්

දිනක් උදය රැස්වීම අතරතුර ශිෂ්‍යාවකගේ කතාවක් යෙදී තිබිණ. නමුත් නියමිත ශිෂ්‍යාව එදින පාසැල් නොපැමිණිම හේතුවෙන්, එතැනට පැමිණි ගුරුවරිය.


හ්ම්! අද ඒ ළමයා ඇවිත් නැති නිසා වෙනත් ළමයෙක්ට  අවස්ථාව දෙනවා, ඉක්මණට වේදිකාවට නැඟලා මොනව හරි වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්ට ඕනෑ....තමුසෙලා කොහොමත් කතාවට දස්සයිනේ නේද? 


ඒත් කිසිම පෙර සූදානමක් රහිත ළමයි නිහඩ විය, 


හා එහෙනම් හංසි  එන්න ඉස්සරහට, ආයේ ඕකට අමුතුවෙන්න ලෑස්ති වෙන්න දෙයක් තියෙනවයැ, අනික ඔය පන්තියේ ඕන තරම් කෑගහන්නේ, තමුසෙලට මෙතන තමයි කතා කරන්න බැරි නේද?


පාසැලේ 11 වසරේ ඉගුනුම ලැබු හංසි, හිටි හැටියේ ගුරුවරියගෙන් ලැබුණු ආරධනාව ප්‍රතික්ෂේප කිරීමේ අරමුණක්  නොවීය. නමුත් මේ ආරාධනය සම්බන්ධව ගුරුවරියගේ ........... මතක් වු බවක්ද පෙනින, කෙසේ හෝ වේදිකාව මතට පැම්ණි ඇය, සියළුම නිළ තල වලින් අසවර අරගෙන තම ඉන්ස්ටන් කතාව පටන් ගත්තාය, 


               ඇත්තටම මම අද කිසිම සූදානමක් නැතිවයි මේ කතාව කියන්නේ, ඒ නිසා යම් යම් මඟ හැරීම් අඩු පාඩු තියෙන්ට පුළුවන් ඒ ගැන සමාවෙන්න, මම අද කතාකරන්නේ , අවවාදයට වඩා ආදර්ශය උතුම්ය යන පාඪය මුල් කරගෙනය, ඇත්තටම කියනවනම් අවවාදය යනු හුදෙක් එක් වචනයක් පමණකි, නමුත් ක්‍රියාව හෙවත් ආදර්ශමත් වීම සර්ව සම්පුර්ණ මඟ පෙන්වීමකි, 
මේ කතාව අපිට අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාමත් කියනවා, ඇත්තටම අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙන්න ඕන මෙවැනි දෑ අපේ ජීවිත වලට එකතු කිරීම සම්බන්ධව 


(කතාවට සාවධානව ඇහුම්කන් දුන් ගුරු මහත්ම මහත්මීන් හිස ඉදිරියට වනමින් පුංචි ආඩම්බරකාර හිනාවක් මවා ගත්හ)


උදාහරණයක් ලෙස, ම්....... ඔව් මම අපේ පාසැලේන්ම පටන් ගන්නම්.....අපේ ටීචර්ස්ලා සර්ලා හැමදාම අපිට කියනවා ලන්ච් ෂීට් වල කෑම ඔතාගෙන එන්න එපා කියලා, ඇත්තටම ඒ කතාව හරි එහෙම වුනොත් අපේ පරිසරය දූෂණය වෙනවා, මම හිතන්නේ දැන් අපේ ළමයි කවුරුවත් ලන්ච්ෂීට් වල කෑම ගෙන්නේ නැහැ, 


(ගුරු මහත්ම මහත්මීන්ද හිස වනා ඒ අදහස අනුමත කලාය, අනික් ළමන්ටද නිශ්ශබ්ධ වෙන ලෙස සංඥාද ලැබිණ, මේ අතර එක් ගුරුවරියක් මේ ළමයා හැබෑම දක්ෂයි නේද? යැයි අසල සිටි අනික් ගුරුවරියට පැවසීම, ඇයද ඒ කතාවට හිස සැලීමෙන්ම එකඟ විය)


ඒත් අපේ පාසැලේ කාමර අවට තවමත් සත්තු ඇදලා ගෙනත් දාන ලන්ච්ෂිට් තියෙනවා, ඩස්බින් වල ලන්ච්ෂිට් තියෙනවා, අපි හැමෝම  ලන්ච්ෂිට් ගේන්නේ නැත්තම් මේවා කොහොමද පාසැල ඇතුලට දැන් එන්නේ, 




(සියළුම දෙනා නිශ්ශබ්දය!)


