දුරින් සිට ඔබ දෙස බලන්නම් ! (Computer Remote Admin)

අපි කවුරුත් කැමතියිනේ අපේ පරිගණකය හො අපේ යාළුවෙකුගේ පරිගණකයකට දුරස්ථව ඇතුලු වෙලා ඒක පාලනය කරන්න නේද? එහෙමත් නැත්නම් තව කෙනෙකුගේ පරිගණකයේ ඇතිවෙන ගැටළුවක් නිරාකරණය කරගන්න අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්න? මේක වැඩිය හිතන්න දෙයක් නැහැ ඒ සදහාම සැකසු විවිධ මෘදුකාංග ගොඩාක් අද අපිට අන්තර්ජාලය හරහා ලබාගන්න පුළුවන් නමුත් ලංකාවේ අද පවතින මේ හයිස්පිඩ් අන්තර්ජාල පහසුකම් එක්ක මේවා භාවිතා කිරීම 100 ට සියයක්ම සාර්ථක නැහැ..මමත් ඉතින් ඔය ගොඩාක් වැඩසටහන් භාවිතා කරා සමහර වැඩසටහන් හොදයි..නමුත් 100ට සියයක්ම නෙමෙයි, මම භාවිතා කරන වැඩ සටහන් අතුරෙන් එකක් තමයි "Logmein" නමින් එන පරිගණක දුරස්ථ කළමණාකරන වැඩසටහන  මා මෙහිදි අදහස් කරන්නේ දුරස්තව පරිගණකයක් හෝ කිහිපයක් පාලනය කිරීම සදහා ඉතා පහසුවෙන් භාවිතා කල හැකි මෘදුකාංගයක් පිළිබදවයි, මේ වැඩසටහන අපේ අවශ්‍යතාවය අනුව භාවිතාව වෙනස් වෙන්න පුළුවන්...  ගොඩාක් අය දැනටමත් මේ ගැන දන්නවා ඇති නමුත් නොදන්න අයට දැනගන්නත් එක්ක මම මේ පොස්ට් එක දාන්නම් මොනව හරි ප්‍රශ්ණයක් තියනවා නම් ‍කමන්ට් එකක් දාන්නකෝ.....



2 comments:

Anonymous said...

www.LogMeIn.com වෙබ් පිටුවට ගියානම් වැඩේ ලේසියි නේද?

Anonymous said...

ela ela Link Eka Uda Thiyenawa