මාළිගාවිල සුන්දරත්වය

මෑතකදී රාජකාරී කටයුත්තකට මාළිගාවිල පැත්තට යන්න චාන්ස් එකක් ලැබුනා, මීට කලින් මම එහේ ගිහින් තිබුනේ නැති නිසා එක පයින් මමත් කැමති වුනා ගමනට, මීට කලින් මාළිගාවිල පිළිම ගැන අහලා දැකලා තිබුනට හැබැහින් දකින්න අවස්ථාවක් ලැබුනේ නැහැ, ඉතින් රාජකාරිය ඉවරවුන ගමන්ම හැ‍රෙව්වා පිළිම බලන්න ඇත්තටම හරිම ලස්සනයි, ගොඩාක් බලන්න දේවල් නැතත් මම හිතන්නේ අපේ ඉතිහාසයේ වැදගත්ම කලා කෘති විදිහට මේවා අපි කවුරුත් නැරඹිය යුතුයි. ක්‍රි.ව 7වන සියවසට අයත් යැයි සඳහන් මෙම පිළිම වල පින්තුර ටිකක් ගන්න මට පාවිච්චි කරන්න උනේ මගේ ජංගම දුරකතනය..(ඒ නිසා පින්තුර පැහැදිලි මදි) ඉතින් මම හිතුවා මේ ටිකත් බ්ලොග් එ‍කේ එල්ලන්න එතකොට කාට කාටත් බලාගන්න පුළුවන්නේ...

බෝසත් පිළිමය
බෝසත් ප්‍රථිමාව ඇති ස්ථානය (ඇතුල්වීම)


දෙපස ඇති නටඹුන් වී ගිය ස්ථාන

පහත සිට බලන විට පිළිමය දිස්වන ආකාරය

මුරගල් දෙකක් සහිතව දෙවන ප්‍රාසාදයේ ඇතුල්වීම

බොසත් පිළිමයේ සමීප ඡායාරූපයක්

මෙහිදි විශේෂයෙන් සදහන් කලයුතු දෙයක් නම් මෙම පිළිමයට කිසිදු අධාරකයක් භාවිතා කොට නැත, සම්පුර්ණ ප්‍රතිමාවේ බර දේපා ආධාරකය ලෙස ගෙන දරා සිටී....

1 comment:

Unknown said...

ඡායා රූප ගැනීම තහනම්!