ඇත්තටම මට කියන්න කණගාටුයි අපිට නිවැරදි මඟ පෙන්වන අපේම සර්ලා ටීචර්ස්ලා, එයාලගේ දූ දරුවෝ තවමත් කෑම ගෙන්නේ ලන්ච්ෂිට් වල,බොරුවක් නම් අද ඉන්ටර්වල් එකට ඔයාලටම බලාගන්න පුළුවන්, 


(තරමක් කලබලයට පත් ගුරු මහත්ම මහත්මීන් ඇඹෙරෙමින් කල්පනා කරමින් කරකියා ගතනොහී සිටියහ)


අනිත් කාරණය තමයි, අපිට උදේට පෝළිම් ගැහිලා පන්සිල් කියන්න කියන අපේ ගුරුවරු කවදාවත් පන්සිල් කියනවා මම දැකලා නැහැ, 


අපි පන්සිල් කියද්දී අපි හැමදාමත් දකින්නේ, එයාලා එකතුවෙලා කතාකර කර ඉන්න හැටි, මම මෙහෙම කියන්නේ හිතේ තියෙන තරහක් නිසා නෙමේ,  අපේ ගුරුවරු අපිට උගන්වන අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන කතාව අද කාලෙට ගැලපෙන්නේ නැහැ කියන එක ඔයාලා හැමෝටම මතක් කරලා දෙන්න,

කතාව සාර්ථකව අවසන් කරපු අපේ ශිෂ්‍යාව අත්පොළසන් හඩ මැද වේදිකාවෙන් බැස ආවේය, 


කතාවට සාවදානව ඇහුම්කන් දුන් ගුරුවරියන්ගේ මුහුණු තරහෙන් පුපුරු ගසන්නට විය, නමුත් ඒ අතර වුන් නිහතමානි ගුරුවරියක් ඉදිරියට පැමිණ තමන්ගේ වැරදි පෙන්වා දුන් එම ශිෂ්‍යාවට ස්තුති කර රැස්වීම අවසන් කලේය, 


       එදා පාසැලේ සමහර ගුරුවරියන් පන්ති වල ඉගැන්වීම් කටයුතු වලින් පවා වැලකී සිටි අතර, ඇතෙමෙක් ඇයව පාසැලෙන් ඉවත් කල යුතු බව පැවසීය, නමුත් වැරැද්ද තමන් පිට තියාගෙන අනුන්ගෙන් පළි ගැනීම ගුරුවරයෙකුට නොවටිනා දෙයක් බව එතැන වුන් තවත් එක් ගුරුවරයෙක් පැවසීය, කේසේ හෝ ළමුන්ටනම් මෙය මහත් සතුටට කාරණයක් විය, තමන්ගේ අදහස් ප්‍රකාශ කරගැනීමට නොහැකිව ළතැවෙන වුන්ට, මේ ශිෂ්‍යාවගේ කතාව ආදර්ශයක් සේම අවවාදයක්ද විය..................


සැ.යු :- මෙම කතාව සත්‍ය වශයෙන්ම අම්පාර ප්‍රෙදේශයේ පාසැලක් තුල සිදුවු කතාවකී.

6 comments:

Anonymous said...

හී හී ..නියම ළමයෙක් ..

dihein said...
This comment has been removed by a blog administrator.
dihein said...

මොනවා වුනත් ළමයා කියපු කතාව නම් ඇත්ත....

dihein said...

මොනවා වුනත් ළමයා කියපු කතාව නම් ඇත්ත....

dihein said...

මොනවා වුනත් ළමයා කියපු කතාව නම් ඇත්ත....

Syed Zeeshan Ali said...

What a lovely site. Thanks for share information
Technology, Free Software and Best Tutorial
Carry on your good work
God Bless You