රිසයිකල් බින් එක නැති උනොත්?


අපි හැමොම ඉතිං මේ කියන්න හදන්නේ මොකක්ද කියලා දන්නවානේ නේද? අද මම කියන්න හදන්නේ රිසයිකල් බින් අයිතමය ‍ඩෙස්ක්ටොප් එකේ පේන්න නැති වුනොත් අපි කොහොමද ආයෙම මේක තිබුන විදියට සකස් කරගන්නේ කියන දේ පිළිබදව..හදිස්සියෙන් හරි කාට හරි උදව්වෙයි කියලා හිතෙන නිසා මම මේක කෙටියෙන් ලියන්නම් ...

01.රිසයිකල්බින් එක ඩෙස්ක්ටොප් එකේ පේන හරියක නැත්නම් මුලින්ම කරන්න ඕනේ

  • Right Click on the Desktop > Select Properties > Select Desktop Tab > Customize  > Click restore > Ok > Restart Computer


02. මේ ක්‍රමය හරිගියේ නැත්තම් අපි යමු දෙවන පියවරට....

  • Start > Run > Type "regedit" > Enter > මේ විදියට කලාම වින්ඩොස් රෙජිස්ට්‍රිය ඕපන් වෙනවා ඒකේන් පහත තියෙන කී එක එක්ස්පැන්ඩ් කරගන්න ඕන..
  • HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Explorer\Desktop\NameSpace
  • Right click on the "NameSpace" >Select Edit > New > Key > and Copy & Paste following code
  • "{645FF040-5081-101B-9F08-00AA002F954E}" මේ කි එක කොපි කරලා අළුතෙන් අපි හදපු කී එකට පේස්ට් කරනන්න ඊට පස්සේ වින්‍ඩෝ එක වහලා දාලා පරිගණකය නැවත පණගන්වන්න, 
03. මේකත් හරි නොගියොත් ඉතිං අන්තිම පියවර විදියට මම මේ කියන ටිකත් කරලා බලන්නකෝ......


  • Start > Run > Type "gpedit.msc" > select User configuration > select Administrative Templates > Select Desktop > Select & Double Click on "Remove Recycle bin icon from Desktop" from left task pane > Select "Disable" > Apply > Ok
  • මේ ටික හරියටම කරලා සියළුම වින්ඩොව්ස් වහලා දාලා බලන්න රිසයිකල් බින් එක නැවත පෙර පරිදිම තිරය මත දිස් වෙනවද කියලා......මොනවා හරි ගැටළුවක් තියනවනම් අහන්න මම උදව් කරන්නම්...
  • ගොඩාක් දුරට මේ තත්ත්වය වෛරස නිසා ඇති වීමට පුළුවන් එවන් අවස්ථාවලා ප්‍රති වෛරස වැඩ සටහනක් භාවිතා කර වෛරසය ඉවත් වු පසු රිසයිකල් බින් එක නොමැතිනම් මෙම ක්‍රම අත්හදා බැලිය හැක......

3 comments:

බිඟූ said...

GOOD.
:D

- නිල් අහස - said...

ඇවිල්ලා, නෑවිත්ම බැරි බ්ලොග් එකක් මේක. පොඩි දේවල් උනත්..අපි නොදන්න ඒවා මොන තරම් තියෙද...

Ashan said...

තැන්ක්ස්! ඉස්සරහට තව ගොඩාක් දේවල් පොස්ට් කරන්න හිතාගෙන ඉන්නවා...