වෛරස් වලට වැට!.(3)

                        මෙම ලිපිමාලාවේ කිහිප තැනකදීම අපි උත්සහ කලේ කිසිම ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා නොකර මෙ‍ම වෛරස එසේත් නැතිනම් අපේ පරිගණක තුලට නොදැනීම ඇතුල් වෙලා අපටම වින කරන මෙම විනාශකාරී පරිගනක වැඩ සටහන් ඉවත් කීරීම සම්බන්ධවයි, මගේ මුලිකම අදහස නම් අප සාමාන්‍යයෙන් හොද මට්ටමේ ප්‍රතිවෛරස වැඩ සටහනක් භාවිතාකල යුතුය යන්නය ඊට හේතුව ලෙස මා දකින්නේ බොහෝමයක් වෛරස අපට නොදැනීම අපගේ පරිගනක තුල ස්ථාපනය වීමයි, එසේ ස්ථාපනය වු සමහර වෛරස් වැඩසටහන් මගින් අපට දැනගත හැකි ප්‍රමාණයේ ආපදාවක් අපට නොසිදුවන නමුදු ඒමගින් අපගේ පරිගනකය හා සම්බන්ද සියලුම තොරතුරු තුන්වෙනි පාර්ශවයක් වෙත ලැබීමට හැකියාව ඇත.

                      අපගේ පරිගනකය හා සම්බන්ධ තොරතුරු ලෙස ඉහතදී මා සදහන් කලේ අප අන්තර්ජාලය හා සම්බන්ධ කටයුතු වලදී භාවිතා කරන මුර පද, අපගේ පුද්ගලික තොරතුරු, බැංකු කටයුතු සදහා අප භාවිතා කරන විවිධාකාර වු රහස් වචන යනාදියයි, මීට අමතරව අපි නිතර භාවිතා කරන අපගේ ඊ මේල් ලිපිනයන් ඒවායේ මුර පද හා අපේ මිතුරු මිතුරියන්ගේ ඊ මේල් ලිපිනයන්ද, පරිගනකයට ඇතුල්වීම සදහා භාවිතා කරන රහස් පදයද, මේ වගේ විශාල වශයෙන් අපගේ පුද්ගලික තොරතුර අන් අය අතට පත්වීම සිදුවේ.මීට අමතරව විවිධාකාර වු අනිසි ප්‍රතිපල මෙ‍ම වෛරස  නිසා උදාවිය හැකිය.

                     අන්තර්ජාලය හා සම්බන්ධ නොවන පරිගනක වල තත්වය මීට වඩා වෙනස් වේ, ඊට හේතුවනුයේ එම වෛරස වල ක්‍රියාකාරීත්වය සදහා අත්‍යවශ්‍යය අන්තර්ජාල සම්බන්ධතාවය නොමැතිවීමයි. මෙවැනි අවස්ථාවල පරිගනකය තුලින් මෙම වැඩ සටහන් ඉවත් කීරීම පහසුය.

                       කිසිම අවස්ථාවක පරිගනක වෛරස ඇතුලු වු පරිගනකයන් අන්තර්ජාලය හා සම්බන්ධ නොකල යුතුය ඊට හේතුව එය අන්තර්ජාලය හා සම්බන්ධ කල විගස මෙම වෛරස නිර්මාපකයන්ගේ අදහස ඉෂ්ඨ වීමය. අප වෛරසය ඉවත් කිරීමෙන් අනතුරුව පරිගනකය අන්තර්ජාලය හා සම්බන්ධ කිරීම කල හැක නමුත් ආරක්ෂාකාරී පිළිවෙතක් ලෙස අනිවාර්යෙන්ම ප්‍රතිවෛරස වැඩසටහනක් භාවිතා කිරිම කල යුතුය..මීට අමතරව "Firewall" වැඩ සටහනක් භාවිතයද ඉතාම වැදගත්ය........

                       මුල් ලිපිවල සදහන් කල ආකාරයට අපට බොහෝ වෛරස වැඩසටහන් අපගේ දැනුම මෙහෙයවා පරිගනකයෙන් ඉවත් කල හැකිය... මේ සදහා ඔබට ඇතිවන ගැටලු මා වෙත යොමුකරන මෙන් ඉල්ලා සිටිමි. මෙම ලිපියෙන් මා අදහස් කලේ පරිගණක වෛරස ගැන සැහැල්ලුවට සිතීම අපට අවාසිදායක බව සදහන් කිරීමටය...මගේ මීලග ලිපියෙන් පෙන් ඩ්‍රයිව්ස් මගින් පරිනකයට ඇතුල් වන වෛරස වලින් බේරිලා ඉන්නේ කොහොමද කියලා කතාකරන්න බලා පොරොත්තු වෙනවා... මෙහිලා මා සදහන් කල කරුණු කාරනා වලට අමතරව තවත් බොහෝ වැදගත් යැයි හැගෙන කරුණු ඇත, නමුතු ලිපිය පත්තරයක්ම වෙන නිසා ඉතා කෙටියෙන් සදහන් කලෙමි. ඔබගේ අදහස් , යොජනා , හා අත්දෑකිම් සදහන් කරනමෙන් කාරුණිකව ඉල්ලාසිටිමි....

5 comments:

Anonymous said...

වැදගත් සියළු දේ ලියන්න කෙටි කරනවා නම් හැකිලුමක් යොදන්න. එමෙන්ම බොහෝ දෙනෙක් වෛරස වලකා ගැනීම ගැන අවබෝධයක් නොමැති අතර වෛරස කෙරෙහි බියක් පමණක් දක්වති.

ගීතික බුලත්සිංහල said...

මේ ගැන දැනුම අඩු කෙනෙක්ට පහසුවෙන් බලාගත හැකි පරිදි අනු පිළිවෙලක් සකසන්න එසේම අවශ්‍ය ස්ථාන වලදී ලින්ක් එකතු කරන්න
සමහර බ්ලොග් කියවීමේදී මේ ගැන අවබෝධයක් ලබාගන්න පුළුවන්.

Anonymous said...

මේ මම ඉල්ලපු අර Sri Lanka Flag Virus එක තාම එව්වේ නැනේ.

Ashan said...

ඔබ ඉල්ලපු ඒ වෛරසය ප්‍රසිද්ධියේ මගේ බ්ලොග් සටහනේ ඇතුලත් නොකලෙමි,ඔබ විසින් ඉහතදී සදහන් කරන ලද ඊ මේල් ලිපිනයට සබැදියක් ලබා දුනෙමි....ස්තුතියි!

Ashan said...

ගීතික : ඔබගේ අදහස් හා යෝජනා ඉතාමත් සතුටින් භාර ගත්තෙමු, මින් පසු බ්ලෝග් සටහන් ලියන විට ඒ සම්බන්ධව කටයුතු කරමි ...ස්තුතියි!